පොලිසිය හා වනජීවී දෙපාර්තමේන්තුව ද මැදිහත් වී කොස්ගොඩ ඇලි කැස්බෑවුන් හතර දෙනා දෙහිවල සත්වෝද්‍යානයට භාර දෙන්නැයි බලපිටිය මහේස්ත්‍රාත් අසංග මෝදරගම මහතා කැස්බෑ මධ්‍යස්ථාන හිමිකරුට අද නියෝග කළේය.
පොලිසිය හා වනජීවී දෙපාර්තමේන්තුව ද මැදිහත් වී කොස්ගොඩ ඇලි කැස්බෑවුන් හතර දෙනා දෙහිවල සත්වෝද්‍යානයට භාර දෙන්නැයි බලපිටිය මහේස්ත්‍රාත් අසංග මෝදරගම මහතා කැස්බෑ මධ්‍යස්ථාන හිමිකරුට අද නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුණුවටයේ කතාව වගෙයි මේක.(දිල්)
මින් ඉදිරියටවත් මෙම සංරක්‍ෂණ කටයුතු වනජීවි දෙපාර්තමේන්තුව හරහා රජය මගින් කෙරෙනවා නම් මේ වගේ දේවල් සිදු නොවේවි.(දිල්)
දෙහිවලින් (මනු)සත්ව සමාජයට යයි. ඊට පස්සෙ උන්ට වෙන්නෙත් (අ)
මම දන්න තරමට නම් අමල් පෙරේරා මහත්මයා, ඔය ඇලි කැස්බෑවා මිළදී ගැනීමට ගියේ, මාලදිවයින් වල ඉන්න එයාගේ යාලුවෙකුගෙ ශාන්ති කර්මයක් වෙනුවෙන් මුහුදට නිදහස් කරන්න. ඒ වෙනුවෙන් අමල් පෙරේරා මහත්මා විශාල මුදලක් දෙන්නත් කැමැත්තෙන් හිටියා. ඇලි කැස්බෑවා හංගලා උගෙ හිමිකරුවා කරන්න ගියෙ මොකද්ද කියල නම් දන්නෙ නැහැ. ඒත් අන්තිමෙට උනෙ කැස්බෑ හිමිකරුට ඇලි කැස්බෑවා ව අහිමි වීමත් , කැස්බෑවට උගෙ නිදහස අහිමි වීමත්ය. කැස්බෑවව විකුණුවානම්, හිමි කරුට විශාල මුදලක් වගේම, ඇලි කැස්බෑවට උගෙ නිදහසත් හිමිවෙනවා. (අ)
වැඩිය කන්න ගියාට හොද වැඩේ. සල්ලිත් නැ සනීපත් නැහැ.(නදී)
කැස්බෑවටත් වුනේ කබලෙන් ලිපට වැටෙන එන. (නදී)
තමන් දන්නා වැඩේ කරගෙන ඉන්නේ නැතිව මේ වගේ කෙටි ක්‍රම වලින් නැත්නම් ඩීල් වලින් සල්ලි හොයන්න ගියාම වරදක් නැතිවත් හත්පොලේ ගාගන්න වෙනවා.(නදී)
මටත් කියන්න තියෙන්නෙත් උන්ට දෙවියන්ගේම පිහිටයි කියල තමයි. මොනවා උනත් මෙච්චර කාලයක් ඒ සතුන් රැකුනා.(නදී)
මොන හේතුවකටද මේ සතුන් සත්තුවත්තට යවන්නේ? (දිල්)
ඉල්ලගෙන කනවා කියන්නේ මේකටයි (දිල්)
මුහුදට දැම්මොත් ඉක්මනින්ම තවත සතෙකුගේ ගොදුරක් වෙයි. (නදී)
කළින්ම රුපියල් කෝටි 3 ට දුන්න නම් ඉවරයි . මිල ඉහළ දාගන්න හොර වැඩ කරලා දැන් මුකුත් නැහැ .(දිල්)
සුදු කැස්බෑවන් ගැන දැනගත්තේ මේ සිද්ධියෙන් පස්සේ සුරතල් මසුන් ඇති කරනවා වගේ මෙන්ම ඇතැම් මුහුදු මත්ස්‍යයන් අපනයනය කිරීමට අවසර දී තිබෙනවා.ඉබ්බෝ වඳවෙන සතුන් නොවේ ,එකවර විශාල ප්‍රමාණයක් පැටවුන් බෝකරනවා.ස්වයන් රැකියාවක් වශයෙන් කර ඇති ඒ පුද්ගලයාට වන ජීවීන් නොකරන වැඩක් කලාට රජයෙන් දඬුවම් කරනවාට වඩා දිරි ගැන්වීමක් කරනවානම් උතුම් ක්‍රියාවක්.(දිල්)
හොදම දේ සිද්දවෙලා. මින් ඉදිරියටවත් මෙම සංරක්‍ෂන කටයුතු වනජීවි දෙපාර්තමේන්තුව හරහා රජය මගින් කෙරෙනවා නම් මේ වගේ දේවල් සිදු නොවේවි.(නදී)
ඉතා හොඳ නියෝගයක්. (අ)
ඇයි මුහුදට නිදහස් නොකරන්නේ.... (අ)
ලගදීම අහන්න ලබෙයි ගෑනු සතා පිරිමියාව ගිලල කියල (අ)
ලගදිම පාන්ශුකුලයට යන්න පුළුවන්. (නදී)
මම ඉල්ලීමක් කරනවා වගකිව යුතු අයගෙන් මේ සියලුම කැස්බෑවන් පර්යේෂන ආයතන කියල බිස්නස් කරන සියලුම ආයතන වහල දාල කැස්බෑවන් සියල්ල රජයට ගන්න කියලා. විදේශ සංචාරකයන්ට කැස්බැවන් බලන්න ඕනෙනම් රජයෙන් එවැනි ආයතනයක් පටන් ගන්න ඕනා. එතකොට ආදායම රජයට එනවා වගේම නියම ප්‍රමිතියක් තියෙනවා. හරියට කියනවා නම් පින්නවල අලි අනාතගාරය වගෙ. මේ කැස්බෑ ආයතන තනිකරම කරන්නෙ බිස්නස් එකක්. එමගින් රජයට කිසිම ආදායමක් නැහැ වගේම වනජීවි පනතත් උල්ලන්ඝනය වෙනවා. ලංකාදීපයෙන් මම ඉල්ලා සිටිනවා පුලුවන් නම් ගිහින් මේවයෙ වෙනදේ සොයල ලිපියක් පල කරන්න කියලා. මුදල් වල්ට ගිජු මිනිස්සුන්ට සතුන්ගෙ වටින්නෙ නැහැ.(නදී)
ප්‍රසාද්ගේ කතාව හරියට හරි (ත)
අය්යෝ සල්ලි කිවාලු, ! අමල් ලොක්කා ඉල්ලපු වෙලාවේ ඒ ගාණට දුන්න නම් සල්ලි හරි අතේ ඉතුරු වෙනවා දැන් සල්ලිත් නැහැ කැස්බෑවොත් නැහැ, වැඩිපුර තණ්හාවට ගිහාම ඔහොම තමයි. (අ)
උන්ට දෙයියන්ගේ පිහිටයි (අ)
සත්තුවත්තේ අනෙක් සත්තුන්ට වෙන දේ වෙයිද? (ත)
ඒක නම් හොඳ වැඩක්. නමුත් මුහුදටම දැම්මා නම් ඊට වඩා සතුන්ට නිදහසේ ඉන්න තිබුනා.(නදී)
අපෝ උන් ටික අවසානයි.(නදී)