සෞදි අරාබියේ රැඳැවුම් කඳවුරක සිටි ශ්‍රී ලාංකික රියදුරකුට රුපියල් විසි ලක්ෂයක වියදමින් හදවත් සැත්කමක් නොමිලේ කළ සෞදි රජය ඔහු ශ්‍රී ලංකාවට එවීය.
රියදුරකු ලෙස එහි ගිය ගාල්ල අඟුළුගහ එම් එම් සමරවීර ඔහුය.
සමරවීර මහතා මෙසේ කියයි.
‘සෞදි අරාබියට පැමිණ වසරක් පමණ ඇති . හාම්පුතා සමඟ ගැටුමක් ඇති වුණා . ඔහු ළඟ රැකියාව නැවැතුණා. ටික දිනකට පසුව ලංකාවට යවන බව බව පවසා ඔහු මා ගුවන්තොටුපොළට ගෙන ආවා.
පසුව ගුවන්තොටුපොළේ අවසන් කවුළුවෙන් ආපසු හරවා එව්වා . නියමිත පරිදි පිටත්වීමේ විසා ගමන් බලපත්‍රයේ සඳහන් කර නොමැති බව එතැනින් කීවා.‘
ඉන් පසුව ඔහු ආගමන විගමන භාරයට ගෙන රැදවුම් කඳවුරට යවනු ලැබීය. එහිදී හදවත් රෝගයකට ලක්වී දමාම් රජයේ රෝහලට ඇතුළත් කැරිණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ චාලි තලයරත්නමහතා සහ පතිරාජ මහත්වරුන් මැදිහත් වී රෝහලේ බලධාරීන් සමග සාකච්ඡා කළහ.
ග්‍රී ලංකා මුදලින් රුපියල් විසි ලක්ෂයකට අධික මුදල රෝහල් බලධාරීන් අයකර නොගත් බව තලයරත්න මහතා කියයි.
සතියක පමණ කාලයක් ඔහු රෝහල් ගතවී ප්‍රතිකාර ලැබීය. ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට සියලු කටයුතු නිම කර ඇති බවද තලයරත්න මහතා පවසයි.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සෞදි කරුණාවෙන් ලාංකිකයාගේ පණ දික්වේ
අෂ්රෆ් - රඹුක්කන Thursday, 26 February 2015 01:35 AM
ලෝකයේ කොහේ ගියත් තමන්ගේ රටේ ජීවත්වනවා වගේ නිදහසේ අපේ වැඩ කරන්න බැහැ. පිටරට ජීවිතේ කියන්නේ අපේ ඇඟේ ශක්තිය සම්පූර්ණයෙන්ම මිරිකා ගන්නා ජීවිතයක්.අපේ රටේ පොලුයි සම්බෝලයි කාගෙන ජීවත්වුණත් සන්තෝෂයි. මේ සහෝදරයාට ඉක්මන් සුවය ලැබේවා කියා මම අල්ලාහ් දෙවියන්ට ප්‍රාර්ථනා කරමි. (නි)
ප්‍රියානි වීරකෝන් Wednesday, 25 February 2015 10:33 AM
ඔබ හරිම වාසනාවන්තයි.(හේ)
මාගලි ෆොන්සේකා Wednesday, 25 February 2015 12:15 PM
කෝ මේ රටවල් වලට විරුද්ධව කෑගහන අය? (නි)
කුමාර Wednesday, 25 February 2015 12:38 PM
සෞදි රජයට ස්තූතියි! (නි)
ලංකා Wednesday, 25 February 2015 12:58 PM
අදහස් බැලුවෝ නම් 6604 දැන් ඒත් අදහස් 01 යි මේකේ අනිත් පැත්ත වුනානම් අදහස් වැඩියි. (නදී)
වාසනා Wednesday, 25 February 2015 01:13 PM
ඔබ සැබෑ වාසනාවන්තයෙක් (නි)
ගැමුණුසිරි Wednesday, 25 February 2015 03:36 PM
ඔහු මගේ පාසලේ එකම පන්තියේ මිතුරෙකි මිතුර ඔබට ඉක්මන්සුව තෙරුවන් සරණයි ! (අ)