සෞදි අරාබියේ නැගෙනහිර කලාප තානාපති ජංගම සේවය පුරුදු පරිදි සෙනසුරාදා (04) පැවැත්වෙන බව රියාද් තානාපති කාර්යාලය පවසයි.
දමාම් අල් කොබාර් අධිවේගී මාර්ගයේ ඇස්ටුන් රෝහල ඉදිරිපිට පිහිටි යෝජිත නව ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසැලේදී පෙ ව 8 සිට පස්වරු 3 දක්වා මෙම තානාපති ජංගම සේවාව පැවැත්වෙන බව බලධරියෝ පවසති.
ගමන් බලපත්‍ර දිර්ඝ කිරීම් ,ගමන් බලපත්‍ර අයදුමි කිරීම්, උප්පැන්න ලියාපදිංචි කිරීම් සහ කම්කරු ගැටලු ඇතුළු අනිකුත් ලිය කියවිලි කටයුතු කිරීම සඳහා රියාද් තානාපති කාර්යාලයයේ නිලධාරීන් කණ්ඩායමක් මෙදිනට පැමිණිමට නියමිතය.
විශේෂයෙන්ම පොදු සමා කාලය නොවැම්බර් 4 වැනි දිනෙන් අවසන් වන අතර නැවත දීර්ඝ කිරීමක් බලාපොරොත්තු විය නොහැකි බැවින් තව දුරටත් සෞදි අරාබියේ නීතී විරෝධිව රැදී සිටින ශ්‍රී ලාංකිකයින් අවසන් වශයෙන් ඔක්තෝබර් 4 වැනි දිනට පැමිණ ලියාපදිංචි වන ලෙසට බලධාරීන් දන්වා සිටී.
නොවැම්බර් 4 වැනි දිනෙන් පසුවද නීතී විරෝධීව සෞදි අරාබියේ රැදි සිටින විදේශීකයින් සෞදි රජය විසින් ගන්නා ඕනෑම දඩුවමකට යටත්වීමට සිදුවන බව ද බලධරයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔය කියන සේවය නැගෙනහිර පළාතට විතරමද තියෙන්නේ. අනෙකුත් පළාත්වල ඉන්න ශ්‍රීලාංකිකයින්ට මේකෙන් ලොකු අසාධාරණයක් වෙනවා නේද? (ස)
සමා කාලය තව ටිකක් දීර්ඝ කලොත් නරකද? යම් විදියකින් මෙදින්ට පෙර කිසියම හේතුවක් මත යමෙකුට අපහසු තාවයක් උනොත්, නොදැනීම නිසා හෝ දුර බැහැර නිසා හෝ වීමට පුළුවන්. (ස)
මට දැනගන්න ඕන මගේ බියුරෝ රක්සනය මේ මාසේ ඉවරවෙනවා මම කොමද නැවත මුදල් ගෙවල අලුත් කර ගන්නේ මම ඉන්නේ අල්කොබර්වල කරුණාකර මට මෙයට පිළිතුරක් එවන්න (නදී)
පීරිස් මහත්තයා මගේ ගිණුමට එවන්න, මම කරලා දෙන්නම් (නි)
ඇන්ඩ්‍රෘ, ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු . පාස්පෝට් එකත් අරගෙන 4 වෙනිදා ජංගම සේවාවට ආවොත් ගෙවන්න පුළුවන්.... (නි)
නැගෙනහිර පළාත සෞදියේ කොටසක් වගේ වෙන්න යන්නේ. (නි)