කැකිරාවේ රේල්වේටවුන්හි සිටි මොහොමඩ් සියාන් සිහාබ්දීන් (32) සෞදි අරාබියේ යන්බෝ වරාය නගරයේ වීදුරු කපන්නකුගේ මරණය පිළිබඳව සෞදි ආරක්ෂක අංශ යේමන ජාතිකයෙකු අත් අඩංගුවට ගෙන ඇතත් ඔවුන් අතර කිසිදු ආකාරයක විරසකයක් හෝ බහින්බස් වීමක් සිදුවී නැති බව කියති .
මධ්‍යම රාත්‍රියේ දී සිදුව ඇති පවසන මෙම මරණය පිහි ඇනුමකින් සිදුවී ඇති බවට සාක්කි ඇති අතර ඒ පිලිබදව දිගින් ගිගටම යේමන ජාතිකයාගෙන් සෞදි ආරක්ෂක අංශ ප්‍රශ්න කරමින් සිටි. මියගිය මොහොමඩ් සියාන් මෙම ආයතනයේ වසර හයක් කාලයක් රකියාවක් කරමින් සිටියේය. ඔහුගේ තෙවැනි නිවාඩුවට මවුබිමට ගොස් ආපසු පැමිණ ඇත්තේ මිට මාස හයකට කලින් බවද පැවසේ
මෙම මරණය පිළිබවද ජෙඩා කොන්සියුලර් කාර්යාලයේ වැඩ බලන කොන්සියුලර ජනරාල් එම.එස්.එම අන්සාර් මහතා විසින් පවසා ඇත්තේ තම කාර්යාලයේ විශේෂ කණ්ඩායමක් ඉදිරි කටයුතු සොයා බැලීමට පත් කර ඇති බවයි.
කොන්සාල් ජනරාල්වරයා කියනුයේ මේ ගැන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය මගින් පවුලේ සාමාජිකයින් දැනුවත් කර ඇති බවයි.මිය ගිය අයගේ මෘත දේහය පිලිබදව ගතයුතු පියවර විදේශ අමාත්‍යංශයේ උපදෙස් අනුව සිදු කිරීමට පියවර ගන්නා බවද කොන්සල් ජනරාල් සදහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ල කියල මේලෝකේ කවුරුත් නැතෝ. (බ)
පව් අසරණ දරු පැටියාට පියා අහිමිවුණා. අසරණ ගැහැණියෙකුට ස්වාමියා අහිමිවුණා. මේ අසරණයින්ට සාධාරණය ඉටුවේවා! මියගිය මොහොමඩ්ගේ ආත්මයට සාධාරණය ඉටුවේවා! (නි)
මේ මිනීමැරුම් නවත්වන්න කාටවත් බැරි ඇයි. (අ)
පුතාගේ මූණ දකිනකොට දුකයි. මේ පවුලට සාධාරණය ඉෂ්ට වේවා (බ)
අමිල කලබල වෙන්න එපා මේවා අල්ලාගේ වුවමනාව අනුව සිදුවේවි. (බ)
අනුරලා වගේ අය නිසා මෝඩයෝ තව ඇති වෙනවා (බ)
අය්යෝ මොහමඩ් මොනවද ? මේ දාන අදහස් (බ)
අන් අයගේ විශ්වාසයන්ට නිගරු නොකරමු මෙලොවේ ජීවත් වන සෑම මනුෂ්‍ය වර්ගයාටම තම තමන්ට ආවේනික වුන විශ්වාසයන් ඇත මේ විශ්වාසය සත්‍යටත් වඩා තහවුරු කිරීමට සැම මනුස්සයෙක්ම පෙළඹේ අප මේ ගැන උපේක්ෂාවෙන් බැලිය යුතු වෙන අතර මෙම විශ්වාසයන්ට නිගරු කළ යුතු නොවේ (බ)
තවමත් මෙහෙම අය ඉන්නවනේ...(බ)
මෙලොව සියල්ල සිදු වනේ අල්ලාහ් ගේ කැමැත්තට මිසක් අපේ කැමැත්තට නොවේ එම නිසා අල්ලා ට මේක විසදන්න ඉඩදෙන්න (බ)
අමිල, රසුන්.මේ සැකකරුවන් අල්ලන ඕනෙත් නෑ,පවුලට සාධාරනයක් ඉටුකරන්න ඕනත් නෑ, නිකන් ඔයාල මෝඩ වෙන්න එපා, මොහමඩ් කිවනේ අල්ල මෙව්වා කරාය කියල,,ඉතින් ඔයාල කලබල වෙන්නේ ඇයි? (බ)
කිසි කෙනෙක් මිනීමරුවෝ අල්ලන යන්න එපා,තේරුමක් නෑ, මොහමඩ් කියන විදියට අපි ඔහේ බලාගෙන ඉම්මු අල්ලා මිනීමරුවන් අල්ලනකම් (බ)
ඔහුගේ පවුලට සාධාරණයක් ඉටු කරන්න, ඔහුගේ දේහය මෙරටට ගෙන එන්න කටයුතු කරන්න.(හේ)
මොහුගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වහාම අල්ලනු.(හේ)
අන්ධ භක්තිය පිලිබඳ සජීවී උදාහරණය මොහොමෙඩ් (බ)
මොහොමඩ් එතකොට ලොයර්ලා වුවමනා නැතිවේවි නේද ඉනිමගෙන් වැටුන මිනිහත් ඔය කතාවම කිවුවා (බ)
මොහොමඩ් මහත්මාගේ ඉල්ලීම පරිදි අල්ලාහ් හට කැමති පරිදි කටයුතු කිරීම පිණිස සෞදි ආරක්ෂක අංශ හට මෙය විමර්ශනය කිරීමෙන් ඉවත්වෙන ලෙස ඉල්ලා සිටිමින් බලකරන මෙන් ශ්‍රී ලංකා රජයෙන්,තානාපති නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. (බ)