සෞදි අරාබියේ අසු තුන් වැනි ජාතික දිනය සැමරීමට සෞදි අරාබි රජය සියලු කටයුතු සුදානම් කැර ඇතැයි සෞදි මාධ්‍ය වාර්තා කරයි.
සෞදි අරාබියේ මං මාවත් ඇතුළු සියලු ස්ථාන මේ වන විටත් සෞදි ජාතික ධජ වලින් අලංකාර කැර ඇත. ගම් දනව් නගර විදුලි බුබුළු වලින් අලංකාර කැර ඇත.
අසුතුන් වැනි ජාතික දිනය සැමැරීම සඳහා රියාද් නගරය කේන්ද්‍ර කර ගනිමින් විවිධ සංස්කෘතික වැඩසටහන් අද රාත්‍රී 9 සිට රියාද් කිං පහාද් ජාත්‍යන්තර ක්‍රිඩාංගනය ,සුල්තාන් විශ්ව විද්‍යාලය,අබ්දුල් අසීස්,මහාක් උද්‍යානය හා බටහිර රියාද් පැද්දෙන පාලම යන ස්ථාන වලදී දේදුණු වර්ණ වලින් අහස් මල් වෙඩි ප්‍රසංග නැරැඹීම සඳහා දෙස් විදෙස් සියලු ජාතීන්ට ආරාධනා කර සිටින බවද සෞදි රජය කියයි.
මේ අතර සෞදි අරාබියේ ජාතික දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරන සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති තානාපති වඩිවේල් ක්‍රිෂ්ණමුර්ති මහතා ප්‍රකාශ කැර සිටියේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජය වෙනුවෙන් සෞදි අරාබියේ දේවස්ථාන දෙකේ භාරකරු අබ්දුල්ලා බීන් අබ්දුල්ලා අසීස් අල් සවුද් රජතුමා හා අරාබි ජනතාවට තම රටේ අශිර්වාදය හා සුභාශීශනය පිරි නමන බවයි.
ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරීස් යන මහත්වරුද සුභ පැතුම් පණිවුඩ දෙකක් දේවස්ථානය වෙත යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන මේ කොඩිය පිල්ලේ නෝනා දකියි. ඒකේ දෙවියන් ගැන ලියලා එක ආගමකට සැළකිල්ලක් දක්වලා තියනවා නේද? (නි)
මාගරී, ඔයා හරි. ලංකාව වගේ රටකට වුවමනා නැහැහේ බුර්කාව. (නි)
ඉම්රාන්,බුර්කාව ජාතික ආරක්ෂාවට තර්ජනයක්. දන්නවනේ මාමස්මි පාතාල වැඩ කළේ මොනවා ඇදගෙනද කියලා. (නි)
තම තමන්ගේ ආගම අදහාගෙන ඉන්න අනිත් අයගේ වැරදි හොයන්නේ නැතුව. අරුණ වගේ අයට ඉතින් ඔය බුර්කාව වගේ දේවල් තමයි පෙනෙන්නේ. සෞදි අරාබියාවේ නිදහස වෙනුවෙන් අපි කතා කරලා වැඩක් නැහැ. ඒවා සෞදි අරාබි ජාතිකයන්ට අයිති වැඩ. අපේ ලංකාවේ එදිනෙදා අද ඉපදුනු සිඟිති දරුවන් දූෂණය පවා කරන අය ඉන්න රටක්. ඒවා නතර කරලා අපේ රට ගැන හිතන්න (නි)
ඉතින් අපට මොකද අනේ? (නි)
අර මහත්තයාගේ මුහුණ හරි ලස්සනයි. (නි)
මම නම් ප්‍රාර්ථනා කරන්නේ, ජාති ජාතිවත් මෙවැනි රටවල් ගැන අහන්නවත් නොලැබෙන්න කියලයි. (නි)
ඕකටත් ඉතින් අහිංසක මිනිස්සුන්ගේ සතුන්ගේ බෙලිකපලා දෙවියන් සතුටු කරයිද දන්නේ නැහැ? (නි)
සෞදියත් ළඟදීම සුද්දො වේවි. (ස)
ඉස්සර නම් සෞදියේ ජාතික දිනයක් කියල විශේෂ උත්සව තිබ්බේ නැහැ?සෞදියත් දැන් ටික ටික පොෂ් වීගෙන යනවා .එහෙ කාන්තාවන්ට රිය පැදවීම තහනම් හෙට අනිද්දා ඒකත් දුන්නොත් අරාබි කාන්තාව බුර්කාවත් අයින් කරලා නිදහසේ පියඹයි. හරියට බටහිර කාන්තාවන් වගේ. (ස)
ඔය රටේ අපා දුක් විදින අපේ රටේ මිනිසුන්ටත් නිදහසක් දෙනවා නම් හොදයි (නි)
අඩුම තරමේ විදේශිකයෝ 10-15 ප්‍රසිද්ධියේ හිස ගසා දමලා ජාතික දිනය සමරාවි ද දන්නේ නැහැ ,අර අපේ රටේ කෝවිලේ බිලි පුජාව වගේ. (ස)
අපිටත් අද සෞදියේ ජාතික දිනය නිසා නිවාඩු ලැබුණා.. ඒ නිවාඩුව නිවාඩුවේ අපි ගත කරනවා.......සෞදි අරාබියට යහපතක්ම වේවා! (ස)
විදේශ නියුක්ති කාර්යංශයෙනුත් සුභ පැතුම් යැව්වොත් නරකද? මොකද රටෙන් ගිය ගෘහ සේවිකාවන්ට හොඳට නෙවේ, හොඳටම සලකනවනේ. (ස)
ඕවා වැඩක් නැහැ
හලෝ වරුණ! කොහොමද උරුලෑව එහෙම? සීයාගේ පොසිලයක් ලඟකදී හමුවුණා කියන්නේ ඇත්තද? (දී)
වරුණ, දැන් දැන් අරාබි කාන්තාවන් බුර්කාව අස්සෙනුත් පියාඔනවා. (ස)