ශ්‍රීලාංකික චිත්‍ර ශිල්පීන් රැසකගේ එකතුවෙන් පවත්වන චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ ලයනල් වෙන්ට් කලා ගාරයේදී ආරම්භ විය
සිත්තරු ඇඳිරූ මැයෙන් නම් කර ඇති මෙහිදි විවිධ මාධ්‍ය මගින් නිමවූ චිත්‍ර ප්‍රදර්ශනයට තබා තිබු අතර
ලොව දුලභ සිතුවම් ද මෙහිදී ප්‍රතිනිර්මාණය කොට ප්‍රදර්ශනයට තබා තිබිණි
ජාතික චිත්‍ර කතා පදනම විසින් ප්‍රදර්ශනය සංවිධානය කළේය
ප්‍රදර්ශනය නරඹන ප්‍රේක්ෂිකාවෝ
සිතුවම- දීගොඩ කුමාර
සිතුවම - රංගන ශිල්පි මහින්ද පතිරගේ
සිතුවම - රංගන ශිල්පී මහින්ද පතිරගේ
සිතුවම - ජානක ඉලුක්කුඹුර
සිතුවම - රංගන ශිල්පි මහින්ද පතිරගේ
සිතුවම - හේමන්ත වරකාපිටිය
සිතුවම - රංගන ශිල්පී මහින්ද පතිරගේ
සිතුවම - හේමන්ත වරකාපිටිය
.jpg)
.jpg)
සිතුවම- ජනක රත්නායක
.jpg)
.jpg)
.jpg)
.jpg)
සිතුවම - නිලන්ත පී විදානආරච්චි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දෙයියනේ මෙච්චර දක්ෂ කලා කරුවෝ සිටීම අපිට කොතරම් ආඩම්බරයක්ද?(නදී)
නීල් රණවක කියන්නේ බටහිර විද්‍යාව තම ලෝකයේ එකම සහ උසස්ම දැනුම කියලා හිතාගෙන බටහිරය කියන ඒවම පුනරුච්චාරණය කරන්නෙක්. මේ වගේ අය ඕනෑතරම් සොයාගන්න පුළුවන්. ඒ අය මොන දෙයක් දැක්කත් එය බටහිරයන් ඔවුන්ට කියලා දීලා තිබෙන විදිහටයි දකින්නේ. එතනින් එහාට හිතන්න බැහැ. හැම එකේම ආර්ථික වාසි ගැනමයි හිතන්නේ. (නි)
අමරදේව මාස්ටර් පියවි ලෙසම ඉන්නවා.(නදී)
නිල් කියන මනුස්සයා හැමදේම විවේචනය කරනවා මෙයා මහා දුස්ටයෙක් (අ)
හැමදාම බන්දුල ඇමතිතුමා දකින්නේ ජාතික ඇදුම ඇදලානේ ඒත් බලන්නකෝ ඔසරිය ඇන්දාම තියන හැඩ.ආසාවෙ බැහැ.හැමදාම අදින්නකො අනේ (නි)
ජයවේවා සියල්ලටෝම. හරිම ලස්සන පින්තූර (නි)
මහින්ද පතිරගේ කියන්නේ නළුවෙක් කියලා විතරයි මම හිතුවේ. ඒත් ඔහු හරිම දක්ෂ හැකියාවක් තියන කෙනෙක් කියන්න දැනගත්තේ අද තමා. සුබ පතනවා ඔහුට. (නි)
නොදකින දෑස කුමටද මේ රූ සිත්තම් ......... (නි)
ගාමිණී ෆොන්සේකාගේ පින්තූරය නම් නියමයි. දිය රෙද්ද ඇදපු කෙල්ලත් ලස්සනයි. (නි)
සමහර පින්තුර සැබෑ ජීවමාන පින්තුර වගේ. මෙම කලාකරුවන් ඇති දක්ෂ කලාකරුවන්. ඔබ සැමට මගේ හද පත්ලෙන් ප්‍රණාමය. (නදී)
ගොඩක් ලස්සනයි (නි)
මේ හැම එකටම වැද්දාගේ අසිරිය,ගාමිණීගේ අසිරිය, නිදියහනක කතගේ අසිරිය, බන්දුලගේ අසිරිය හා පලතුරු කඩයක අසිරිය වගේ නම් දාන්න පුළුවන්. කෙසේ වෙතත් මෙය අපූරු හැකියාවක්..((.(.....
පුරෝහිත (මහින්ද පතිරගේ) දක්ෂ චිත්‍ර ශිල්පියෙක් බව දන්නේ අදයි .සියලුම චිත්‍ර ගොඩක් ලස්සනයි.ඔබ සැමට මම සුබ පතමි (අ)
ඉතා විශිෂ්ටයි. නීල් මටනම් මෙතන තිබෙන සිතුවම් බැලුවම ඔබ කියන කතාව අත්තක් කියා පෙනෙන්නේ නෑ. මෙතනත් විවිධ පති නිරුපනය වන සිතුවම් රාශියක් තියෙනවා. (අ)
ඇත්තටම ලස්සනයි. ලංකාවේ හිටියා නම් මමත් යනවා බලන්න.(නදී)
සුබ පතන්න වචන නැහැ. හරිම ලස්සනයි (නි)
අපේ රටේ සිත්තරුන්ගේ සිතුවම් බොහෝවිට එකම ආරක රාමුවක් තුල කොටුවී තිබෙන අයුරු පෙනෙනවා. පාසල් ළමුන්ගේ චිත්‍ර ප්‍රදර්ශන වලදීත් හැමදාම දකින්නේ මුලික වශයෙන් කවදත් කොතනත් බහුලව දකින ජනප්‍රිය මාතෘකා කීපයක් පමණයි. ඒ නිසාම ලංකාවේ සිත්තරුන් තමන්ගේ නිර්මාණශීලී වැඩ රසවිඳිය නොහැකි ජනතාවක් සිටීමේ අපහසුතාවයට මුහුණදෙනවා. ජාත්‍යන්තරව පිළිගත් උසස් ගනයේ සිතුවම් රසවිඳීමේ අගය කුඩා දරුවන්ට පාසලේදීම හුරුකල යුතුයි. අපේ සම්ප්‍රදායික පන්සල් සිතුවම් කලාවෙන් මිදෙන්න අපොහොසත්වීමෙන් ජාත්‍යන්තර සිතුවම් වෙළඳ පොලත් අපට අහිමිවෙනවා. (නි)
ලස්සන චිත්‍ර ටිකක්... (නි)
අමරදේව මාස්ටර් පියවි ලෙසම ඉන්නවා. සියලුම චිත්‍ර ලස්සනයි. (නි)