2006 විශ්‍රාම වැටුප් විෂමතා ඉදිරි අය වැයෙන් වහා විසදීම, රජයේ සේවකයින්ට සාපේක්ෂව ජීවන වියදමට සරිලනසේ විශ්‍රාම වැටුප් ද වැඩි කිරීමට ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කැරගෙන සමස්තලංකා විශ්‍රාමික සංවිධාන එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද දහවල් පැවැත්විණි.
විශ්‍රාමික සංගම් කිහිපයක සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටි අතර ඔවුන් සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පිටකොටුව ගුණසිංහපුර සිට කොටුව දුම්රියපොළ දක්වා විරෝධතා පාගමනක යෙදී සිටියහ.
තමන්ගේ සැදෑ සමයවත් නිදහසේ ගත කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටවල් වල එකවත් නෑ. මෙයාලට දෙන එක තමයි වරද. (ස)
ඉස්සර කාලේ රජයේ රැකියාව කියන එකට ලොකු තැනක් තිබුනා. හේතුව පැන්සන් එකක් හිමි නිසා. කසාදයක් බදින්න ගියත් බලන්නේ පෙන්ෂන් රස්සාව ගැනයි. එදා තිබුන ගෞරවාන්වික පඩිය අද රජයේ පඩිය අද හිගන පිංපඩියක් හා සමානයි. මේවා ගැන බලන්න අද කව්රුවත් නැහැ රටේ.(නදී)
මේ මිනිස්සු තම ජීවිත කාලෙම රටට කරලා දැන් ඔවුන් රටට බරක් වෙන්නේ කොහොමද? දැන් රටේ ගුණදම් ඔක්කොම පිරිහිලා ඉවරද? වැඩිහිටියන්ට සැලකීම මදිකමක්ද? (නදී)
මට 61යි. ඒත් සත 5 ක් වත් පෙන්සන් ලැබෙන්නේ නැහැ. ඒ උනාට මම ඉල්ලනේ විශ්‍රාමකයින්ට රුපියල් 10000 ක් බෙහෙත් දීමනාවක් ගෙවිය යුතුයි. . මෙය මානුෂික ඉල්ලීමක්. රජයේ සේවකයින්ට බදු ක්‍රමයක් හඳුන්වා දී ,විශ්‍රාමිකයින්ට බෙහෙත් දීමනාවක් ගෙවන්ඩ ඕනා.(නදී)
සඳු කියන දේ වැරදියි. වෙන රටවල් වල මීට වැඩිය ඔවුන්ට සළකනවා. (නි)
මේ ඉන්න වයසක මිනිස්සු එක එක දේශපාලුවන්ට පන්දම් අල්ලලා රස්සාවට ගිය රජයේ සේවකයෝ නොවෙයි. තරග විභාග වලට ඉඳලා තමන්ගේ දක්ෂකමින්ම රැකියාවට ගිහිල්ලා මහජනයා වෙනුවෙන් රාජකාරිය හරියට කරපු මේ මිනිස්සු අද ඉන්නවා වගේ පන්දම්කාරයෝවත් පින් පඩිකාරයෝවත් නොවෙයි.සඳු කියන කෙනා මුළු ලෝකයේම දේවල් හරියටම දන්නවා වගෙයි. (නි)
සඳු අදහස් කරන්නේ සෝමාලියාව වැනි රටවල් ගැන වෙන්න ඇති. ජර්මනිය වැනි රටවල නම් පෞද්ගලික සහ රජයේ රැකියා කරන සියලු දෙනාටම විශ්‍රාම වැටුපක් දෙනවා. එම වැටුපෙන් අනුන්ට අතනොපා ජිවත් විය හැකියි (නි)
කවුද මේ සඳු කියන්නේ? ලෝකයේ හැම රටකම මම දන්නා විදිහට විශ්‍රාම වැටුපක් තිබෙනවා. ලංකාවේ පමණයි ඔය ආණ්ඩුවේ අයට පමණක් විශ්‍රාම වැටුපක් දෙන ක්‍රමය තියෙන්නේ (නි)
වයසට ගියහම මලක් පහනක් පුජා කරලා ඉන්න.(නදී)
වයසට ගිය විට විශ්‍රාමකින් බොහෝ අසරණ වෙනවා.ලෙඩ දුක් හැදෙනවා ,බෙහෙත් ගන්න මුදල් නැහැ, දරුවන්ට කරදරයක්,ජීවත් වෙන්න මුදල් නැහැ,ඒ නිසා ඔහුන් සිත් නරක් වී බොහෝ ඉක්මනින් මරුවාට ගොදුරු වෙනවා.ඔබ විශ්‍රාම යන තුරු ඔබට ඒක වැටහෙන්නේ නැහැ.ලෝකයේ සංඛ්‍යා ලේඛන අනුව විශ්‍රාම 60 න් ගිය අය ජීවත්වෙන්නේ ටික කලයි. (අ)
සඳු, හරකෙක් උනාට තප්පුලන්න එපා. වැඩිහිටියන්ගේ වටිනාකම නොදන්න. සාරධර්ම පිරිහුණ කෙනෙක් වගේ. මේ වැඩිහිටියෝ විශ්‍රාම වැටුප තියෙන නිසා තමයි සමාජයට බරක් නොවී ජීවත් වෙන්නේ. මේ විශ්‍රාම වැටුප නිසා දරුවෝ / මුණුබුරෝ /මිනිබිරියෝ කීදෙනෙක් ජීවත් වෙනවා ඇතිද. විශ්‍රාම වැටුපකුත් නැතිව සඳු වගේ ළමයිනුත් හිටියනම් මේ වැඩිහිටියෝ ඔක්කොම අද මහපාරේ හිගා කනවා ඇති. සඳු, ඔයාගේ දෙමව්පියෝ ගොඩාක් පව් කරලා තියෙනවා ඔයවගේ අදහස් තියෙන ළමයෙක් බිහිකරන්නත් සමාජයට මුදාහරින්නත්. (අ)
අපෙත් කවදත් වයසට යනවා එදාට් අපටත් මේහම තාම (අ)
මෙහි දක්වා ඇති අදහස අනුව සඳු සමග සසදා බලද්දී ශාන්ති කියන්නේ දුරදර්ශී සහ බුද්ධිමත් කාන්තාවක් (නි)
මේ විශ්‍රාම වැටුප කියන්නේ රජයේ සේවකයන් හට රාජ්‍ය ආයතනයක පත්වීම් ලිපියෙන්ම පිරිනමන දීමනාවක්. විශ්‍රාම යන වයසේදී තමයි දරුවන්ගේ විවාහ, උසස් අධ්‍යාපනය, සෞඛ්‍යය වියදම් ගොඩ ගැහෙන්නේ. එසේ බලන කල 1994 සිට රජයේ සේවකයින්ට වැඩි කළ සියලු දීමනා ඉල්ලන්න ඕනෑ. දේශපාලන භේද අමතක කරලා එකතු වුණොත් අනිවාර්යයෙන්ම සටන දිනන්න පුළුවන්. (නි)
සදු, ප්‍රංශයේ කවදාවත් රැකියාවක් නොකළ කෙනාටත් විශ්‍රාම වැටුපක් හිමියි. අමතරව බෙහෙත් නොමිලයේ දෙනවා. අපේ රටෙත් බෙහෙත් ගන්න රක්ෂණ ක්‍රමයක් තිබුනොත් හොදයි. (නි)
2016 වැටුප් සංශෝධනය වසරින් වසර මූලික වැටුපට එකතු වනවා එහෙත් විශ්‍රාමිකයාට 2020 වන තුරු සිටිය යුතු වීම කෙසේ සාධාරණ වන්නේද? පසුව නිකුත් කල චක්‍රලේඛය වහාම ඉටු කර සාධාරණය සලසත්වා.