එංගලන්තයේ ලස්සනම උයන්පුරවරය ලෙසට නම් ලබා ඇති ලේච්වර්ත් නුවර පිහිටි ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයක් වන ධම්ම නිකේතනයේ වාර්ෂික කඨින පුජෝත්සවය උත්කර්ෂවත් අන්දමට පවත්වනු ලැබීය.
බ්‍රිතාන්‍යයේ විවිධ නගරයන්හි පිහිටි ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයන්හි මහා සංඝයා වහන්සේ දොළොස් නමක් සහ විහාරස්ත දායක කාරකාදීන් රැසක සහභාගීත්වයෙන් පැවති පිංකම් සංවිධානය වුයේ විහාරාධිපති අකුරල සමිත හිමියන්ගේ අනුශාසකත්වයෙනි.
ලේච්වර්ත් ධම්ම නිකේතනයේ දහම් පාසලේ දරු දැරියන් සහ දෙමාපියන් සහභාගීවූ අලංකාර කඨින පෙරහරකින් කඨින වස්ත්‍රය සහ අනෙකුත් පුජ භාණ්ඩ පිංකම වෙත ගෙන එනු ලැබිය.
මහා සංඝ රත්නය පෙරටුකොටගෙන ලේච්වර්ත් නගරය වටා ගමන්කළ එම සම්ප්‍රදායික ශ්‍රී ලාංකික පෙරහර යුරෝපයට අමුතු දර්ශනයක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපෙ මිනිස්සු බුදු දහම දන්නවා. ඒ ගොල්ලෝ බලනවා ඇති මේ මෝකක්ද කියලා. එංගලන්තේ උනාට ලංකාවේ අයගේ වැඩක් නිසා පොලිසියෙනුත් ඇවිල්ලා. (ස)
ස්වරණ එහෙම හිතන්න එපා, මෙහෙම දෙයක්වත් කෙරුවේ නැතිනම් ඒගොල්ලෝ එහෙ ගිහින් ඉන්නවා කියල කවුරුත් දන්නේ නැහැනේ. (ස)
නිතිය නිසි ලෙස ක්‍රියාත්මක වන බොහෝ රටවල මහජනයා ගැවසෙන පොදු කටයුතු වලදී ආරක්ෂාවට පොලිස් නිලධාරියකු පැමිණීම සාමාන්‍ය දෙයක්. එහි කිසිඳු වරදක් නැත. සාමානයෙන් සංගීත සංදර්ශන වලදී නම් ගිලන් රථ පවා පැමිණීම සාමාන්‍ය අංග වේ. (ස)
බුදු දහම කියන්නේ ඕන කෙනෙකුට එබිලා බලන්න , කරකවල බලන්න , , ගැඹුරටම කිමිදිලා බලන්න පුළුවන් සත්‍යවාදී දහමක්. ඒකේ හංගන්න කිසිම දෙයක් නැහැ , කිසිම දෙයක් එපා කියලත් නැහැ කරන්න කියලත් නැහැ , හැබැයි කර්මය සහ කර්ම පලය කියදීල තියෙනවා , මේ කර්මය ගැන යුරෝපිය මිනිසුන් දැන් පිළිගන්න බවක් පේනවා ඒ නිසා මේ තිරුවෙත් ඕන කෙනෙකුට ඕනෑම දෙයක් ලියන්න කියන්න පුළුවන් ඒකෙන් කවදාවත් බුදු දහමට හානියක් වෙන්නෙත් නැහැ , මදින්න ඔප දාන තරමට මැණික දිලෙනවා වගේ බුදු දහම කතා කරන තරමටම බබලනවා. හැමටම තෙරුවන් ගුණ බලෙන් යහපතක්ම වේවා! (නදී)
මේ පොලිසිය නෙමෙයි. මේ අය පොලිසියට උදව්වට ඉන්න මහජනතාවගෙන් කොටසක්.. හරියට ග්‍රාමාරක්ෂක වගේ.. ඒගොල්ල මේ වගේ උත්සව වලදී උදව් කරනවා සංවිදායකයින්ට.(නදී).
පිටබැද්දර ජයා, ඔබ හරි ලස්සනට අදහස් දාලා තියෙනවා. සැමට බුදු සරණයි. (ස)
පන්සල ඇතුලේ සපත්තු දාපු අයයි රනින් ශුස් දාපු බෙරකාරයෝයි දැක්කම මොනවා කියන්ටද කියල හිතාගන්ට බැරි උනා...(නදී)
එහෙත් බෞද්ධ මෙහෙත් බෞද්ධ කියලා පුරාජේරු ගහන කට්ටිය මොකෝ සද්ද නැත්තේ.(නදී)
මේක දැක්කම මට මතක් උනේ රත්නපුරේ පැත්තේ පල්ලියක් කඩපු මිනිස්සුයි, ඒ ප්‍රවෘත්තිය පත්තරේ ගිහාම ඒකට හුරේ දාල අදහස් දමපු හිවල් රැලයි. (ස)
හරිම අලංකාර කඨිණ පිංකමක්..පිටරටකදි උනත් අපේ කම දකින්න ලැබිමත් සතුටක්.ගෞරවණිය සමිත හිමියන් කරන මෙහෙවර ප්‍රශංසණියයි.සියළු දෙනාටම තෙරුවන් සරණයි.. (ස)