(යොහාන් භාසුර)
වෙන්නප්පුව කොස්ගස්හන්දිය සතොස ශාඛාවේ සීනි මෙට්‍රික්ටොන් 37 ක සොරකමක් සම්බන්ධයෙන් එම ශාඛාවේ කළමනාකාරිනිය අත්අඩංගුවට ගෙන ඇති බව සතොස උසස් නිලධාරියෙක් පැවැසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් කලාප කළමණාකරු සහ වැලිසර ගබඩා සංකිර්ණයේ භාරකරුගේ වැඩ තහනම් කර එම දෙදෙනා අත්අඩංගුවට ගැනිම සදහා පොලිසි වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා කීය.
වෙන්නප්පුව කොස්ගස් හන්දිය සතොස ශාඛාව සාමාන්‍යයෙන් මසකට සීනි මෙට්‍රික් ටොන් 4ක් අළෙවි කරනු ලබන අතර පසුගිය සඳුදා මෙම ශාඛාවේ කළමනාකාරිනිය සාමාන්‍ය ඇණවුමට වඩා වැඩි සීනි ඇණවුමක් සතොස වැලිසර තොග ගබඩාවට යොමු කර තිබූ බවත් අදාළ ඇණවුම ප්‍රවාහනය කරන ලද ලොරියේ පැවති සමස්ත සීනි තොගය ශාඛා ගබඩාවට ලබා ගැනීමකින් තොරව තුන්වන පාර්ශවයකට අයත් ලොරි රථයකට පටවා වෙනත් අළෙවිසලක් කරා රැගෙන යමින් තිබියදී සතොස විශේෂ විමර්ශන ඒකකය වෙන්නප්පුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව වැටලීම් සිදු ඇති බවත් එම නිලධාරියා කියයි.
සොහොයුරන් දෙදෙනෙක් අතර සිදුවූ ආරවුලක් දුරදිග යාමෙන් බාල සොහොයුරා විසින් අතින් හිසට පහරදී වැඩිමහල් සොහොයුරා ඝාතනය කර ඇති බව පින්වත්ත පොලිසිය පවසයි.
උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සතොසේ සීනි මෙට්‍රික්ටොන් 37ක් හොරා කලා
Raveendra Sunday, 08 August 2021 05:42 PM
ලොකු එවුන්ගේ පුරුද්දට පොඩි අයත් හොරා කන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ..
be.em.piSunday, 08 August 2021 09:09 PM
සමහරවිට ඔබ තුමාට හිතාගන්න බැරුව ඇති මෙට්‍රික් ටොන් 37 ක් කියන්නේ කොයිතරම් විශාල සීනි තොගයක්ද කියලා .මේවා පොඩි අයට කරන්න පුළුවන් දේවල් නෙමෙයි
Shantha Monday, 09 August 2021 11:19 AM
අනේ නෝනට වෙච්චි දේ.... පුදපු ගමන් කාපි යකා කිව්වලු... හොරකන් කරන එකත් හැමෝටම හරියට කරන්න බැහැ නෝනේ... ඉගෙන ගන්න ලොකු අයගෙන්... ආයෙත් මොනවාහරි කරන්න ඉස්සර...
ranjith Sunday, 08 August 2021 08:17 PM
මේ රටේ මහබැංකු හොරු, සීනි හොරු ඔක්කොම හොරු... රට දුප්පත් වෙන එක අහන්නත් දෙයක්ද?
RaveendraMonday, 09 August 2021 12:33 PM
ඒ වුනාට අප රටේ තරම් උගත් බුද්ධිමත් "මෝඩ තකතීරු ගොන් හරකුන්" ලොව වෙන කොහෙවත් නැතිව ඇති..
Ruhunu Sunday, 08 August 2021 09:04 PM
රටේ දේවල් හොරා කන එවුන් සීනි වගේම දියවෙලා යන්න ඕන.
Prabha Sunday, 08 August 2021 09:06 PM
කිලෝ එකකට එක අවුරුද්ද ගානේ හිර දඬුවම් දෙන්න ඕනේ
Prase Sunday, 08 August 2021 09:26 PM
කොහොමද නෝනාගේ ගම
Demuni Uduwara Monday, 09 August 2021 04:25 AM
ඇයගේ උපක්‍රම හොඳින් අනුගමනය කරලා වගේ පේන්නේ...
saman Monday, 09 August 2021 04:52 AM
හොරුන් අල්ලන්නේ නැති රටක් බව දැන් කවුරුත් දන්නවනේ... හොරකමට බය නෑ.. දැන් රට විනාශයට නේද මේ යන්නේ?
damith Monday, 09 August 2021 06:48 AM
කොහොමද දන්නේ නෑ ඔච්චර කෑවේ ?
Perera Monday, 09 August 2021 12:44 PM
මහ එවුන් කෝටි ගණන් කුට්ටි මාටියා ගහනකොට පහල එවුන්ව යහමගට ගන්නේ කොහොමද ?
Frank Costa Monday, 09 August 2021 09:59 PM
යොහාන්, ඔයා දන්නේ නැද්ද, ලොරියකට මෙට්‍රික් ටොන් 37ක් පටවන්න බෑ කියලා... බොරුවක් කියද්දී වුණත් ප්‍රායෝගික වෙන්න..මිනිස්සු නොමග යවන්න එපා...