IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


'සුදු හාමිනේ' කෙළිලොල් චරිතයක්

2016-03-18-ent-110

2016-03-18-ent-113සඳුන් රාජකරුණාගේ "ආදරේ ගින්දරක්" ටෙලි නාට්‍යයේ "දිල්කි" ලෙස ඔබ හමුවන ගීතිකා රාජපක්ෂ නව පරපුරේ ජනප්‍රිය ටෙලිනාට්‍යය නිළියකි. "ආදරේ ගින්දරක්" ටෙලිනාට්‍යයට අමතරව සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන "උතුම් පැතුම්" ටෙලි නාට්‍යයේ "සුදු හාමිනේ" ලෙසත්, දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන "අංකල් සෑම්" ටෙලි නාට්‍යයේ "විශ්මි" ලෙසත් ඇයි වර්තමානයේ ඔබ හමුවට පැමිණෙයි. මෙවර "සාරවිට" අපේ තරු කතාබහ හැඩකිරීමට ඇය එක්කර ගත්තෙමු.

"මේ දවස්වල වැඩිපුරම රසික ප්‍රතිචාර ලැබෙන්නේ සඳුන් රාජකරුණා මහත්මයාගේ "ආදරේ ගින්දරක්" ටෙලිනාට්‍යයේ "දිල්කි" කියන චරිතයට. මේක ටිකක් දුෂ්ට චරිතයක්. නමුත්, ගොඩ දෙනෙක් ඒ නිසාම මේ චරිතය ගැන කතා කරනවා. ඒ වගේම ආදරය කරනවා. පළමු වතාවට තමයි මෙහෙම චරිතයකට මම දායක වෙන්නේ. මේක බොහෝ පිරිසක් කළු චරිතයක් විදිහ හැඳුන්වුවත් මම හිතන්නේ මේ "දිල්කි" කියන චරිතය සාධාරණ හේතුවක් මත තමයි කළු චරිතයක් වෙලා තියෙන්නේ කියලා. එයා ආදරය කරන පෙම්වතා වෙන කෙනෙක්ගේ බවට පත්වෙනවා. ඉතින් ඒ ගැන කනගාටු වෙලා මානසිකව වැටිලා තමයි ඇය සිය පෙම්වතාටත්, පෙම්වතාගේ හිතගත්තු කෙනාටත් විරුද්ධකම් පාන්නේ. "ආදරය ගින්දරක්" ටෙලි නාට්‍යයේ "දිල්කි" කියන චරිතය වගේම "උතුම් පැතුම්" ටෙලි නාට්‍යයේ "සුදු හාමිනේ" චරිතය ගත්තොත් ඒක ටිකක් කෙළිලොල් දඟකාර චරිතයක්. ඒ වගේම "අංකල් සෑම්" ටෙලිනාට්‍යයේ %විශ්මි^ කියන්නෙ ආදරබර චරිතයක්. ඇත්තටම, එකිනෙකට වෙනස් චරිත මට රඟපාන්න ලැබුණ එක වාසනාවක් විදිහටයි මම දකින්නෙ. මම ක්ෂේත්‍රයට අලුත්. බොහෝ දුරට ක්ෂේත්‍රයට අලුතින් එකතු වෙන අය එකම රාමුවකට කොටු වෙන අවස්ථා මම දකිනවා. නමුත්, මට එහෙම වුණේ නැහැ. මේ චරිත තුනටම ලැබුණ රසික ප්‍රතිචාරත් එක්ක මම හිතනවා මේ හැම චරිතයකටම මම සාධාරණයක් ඉටුකරලා තියෙනවා කියලා."

 

 බුද්ධික සේනාධීර

2016-03-18-ent-107

2016-03-18-ent-115
2016-03-18-ent-114
2016-03-18-ent-112
2016-03-18-ent-111
2016-03-18-ent-108

 



අදහස් (0)

'සුදු හාමිනේ' කෙළිලොල් චරිතයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1740 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1090 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1641 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1148 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 615 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1137 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site