නිතර නිතර ශ්‍රී ලංකාවට යන එන පෝලන්ත ජාතික ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් වටිනා සෞදි රියාල් ලක්ෂ දෙකක් සිය බෑගයේ යටි පතුලේ අලවාගෙන සිංගප්පුරුව බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ සිටියදී අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු මීට ටික දිනකට පෙර මෙරටට පැමිණ ඇත.
මේ පිළිබ‍්ද රේගු පරීක්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඩී.ජේ.එස් බෝපේආරච්චි මහතා විසින් පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරවිට ඔහු සෞදි අරාබියේ දීර්ඝ කාලයක් රැකියාවේ සිට එම රැකියාවෙන් අවසන් කර ලබාගත් පාරිතෝෂිත මුදල් විය හැකියි නේද? (නි)
ඒ ගැන නොදැන්වීම වරදක් නේද? (නදී)
ජාතිය පෝලන්ත, නිතර නිතර එන්නේ ලංකාවට, ගෙනියන්නේ සව්දි රියාල්, අරන් යන්නේ සිංගප්පූරුවට, මෙයා නම් ජාත්‍යන්තර හොරෙක් වෙන්න ඕනි, කාලයක් තිස්සේ මේ හොරකම කරන.. (නදී)
නිතර ලංකාවට ආව ගියා නම් මෙයා හොඳටම දන්නවා ඩොලර් 10000 ට වැඩි වටිනාකමක් ඇති මුදල් රේගුවට ප්‍රකාශ කලයුතු බව. යටි පතුලේ ඇලවීමෙන් තේරෙනවා වංචාව දැන දැනම කල බව. එහෙනම් ඉතින් දඬුවම් විඳින්නත් සුදානම් විය යුතුයි. (ස)
ඉන්දු හා උපාලිගේ තර්කයෙන් පැහැදිලි උත්තරයක් මතු කරලා තියෙනවා.මොහු ලෝක හොර තක්කඩියෙකි. (ස)
ඔය කිව්වට කීයක් හරි ඔයිට වැඩිය තියෙන්න ඇති. (ස)
දැන් අපේ රට ලෝක හොරුන්ගෙන් පිරිලා ! .(නදී)
කොහොමත් කෙසේ මුදල් ලැබුනත් මේ විදියට මුදල් රටින් රටට ගෙන යාමේ නීතිමය ක්‍රමයක් කොහෙවත් නැහැ . රටින් රටට ගෙන යන්නට පුළුවන් මුදල් ප්‍රමාණයක් තිබෙනවා. නැතිනම් බැංකු චෙක් පතක් හෝ සංචාරක චෙක්පත් හෝ මෙම මුදල් ගෙනෙන විට රටට රේගුවට සඳහන් කර යුතුයි . මෙපමණ මුදල් ප්‍රමාණයක් මම රට එතුලට ගෙනාවා කියා . නැවත ආපසු යන විට ඔහුට කරදර ඇතිවන්නේ නැහැ . එවිට (ස)
මේ විදේශියක අපේ රටට ඇතුළු වෙද්දීත් මේ මුදල් ඔහු සතුව තිබිලා,රටින් පිට වෙන විට රේගුවට හසු වුණේ. එච්චර මුදලක් අරගෙන ඇතුළු වුණේ කොහොමද.....? මෙයා හොදට හුරුපුරදු කෙනෙක් මේ වැඩ වලට මං හිතන්නේ. (නි)