සෞදි අරාබියේ කම්කරු අමාත්‍යංශය මගින් මාස හතක් පුරා ලබා දුන් පොදු සමා කාලය ඊයේ ( 03) වැනිදා අවසන් වු බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් මත්සුරු අල් කුරුනි මහතා ඊයේ(03)ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවසු බව සෞදි පුවත්පත් වාර්තා කරයි.
නිතී විරෝධී සංක්‍රමිණිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අද සිට ක්‍රියාත්මක වේ.
ප්‍රධාන නගර ,නගර,කලාප, හා ගම්දනව් වල වෙසෙන හජ්ජි,උම්රා,සංචාරක වීසා, සදහා පැමිණ නැවත මව් රටට නොගොස් සෞදි අරාබියේ රැදී සිටින සියළුම විදේශිකයන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
නිතී විරෝධී විදේශීකයන් හට නවාතැන් දීම ,ප්‍රවාහනය කිරීම,උදව් කිරීම ඇතුළු විවිධ වර්ගයේ අනුබල දීම් කරන අය වෙතොත් ඔවුනටද දඩුවම් පමුණුවන බවද එහි සදහන්ය.
ජනරල් අල් කුර්නි මහතා වැඩි දුරටත් පවසා ඇත්තේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සමග වැටලීම් සදහා කම්කරු අමාත්‍යංශය ඇතුළු සියලුම ආරක්ෂක අංශ සම්බන්ධ කරමින් මෙහෙයුම් දියත් කරන බවයි.
අත්අඩංගුවට ගන්නා විදේශිකයන් රැදැවුම් කදවුරක රදවා නීත්‍යානුකූලව දඩුවම් පමුණුවා සෞදි අරාබියෙන් පිටුවහල් කරන බවද පුවත්පත සදහන් කරයි.
මේ මාධ්‍ය හමුව සදහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මුර්ජි අල් හක්බානි,අබිදුල්ලා අබු තන්තයින්,මේජර් ජනරාල් ජම්මාන් අල්ගමදී,කර්නල් අහමද් අල් ලහිදීන් (ආගමන විගමන ගමන් බලපත්‍ර අංශය) යන නිලධාරිහු සහභාගී වුහ.
දින නියමයක් නොමැතිව ක්‍රියාත්මක කරන මෙම මෙහෙයුම මගින් අනවසර නීතී විරෝධි විදේශිකයන් අත්අඩංගුවට ගන්නා තෙක් ක්‍රියාත්මක කරන බවද පුවත්පත පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ ඕනෑම රටක යහපත් පාලනයක් ගෙන යාමට නම් නීති විරෝධී සියලුම දේ ඉවත් කල යුතුයි. (ස)
අනවසර අයට මේ පාරනම් ගැල වෙන්න ලැබෙන එකක් නැහැ සෞදි නීති හරි තදින්ම කරනවා. අනවසර ලංකාවේ අයත් ඉන්නවා දැන් ඉතින් ගෙවල් වල අයට හැමදාම ගින්දර තමයි. (නදී)
අපිට පාර්ට් ටයිම් කරන්න දැන් බැ. (ස)
පාර්ට් ටයිම් විතරක් නෙවෙයි, සම්පූර්ණ ටයිමුත් දැන් ඉතින් බැහැ. (ස)
මම දැක්කා අනෙක් රටවල් වල් තානාපති කාර්යාල වලින් මේ කාලසීමාව දික්කරන්න කියලා ඉල්ලීමක් කර තිබුණා. (නි)
දයා අලහකෝන්ට වෙන වැඩක් නැද්ද මන්දා? (නි)
ඔය තම්බි ඉන්න රටවලට හොරෙන් ඉන්න යන අයව එල්ලන්න ඕනා.(නදී)
පොදු සමා කාලය අවසන්වී පළමු දවස වන අද දිනයේ අභා නගරය හා තදාසන්න ප්‍රදේශ ගණනාවක වැටළීම් ගණනාවක් ආරක්ෂක අංශ මගින් සිදුකරන ලදී. බංගලිදේශ, ඉන්දියන් ,යේමන් ,ඉතියෝපියන් ජාතිකයන් 34 දෙනෙකු උදය කාලයේ අත්අඩංගුවට ගත් අතර, සවස් කාලයේ ඉතියෝපියන් කාන්තාවන් 12 දෙනෙකු කුඩා ළමුන් 4 දෙනෙකු සමග අත්අඩංගුවට පත්වුණා. මේ සියලු දෙනා අල් සූදා ප්‍රදේශයේ විශේෂ රැදයුම් මධ්‍යස්ථානයක රදවා ඉන්නවා (නි)
ගයාන් ඔයාට මොකද වෙලා තියෙන්නේ .(නදී)
තව මාසයක් දීර්ඝ කරන්න ඕනි. (ස)