ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පූජාව මෙවර ද ඉතා උසස් ලෙස ග්ලාස්ගෝ නගරයේ දී පැවැත්විණි.
එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ විහාරාධිපති ග්ලාස්ගෝ විශ්ව විදයාලයයේ බෞද්ධ උපදේශක කඹුරාවල සිරි රේවත නාහිමියන්ගේ උපදේශකත්වයෙන් සිදුවූ මෙම පින්කම සඳහා බර්මින්හැම් ජේතවන විහාරය, නොටින්හැම් ශාන්ති විහාරය, ලෙච්වර්ත් බෞද්ධ විහාරය ආදී විහාරස්ථාන රැසකින් මහා සංඝරත්නය වැඩම කළහ.
ශ්‍රී ලංකාවේ සිට ජාතික සංඝ සම්මේලනයේ ලේකම් දොඩංගොඩ සරානන්ද හිමි සහ රාජ්‍ය සම්මාන ලාභී ලේඛක බටුවන්ගල රාහුල හිමියෝ ද වැඩම කළහ.
ස්කොට්ලන්තයේ ඇබර්ඩින්, එඩින්බර්ග්, ඉන්වෙනස්, ස්ටර්ලින් ආදී ඉතා දුරබැහැර ප්‍රෙද්ශවල සිට ශ්‍රී ලාංකිකයෝ පැමිණියහ.
එදින ස්කොට්ලන්ත වැසියෝ කීප දෙනෙක් බුදු දහම වැළැඳ ගත්හ.
සධාතුක කරඬුව වැඩම කිරීම ඔවුන් අතින් සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහිදී මා යෝජනා කරනවා එතෙර වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට සිවුර ඇදීමේදී අපේ ඇසට නුහුරු ූඩු කයට අදින අත් දිග කමිසයට වඩා අපේ සෝම හාමුදුරුවෝ ඇන්ද වගේ සිවුර අදින ලෙස. මොකද එවිට නියම බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ස්වරූපය මතුවෙන නිසා.(නදී)
ශිරාණි,හොද පැහැදිලි කිරීමක් ...තෙරුවන් සරණයි (අ)
මමද ස්කෝට්ලන්තයේ වෙසෙමි. අපේ රේවත හාමුදුරුවන් අත් දිග ඇදුමක් අදින්නේ මෙහි ඇති අධික සීතලට ඔරොත්තු දෙන්නයි. තව දෙයක් මතක් කරමි අන්‍ය ආගමිකයන් හැටියට මා දකින්නේ පින් මද අයයි. එහෙත් කුසල් රැස් කරගැනීමෙන් එයින් මිදිය හැක. අක්රම් වැනි අයට අනුකම්පා කරමි. සත්‍ය දැකීමට හැකි වෙවායි පතමි. මේ හැමෝම එක්ව බුද්ධ පත පොත කියවා සත්‍යක් අත්දයි වටහා ගත හැක. එයින් තම ආගම වෙනස් කිරීමට අවශ්‍ය නැත. කලයුත්තේ තම පිළිවෙත වෙනස් කර එමගින් නිවනට මග පාදා ගැනීම පමනඉ. 'අද අද එයි මරු පින් කර ගන්නේ , කුමටද කුසලට කම්මැලි වන්නේ' (අ)
යම් කෙනකු බුද්ධ දර්ශනය පිළිගන්නේ මනා අවබෝදයකින්. එය තාන්න මාන්න ,මුල්‍යාධාර එහෙමත් නැත්නම් ආදර විවාහය මුල් කරගෙන නොවේ. අන්‍ය ආගම එසේ නොවෙයි. ලංකාවේ ඉතිහාසය ගැන බලන්න, එය හොඳට පැහැදිලියි. ප්‍රතිචාර දක්වන උදවිය හිතා බලා ලිව්වොත් සාදාරනයි.(නදී)
විදේශිකයන් අපගේ බුදු දහම වැළඳ ගන්නවා වගේම අපගේ බෞධයන් පිට රට ගියාම පන්සල් වලට යනවා මෙන්ම කතෝලික පල්ලි වලටද යනවා . මම දැක ඇති අන්දමට සමහරු පිරිත් නුල් ගැට ගසා කරේ කුරුසයක් එල්ලා සිටිනවා . මෙය මගේ දෑසින් දුටු දේවල් . ඔවුන්ගෙන් ඇසුවාම කියන්නේ ඔවුන් දෙකෙන්ම පිහිට පතනවා කියලා . එහෙත් මට වැටහෙන්නේ නැහැ ඔවුන් කොහොමද දැන ගන්නේ කොයි එකෙන්ද පිහිට ලැබුනේ කියා.(නදී)
යුරෝපියන් මිනිස්සු හැමදාමත් අනිත් රටවල් වලින් ගත්තෙම හොඳ දේවල්. අපි මොකද කලේ කරන්නේ ගන්නෙම නරක දේවල් මේකයි ඇත්ත (නදී)
බටහිර රටවල තිබූ කඨින පිංකම් වලින් විදේශික අය ක්‍රියාශීලිව සම්බන්ධ වී සිටිනවා දකින්න ලැබීමෙන්ම රේවත හාමුදුරුවන්ගේ පිංකමේ විශේෂත්වය පේනවා.(නදී)
චක්‍රවර්ති රජ, බුදුරජානන් වහන්සේ. රහතන් වහන්සේ වැනි අය පිළිම තනා පිදීමට සුදුසු අය වශයෙන් බුදු රජානන් වහන්සේම වදාලා. අපි බුදු පිළිමයට වදින්නේ කිසිවක් ඉල්ලීමට නොවෙයි. අපි ඉල්ලුවට බුදු හාමුදුරුවන්ට අපිට කිසිවක් දෙන්න බැහැ. තමන්ගේ අභිවෘද්ධිය තමන්ම සලසා ගත යුතුයි. බුදුවරු මගපෙන්වන්නෝ පමණි. එම ශ්‍රේෂ්ඨ මාර්ගය පෙන්වු උතුමන්ට අපි ගෞරව කරන ආකාරය තමයි පසග පිහිටුවා. එහෙම නැත්නම් දණගසා නැමදීම. එහෙම නැතිව යාඥාකිරීමක් සිදුනොවේ.(නදී)
අපේ හාමුදුරු නමක් කියල අපි ආඩම්බරයෙන් කියනවා. ඔබ වහන්සේ නවීන ලෝකයට ගැලපෙන ලෙස කටයුතු කරන ආකාරය ඉතා විශිෂ්ඨයි. කඹුරාවල වැනි දුෂ්කර ගමක ඉපදිලා බෙල්ලන පිරිවෙනෙහි පවතින කීර්තිය ලෝකයට ගෙනියන ඔබ වහන්සේට හදවතින්ම සුභ පතමි. පසුගිය පොහෝ දින දෙරණ රූපවාහිනියේ පැවති සාකච්ඡාව නැරඹූවිට ඔබ වන්සේගේ සේවය ගැන හොදින් වටහා ගතිමි. (නදී)
අක්රම්, බුදුරජාණන් වහන්සේ කිව්වේ පරලොව ජීවිතය සාර්ථක කරන මග නොවෙයි. මෙලොව ජීවිතය සාර්ථක කරගෙන ඇත්ත ඇති සැටියෙන් දෙක ධර්මාවබෝදයෙන් නිර්වාණය ළඟ කරගන්න මාර්ගයයි.(නදී)
එදත් අදත් හෙටත් මම ඔබ වහන්සේගේ කටයුතු වලට හදවතින්ම ආශීර්වාද කරනවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තුනුරුවන් ඔබ වහන්සේ ආරක්ෂා කරත්වා. ඔබ වහන්සේ තුල ඇති යථා වාධි - තතා කාරී ගුණය කවුරුත් අගය කරයි. (නදී)
බ්‍රිතාන්‍ය මහා රැජන බොදු දහම වැළැඳ ගෙන තියනවා, ඒ බව ලෝකයට එළිකරන්නේ නැහැ. හේතුව රජ නීතිය අනුව සියලු රහස් එළිකළ නොහැකිය. (නදී)
. බුදුන් වහන්සේ,කියා තිබෙන්නේ ...... මහණෙනි මල් සුවඳ ආදියෙන් මා පුදන්නෝ නිසි ලෙස මා පුදන්නෝ නොවෙති ......ධර්මානුකුල පිළිවෙත් පුරන අයම මා පුදන්නෝ වෙති . ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පුජාව උතුම්ය කියා අප මහා බුදුරජානන් වහනේසේ විසින් දේශනා කර තිබේ (අ)
මොහොමඩ්,....එතොකොට ඔයාට පුළුවන්නේ ෆාතිමාට විරුද්ධව ෂරියා නිතිය ක්‍රියාත්මක කරන්න නේද?(නදී)
සුමුදු වෙනත් ආගමක කෙනෙක් බුදු දහම වැලද ගන්නේ හොඳින් හොයල බලල හරි අවබෝදයෙන්. බුදු දහම දාල යන්නේ නාමික බෞද්ධයෝ වෙනත් වාසි බලාගෙන. මේ අය යන එක ඉතා හොදයි. මොකද ඉතිරිවෙන්නේ සැබෑ බෞද්ධයෝ. අනෙක ඉතින් යමක් ගැඹුරෙන් තාර්කිකව පිළිගන්න එකත් පහසු නැහැනේ. ඊට වැඩිය හොදයි කව්රුහරි කියන සුන්දර පච වැලක් කියල අදහන එක.(නදී)
අක්රම්, ඔබ අපේ ලඟට එන්න අපේ උතුම් බුද්ධ දර්ශනය ගැන පහදා දෙන්න. අද මුළු ලෝකෙම බුද්ධ දර්ශනය පැතිරී යන කාලයක්.(නදී)
නමෝ බුද්ධාය.......!(නදී)
ෆාතිම අබ්දුල්ලැහැ ඔයාගේ සිංහල නම දාන්න ලැජ්ජා ඇති. ඔයාගේ සිංහල නම දාන්න , අපට දැන ගන්න පුළුවන් ඔයාගේ හැටි.(නදී)
අක්රම් , බුද්ධ දේශනාවට අනුව ශාරීරික පාරිභෝගික උද්දේසික චෛත්‍ය වන්දනය සඳහා සුදුසු වේ . මෙහි උද්දේසික වනාහි බුද්ධ ප්‍රතිමා වේ . (නදී)
සාදූ,සාදූ බොදු දහම මේ ලෝක සත්වයාගේ නැණ ගුණ පහදා මිනිස් කමේ හරය කියාදෙනවා. බුදු දහමට නිගා කරන අයුරින් එක් එක් සංවිධාන හදාගෙන ක්‍රියා කරන චීවරදාරීන්ට විරුද්ධව නැගී සිටිය යුතු කාලය දැන් එළඹ ඇත.(නදී)
අක්රම් ට උත්තර දෙන්න සිංහල බෞද්ධයෝ ඉදිරිපත් වෙන්න ඕනේ නැහැ. ෆාතිමා අබ්දුල්ලාහ් නියම පිළිතුර දී තියෙනවා. නමුත් අක්රම් ට යොමු කරන්න ප්‍රශ්නයක් නම් මට තියෙනවා. බුද්ධ රූපයට ගරහන අය වෙන වෙන පින්තුර ගෙවල් වල හා කාර්යාලවල ගහගෙන පුදන්නේ ඇයි? ඒ අය බුදුන් වහන්සේටත් වඩා ලොකුයිද?(නදී)
මමත් බුදු දහම වැළඳ ගත් අයෙක්මි. කවදා හෝ බුද්ධිය පහල වූ දවසක සියලු දෙනාම මිථ්‍යා දෘෂ්ටිය අතහැර බුදුදහම වැළඳ ගනීවි. (නදී)
රේවත හාමුදුරුවෝ අන්තර්ජාතික සේවයක් කරන හරිම සුභවාදී උගත් ස්වාමීන් වහන්සේ කෙනෙක්.අදත් රේවත හාමුදුරුවෝ එදා වගේමයි.පිරිසිදු සිතින් සුභවාදීව ඉන්න නිසා මුහුණෙන්වත් වයසට ගිහින් නැහැ. දැක්කත් සුවපත් වෙන සිනාබර මුහුණකුත් ඇසුවත් සිත සුවපත් වන පින්බර කටහඩකුත් තිබෙනවා (නි)
වාගිෂ කියන්නා වගේ අපේ සිංහල බෞධයන් කි දෙනෙක් බෞධාගම ඇත හැර වෙනත් ආගම් වලට යනවද . එහෙම ගියාම කියන්නේ සල්ලි වලට වාසියට හෝ අන්‍යාගම් කාරයන්ට රෙවටුනා කියල . මේ සුදු හම තියෙන එකෙක් මෙහෙම කරාම අපේ නන් දොඩවනවා . බලන්න දමල තියෙන අදහස් . . බෞද්ධ දර්ශනයට අනුව ජාති වාදය අන්තවාදය වෙනත් අදහස් දරන අයව හෙලා දෙකිම හොඳ නැත . නමුත් මෙහි සියයට 90ක් පමණ එත්තේ ඒවාය . සමාවන්න පැහැදිලි කරාට . මේකටත් අපේ අය කුලප්පු වනවා නොඅනුමානය (අ)
සත්‍යයෙහි අභියස පිපෙන මල කුමට නමි බිය වන්නද එනමුදු පිටින් ලස්සන පෙන්වන බොරුමල්ද සමාජයේ ඇත නුවණැත්තෝ සත්‍යය ගෝචර කරගනිමින් සුවද ලස්සනද අභිබවා ගොස් තම නුවණින් වැජබෙති ඉදින් සත්‍යයට පැමිණි ඔවුනට දීර්ඝායුෂ පතමි. (ම)
අනේ! ස්කොට්ලන්තයේ ඉන්න අපි පුළුවන් හැමදාම පන්සල් ගිහිල්ලා හැකිවිදියට පින් දහම් රැස් කරනවා. අමාරුවෙන් තමයි අපි මේවා කරගෙන එන්නේ. හරවත්ව කළ දෙයක් ගැන හරවත්ව කතා කරන්නවත් බහුතරයකට හැකියාවක් නැතිබවයි මට නම් පෙනෙන්නේ. (නි)
සමහරු දාන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් අදහස් (නි)
ඉතා අගෙයි (නි)
සුද්දෙක් පඩයක් දුන්නොත් අපේ බොහෝ අය එය හප හප ඉන්නටත් බරි නැත . මේකේ තිබෙන සියට 95ක් විතර ප්‍රතිචාර මනස්ගාත පමණි. (අ) .
කියලා වැඩක් නැහැ.(නදී)
සුදට මොලේ ඇත ! චන්නෙල් 4! (අ)
සුද්දෙක් පඩයක් ඇරියත් අපේ අයට සුවඳයි එය . මේ ප්‍රතිචාර දෙක්කම සිනා යනවා මටත් (අ)
මිලානෝ නගරයේ තිබෙන පන්සල් වලටත් හොඳ ආදර්ශයක්. (නි)
බෞද්ධ සහෝදරයිනේ, කාරනා කීපයක් පහදලා දෙන්න කැමතියි. බුදු දහමේ කොතැනකවත් පළකර නැහැ පිළිම පුජාව ගැන,බුදුන් වහන්සේ තමන් කොතැනකවත් පළකර නැත මට වැදුම් පිදුම් කරන්න කියා. බුදුන් වහන්සේ හොද චරිතයක්. මෙලෙස සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිවුවත්...මෙය පිළිපදින උදවිය කොපමණද? මදක් සිතන්න. (නි)
.අපි කරන්නේ තථාගතයන් වහන්සේ ගේ ගුණ සිහි කිරීම පමණයි .එහෙම කරලා ක්‍රමයෙන් දාන ශීල සහ භාවනා කියන තුන් කුසල් මගින් විමුක්තිය ලගා කරගැනීම යි වැදගත් වන්නේ .(අ)
ලොකු ආඩම්බරයක්. හොද දෙයක් (නි)
දිසා මල්ලි, අපිට පොත් බලන්න වෙලාවක් නැහැ. අපි කාර්යබහුල මිනිස්සු (නි)
මුස්ලිම් නමින් ලිව්වාද සිංහල බෞද්ධ නමින් ලිව්වාද කියන එක නොවෙයි වැදගත්, අර්ථවත් යමක් ලිව්වාද කියන එකයි වැදගත්. ඒ නිදහස ඕනෑම මිනිසෙකුට තිබිය යුතුයි. (නි)
මේ කවුරුත් රෙනුකනේ හමුදුරුවන්න්ගේ පොත් ටික බලන්න . (නදී)
මෙතන ඉන්නේ නියම බෞද්ධයෝ ටිකක් නේ. මේ බෞද්ධ පින්වතුන් දිහා බැලුවහම තේරුම් ගන්න පුලුවන් ඇයි අද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ කියලා. එක්කෙනෙක් වත් බෞද්ධ දර්ශනය ගැන අබ ඇටේක අදහසක් නෑ. සුදු ජාතිකයෙකු බෞද්ධ දර්ශනය වැළඳ ගැනීම හෝ බෞද්ධයෙකු ක්‍රිස්තියානු වීම කියන්නේ සාදු සාදු කියන්න හෝ අනේ තොපි වගේ එවුන් කියන්න කාරණාවක් නොවෙයි. එය ඕනෑම අයෙකුගේ නිදහසක්. හොඳ සිතීමේ හැකියාවක්, විචාර බුද්ධියක් සහ යහ සිතිවිලි ඇත්තෙක්ට ආගමක් ඕන වෙන්නෙ නෑ. ඒ මනුස්සයා බෞද්ධ දර්ශනය හෝ වෙනයම් උචිත දර්ශනයක් ආශ්‍රය කරගනිමින් තමන්ගේ විමුක්තිය ලබාගනීවි. (නදී)
සමහරු මුස්ලිම් නම් වලින් මෙන්ම සමහරු හිමිවරු මෙන් අදහස් ඉදිරිපත් කරනවා ඒවාට නොරුවටෙන්න වග බලා ගන්න . (නදී)
මට පෙනේනේ මෙහි බෞධයන් වශයෙන් ප්‍රතිචාර දමා තිබෙන්නේ . බෞද්ධ දර්ශනයවත් නොදන්නා විකටයන් කොටසක් . බුදුන්ගේ අවිහිංසාව කරුණාව මෙත් ගුණ කිසි දෙයක් නොදෙන අනුනුට හෙළාදකින පරතිචර පමණක් . මා මුස්ලිම් උවත් පනසලක බුදු දහම ඉගෙන ගත් ප්‍රයෝගිකව එම දහමේ කටයුතු කරනා කෙනෙකි (අ)
සමහරක් ඇත්තන් මුස්ලිමි නමිවලින් අදහස් ඉදිරිපත් කළත් අපේ බෞද්ධ ඇත්තන් ඒවාට නොරැවටෙන ලෙසින් වග බලා ගන්න.(නදී)
අක්රමි සහ ෆාතිමා අබිදුල්ලා නමින් අදහස් ඉදිරිපත් කරඇති පුද්ගලයන් සිංහලයන් වීම අපිට ආඩමිබරයක්.(නදී)
අක්රමි සහ ෆාතිමා අබිදුල්ලා යන නමිවලින් පෙනී සිටිමින් අදහස් ඉදිරිපත් කළේ මමයි වරදක් වුවා නම් සමාවෙන්න.(නදී)
බෞධයකු වීමේ වටිනාකම් කිහිපයක් තිබෙනවා . බුදු දහම යනු ආගමක් නොව ඉතාමත් ගැඹුරු දර්ශනයකි . දෙවියන් ඇදහීමක් නැත . වෙනත් ආගම මෙන් බලකිරීමක් නොමැත . ඔබ බුද්ධ දර්ශනය ඉගෙන එම දර්ශනය මනාවට පිලිපැදියහොත් ඔබට ජිවිතයේ සතුට ලැබේ. පිළිම වලට හෝ වෙනත් දේවලට වන්දමාන කිරීම අනවශ්‍ය දෙයකි . ඔබ බුදු දහමේ ප්‍රතිපත්ති මත ජීවත්වීම එහි පල නෙලීමට ඉවහල් වේ . ඉතා සරලව සඳහන් කෙරුවේ මම . මෙය බොහෝ ගැඹුරු දර්ශනයක් නිසා . බොහෝ දෙනා බොහෝ අර්ථකතන දුන්නත් ඉතාම සරල දෙයක් ඔබ බුදු දහම වටහා ගත්තට පසුව (ස)
එතකොට අභාවයට යන ලංකාවේ පන්සල් ගැන මොකද කරන්නේ ? (නි)
කුමාර ඔයා අන්තිමට කියූ දේවල් ඔක්කොම බොරු. ලලිත්, බුදු පිළිම නෙලන එක, පිළිමයක් අසළට ගොස් බුදුන් වහන්සේගේ අප්‍රමාණ ගුණ-නුවණ සිහිපත් කරන මේවා සම්පූර්ණයෙන්ම බුදුන් වහන්සේගේ අනුශාසන වලට පටහැනියි නේද?බුදුන් වහන්සේ දෙසුවේ උන් වහන්සේ ජීවත් වූ විදිහට, උන් වහන්සේ පැවසු දේවල් නිවැරදිව අනුගමනය කර පරලොව වෙනුවෙන් ජීවිතය සාර්ථක කරගන්න කියලා නේද ? (නි)
ඉතා හොද උත්සාහයක් (නි)
ඒ එක්කම ලලිත්, "තම තම නැණ පමණින්" ධර්මය වටහා ගැනීමට බුදු දහම අවසර දෙනවා. නුවණීන් ධර්මය සිහිපත් කරන අය වගේම භෞතික වස්තුවක් දෙස බලා ශ්‍රද්ධාව උපදවා ගන්නා අයත් සිටිනවා. මෙහි ඇති වරදක් නැහැ. බුදුරජාණන් වහන්සේ පවා සැමටම එකම ක්‍රමයකට ධර්මාවබෝධය ලබා දුන්නේ නැහැ. (නි)
අනේ අක්රම්, දන්නා දෙයක් කතා කරන්න (නි)
අක්රම් සහෝදරයා, අපි බියෙන් පිළිමවලට වදින්නේ නැහැ.නබිතුමා පිළිම අදහන්න එපා කිවුවේ ඒ කාලයේ මිනිස්සු දෙවියන්ට බියෙන් ඒවා කළ නිසයි. අපි බුදු හිමියන්ගේ ගුණ සිහිපත් කරගැනීම පිණිසයි ප්‍රතිමා භාවිතා කරන්නේ.බියකට නොවෙයි. නේරුතුමාත් හිරගෙදරදී බුදු පිළිමයක් තියාගෙන හිටි බව අහලා ඇතිනේ. රෝහණ සහෝදරයා, ලංකාවේ මිසිස්සු වෙනත් ආගමකට යන්නේ සිමෙන්ති කොට්ටයකට හෝ වෙනත් තනතුරු ලාභ බලාගෙන.නැතුව එම ආගම හදාරා එහි ඇති වටිනාකම තේරුම් ගෙන නොවෙයි. බටහිර අය බුදුදහමට එන්නේ එය කාලයක් හදාරා එම දර්ශනය හරියට තේරුම්ගෙනයි. දේවවාදී ආගම් දැන් බටහිරින් ඈත් වෙනවා. (නි)
අක්රම්, බෞද්ධයෝ කියන්නෙත් මනුස්සයෝ කොටසක්. ඔවුනුත් වැරදි කරනවා. උපතින් බෞද්ධයෝ වුණා කියලා ඒක අරුමයක් වන්නේ නැහැ. නියම බෞද්ධයෝ කවදාවත් බුදු පිළිමවලට යාඥා කරන්නේ නැහැ. ඔවුන් බුදු පිළිමයක් අසළට ගොස් කරන්නේ බුදුන් වහන්සේගේ අප්‍රමාණ ගුණ-නුවණ සිහිපත් කරන එක විතරයි. (නි)
බුදුදහම යනු කුමක්ද? බුදුන් වහන්සේ නොපැවසූ දේවල් ඇයි සියලු බෞද්ධයෝ කරන්නේ ? ඇයි පිළිම වලට වදින්නේ? ඇයි බහුතරයක් බෞද්ධයෝ බුදුන් වහන්සේව අනුගමනය නොකරන්නේ? (නි)
යුරෝපීය ජාතිකයෙක් බුදු දහම් වැළඳ ගත්තම - සාදු සාදු සාදු. ලාංකික බෞද්දයෙක් වෙනත් ආගමක් වැළඳ ගත්තොත් - පාවා දීමක්. අනේ මන්ද.(ස)
තමන්ගේ දරුවන්ට අපේ සංස්කෘතිය පිටරටවල ඉඳගෙන පවා පුරුදු කිරීම අගය කළ යුතුයි.ළමා ඇඳුමෙන් සැරසී ඉන්න මේ පැටව් ටික පිටරටකදී දුටුවහම දැනෙන සතුට අපමණයි. එම දෙමාපියන්ට අපේ ප්‍රණාමය ! (නි) මිත්‍යා දෘෂ්ටියෙන් සම්මාදිට්ටියට ගැනීම තරම් පිනක් තවත් නැහැ අපේ හාමුදුරුවනේ.
කවදා හෝ යුරෝපයේ බුදුදහම ඉතිරි වේවි. බුදු දහම ප්‍රඥාවන්තයන්ට පමණයි. (නි)
ඉතාම සතුටුයි. පිටරටවල වස් පින්කම් බොහොමයක් දැක්කා. එහෙත් මේ වගේ ලස්සන අරුත්බර එකක් දැක්කේ නැහැ. සිංහල බෞද්ධයින් පිටරටවල කළ යුත්තේ මෙවැනි උතුම් කටයුතුය.රේවත හිමියනි, ලංකාවට වැඩමකර අපේ පොඩි හාමුදුරුවරුන්ටත් ධර්ම ප්‍රචාරය පුහුණු කරන්න.ග්‍රේරු ඇමතිතුමාට සහයක් දුන්නා නම් ඉතා වටිනවා. ඔබ වහන්සේටත් දායක පිරිසටත් මෙවැනි දේ කිරීමට තව තවත් ශක්තිය ලැබේවා! (නි)
අක්රම් නොදන්න දෙවල් කියන්න එපා , (අ)
අපේ රේවත හාමුදුරුවෝ ඉතාමත්ම මහන්සියෙන් බෞද්ධ අබෞද්ධ සැමට සුවිශාල සේවයක් කරනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා! (නි)
කෙනෙකු අවබෝධයෙන් බුදු දහමෙහි පිහිටීම උපතින්ම බෞද්ධයෙක් වනවාට වඩා වැදගත්. උපතින් බෞද්ධයන් වූ අය බුදු දහම අවබෝධ කර ගැනීමට මන්දෝත්සාහී බවක් දක්වනවා. බොහෝ විට මුල්තැන දෙන්නේ ආමිස පූජාවට පමණයි. (නි)
ලංකාවේ පිරිහෙන බුද්ධාගම අපි ස්කොට්ලන්තයෙන්වත් පටන් ගනිමු. (නි)
හරිම සතුටුයි. සැමට තෙරුවන් සරණයි..!! (නි)
යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති.(යමකු ධර්මය දකීද, හෙතෙම මා දකින්නේය) බුදුරජාණන් වහන්සේ.තෙරුවන් සරණයි සැමට (නි)
සාධු ! සාධු !! සාධු !!! (නි)
ලෝකයේම ඇති උතුම්ම දර්ශනය, බුදු දහම නුවණ ඇත්තෝ වැළද ගනිති. (නි)
මම ඊයේ දැක්කා මෙම වෙබ් අඩවියේම ස්වාමීන් වහන්සේලාට ඉංග්‍රිසි උගන්වන්න අපේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමති මොහාන් ලාල් ග්‍රේරු මහත්තයා වැඩපිළිවෙළක් පටන් අරගෙන කියලා.ඇත්තටම මෙම පුවත දුටුවාම මට හැගුණේ මේ සමග ඒ වැඩපිළිවෙල කොයිතරම් වටිනවාද කියා.මේ බෞද්ධ ප්‍රබෝධයට අපේ සගරුවන සූදානම් වෙනවා නම් මහ පාරේ නිගා දෙනවාට වඩා කොයි තරම් වටීද? ඔබ සැමට බුදු සරණයි. (නි)
අපට මේවා දැකීමත් සතුටක්. (නි)
හොද වැඩක් (නි)
අක්රම්, ඔයා තව හොදට බුදු දහම ගැන පොත පත කියවන්න. අපි සතුටු වෙමු අක්රම් බුදුදහම ගැන උනන්දු වෙනවාට (නි)
අන්‍යාගමිකයෙක් බුදු දහම වැළඳ ගත්තාම ඒක හොඳයි.ඒත් ඒ වගේම බෞද්ධයෙක් අන්‍යාගමක් වැළඳ ගත්තොත් ඒක ආගම පාවා දීමක්.ද්‍රෝහීකමක්. මේවා කාගේ නීතිද? (නි)
බුද්ධ දර්ශනය බලෙන් පොවන දෙයක් නොවෙයි. මනස දියුණු කරගන්නාට එය මැනවින් වැටහෙනවා. කවදා හෝ අනිකුත් ආගම් සුන් වී බුදු දහම පමණක් ඉතිරිවෙයි. අද බටහිර ලෝකයේ දවසින් දවස බුදු දහම අනුගමනය කරන්නෝ වැඩිවෙනවා. මමත් ඒ ධර්මයට ගරු කරන්නෙක්. (නි)
යමෙක් බුද්ධිමත්ව සිතුවොත් නිවැරදි අවබෝධය ලැබේවි. (නි)
මධු,අක්රම්, නොදන්නා බුදු දහම ගැන කතා නොකර, දන්න දෙයක් ගැන කතා කරන්න. (නි)
මධු, ඔයා කතෝලිකයෙක් නේද?මට එහෙම හිතෙනවා.ඕගොල්ලෝ බුදු දහම ගැන ලියන්න, ඒ ගැන කියන්න පෙර සිංහලයන්ට උරුම ජාතික උත්සවයවත් (සිංහල අවුරුද්ද ) ගන්නේ නැති අපි සිංහල වුණේ කොහොමද කියලාවත් කල්පනා කරන්න. (නි)
අක්රම්,ඔයා බුදු දහම ගැන දන්නේ අබ ඇටයක් තරම් දෙයක් විතරයි.ඒකත් හරියට දන්නේ නැහැ.තව හොදට පොතපත කියවන්න.එතකොට ඔයාට තේරේවි බුදු දහම මොනවගේ ආගමක්ද කියලා.ඒ විතරක් නෙමෙයි ඔයා ඒකාන්තයෙන්ම බුදු දහම වැළද ගන්නවා. බුදු දහම කොයිතරම් අවිහිංසාවාදී අගමක්ද කියලා බලන්න.තවත් කෙනෙක් අදහන ආගමක් විවේචනය කරන ඔයාගේ හිත රිදුනා නම් මට සමාවෙන්න. (නි)
අක්රම් ගැන මට හරි ආඩම්බරයි. තව තව බුදු දහම හදාරන්න. තර්ක කරන්න. බුදු දහමේ සැඟවුණු දේ නැහැ. සාකච්චා කළ නොහැකි දේ නැහැ. ගැටළු ඇති තැන් බුදු දහම හොඳින් හැදෑරූ අයකුගෙන් විමසන්න. මෙවන් වේදිකාවක කෙටි ප්‍රශ්න ඇසීමෙන් ඔබට නිසි පිළිතුරු ලැබෙන්නේ නැහැ. (නි)
කවුද මේ අක්රම් කියන්නේ? ඔයා මොනවද බුදු දහම ගැන දන්නේ? කොහෙද බුදුන් වහන්සේ කියලා තියෙන්නේ මේ දේවල් පටහැනියි කියලා?බුද්ධාගමේ පූජාවන් දෙවර්ගයක් තිබේ.එකක් ආමිස පූජාවන්, අනික් ඒවා ප්‍රත්පත්ති පූජාවන්.මේ දෙකෙන් වඩා වැදගත් ප්‍රතිපත්ති පූජාවන් මිසක් ආමිස පූජා නොසුදුසු බව කොහෙවත් කිවුවේ නැහැ.බුදුන් ආනන්ද බෝධිය රෝපණය කිරීම අනුමත කළා. බෞද්ධයන් දැක පහන් සංවේග උපදවා ගත යුතු තැන් 04 ක් දේශනා කළා.ඒ වගේම පිරිනි වනේදී බුදුන්වහන්සේගේ ධාතුන් ඉතිරිවෙන ලෙස අධිෂ්ඨාන කළා.මේවා කළේ කාට බලන්නද වදින්නද? (නි)
අක්රම්ට බනින්න එපා. එයා කියනදේත් අැත්තක් තියනවා.අපි සතුටු වෙන්න ඕනෑ අක්රම් වගේ කෙනෙක් බුදුදහම ගැන අධ්‍යනය කළ එක ගැන.ඔබ හරි අක්රම්, තව තවත් ඔබ බුදුදහම ගැන හොයන්න.බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේ දහම ප්‍රඥාවන්තයන්ට අවබෝධ කරගන්න ලෙහෙසියි කියලා (නි)
බුදු හාමුදුරුවන්ගේ ධර්මය ඒහිපස්සිකයි.ඒක අක්රම්ටත් පොදුයි. (නි)
අක්රම් අපි බුදු පිළිම වලට වදින්නේ, බුදු හාමුදුරුවෝ කියන්නේ අනිත් ආගම් වල වගේ දෙවියන්ගේ පණිවිඩකරුවෙක් නෙමෙයි, තමන් අවබෝධ කරගත් ධර්මය ලෝකයට බෙදා දුන්න උත්තම පුරුෂයෙක් නිසා (නි)
අපේ බුදු දහම ,ඉදිරි අනාගතයේදී අපිට වඩා වෙනත් රටවල් අදහන එක නම් සියට සීයක් විශ්වාසයි. හරිම සතුටුයි (නි)
මධූ,අක්රම් නොදන්නා දේ ගැන කියන්න යන්න එපා. ඔයාලට මොළේ නොතිබුණාට සුද්දන්ට හොදට මොළේ තියෙනවා (නි)
මෙන්න නිර්මල බුදු දහමේ වටිනාකම තේරුම්ගත් සුදු මිනිසුන් (නි)
ස්තූතියි (නි)
''සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා,සචිත්ත පරියෝ දපනං,ඒතං බුද්ධානු සාසනං''සියළු අකුසල් දුරුකරන්න,කුසල් එක්රැස් කරගන්න,හරි සිහියෙන් ඉන්න,එයයි බුදුරජාණන් වහන්සේලාගේ දේශනාව.හරි සිහියෙන් ඉන්න කෙනාට,මරන්න බැහැ,සොරකම් කරන්න බැහැ,කාමයේ වරදවා හැසිරෙන්න බැහැ,බොරු කියන්න බැහැ,බේබද්දෙක් වෙන්න බැහැ.ඔය තමයි මම දුටුව බුදුදහම (නි)
අපේ හාමුදුරුවන්ට දේශපාලකයින් නැතුවට වැඩක් කරන්න පුළුවන් බව අපි දන්නවා. (නි)
බුදුදහම අදහාගෙන හිටියොත් ඉතා හොදයි. (නි)
අක්රම් ,නොදන්නා දේවල් කතාකරන්න එපා.බුදුරජාණන්වහන්සේගෙන් සමහර එකල සිටිය එක් අනුගාමිකයෙක් වැදුම් පිදුම් කිරීමට .බුදුරජාණන්වහන්සේගෙන් යමක් ඉල්ලු විට උන්වහන්සේ තමන්ගේ හිසකෙස් {කේසධාතු } ස්වල්පයක් එම පුද්ගලයාට ලබා දී තිබෙනවා.තවද උන්වහන්සේගේ බුද්ධිය වැඩීමට භාවනා කිරීමේදී සේවනදුන් බෝ ගස දිහා සතියක් එක දිගට බලාගෙන සිට තිබෙනවා. (ස)
අක්රම්, බුදු දහම ආගමක් නෙවේ. දර්ශනයක් . එක වටහ ගන්න කෙනා පිළිම නොවැන්දත් කමක් නැහැ.අනික අනිත් ආගම වල වගේ නීති දාල නැහැ.හොඳ නරක කියල දීල තියෙන්නේ. පින් සහ පව් අපේ පස්සෙන් එනවා. පිළිම වන්දනා කල කියල වැරැද්දකුත් නැ නේ. හැබැයි එකෙන් පව් හොද ගන්නත් බැ.අක්රම් මට පෙන්නේ ඔයත් බුදු දහම ගෙන හොයල තියනවා. (ස)
ඔව් අක්රම්, ඒක තමයි ඇත්ත (නි)
මෙත් මල් පිපිදව.....සිත් තුල කරුණ ඉතිරේවා...(අ)