IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සැදෑතිස් කඨිනෙට ලංකාවෙන් හිමිවරු

ලන්ඩන් නුවර ශ්‍රී සද්ධා තිස්ස ජාත්‍යන්තර මධ්‍යස්ථානාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ ආරාධනයෙන් මෙම සතිඅන්තයේ සද්ධාතිස්ස විහාරස්ථානයේදී පැවැත්වෙන වාර්ෂික කඨින පිංකම සඳහා සහභාගිවීමට කිරුලපන සිරි ඇලන් මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන් සමඟ ගාල්ල කජ්ජුවත්ත පුරාණ විහාරාධිපති  උලුවිටකේ බෝධිසීහ හිමි සහ දේවාලපුර වෙලුවනාරාමාධිපති මාතලේ විජේවංශ හිමි ලන්ඩන් නුවරට වැඩමකර සිටිති.

රන්ජිත් කරුණාරත්න, පුජිත ද සිල්වා, විමල් විමලදාස සහ කොල්වින් ලියන්වල ඇතුළු එම පවුල්වල සාමාජික සාමාජිකාවෝ කඨින පිංකමේ දායකත්වය දරති.

දින දෙකක් පුරා පැවැත්වෙන පිංකමෙහි විවිධාකාර වැඩ කටයුතු සපුරා ගැනීම උදෙසා විහාරස්ථානයේ දායක දායිකාවන් සැමගේ නොමසුරු සහයද ලැබෙන බව පියදස්සි හිමියෝ පවසති.

පිංකම ආරම්භ කෙරෙන්නේ සෙනසුරාදා සවස විහාරස්ථානයේදී උඩුවේ ධම්මාලෝක හිමියන් මෙහෙයවන අටවිසි බුද්ධපුජාමය වැඩසටහනකිනි. 

ඉරිදා උදැසන 6.30 ට කඨින පිංකමේ ප්‍රධාන දායකත්වය දරන සැමගේ නිවෙස්වල සිට පෙරහැරකින් කඨින වස්ත්‍රය සද්ධාතිස්ස විහාරස්ථානයට වැඩමකරවීමට කටයුතු යොදා ඇත.

ඉන්පසු විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි හිමියන්ගේ මෙහෙයවීමෙන් පන්සිල්, බුද්ධ පුජා සහ වන්දනා වැඩසටහන පැවැත්වෙන අතර සවස තුන දක්වා භාවනා, ධර්ම දේශනා, බුද්ධ පුජා,දාන සහ ධර්ම සාකච්චා වැඩසටහන් පැවැත්වෙයි. 

සද්ධාතිස්ස විහාරවාසී  ආචාර්ය හාඳුපැල්පොල මහින්ද නාහිමියන්, උළුවිටිකේ බෝධිසීහ හිමි, මාතලේ විජයවංශ හිමි, ආචාර්ය දීගල්ලේ මහින්ද හිමි සහ උඩුවේ ධම්මාලෝක හිමි ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා සඳහා සහභාගිවීමට නියමිතය.

භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ආචාර්ය සෙනවි අතුරුපාන විසිනි. 

සවස තුනට කටින පුජා පිංකම ආරම්භවෙයි.

 



අදහස් (0)

සැදෑතිස් කඨිනෙට ලංකාවෙන් හිමිවරු

පුක්කුස වීරේ එඩ්මන්ටන් Friday, 25 October 2013 01:46 PM

යුරෝපයේ පන්සල් වල පූජා, උත්සව, සැණකෙළි වැනි දේවල් පන්සල් වල ඉහලින්ම සිදුවන බව ලංකාදීප පාටකයෙක් හැටියට මම නිතර දකිනවා නමුත් සීල ව්‍යාපාර, ධර්ම සාකච්චා, ධර්ම අධ්‍යන කටයුතු ගැන නම් මෙහි පලවනවා දැක නැත. අපේ හෙට දින කෙසේ විසදෙනු ඇත්ද?.(නදී)

:       0       0

ජයන්ත Wednesday, 30 October 2013 04:45 PM

සාදු,සාදු,සාදු. අට මහා පින්කම් අතර පළමු තැන ගන්න පිංකම.මේවා දැක හෝ සහබාගි වී පින් සිදු කරගන්න.මෙය වසරකට වරක් පමණක් කරගත හැකි පින්කමකි.අහස උසට කරන පිරිකර පූජාවකට වඩා එක කටින පින්කමක් වටිනවා.මෙම පිංකම සසර කවදාවත් හොලවන්න බැරි පින්කමකි.නිවන් දකින ජාති තුරු පින් ලැබෙනවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිවන් දකිත්වා.යම් දහම් කරුණක් දන ගන්න ඕනේ නම් පමණක් කතා කරන්න, 00393341227517 (ස)

:       0       0

මිගිද Saturday, 26 October 2013 10:08 PM

ලාල්,ඔබ කොතරම් දැන උගත් බුදු දහම දන්නා කෙනෙක් වුණාට , සම්මා වාචා ගැන නම් දන්නේ නැතුව ඇති. (නි)

:       0       0

ලාල් කින්ස්බරි Friday, 25 October 2013 03:29 PM

අහෝ පුක්කුස! සීල ව්‍යාපාර ලන්ඩනයේ හැම පන්සලකම පොහොය දින වලට පැවැත්වෙනවා. ඔයා දානේ කන්න පන්සල් වලට ගියත් සිල් ගන්න යන්නේ නැති එකට මොනා කරන්නද. තමාගේ කරුම තමාම එපයි කර ගහගෙන යන්න..(නදී)

:       0       0

සිරි Friday, 25 October 2013 03:56 PM

ඔය පුක්කුස කියල ලියන කෙනා බොරුනමක් පාවිච්චිකරන බව දැන් හොඳින් පෙනෙනවා. නියම පුක්කුස වීරසිංහ මේවගේ ලියන කෙනෙක් නෙමේ. (දිල්)

:       0       0

ශෙනාල් Saturday, 26 October 2013 02:15 AM

මම ගලයායේ පියදස්සි හිමිගේ ගමේ.අපිට අාසාවකටවත් ලන්ඩන් කඨිනෙකට යන්න ඇත්නම් ...? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4445 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 5 0


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 22 0


මාවනැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 58 0


නාත්තන්ඩිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 109 0


මිරිහානේ පුද්ගල ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 22 275 0

මිරිහාන පොලිස් පොලිස් වසමේ උඩහමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14696 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 127 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site