IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සැදෑ සමයේ සැනසීම ඉල්ලයි

2006 විශ්‍රාම වැටුප් විෂමතා ඉදිරි අය වැයෙන්  වහා විසදීම, රජයේ සේවකයින්ට සාපේක්ෂව ජීවන වියදමට සරිලනසේ විශ්‍රාම වැටුප් ද වැඩි කිරීමට  ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කැරගෙන  සමස්තලංකා විශ්‍රාමික සංවිධාන එකමුතුව සංවිධානය කළ  උද්ඝෝෂණයක්  කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී  අද දහවල් පැවැත්විණි.

විශ්‍රාමික සංගම් කිහිපයක සාමාජික සාමාජිකාවන්  විශාල පිරිසක්  මෙම විරෝධතාවට එක්ව සිටි අතර  ඔවුන් සටන් පාඨ කියමින්  විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පිටකොටුව ගුණසිංහපුර සිට කොටුව දුම්රියපොළ දක්වා විරෝධතා පාගමනක යෙදී සිටියහ.

තමන්ගේ සැදෑ සමයවත් නිදහසේ ගත කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටිති.

 

 



අදහස් (16)

සැදෑ සමයේ සැනසීම ඉල්ලයි

සඳු Tuesday, 08 October 2013 04:02 PM

වෙන රටවල් වල එකවත් නෑ. මෙයාලට දෙන එක තමයි වරද. (ස)

:       0       0

කර්ත්ලිස් අප්පුහාමි Tuesday, 08 October 2013 08:26 PM

වයසට ගියහම මලක් පහනක් පුජා කරලා ඉන්න.(නදී)

:       0       0

පද්මිණි Wednesday, 09 October 2013 09:49 AM

සදු, ප්‍රංශයේ කවදාවත් රැකියාවක් නොකළ කෙනාටත් විශ්‍රාම වැටුපක් හිමියි. අමතරව බෙහෙත් නොමිලයේ දෙනවා. අපේ රටෙත් බෙහෙත් ගන්න රක්ෂණ ක්‍රමයක් තිබුනොත් හොදයි. (නි)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 08 October 2013 04:47 PM

ඉස්සර කාලේ රජයේ රැකියාව කියන එකට ලොකු තැනක් තිබුනා. හේතුව පැන්සන් එකක් හිමි නිසා. කසාදයක් බදින්න ගියත් බලන්නේ පෙන්ෂන් රස්සාව ගැනයි. එදා තිබුන ගෞරවාන්වික පඩිය අද රජයේ පඩිය අද හිගන පිංපඩියක් හා සමානයි. මේවා ගැන බලන්න අද කව්රුවත් නැහැ රටේ.(නදී)

:       0       0

කුමාර් Tuesday, 08 October 2013 04:58 PM

මේ මිනිස්සු තම ජීවිත කාලෙම රටට කරලා දැන් ඔවුන් රටට බරක් වෙන්නේ කොහොමද? දැන් රටේ ගුණදම් ඔක්කොම පිරිහිලා ඉවරද? වැඩිහිටියන්ට සැලකීම මදිකමක්ද? (නදී)

:       0       0

ආරියසේන Tuesday, 08 October 2013 09:45 PM

වයසට ගිය විට විශ්‍රාමකින් බොහෝ අසරණ වෙනවා.ලෙඩ දුක් හැදෙනවා ,බෙහෙත් ගන්න මුදල් නැහැ, දරුවන්ට කරදරයක්,ජීවත් වෙන්න මුදල් නැහැ,ඒ නිසා ඔහුන් සිත් නරක් වී බොහෝ ඉක්මනින් මරුවාට ගොදුරු වෙනවා.ඔබ විශ්‍රාම යන තුරු ඔබට ඒක වැටහෙන්නේ නැහැ.ලෝකයේ සංඛ්‍යා ලේඛන අනුව විශ්‍රාම 60 න් ගිය අය ජීවත්වෙන්නේ ටික කලයි. (අ)

:       0       0

දිලානි Tuesday, 08 October 2013 05:07 PM

මට 61යි. ඒත් සත 5 ක් වත් පෙන්සන් ලැබෙන්නේ නැහැ. ඒ උනාට මම ඉල්ලනේ විශ්‍රාමකයින්ට රුපියල් 10000 ක් බෙහෙත් දීමනාවක් ගෙවිය යුතුයි. . මෙය මානුෂික ඉල්ලීමක්. රජයේ සේවකයින්ට බදු ක්‍රමයක් හඳුන්වා දී ,විශ්‍රාමිකයින්ට බෙහෙත් දීමනාවක් ගෙවන්ඩ ඕනා.(නදී)

:       0       0

කිරිහාමි Tuesday, 08 October 2013 10:28 PM

සඳු, හරකෙක් උනාට තප්පුලන්න එපා. වැඩිහිටියන්ගේ වටිනාකම නොදන්න. සාරධර්ම පිරිහුණ කෙනෙක් වගේ. මේ වැඩිහිටියෝ විශ්‍රාම වැටුප තියෙන නිසා තමයි සමාජයට බරක් නොවී ජීවත් වෙන්නේ. මේ විශ්‍රාම වැටුප නිසා දරුවෝ / මුණුබුරෝ /මිනිබිරියෝ කීදෙනෙක් ජීවත් වෙනවා ඇතිද. විශ්‍රාම වැටුපකුත් නැතිව සඳු වගේ ළමයිනුත් හිටියනම් මේ වැඩිහිටියෝ ඔක්කොම අද මහපාරේ හිගා කනවා ඇති. සඳු, ඔයාගේ දෙමව්පියෝ ගොඩාක් පව් කරලා තියෙනවා ඔයවගේ අදහස් තියෙන ළමයෙක් බිහිකරන්නත් සමාජයට මුදාහරින්නත්. (අ)

:       0       0

සාගර Tuesday, 08 October 2013 06:25 PM

සඳු කියන දේ වැරදියි. වෙන රටවල් වල මීට වැඩිය ඔවුන්ට සළකනවා. (නි)

:       0       0

ශාන්ති Wednesday, 09 October 2013 01:55 AM

අපෙත් කවදත් වයසට යනවා එදාට් අපටත් මේහම තාම (අ)

:       0       0

රොනී Tuesday, 08 October 2013 07:05 PM

මේ ඉන්න වයසක මිනිස්සු එක එක දේශපාලුවන්ට පන්දම් අල්ලලා රස්සාවට ගිය රජයේ සේවකයෝ නොවෙයි. තරග විභාග වලට ඉඳලා තමන්ගේ දක්ෂකමින්ම රැකියාවට ගිහිල්ලා මහජනයා වෙනුවෙන් රාජකාරිය හරියට කරපු මේ මිනිස්සු අද ඉන්නවා වගේ පන්දම්කාරයෝවත් පින් පඩිකාරයෝවත් නොවෙයි.සඳු කියන කෙනා මුළු ලෝකයේම දේවල් හරියටම දන්නවා වගෙයි. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 08 October 2013 07:06 PM

සඳු අදහස් කරන්නේ සෝමාලියාව වැනි රටවල් ගැන වෙන්න ඇති. ජර්මනිය වැනි රටවල නම් පෞද්ගලික සහ රජයේ රැකියා කරන සියලු දෙනාටම විශ්‍රාම වැටුපක් දෙනවා. එම වැටුපෙන් අනුන්ට අතනොපා ජිවත් විය හැකියි (නි)

:       0       0

සෙන්තිල් Tuesday, 08 October 2013 07:44 PM

කවුද මේ සඳු කියන්නේ? ලෝකයේ හැම රටකම මම දන්නා විදිහට විශ්‍රාම වැටුපක් තිබෙනවා. ලංකාවේ පමණයි ඔය ආණ්ඩුවේ අයට පමණක් විශ්‍රාම වැටුපක් දෙන ක්‍රමය තියෙන්නේ (නි)

:       0       0

අජිත් Wednesday, 09 October 2013 07:38 AM

මෙහි දක්වා ඇති අදහස අනුව සඳු සමග සසදා බලද්දී ශාන්ති කියන්නේ දුරදර්ශී සහ බුද්ධිමත් කාන්තාවක් (නි)

:       0       0

වී. Wednesday, 09 October 2013 07:43 AM

මේ විශ්‍රාම වැටුප කියන්නේ රජයේ සේවකයන් හට රාජ්‍ය ආයතනයක පත්වීම් ලිපියෙන්ම පිරිනමන දීමනාවක්. විශ්‍රාම යන වයසේදී තමයි දරුවන්ගේ විවාහ, උසස් අධ්‍යාපනය, සෞඛ්‍යය වියදම් ගොඩ ගැහෙන්නේ. එසේ බලන කල 1994 සිට රජයේ සේවකයින්ට වැඩි කළ සියලු දීමනා ඉල්ලන්න ඕනෑ. දේශපාලන භේද අමතක කරලා එකතු වුණොත් අනිවාර්යයෙන්ම සටන දිනන්න පුළුවන්. (නි)

:       0       0

අධිකාරි දසනායක Saturday, 12 August 2017 09:15 PM

2016 වැටුප් සංශෝධනය වසරින් වසර මූලික වැටුපට එකතු වනවා එහෙත් විශ්‍රාමිකයාට 2020 වන තුරු සිටිය යුතු වීම කෙසේ සාධාරණ වන්නේද? පසුව නිකුත් කල චක්‍රලේඛය වහාම ඉටු කර සාධාරණය සලසත්වා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 452 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 482 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10635 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3086 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3871 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6145 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19502 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site