සෞදි අරාබියේ අල්කොබාර් නගරයේ තෙල් සමාගම් නවාතැනක ඇතිවු ගින්නෙන් ශ්‍රි ලාංකිකයන්ට හානි සිදු වී ඇත්දැයි සෙවීමට එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශ නිලධාරින් දෙදෙනෙකු විට එහි යවා ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
ශ්‍රි ලාංකිකයන් සෞදියේ සේවය කරන නමුත් ඔවුන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බවට දහවල් 12 වන විට වාර්තා වී තිබු නමුත් තවදුරටත් එම නිලධාරින් ඒ පිළිබඳව සොයා බලමින් සිටින බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි මංගල රන්දෙණීය මහතා කියයි.
එහි සේවය කරමින් සිටින ශ්‍රි ලාංකිකයන් මීට වසර කිහිපයකට පෙර ගිය අය බවත්,රන්දෙණිය මහතා සඳහන් කරයි.
මහල් අටකින් යුතු නේවාසිකාගාරයක මෙකි ගින්න ඇති වී ඇති අතර එහි නිවාස ඒකක 486 ක් පැවැති බවද වාර්තා වේ. එක් ගොඩනැගිල්ලක පහත මහලේ ඇති වු ගින්න පසුව සෙසු ගොඩනැගිලිවලට ද පැතිරි ගිය බවද පැවසේ.
මෙම ගින්නෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තවත් 219 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඒ අතර ශ්‍රි ලාංකිකයන් නොමැති බව එරට වාර්තා තහවුරු කොට ඇත.
මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා ශ්‍රී ලාංකිකයන්ට යම් හානියක් වී ඇත්දැයි සොයා බැලීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට උපදෙස් දී ඇත.
අවශ්‍යනම් කාර්යංශයේ නිලධරයකු එහි යවන ලෙසද අගමැතිවරයා උපදෙස් ලබාදී තිබේ.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
සෞදි ගින්නෙන් ලංකාවේ කාටත් හානි නැති පාටයි