අබ්දුල් අෂීස් බින් ෆාඩ් (41) සෞදි රජ කුමාරයාගේ රිය පෙළට පැරිස් නුවරදී කඩා වැදුණු අවිගත් කොල්ලකරුවෝ ඩොලර් තුන්ලක්ෂයක් (රුපියල් 39600000) පැහැර ගත්හ.
බ්‍රිතාන්‍යයේ ආයෝජකයකු ද වන කුමාරයාට මේ ඇබැද්දිය ඉරිදා රාත්‍රියේ සිදු වුයේ උතුරු දිග ප්‍රංශයේ දීය.සන්නද්ධ ආරක්ෂකයන්ගේ රැකවරණ මැද රිය දහයක් සමඟ ලෙබූෂේ ගුවන්තොටේ තම පෞද්ගලික ජෙට් යානය බලා ගමන් කරන අවස්ථාවේදීය.
බලක්ලාවා මුහුණු ආවරණ පැළැඳ සිටි කොල්ලකරුවන් රිය පෙළ මුලට කඩා වැද අවි පෙන්වා මර්සිඩීස් වෑන්රියේ තිබු මුදල් හා ලියවිලි ද කුමාරයාගේ බෙහෙත් ද පැහැරගෙන ගිය බව ප්‍රංශ පොලීසියි කියයි.
පැරීසීයේ ජෝර්ජ් වී හෝටලයේ සුඛෝපභෝගී කුටියක දෙමාසයක් සිටි සෞදි කුමාරයාට හෝ සෙසු රියවල ගමන්ගත් කිසිවකුටත් අනතුරක් සිදු වී නැත.කොල්ලකරුවන් පලා ගිය බී එම් ඩබ්ලිව් හා මර්සිඩීස් කාර් පසුව පුළුස්සා දමා තිබිණි.
පැහැරගෙන ගිය සහායකයෝ තිදෙනෙක් මුදා හරිනු ලැබුහ.
කුමාරයා පැරිසියේ සෞදි අරාබි තානාපති කාර්යාලයයයේ සිට ගුවන් තොටට යමින් සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දන පනාගොඩ මිලානෝ, ඔබ කියනා විදියට ප්‍රංශයේ සිටින ලාංකිකයෝ එකනෙකා මරාගන්නවා (නදී)
බලනකොට අපේ රටවල් හොඳයිනේ. මෙහේ නම් කවදාවත් මෙහෙම දේවල් වෙන්නෙ නැහැ (නි)
ප්‍රංශයේ ඉන්න ලංකාවේ අය නම් නිතරම එකිනෙකා අතර ඇනකොටා ගන්න එකනේ කරන්නේ (නි)
හසන් , එතකොට ඔය කළු පාට ඇදුමෙන් ඉන්නේ රජ කුමාරයාගේ ඥාති සහෝදරියක් නෙමේද . හසන් දන්නවනේ හොඳට ඔය කට්ටිය ගැන . (නදී)
බලන්නකෝ කුමාරයාගේ හිනාව.... (නි)
මේ පින්තුරය හරිම නොමග යවන සුලු එකක්. මෙහි මැදින් ඉන්න දෙන්න ස්වීඩන් රැජින සහ දෙවෙනි රජ කුමරිය. (නදී)
මෙතන අපි සාකච්ඡා කල යුත්තේ හොරකම ගැනයි. ඇයි ඕගොල්ලන් කුමාරයාගේ බිරියන් ගැන කතා කරන්නේ. ඕපාදුප කාරයෝ. (නදී)
පැරිස් ගෙන කතා කරන්නේ පැරිස් දැකලා තියෙනවාද ?නන්දන පනාගොඩ මිලානෝ ....ඉතාලියේ ඉන්න අය අපිට ඉරිසියයි. මම නොදන්නා ඉතාලිය. (නදී)
මම බේරුනේ අනුනවයෙන් (නදී)
මෙය කුමණ රටක සිදුවුවත් අනාරක්‍ෂක පරිසරයක් ඇති බව පැහදිලියි. මෙය නොදැන කිසිවෙකුට කළ නොහැකියි. ත්‍රස්ථවාදිනට මුදල් මේ තරම් මුදලක් දීලා ගියා හා සමානයි. ජීවිත බේරා යැවීම සැක සහිතයි. (නදී)
මේ මැද ඉන්න දෙන්න ස්වීඩනයේ රජ බිසව සහ කුමාරිකාව බව මම දන්නා නිසා ලියන්න හිතුනා. (නදී) ' ..,
අනේ ඇත්තට, මෙච්චර දෙයක් වෙනකල් ආරක්ෂකයින් මොනවා කළාද? (නි)
නන්දන පනාගොඩ මිලානෝ , අප නම් දිනපතා ලංකාදීපය පුවත් පතින් හා වෙනත් මාධ්‍යන්ගෙන් කියවන්නේ එකීනෙකා ලාංකිකයන් මරා ගන්නේ ඉතාලියේ කියලා. එයට අමතරව හොරකම මැරකම කරන්නේද ඉතාලියේ කියලා. මම නම් කිසි දිනක දැකලා හෝ අහලා නැහැ ඉතාලියේ වාගේ ප්‍රන්සයේ ලාංකිකයන් හැසිරෙනවා කියලා. අනික් කරුණ ඔබ ප්‍රතිචාර දමා තියෙන්නේ විශයෙන් පිට පැනලා (නදී)
මේ සුදු ඇදුමින් ඉන්නේ මෙයාගේ බිරියක් නෙමෙයි. ඕස්ට්‍රේලියා එම්බසියේ හිටපු තානාපති ගේ නෝනා මගේ මතකය හරිනම්. (නදී)
ක්‍රෙඩිට් කාඩ් (ණය පතක් ) අරන් ගියානම් මෙහෙම වෙන්නේ නැහැ. හැබැයි වැඩේ පාඩුයි වගේ ? (නදී)
සෞදි කාරයෝ අහංකාර යි. මම නම් හිතන්නේ ඔහොම වෙලා මදි කියලා අපේ රිෂානා දැරියට කරපු අපරාධයට. (නදී)
තිලක් මොකොද නැත්තේ ඔයගොල්ලෝ ඕනෑම දෙයකට ආගම ගාවගන්නවා (නදී)
ධිවර බහුදින යාතා වලින් ඉතාලියටපැමිණ , තවමත් ඉතාලියේ මිලානෝ හැර වෙනත් රටක් නොදැක , අනික් අයට මඩ ගහන්නේ , ඔහුගේ මානසික හිනමානයත් , නුගත් කමත් නිසා වන්නට පුළුවන , (අ)
ඔය එමීර්ල කියන අය ඩොලර් මිලියන ගණන් අරගෙන ලන්ඩන්, නිව්යෝක්, පැරිස්, ජිනීවා වැනි ප්‍රසිද්ධ නගරවල සූදු ගැහැව්වට ගණිකාවන් එක්ක රති කෙලියේ යෙදුනට, මත ද්‍රව්‍ය බිව්වට තමුන්ගේ ගෙදර වැඩකරන සේවකයන්ට පඩි නඩි ගෙවෙන්නේ නැහැ. ඒ වෙනුවට කම්බි කටු අැගවල් වලට විදලා තමයි ඒ අයගේ රටවල් වලට අාපහු පිටමන් කරන්නේ (නදී)
කවුදෝ කෙනෙක් චන්දි කියල ලියල තියෙනවා(දී)
අනේ අපොයි! (නි)
ලංකාවට අාව නම් සල්ලිත් නෑ, නෝනලත් නෑ, කුමාරයත් නෑ (නදී)
මුස්ලිම් ආගමේ එන බුර්කාව රජ පවුලට අදාල නැහැ වගේ මේ ෆොටෝ එක දැක්කහම පෙන්නේ .(අ)
අපේ ඇමතිවරු හොරා ගන්නේ අපේ සල්ලි. (නදී)
මේ බිරින්දෑ වරුන්ගේ පර්දාව නැහැනේ (නදී)
ලැජ්ජහයි අහන්නත් ! ප්‍රංශ ආරක්ෂක නිලධාරීන් කුමාරයාගේ ආරක්ෂාවට ගිහින් තියෙන්නේ නිරායුධව වෙන්න ඇති. (නදී)
සහෝදරයා ඔයාගේ තාත්තා නං ගියා මන් හිතන්නේ හොයලා බලන්න (නදී)
අර මීගමුවේ දේශපාලක උන්නැහේගෙ දුරකථන බිල් විස්තරය බැලුවා නම් නරකද පැරීසියට ඇමතුම් අරගෙන තියනවද කියලා. අපේ රටේ ඕවා වෙනකොට සමහරු කථා කරන්නෙ නම් ඔය රටවල් එහෙම දේවල් ගැන දන්නෙවත් නැති විධියට උඩින් තියලා. (නදී)
"පැණි වරකා ගහටත් හෙන වදී" කියන්නේ මේවට තමා.(දිල්)
එහෙම තමයි ඉන්නේ පැරිසියෙනෛ් (නදී)
ඕක අපිට මහලොකු ගානක් උනාට එයාට ඕක ගානක්වත් නැතුව ඇති.(නදී)
හපෝ දැන් මෙයාගේ මහත, එකත් ඇරැබියන් ටේරල්ගේ වැඩක්.එයාලට ඕකත් ගානක්ද! (අ)
මේ ඡායාරූපයෙන් පේනවද රජ පවුලේ කිසිවෙක් ආගම කරේ තියන් නොඉන්න බව.නමුත් ඔවුන් සාමාන්‍ය මිනිසුන්ගේ කරමත ආගම පටවනවා.එ්ක සෞදිඅරාබියට සිමානොකර අනෙකුත් අනෙකුත් රටවලටත් පතුරවනවා.මේවා කරන්නේ රජපවුලේ පැවැත්මට.(අ)
අපේ ඇමති කෙනෙක් වත් මේ පැත්තේ ගිහින්ද ? (ස)
මෙය පිටුපස වෙනත් අරමුණක් තිබිය යුතුයි. මක්නිසාද මේ මුදල එපමන ගානක් නොවේ යූරෝපයේ හැටියට. (නදී)
සවුදියේදී හැම ගැහැනියක්ම පර්දාව පැළදිය යුතුයි. මෙයාලා වෙන රටවල් වලට ගියාම ගොඩක් වෙලාවට යුරෝපියක් අදින ආකාරයට තමයි අදින්නේ. එ්කට මේ පින්තුරය උදාහරණයක්. ලංකාවේදී මම දැකපු බොහෝ සවුදි ගැහැනුන් පර්දාව නැතුවයි දැක්කේ. .නමුත් ඔවුන් ගුවන් යානයට නැගීමට මොහොතකට පෙර ඒවා පළදිනවා දැක ඇත්තෙමි (නදී)
අපේ රටේ නම් කවදාවත් මෙහෙම වෙන්නෙ නැහැ (නි)
සමහරුන්ට යන්නේ කොහෙද මල්ලේ පොල්. හොරකමක් ගැන කියනකොට ආගමක් ගැන කතා කරනවා. අනිත් එක ඉතින් කවුද දන්නේ මෙතන ඉන්න කාන්තාවන් අරාබිද ප්‍රංශද කියලා. (නි)
කුමාරයා නම් නියමයි (නි)
මෙයාට නම් පැහැරගත් මුදල මාසේ අන්තිම දවස් වල අපේ පර්ස් එකේ තියන මුදල තරම්වත් ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නය මේ වගේ රටක මෙය සිද්ධ වුණ එකයි (නි)
මෙයාට බිරියන් 4ක් ඉන්නවා. පින්තුරේ ගත්ත වෙලාවේ 4 වැනියා ලැට් එකට ගිහිල්ලා (නදී)
ප්‍රනීත්, සුදත් රෝහණ ඔයා දන්නවද රජ පවුල් වල අය ගැහැණු එක්ක යනවා කියා (නදී)
අපේ හිතවත් මුස්ලිම් සහෝදර සහෝදරියන්ට නැද්ද මුකුත් මේ ගැන කියන්න? (නි)
දෙන්න තියනවා නම්, යන්න තියනවා නම්, වෙන්න තියනවා නම්, අටලෝ දහම දන්නවා නම් ගියදේට නාඩන් රජ කුමාරයෝ! (නි)