ශ්‍රී ලංකන් ගුවන් සේවය හා මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළ පිහිට වීමට ගත් අධික ණය බර නිසා බදු ගෙවන්නාට එම ණය දැරීමට නොහැකි හෙයින් පෞද්ගලික අංශ සමග එක් වී මෙම ආයතන පවත්වාගෙන යා යුතු බවත් එසේ නොවුනහොත් ඒවා වසා දැමීමට සිදු විය හැකි බවත් රනිල් වික්‍රමසිංහ අගමැති පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර නලින්ද හේරත් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේ කීවේය.
අගය එකතු කිරීමේ වැට් බද්ද ඉහළ දැමීමේ නීති රීති නව අය වැය යෝජනා සමග ඉදිරිපත් කරන බවද අගමැති කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්මන් රජය කරන්නේත් අසීමිත මුදල් නාස්තියක්. (නි)
අන්න හරි ප්‍රියන්ත.
මොනවා කිවත් විරුද්ධ අදහස් තියන අය ඉන්නවා , එහෙත් කුමක් හෝ පිළිතුරකින් මේ වළෙන් ගොඩ එන්න ඕන. අපිට වැරදුනු තැනත් ඕක තමයි (බ)
රජයේ තියෙන රෙගුලාසි එක්ක ව්‍යාපාර කර ලාභ ගන්න අමාරු නම් පුද්ගලික අංශයට දෙන එකේ වැරැද්දක් නැහැ. (නි)
ජයන්ත ,චතුරිලට මේවට උත්තර නෑ (බ)
රජයට ලාබ ලබන්න බැරි නම් පෞද්ගලික අංශයට දුන්නම ඔවුනුත් මේවායෙන් පාඩුනේ ලබන්නේ. එතකොට ගන්න සමාගම් මුලික මුදලුත් ගෙවා පාඩු ලබන්න මොකටද ගන්නේ. ඔවුන් ලාබ ලබනවා නම් ඇයි දැන් ආණ්ඩුවට ලාබ ලබන්න බැරි. නොහැකියාව සහ විකුණාගෙන කෑම තමයි ජනතාව විදිහට අපිට දකින්න තියෙන්නේ. මීට කලින් හිටපු සමහර පාලකයන් රාජ්‍ය දේපොළ විකුණපු හැටි දන්නා අය මේවට එකඟවෙන්නේ නැහැ (නි)
මම එ්ත් බැලුවා අර 'චතුරි' මෙතන නැත්තේ මොකද කියලා. මොකද එයාලගේ ලොක්කනේ මේක කියන්නේ. (නි)
එක වරිගයකට රටේ සම්පත් ඉවක් බවක් නැතුව හූරාගන කන්න ඉඩ සැලසීමෙන් සතුටක් ලැබූ ඇතැම් අයට නම් පරණ ආණ්ඩුව දැන් තියෙන පාලනයට වඩා හොඳ වෙන්න පුළුවනි. (ම)
අර අපේ තිලක් ඩුබායි වගේ කෙනෙක් ලංකාවේ මුදල් ඇමති කළා නම් හරි (නි)
ගොඩක් දෙනා කියන විදිහට විදුලිය නැති වුණත් ගෙදර විදුලි පංකා, රූපවාහිනී, රේඩියෝ එහෙම ගෙනවිත් තියාගන්න ඕනෑ ණයවෙලා හරි. එතකොට තමා නම්බු (නි)
මෙයාලා සහ මෙයාලගේ පක්ෂය බලයට එන හැම වාරෙටම කරන්නේ අපේ සම්පත් පාඩු ලබනවා කියලා කොම්පැනිකාරයන්ට විකුණන එක. (නි)
කවුරුවත් එන්නේ නැති ගුවන් තොටුපොළක් පුද්ගලික අංශයට දෙන්න පුලුවන්ද? (නි)
රට කරවන්න නම් මසුරන් ඇතුව කටේ... වටිනා කියන දේ විකිණිය යුතුය රටේ... හැට දෙලක්ෂයක් ජනතාවට ජය වේවා! (නි)
අපේ අය නිකන් කෑ ගහනවා ආයතනයක ඵලදායීතාවයක් නැත්නම් අපිට කාර්යක්ෂම සේවයක් ලැබෙන්නේ නැත්තම් දිගින් දිගටම පාඩු ලබනවා නම් පෞද්ගලීකරණය කරලා හරි එම ආයතනය නංවලා ගන්න එක තමයි හරි ක්‍රමය. ජපානේ අධිවේගී මාර්ග වුණත් 90% ක්ම පෞද්ගලික ඒවා (නි)
බලාගන ගියාම රාජපක්ෂ ආණ්ඩුව හොඳයිනේ මීටවඩා (නි)
පෞද්ගලීකරණය හැර වෙන විකල්පයක් ඔය ආර්ථික ඔස්තාර්ලාට සිහියට නොඑන එකනේ පුදුමේ. විපක්ෂයේ ඉන්නකොට නම් අපූරු යෝජනා ඉදිරිපත්කලා මට මතකයි. (අ)
අර මහබැංකුවට දැම්ම ජාතියේ කට්ටිය ඉන්නවාද ඕවත් බාරගන්න. (නි)
අක්ෂා, ජාතියේ නායකයා හැටියට දමාගන්න ඔයා දන්නා සැබෑ මිනිසා කවුද කියා කිවුවා නම් හොඳ අත්පුඩියක් දෙන්නත් තිබුණා. (නි)
මේක දැන් ඔයාලගේ රටනේ. ඕනෑ එකක් කරගන්න අනාගත පරපුරට ඉතිරි නොකර (නි)
අක්ෂාගේ මොළේ කාටහරි කියලා පරීක්ෂා කරගත්තොත් හොඳයි (නි)
මේක තමා ඇත්ත. එමිරේට්ස් වලින් ශ්‍රී ලන්කන් ගත්තේ විශාල ණයක් වෙලා. පාඩු ලබන මත්තල හැදුවෙත් ප්‍රකෝටි ගණන් ණය අරන්. රනිල් ඇත්ත තත්වය පහදලා දෙනවා (නි)
පෞද්ගලිකරණය කරනවා කියන්නෙ කලින් ආණ්ඩුව කාලේ කළ හොරකම් වලට වඩා ලක්ෂ වාරයකින් වැඩි හොරකම් බව අපේ සමහර අයට තේරෙන්නේ නැති එක පුදුමයි (නි)
අපි බලමුකෝ මේකෙන්වත් වැඩක් වෙයිද කියලා (නි)
එහෙමනම් අපි ආයෙත් සැබෑ හොරෙක් ජාතියේ නායකයා කරගන්න බලමු (අ)
තිලක්-ඩුබායි හරියට සිද්ධ නොවෙන දේවල් ගැන කතාකරනවා. ඔය සිහින ලෝකයෙන් මිදෙන්න මිත්‍රයා. (අ)
රනිල් මහතාට ආර්ථික දැනුමක් කොයින්ද. අපේ රටට වුනු විපත ගැන කනගාටුවෙමි. සැබෑ මිනිසෙක් ජාතියේ නායකයා කරගන්න බලමු. (අ)
ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැනනම් කියල වැඩක් නැහැ.අපිට ආසාවට කියල ශ්‍රී ලංකන් ගුවන් යානයක එන්න නැති කරලයි තියෙන්නේ.ශ්‍රී ලන්කන් එකේ එක පාරක් ලංකාවට ගිහින් එන එකේ වෙනත් ගුවන් සමාගමක ගුවන් යානයකින් දෙපරකුත් ගිහින් මුදලුත් ඉතිරි වෙනවා.එත් පාඩු ලබනවලු.ජාතික අපරාධ කියන්නේ මෙන්න මේවට තමයි.මේවට නොදෙන දඩුවම් වලින් ඇති වැඩේ මොකක්ද? (අ)
ශ්‍රී ලංකන් ගුවන් සේවය හා මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළ පිහිට වීමට ගත් අධික ණය බර නිසා බදු ගෙවන්නාට එම ණය දැරීමට නොහැකි හෙයින්.දැඩි දඩුවම් දීල මැදමුලන හැර අන් සියලුම වත්කම් විකුණලා එම මුදල් රාජසන්තක කරන්න. (අ)
මේවා කියවනකොට අගේ ලේ කෝප වෙනවා.රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාල ලෝකයේ බැංකු පුරවපු "ලෝකයේ දරුණුම ගනයේ කඹ හොරුන්" කිසිම කරදරයක් නැතිව යහතින් වැජබෙද්දී අසරණ අපිට බදු පිට බදු ගහල දඩුවම් දෙන්න හදනවා.(අ)