දියකාවා පුහුණු ක‍්‍රියාන්විතයේ අවසාන මෙහෙයුම් චලෙයිතිවිමුනෙයි හා පුන්නෙයි කුඩා ප‍්‍රදේශයන්හිදි විශේෂ බලකා කොමාන්ඩෝ රෙජිමේන්තු, ශ‍්‍රී ලංකා ගුවන්හමුදා සහ ශ‍්‍රී ලංකා නාවික හමුදා භටයෝ එකතුව අද සිදු කළහ.
දින 15 ක් තිස්සේ පැවැති දියකාවා මෙහෙයුමෙහි අවසන් අදියරෙහි උපරිම අවස්ථාව ලෙස සැලකියි හැකි මෙම අවසාන මෙහෙයුමේදී සතුරු බලකොටු අත්පත් කරගැනීමේ මෙහෙයුමි විශේෂ බලකා සහ කොමාන්ඩෝ රෙජිමේන්මින්තු භටයින් විසින් සිදු කළ අතර ගුවන් හමුදා ප‍්‍රහාරක යානා මගින් මෙහෙයුම සඳහා දැවැන්ත සහයක් ලබා දෙන ලදී.
මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන්හමුදාව හා නාවික හමුදාව මනා ලෙස සමිබන්ධිකරනය විම කැපි පෙනුණි.
දියකාවා මෙහෙයුම තුල ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව සතු කෆීර්, මිග්27, හා එෆ් 07 වර්ගයේ ජෙටි යානා භාවිතා කොට සතුරු ඉලක්ක වෙත පහරදීම හා එමි අයි 17, බෙල් 212 හෙලිකොප්ටර් යානා හා ඇන්ටනෝවි 32 වර්ගයේ ගුවන් යානා භාවිතාකොට භටයින් ප‍්‍රවාහනය, පැරෂුටි භටයින් ස්ථානගත කිරීම හා තුවාල කරුවන් ඉවත් කීරීම වැනි මෙහෙයුමි ඉතා සාර්ථක ලෙස සිදුකරන ලදී.
දියකාවා මෙහෙයුම මෙවර සිවිවන වරටත් ශ‍්‍රී ලංකා යුධ හමුදාව විසින් සංවිධිනය කරන ලද අතර, මෙහි මුලික අරමුණ වශයෙන් ත‍්‍රීවිද හමුදාව ඒකාබද්ධව යුධ මෙහෙයුමි සැලසුමි කිරීම හා ක‍්‍රීයාත්මක කිරීම මෙන්ම ත‍්‍රිවිධ හමුදාවට අයත් විශේෂ භට පිරිස් මගින් විශේෂ මෙහෙයුමි ක‍්‍රියාත්මක කිරීම සහ නිලධාරින් හා භටයින් වෙත ඒ තුලින් මහ පුහුණුවක් ලබාදීම ප‍්‍රධාන වේ.
තවද මෙවර දියකාවා මෙහෙයුම සදහා කලාපීය රටවල් රැසක භට පිරිස් හා විශේෂ නිරික්ෂකයින් සහභාගි වීමද කැපි පෙනෙනි.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මෙහෙයුමි අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මෙම ගුවන් මෙහෙයුමි සැලසුමි කරන ලද අතර සමස්ථ පුහුණු ක‍්‍රියාන්විතය සමිබන්ධීකරණය කිරීම සදහා ගෲප් කැප්ටන් රවීන්ද්‍ර ලියනගමගේ යොදවන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් ඔයාලා හොද රණවිරුවෝ,ඔබලාට ජය (නි)
අපේ ළය එඩි පපා.... පෙරටම මිසක් නැත ආපසු ගමන්.... (ස)
ඔබ සැමගේ වීර ක්‍රියාන්විතයට අපගේ සුබ පැතුම්. ලක් මව බැබළේවා! (නි).
හොඳයි....... (ස)
ගුවන් හමුදාවට උණුසුම් සුබ පැතුම්. තව තවත් ඉදිරියට යන්න (නි)
දැන් යුද්ධයෙන් මෙල්ල කරන්න සතුරන් නැත. (නි)
මරණය පෙනී පෙනී යුද්ධ කරනවට වැඩිය ඕක කොල්ලන්ට කොච්චර හොඳද? (නි)
අපිට වැඩිය දුප්පත් රටවලටත් අපට වැඩිය හොද ප්‍රහාරක ජෙට් යානා , නාවික යාත්‍රා තිබෙනවා. අපි වගේ දුප්පත් රාජ්‍යයකට වඩාත්ම අවශ්‍ය ගුවන් ශක්තිය සහ නාවික බලය. අපි වගේ හත් අට ගුණයක් කුඩා සිංගපූරුවට පවා අති නවීන ජෙට් ප්‍රහාරක යානා 400 කට වඩා තිබෙනවා අපට තිබෙන්නේ 12 කට අඩුවෙන්, ඒවත් යල් පැනපුවා.(නදී)
සූදානම් ශරීරය කෝකටත් හොදයි (නි)