සෞදි අරාබියට සේවයට ගොස් දැනට පිටවීමේ වීසා බලාපොරොත්තුවෙන් නයින්ටි වන් ආගමන විගමන කාර්යාලයය අවට රැදී සිටින ශ්‍රී ලාංකිකයෙක් හදිසි හෘදයා බාධයකින් මියගොස් ඇතැයි එරට තානාපති ආරංචි කියයි. නුවරඑළිය රාගල පදිංචිව සිටි ජී.ජී. සුගතපාල (59) නැමති අයකු බවත් ඔහුගේ සිරුර දමාම් මහා රෝහලේ තැන්පත් කර ඇති බවත් දැන ගන්නට ඇත.
එසේ පිටවීමේ විසා බලාපොරොත්තුවෙන් තවත් විශාල පිරිසක් සති තුනක පමණ සිටි දැඩි අවු රශ්මිය මධ්‍යයේ නයින්ටි වන් ආගමන විගමන කාර්යාලයය අවට ප්‍රදේශවල රඳී සිටිති. ඔවුන්ගේ සුව දුක් සොයා බැලීම සඳහා රියාද් තානාපති කාර්යාලයේ නිලධාරීහු පිරිසක් ඊයේ එහි ගියහ.
එහි දී එම පිරිස එක් හඬින් එම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ තමන් හැකි ඉක්මණින් මවුබිමට යවන ලෙසයි.
තානාපති කාර්යාලයේ අමාත්‍ය සිරිපාල ගම්මන්පිල මහතා සහ අමාත්‍ය උපදේශක පවසා අනුර මුතුමාල මහත්වරුන් පවසා ඇත්තේ හැකි ඉක්මණින් තමන් ශ්‍රී ලංකාව කටයුතු කරන බවත් එම කටයුතු සඳහා සිවිල් පුද්ගලයන් දෙදෙනකු සේවය ලබා දී ඇති බවත් ඔවුන් දිවා රාත්‍රී නොබලා කටයුතු කරන බවත්ය. ඒ සඳහා ආගමන විගමන නිලධාරීන් සමග සකච්ඡා කරන බව ද පැවැසීය.
දෙසතියකට වරක් පැවැත්වෙන තානාපති ජංගම සේවාවට සහභාගී වීමෙන් අනතුරුව මෙම පිරිස, 91 වත්තේ රැදී සිටින එම පිරිස බැලීමට එහි ගියහ. ඊයෙ දින ද තානාපති සේවාව ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයෝ 200ක් පමණ එහි පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සදරුවන්, අහිංසක දුප්පත් මිනිස්සු විකුණලා කන අයට ගහන්න ඕනා හෙන. මේ හැම කෙනෙක්ම රුපියල් 11860 ක් විදේශ සේවා එකට ගෙවලයි රට යන්නේ. ඉස්සර අපි අවරුදු 2 කටම ගෙව්වේ රුපිඅල් 3200 යි. දැන් ඒකත් වැඩි කරලා අපිව මාරාගෙනම කාලයි රට යවන්නේ. අන්ත අසරණ වුනහම ගුවන්තොටුපොළේදී බස් එකේ යන්න රුපිඅල් 200 ක් පමණයි ලැබෙන්නේ. අසරණ වුනහම උදව් කරන්න බැරිනම් රුපියල් 11860 ක් ගන්නේ මොන එහෙකටද ගන්නේ. (නදී)
තාවකාලිකව ලංකාවේ ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් 10 විතර සෞදියට යැවුවා නම් මේ ප්‍රශ්නය සතියක් ඇතුලත විසදා ලාංකිකයන් නැවත ලංකාවට ගෙන්වාගන්න පුළුවන්. ආණ්ඩුවට පුළුවන් නිලධාරීන් 20-30 එකපාරට රට සවාරි යවන්න. නමුත් මේ වැනි දෙයකට මුදල් නැහැ? ඉස්සර මේ ගැන රංජන් රාමනායක මහතය කතා කළා , කරුණාකර මැදිහත් වෙලා මේ මිනිස්සු බේරාගන්න (නි)
මෝඩ සඳරුවන්, සෞදි රට අන්තවාදි නම් මුසල්මානුවන් පමණි ලංකාවෙන් යන්න පුළුවන් වෙන්නේ. ලංකාවෙන් යන මිනිස්සුන්ට මැදපෙරදිග රටවල් වලින් කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. කිසිම බද්දක් ගෙවන්නත් ඕනෑ නැහැ. ඔබ කියන රටින් ලක්ෂ ගානක මිනිස්සු ජීවත් වන්නේ මේ රටවල්වල වැඩ කරන නිසා තමයි. (නි)
අනතුරුදායක මිනිස්සු ළඟ තියාගන්න එක ගැන එම්බසිය ප්‍රවේසම් විය යුතුයි. මොකද මුළු රටටම කැත නම සහ හානිදායක වෙයි (නි)
සදරුවන්, මෝඩයෙක් වගේ කතාකරන්න එපා (නි)
ෂෙරිෆ් ,ඔබ කියන කතාවට මමත් එකගයි. එහෙත් මොහොමඩ්ට මම විරුද්ධයි. ලංකාව දුවන්නේ අන්තවාදී රවලින් එවන සොච්චම් පඩියෙන් නෙවෙයි. සෞදියේ වැඩියෙන්ම සේවය කරන්නේ ගෘහ සේවිකාවෝ සහ කම්කරුවෝ. අපේ රටට විදේශ විනිමය ලැබෙන්නේ යුරෝපේ රටවල් වලින් (නි)
ඔය තට්ටේ ගාලා ඉන්නේ එයා පාතාලේට සම්බන්ද කෙනෙක් වගේ.(නදී)
ඔව් ඔයා හැමදාම ඔය වගේ අන්තවාදේ කතා කොර කොර කසිප්පු බිබී ඉන්න. සෞදිවල ජොබ් එක්කක්වත් නැත්නම් කොහොමද ලංකාවේ මිනිස්සුන්ට කන්න හම්බවෙන්නේ? ඔයාද කන්න දෙන්නේ නැත්නම් ඔයගේ තාත්තද? (නදී)
සදරුවන් මල්ලි, අනේ කේන්ති ගන්න එපා පොඩි දේවල්වලට. බහුතර හෙළයන්ට පොඩ්ඩ වරදින්න බැහැ හෙණ ගහපන් කියනවා. නැත්නම් අයියනායක හෝ මුන්නේශ්වරම් දේවාලෙට ගිහින් පොල් ගහනවා තම වර්ගයා වැනසිලා යන්න කියලා. හෙට ඉඳලා බණ අහලා හිත සන්සුන් කරගන්න බලන්න. (නි)
මේ රට හොඳ නැති එක ඇත්ත. ලංකාවෙන් ආපු එම්බසියේ ඉන්න අය අවශ්‍ය පියවර නොගන්නා එකයි මේ ඔක්කොටම හේතුව. ඔක්කොම තමන්ගේ වැඩ ගැන විතරයි බලන්නේ. (නි)
සදරුවන් ඔබ දන්නා දෙයක් නැත. අන්තවාදී රටවල් වලින් තමයි ලංකාව දුවන්නේ.(නදී)
අසන්න අපේ මිනිසුන්ගේ හඩ. බලන්න ඔවුන්ගේ මුහුණෙහි ඉරියව්, මොකක්ද අපි මේ අය වෙනුවෙන් කරන්නේ? (නි)
විදේශ විනිමය හොයන්නේ මේ විදිහටද? බලන්න ඒ මිනිස්සුන්ගේ හැටි? අනේ මෙහෙම ශ්‍රී ලංකාවක්... (නි)
ලංකාවට හුගක් මුදල් එන්නේ විදේශ විනිමයෙන්.මෙහෙම දෙයක් වුනාම කව්රුත් නැහැ.අපේ කට්ටිය හැමදාම බයිලා තමා ගහන්නේ.අද දමාම් උෂ්ණත්වය සෙල්සියස් 40 ටත් වැඩියි.අනේ මන්දා.. (නි)
සෞදිය කියන්නේ ලෝකයේ තියෙන හොඳම අන්තවාදී රට. මේ වගේ රටවලට අහිංසක දුප්පත් මිනිස්සු විකුණලා කන අයට ගහන්න ඕන හෙන.(නදී)
රැවුලක් වවාගෙන ඉන්න කෙනා නේද අපේ සේවක සහෝදරියන්ට පහර දුන්නේ. ඒකේ වීඩියෝ එකක් තිබුනා වෙබ් එකේ.(නදී)
මේවා ගැන කතාකරන්න කවූරුත් නැහැ. ජාතිවාදය අවුස්සන්න නම් වේදිකාවල නැගලා අනුන්ගේ ආගම්වල තියන දේවල් විකෘති කරලා බන කියන කට්ටියට බැරිද මේ කට්ටියගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න? (නි)
කවදාවත් නොදුටුවාට ඔවුන්ගේ හදවතේ වේදනාව අපිටත් දැනෙනවා (නි)
කෝ අපේ විරුද්ධ පක්ෂය නැද්ද? (නි)
සිරිපාල ගම්මන්පිල මහතාට කළ හැකි හැම දෙයක්ම ඔහු මේ වෙනුවෙන් කරනු ඇති බව මගේ විශ්වාසයයි (නි)
එහෙ ලංකාවේ මිනිස්සු දුක් විදිනවා. ඒත් ලංකාවේ එක් එක් සංවිධාන හදාගෙන ජාතිවාදය වපුරලා මිනුස්සු ටික නැතිකරන්න හදනවා. කාටවත් මොලෙයක් කියලා දෙයක් නැහැ. මේ වගේ අසරණ වෙච්ච මිනිස්සුන්ට උදව් කරන්න ඉස්සරහට එන්න එක වීරයෙක්වත් නැතිවෙච්ච එක ගැන මං දුක්වෙනවා (නි)