IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සෞදි ජාතික දිනය ජයටම

 සෞදි අරාබියේ  අසු තුන් වැනි ජාතික   දිනය සැමරීමට සෞදි අරාබි රජය  සියලු කටයුතු සුදානම් කැර ඇතැයි  සෞදි මාධ්‍ය වාර්තා කරයි.

 සෞදි අරාබියේ මං මාවත් ඇතුළු  සියලු ස්ථාන මේ වන විටත්  සෞදි ජාතික ධජ වලින්  අලංකාර කැර ඇත. ගම් දනව් නගර  විදුලි බුබුළු වලින් අලංකාර කැර ඇත.

අසුතුන් වැනි ජාතික දිනය සැමැරීම  සඳහා රියාද්  නගරය කේන්ද්‍ර කර ගනිමින්  විවිධ සංස්කෘතික වැඩසටහන්  අද රාත්‍රී 9 සිට රියාද් කිං පහාද් ජාත්‍යන්තර  ක්‍රිඩාංගනය ,සුල්තාන් විශ්ව විද්‍යාලය,අබ්දුල් අසීස්,මහාක් උද්‍යානය හා බටහිර රියාද්  පැද්දෙන පාලම යන ස්ථාන වලදී  දේදුණු වර්ණ වලින් අහස් මල් වෙඩි ප්‍රසංග නැරැඹීම සඳහා  දෙස් විදෙස් සියලු ජාතීන්ට  ආරාධනා කර සිටින බවද  සෞදි රජය කියයි.

මේ අතර සෞදි අරාබියේ  ජාතික දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරන  සෞදි අරාබියේ  ශ්‍රී ලංකා තානාපති තානාපති වඩිවේල් ක්‍රිෂ්ණමුර්ති  මහතා ප්‍රකාශ කැර සිටියේ  ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජය වෙනුවෙන්  සෞදි අරාබියේ දේවස්ථාන දෙකේ  භාරකරු අබ්දුල්ලා බීන් අබ්දුල්ලා අසීස්  අල් සවුද්  රජතුමා හා අරාබි ජනතාවට තම රටේ අශිර්වාදය හා සුභාශීශනය පිරි නමන බවයි.

ශ්‍රී ලංකා ජනපති  මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරීස් යන මහත්වරුද  සුභ පැතුම් පණිවුඩ දෙකක් දේවස්ථානය වෙත යවා ඇත.

 

 



අදහස් (0)

සෞදි ජාතික දිනය ජයටම

දුම්මලසූරිය.. Monday, 23 September 2013 03:30 PM

අපිටත් අද සෞදියේ ජාතික දිනය නිසා නිවාඩු ලැබුණා.. ඒ නිවාඩුව නිවාඩුවේ අපි ගත කරනවා.......සෞදි අරාබියට යහපතක්ම වේවා! (ස)

:       0       0

මාතුපාල Monday, 23 September 2013 09:22 PM

අර මහත්තයාගේ මුහුණ හරි ලස්සනයි. (නි)

:       0       0

ද සිල්වා Monday, 23 September 2013 03:31 PM

අඩුම තරමේ විදේශිකයෝ 10-15 ප්‍රසිද්ධියේ හිස ගසා දමලා ජාතික දිනය සමරාවි ද දන්නේ නැහැ ,අර අපේ රටේ කෝවිලේ බිලි පුජාව වගේ. (ස)

:       0       0

හ.ව.සංජීව Monday, 23 September 2013 04:25 PM

ඔය රටේ අපා දුක් විදින අපේ රටේ මිනිසුන්ටත් නිදහසක් දෙනවා නම් හොදයි (නි)

:       0       0

කමල් Monday, 23 September 2013 04:40 PM

බලාගෙන මේ කොඩිය පිල්ලේ නෝනා දකියි. ඒකේ දෙවියන් ගැන ලියලා එක ආගමකට සැළකිල්ලක් දක්වලා තියනවා නේද? (නි)

:       0       0

වරුණ Monday, 23 September 2013 12:57 PM

ඉස්සර නම් සෞදියේ ජාතික දිනයක් කියල විශේෂ උත්සව තිබ්බේ නැහැ?සෞදියත් දැන් ටික ටික පොෂ් වීගෙන යනවා .එහෙ කාන්තාවන්ට රිය පැදවීම තහනම් හෙට අනිද්දා ඒකත් දුන්නොත් අරාබි කාන්තාව බුර්කාවත් අයින් කරලා නිදහසේ පියඹයි. හරියට බටහිර කාන්තාවන් වගේ. (ස)

:       0       0

ජෝන් Monday, 23 September 2013 05:14 PM

සෞදියත් ළඟදීම සුද්දො වේවි. (ස)

:       0       0

මාගරී Tuesday, 24 September 2013 11:36 AM

ඉම්රාන්,බුර්කාව ජාතික ආරක්ෂාවට තර්ජනයක්. දන්නවනේ මාමස්මි පාතාල වැඩ කළේ මොනවා ඇදගෙනද කියලා. (නි)

:       0       0

ගුරා Tuesday, 24 September 2013 12:37 AM

ඉතින් අපට මොකද අනේ? (නි)

:       0       0

ඉම්රාන් Tuesday, 24 September 2013 02:18 AM

තම තමන්ගේ ආගම අදහාගෙන ඉන්න අනිත් අයගේ වැරදි හොයන්නේ නැතුව. අරුණ වගේ අයට ඉතින් ඔය බුර්කාව වගේ දේවල් තමයි පෙනෙන්නේ. සෞදි අරාබියාවේ නිදහස වෙනුවෙන් අපි කතා කරලා වැඩක් නැහැ. ඒවා සෞදි අරාබි ජාතිකයන්ට අයිති වැඩ. අපේ ලංකාවේ එදිනෙදා අද ඉපදුනු සිඟිති දරුවන් දූෂණය පවා කරන අය ඉන්න රටක්. ඒවා නතර කරලා අපේ රට ගැන හිතන්න (නි)

:       0       0

මුතුකුඩ Monday, 23 September 2013 01:36 PM

වරුණ, දැන් දැන් අරාබි කාන්තාවන් බුර්කාව අස්සෙනුත් පියාඔනවා. (ස)

:       0       0

අවිශ්ක Monday, 23 September 2013 01:55 PM

හලෝ වරුණ! කොහොමද උරුලෑව එහෙම? සීයාගේ පොසිලයක් ලඟකදී හමුවුණා කියන්නේ ඇත්තද? (දී)

:       0       0

ඉම්රාන් Tuesday, 24 September 2013 05:22 PM

මාගරී, ඔයා හරි. ලංකාව වගේ රටකට වුවමනා නැහැහේ බුර්කාව. (නි)

:       0       0

රූපා Monday, 23 September 2013 02:03 PM

ඕවා වැඩක් නැහැ

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Monday, 23 September 2013 02:42 PM

විදේශ නියුක්ති කාර්යංශයෙනුත් සුභ පැතුම් යැව්වොත් නරකද? මොකද රටෙන් ගිය ගෘහ සේවිකාවන්ට හොඳට නෙවේ, හොඳටම සලකනවනේ. (ස)

:       0       0

වීර Monday, 23 September 2013 08:30 PM

ඕකටත් ඉතින් අහිංසක මිනිස්සුන්ගේ සතුන්ගේ බෙලිකපලා දෙවියන් සතුටු කරයිද දන්නේ නැහැ? (නි)

:       0       0

හේමන්ත Monday, 23 September 2013 08:55 PM

මම නම් ප්‍රාර්ථනා කරන්නේ, ජාති ජාතිවත් මෙවැනි රටවල් ගැන අහන්නවත් නොලැබෙන්න කියලයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 571 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 658 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2106 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1566 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1504 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1750 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24749 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23347 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 382 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site