IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සුදු වෙන්න, කෙට්ටු වෙන්න වෙහෙසීම මානසික රෝගයක්ද?

ශ්‍රී ලංකා වෘත්තීය මනෝ උපදේශකයන්ගේ සංගමයේ සභාපති, ශ්‍රී ලංකා වෘත්තීය මෝහනවේදීන්ගේ සංගමයේ උප සභාපති, ලූතිනන් කර්නල් (විශ‍්‍රාමික), වෛද්‍ය - නිමල් ආරියරත්න

 

මිනිසා එකිනෙකාගෙන් වෙනස් ලෙස පෙනීමට හේතුවෙන කරුණ හෝ සාධකය කුමක්දැයි මා ඇසුව හොත් ඔබේ පිළිතුර කුමක් විය හැකිද? ලෝකයේ ලස්සනට ප‍්‍රසිද්ධ යැයි සැළකෙන හින්දි නිළියක හා අප රටේ සාමාන්‍ය කාන්තාවක් යන දෙදෙනාගේම සම ඉවත් කළා යැයි උපකල්පනය කරන්න. සම ඉවත් කළ පසු ඔවුන් දෙදෙනා අපට එකිනෙකා ගෙන් වෙන් කොට හඳුනාගත හැකිවෙයිද? කිසිසේත්ම නොහැකිවනු ඇත. දැන් ඔබට මා මුලින් ඇසූ පැනයට නිවැරදි පිළිතුර දිය හැකිය. ලස්සන හෝ අවලස්සන යැයි අප සිතන දෙය සියයට අනූනවයක් රඳා පවතින්නේ සම්මතය. ලස්සන යනු සම යනුවෙන් පැවසෙන්නේ මෙයම තමයි.

අද මා මේ ප‍්‍රවේශය ගත්තේ තරුණ තරුණියන් විශේෂයෙන්ම කාන්තා පක්‍ෂය පමණක් නොව මැදි වියේ අය ද ලස්සන වෙන්නට අද සමාජයේ තිබෙන උනන්දුව හා ඒ සඳහා විශේෂඥයන් ලෙස පෙනී සිටින කිහිප දෙනෙක් යම් යම් අවිද්‍යාත්මක ක‍්‍රම මගින් ශරීරයේ පැහැය, මස් පිඬුවල ප‍්‍රමාණය වෙනස් කළ හැකි යැයි පවසමින් කරන ජාවාරම පිළිබඳව අඳුරේ සිටින ජනතාව දැනුවත් කිරීම සඳහාය.

 

සම සුදු පැහැ ගැන්වීමට විවිධ රසායනික යෙදු නිෂ්පාදන අද වෙළෙඳපොළේ ඇත. කුමන නමකින්, කුමන පැහැයකින්, කුමන රටකින් ඉදිරිපත් කළත් බොහෝ නිෂ්පාදන වල ඇත්තේ විරංජකයන්ය. මේවා ආලේප කිරීම ශරීරයට අහිතකර බව සමේ රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයයි. දීර්ඝකාලීන ලෙස මේවා ආලේප කිරීමෙන් සමේ දද කුෂ්ට ඇති විය හැකි  පමණක් නොව සමෙහි පිළිකා වලටද මේවා හේතු කාරක වෙයි. එම ආලේපන වල ඇති රසායනික යමකුගේ ශරීරයට උරා ගැනීම නිසා වකුගඩු අක්මාව වැනි ඉතා වටිනා අවයව වලටද හානි සිදුවිය හැකිය. මෙම ආලේපන අසාත්මික වී ප්‍රතිකාර ගැනීමට සිදුවන අයගේ සංඛ්‍යාව ද ඉතා ඉහළ මට්ටමක පවතී.

හිස කෙස් සකස් කිරීමේදී ඉතා ප‍්‍රබල රසායනික අඩංගු ආලේපන භාවිතා කරනු ලබයි. ඒවා කොතරම් විස සහිතද යත් රූපලාවන්‍ය කටයුතු සිදු කරන ශිල්පීන් අත් ආවරණ හා මුඛ ආවරණ පැළඳ සේවය කිරීමෙන් තේරුම්ගත හැකිය. අලංකාරයට හා නවීනත්වයට යැයි සිතා පච්ච කෙටීමද   සමේ පිළිකා සෑදීමට හේතුවෙන බව පරීක්‍ෂණ වලින් තහවුරු කර ඇත. අනෙක් බරපතළ කාරණය නම් බර අඩුවීමට හා මහත් වීමට පාවිච්චි කරන ඖෂධයි. බටහිර වෛද්‍ය ක‍්‍රමයේ මේ සඳහා ඖෂධ නොමැති වුවද සමහර වෛද්‍ය මධ්‍යස්ථානවල මේ සඳහා විවිධ ඖෂධ නිර්දේශ කරන බව දක්නට ඇත. එම ඖෂධ වල අතුරු ඵලයක් ලෙස තාවකාලික තරබාරුබවක් ඇති වුවද ඖෂධ නැවැත්වූ පසු නැවත වරක් ටික කලෙකින් පෙර සිටි තත්ත්වයට පත්වේ. ලස්සන වීම යැයි බොහෝ අය විශ්වාස කරන සුදුවීම හා කෙට්ටුවීම සඳහා ස්වභාව ධර්මයට එරෙහිවී කටයුතු කිරීමේ භයානකකම මෙය කියවන අයට දැන් අවබෝධ වී ඇතැයි සිතමි.

ඔබ හිසකෙස්වල මුහුණේ අනෙකුත් කොටස් වල ආලේප කරන කිසිම දෙයක් කෙතරම් සෝදා හැරියද සම්පුර්ණයෙන් ඉවත් කිරීමට පරීක්‍ෂා කර බැලූව හොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමානය. ඔබ සමේ ආලේප කළ බොහෝ දේ සම මතුපිට තවමත් යහතින් තිබෙනු ඔබට දැකිය. ඉතිං මේ භයානක දේ කිරීමට අපගේ තරුණ පරපුර හා මැදි වියේ අය පෙළඹෙන්නේ ඇයි ?  ඒ සඳහා ජීවිතය පරදුවට තබන්නේ ඇයි? සුදු පාට යනු ලස්සන යැයි විශ්වාස කිරීම එක් හේතුවක. කෙසඟ සිරුර හැඩකාර යැයි විශ්වාස කිරීම අනෙක් හේතුවයි. මේ විශ්වාස දෙකම බටහිරින් අපට පේ‍්‍රරණය වූ දේවල්ය. මේ වැරදි ආකල්ප මනසින් බැහැර කරන තාක්කල් මෙම සෞඛ්‍යයට හානිදායයක දෙයින් ඔවුන් ඉවත් නොවනු ඇත.

ශාරීරික හෝ මානසික රෝගයක් නම් වෛද්‍ය ප‍්‍රතිකාර මගින් සුව කළ හැකිය. මිත්‍යාවේ එල්බ ගෙන පුහු දේවල් හඹා යෑම අවාසනාවට මෙන් ශාරීරික හෝ මානසික රෝග නොවේ. උග‍්‍ර ලෙස මේ දේවල් වලට යොමු වන ඒවා හඹා යන එයින් ලැබෙන පැහැයෙන් වින්දනයක් ලබන සියල්ලන් මනෝ උපදේශනයට හෝ මෝහන ප‍්‍රතිකාර සඳහා යොමු කළ යුතු බව මගේ විශ්වාසයයි.

 

 



අදහස් (0)

සුදු වෙන්න, කෙට්ටු වෙන්න වෙහෙසීම මානසික රෝගයක්ද?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 300 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 208 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1106 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 966 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 191 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1223 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14558 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 144 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 96 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site