සෞදි රජය විසින් අනවසරික විදේශිකයින් සඳහා දුන් පොදු සමා කාලය ක‍්‍රියාත්මක වූ පසුගිය මාස කිහිපයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ නම යොදා ගනිමින් ශ්‍රී ලාංකිකයින් ඇතුළු විදේශික ජාතිකයින්ගෙන් මුදල් ගැරූ බව කියන පුද්ගලයෙක් ගැන සෞදි අරාබියේ නැගෙනහිර පළාතෙන් වාර්තා වේ.
මෙම පුද්ගලයා දවසේ වැඩි කාලයක් ආගමන විගමන කාර්යාලය අවට සැරිසරමින් ශ්‍රී ලාංකික අවතැන්වූ පිරිස් සඳහා ආගමන විගමන කාර්යාලීය බලධාරින් වෙත ලිපිලේඛන යොමු කරමින් මහත් සේවාවක් කරමින් සිටිය බව පැවැසුව ද, විවිධ පුද්ගලයින්ගෙන් විශාල ලෙස මුදල් ලබාගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි. මේ පුද්ගලයා පිළිබඳව විවිධ පුද්ගලයින් රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණිලි කළ ද, තානාපති බලධාරීන් පැවසුවේ ශ්‍රී ලංකාවේ එක්තරා අමාත්‍යාංශයකින් මොහු වෙත සෞදි රජයේ බලධාරීන් හමුවීම සඳහා අමාත්‍යාංශ ලිපි ශීර්ෂ සහිත ලිපියක් ලබාදී ඇති බැවින්, තානාපති කාර්යාලයට කිසිවක් කළ නොහැකි බවයි. කෙසේ වුවද තානාපති කාර්යාලීය බලධාරීන්ගෙන් මෙම ලියුම්කරු අදාළ පුද්ගලයා කරන ලද අල්ලස් ලබා ගැනීම පිළිබඳව විමසීමේදී පවසා සිටියේ එවැනි පැමිණිලි රැසක් තානාපති කාර්යාලය වෙත ද ලැබී ඇති බවයි.
පසුගිය සතියේ නැගෙනහිර කලාපයේ තානාපති ජංගම සේවාව පැවැති දිනයේදී ඉන්දියානු ජාතිකයින් කිහිප දෙනෙකුගෙන් පොදු සමා කාලයට සමගාමීව පිටවීමේ වීසා පත් ලබා දෙන බවට පොරොන්දු වී විශාල මුදලක් අයකරගෙන ඇත්තේ තමා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සාමාජිකයකු බව පවසා යැයි පැමිණිලි කර ඇති අතර, මේ වන විට මෙම මුදල් ගසා කෑ පුද්ගලයා ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් ඇති මුත් සෞදි ආරක්ෂක අංශ ඔහු පිළිබඳව තොරතුරු සොයමින් සිටින බව ද වාර්තා වේ. බොහෝ ශ්‍රී ලාංකිකයින්ගෙන් ද බංගලාදේශ, ඉන්දියානු, නේපාල් යන රටවලට අයත් විශාල පිරිසකගෙන් ආගමන විගමන කාර්යාලයෙන් කෙරිය යුතු ලබාදීම සඳහා යැයි විශාල ලෙස මුදල් වංචා කර ඇති අතර බොහෝ පිරිසකට මුදල් ලබා ගෙන මගහැර ඇති බව ද වාර්තා වේ. අවම වශයෙන් සෞදි රියාල් 75,000ක්වත් උපයා ඇතැයි වාර්තා වේ.
මොහු ශ්‍රී ලංකාවට පිටත්වීමට පෙර මෙම ලියුම්කරු ඔහුගෙන් මුදල් ලබා ගැනීම පිළිබඳව ප‍්‍රශ්න කළ අවස්ථාවේ, ඔහු පවසා සිටියේ, මා විදේශිකයින්ගෙන් මුදල් ලබා ගත් නමුත් කිසිදු ශ්‍රී ලාංකිකයකුගෙන් කිසිදු මුදලක් ලබා නොගත් බවය.
කෙසේ වුවද රාජ්‍ය තාන්ත‍්‍රික ආයතනයක් වූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නම පාවිච්චි කරමින් ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට හානියක් කළ මෙවැනි දුෂිත පුද්ගලයින් පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය පසුබට නොවිය යුතු බව බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ මතය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලාංකිකයන්ගේ මතය එහෙම වුණාට ඒකනම් මේ සම්ම ජාතියකදී වෙන්නේ නැහැ. (නි)
ලංකාවේ ඉන්නෙ කොාහාම කට්ටියද කියලා අපි නොදන්නවැයි? (නි)
සෞදි අරාබියාවට බාරදුන්නා නම් එයාලා ශරියා නීතිය ක්‍රියාත්මක කරයි. (නි)
මෙවැනි දෙයක් කර ඇත්තේ මා දන්නා පමණින් නැගෙනහිර පළාතේ ශ්‍රී ලංකා විදේශ ගත උවන්ගේ සංගමය විසුරුවා හරින අවස්ථාවේදී සබාපති දුරය දරු කෙනා නේද? (නදී)
අර ෂෙරිෆ් නෝනා නැද්ද මේකට මුකුත් කියන්නේ ? (නි)
නැගෙනහිර ජංගම සේවාව මාසයක සැරයක් අල්කොබාර් නගරයේ පවත්වනවා එතන එන පිරිසට සහයෝගය දීමට ලංකාවේ පිරිසක් ඉන්නවා. මෙතන ඉන්න අය ගැනත් විමසිල්ලෙන් සිටිය යුතුය.(නදී)
ඕවා ගැන කතා කරන්ඩ එපා අරයගේ නෑදෑයෙක් වෙන්ඩ ඇති.(නදී)
සෞදියට බනිනනවට ෂෙරිෆ් නෝනා කැමති නැහැනේ. එයා සෞදියේ පුරවැසිකම ගත් කෙනනේ (නි)
ආරියසේන නමින් පෙනී හිටින උත්තමයටයි මේ ....ඊර්ෂාව කුහකකම.උද්දච්ච කම මෝඩකම අතඇරලා මෛත්‍රී සිතින් බලන්න පුරුදු වෙන්න.එසේලී එකේ හිටිය බක පණ්ඩිතයෝ වගෙයි කියල හිතන්න එපා හැමෝම...ඔකේ හිටිය මහදැනමුත්තල නිසා තමයි ඔක්කොම විනාසේ... (ස)