චීන වරායේ සිට සීදුවේ ප්‍රීමා පිටි කම්හල දක්වා දුම්රියෙන් පිටි ගෙන ඒමේ වැඩපිළිවෙළෙහි නියාමන ගමන් වාරය ඇරැඹුණු ඉකුත් 12 වැනිදා කොළඹට පැමිණීමට පිටත්වූ පිටි රැගත් දුම්රිය රියදුරකු නැතිකමින් පැය තුනක් තිස්සේ මහව දුම්රිය ස්ථානයේ නවතා තිබූ බව සඳහන් පුවතක් අප පුවත්පත වාර්තා කළේය. අදාළ දුම්රිය රියැදුරා සාදයකට සහභාගිවීමට ගොස් සිටි නිසා මෙම ප්‍රමාදය සිදුවී ඇති බවද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් දැක්වේ.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිට රජයේ තේමා පාඨය වූයේ ‘ආසියාවේ ආශ්චර්ය’ යන්නය. ඉන්පසු පැමිණි යහපාලන රජයේ තේමා පාඨය වූයේ ‘මාස හැටෙන් අලුත් රටක්’ යන්නය. ගෝඨාභය රාජපක්ෂ පාලනය ඉදිරිපත් කරනු ලැබුවේ ‘සෞභාග්‍යයේ ඉදිරි දැක්ම’ යන්නය. මෙම තේමා පාඨ, මෙම මුද්‍රිත අකුරු ජීවමාන යථාර්ථයක් බවට පත් වූයේ නම් මේ රට තව්තිසා දෙව් ලොවද අභිබවා යන තරම්ය. එහෙත් රට පත්ව ඇති තැන කොතැනදැයි සබුද්ධික ජනයාට තේරුම් ගැනීමට අසීරු නැත.
ගෙදර ඇති මුව හමට තඩි බාන්නා සේ කොයි දේටත් පවතින ආණ්ඩුවටත්, පැවැති ආණ්ඩුවලටත් චෝදනා කෙවිටෙන් තැලීම සාමාන්‍ය සිරිතක් බවට පත්ව ඇත. නිදහසින් හැත්තෑ තුන් වසරකින් පසු අත්පත් කරගෙන ඇති ප්‍රගතිය මේකදැයි ඔලොක්කුවට මෙන් අසති. රට ඉල්ලු ජයග්‍රහණ ලබාදීමට නොහැකිවූ නායක කාරකාදීන් දඬුකදේ ගැසිය යුතුය. ඒ සම්බන්ධයෙන් කිසිදු තර්කයක් නැත. එහෙත් සාදයකට සහභාගිවීම නිසා දුම්රියක් පැය තුනක් ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් දුම්රිය රියැදුරාගේ හෘද සාක්ෂිය විමසීමට අමතක නොකළ යුතුය. මන්දයත් මෙම සිදුවීමෙන් මෙරට රාජ්‍ය සේවයේ ඇති දූෂිත බවත් කාර්යක්ෂම බවත් මනාව අනාවරණය හෙයිනි.
චීන වරායේ සිට සීදුව ප්‍රීමා පිටි කම්හල වෙත පිටි ප්‍රවාහනය කිරීමේ නියමු ව්‍යාපෘතිය දුම්රිය නියාමන සංගමය විසින් මුලදී ප්‍රතික්ෂේප කරනු ලැබූ බවත් අදාළ සමාගම සමඟ කළ සාකච්ඡාවකින් පසුව එම සංගමය එම නියාමන ව්‍යාපෘතියට කැමැත්ත පළකර ඇති බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන් විය. එලෙස කැමැත්ත පළ කිරීමෙන් පසුව පසුගිය 11 වැනිදා දුම්රිය නියාමන සංගමයේ පිරිසක් සහ දුම්රිය රියදුරන් පිරිසක් ත්‍රිකුණාමලය නිලාවැලි හෝටලයේ දී රාත්‍රී සාදයකට සහභාගි වී ඇති බව අප ප්‍රවෘත්තියේ සඳහන් ය.
සාදය, ‘සන්තෝසමක්’ යැයි අනුමාන කළ හැකිය. එය වෙනමම විභාග කළ යුත්තකි. මෙම සිදුවීමෙන් හැත්තෑව දශකයේ විසූ සෝපාහාස විශේෂඥයකු වූ සිසිර කුමාර මානික්කආරච්චි ලියූ කවියක් සිහියට නැගේ. එම කවිය මෙසේය.
‘‘ගනින් බෝතලේ- යමං මාතලේ
යකාට ගියදෙන්-ටයිම් ටේබලේ’’
මෙම දුම්රිය රියැදුරාගෙන්ද ප්‍රකාශයට පත් වූයේ මෙම තත්ත්වයම යැයි යන්න සැක කළ හැකිය. දුම්රිය නිලධාරීන් හා සේවකයන් මෙම සාදයට සහභාගිවීමට ගොස් තිබෙන්නේද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට අයත් රථයකින් හා කැබ් රථයකින් බවද කියැවේ. මෙම සිදුවීම් මාලාව සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින්ගේ අවධානය යොමුවී ඇති බවද සඳහන්ය.
රජයේ රෝහලේ සේවය කළ යුතු කාල සීමාව තුළ පෞද්ගලික බෙහෙත් ශාලාවල චැනල් සේවයේ යෙදෙන වෛද්‍යවරුන් පිළිබඳව මෙන්ම පැමිණීමේ ලේඛනයෙහි අත්සන යොදා පාසලේ ඉගැන්වීම් කටයුතු නොකර ටියුෂන් පංතිවල උගන්වන ගුරුවරුන් පිළිබඳවද වරින් වර වාර්තා විය. ඇතැම් දෙපාර්තමේන්තුවල සේවකයන් අමතනු ලබන්නේ ‘‘ආවෝ ගියෝ’’ යනුවෙනි. එනම් සේවයට වාර්තා කළ සැණින් ඔවුහු තම තමන්ගේ වෙනත් කටයුතුවලට පිටව යති. සිරකරුවන් තමන්ගේ පෞද්ගලික කටයුතු සඳහා යොදාගත් බන්ධනාගාර ලොක්කන් පිළිබඳව මෙන්ම එම වරදම කළ හමුදා හා පොලිස් ලොක්කන් පිළිබඳවද වාර්තා විය. උගත් නූගත් බේදයකින් තොරව මෙන්ම රැකියාවේ උස් - පහත් බේදයෙන් තොරවද මෙම වරද ප්‍රදර්ශනය වෙමින් තිබේ.
‘‘රාජකාරිය දේවකාරිය’’ ලෙස ඇදහූ ඉතිහාසයක් අප සතුය. ඔවුහු පළමු තැන රාජකාරියට ලබා දුන්හ. එහෙයින් රාජ්‍ය සේවය පුන් සඳක් සේ බැබලිණි. රාජ්‍ය සේවකයා සමාජයේ ඉතා වගකිව යුතු මෙන්ම ගෞරව බහුමානයට පත්වන්නකු බවට පත්විය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් මෙම රාජ්‍ය සේවය දුර්වර්ණ වී තිබේ. එය අකාර්යක්ෂමතාව පල්මඩ වගුරක් බවට පත්ව තිබේ. රාජ්‍ය ආයතනවලට කඩාපැන ජනාධිපතිවරයාටම ඇතැම් රාජ්‍ය ආයතනවල කටයුතු සොයා බැලීමට සිදුව තිබෙන්නේ එහෙයිනි.
මෙවැනි පරිහානියක් කරා රාජ්‍ය සේවය ඇද වැටුණේ කෙසේද යන්න ගැඹුරු විමර්ශනයක් කර පිළියම් යෙදිය යුතුය. එසේ නොවුණහොත් මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනවල අන්තර්ගත සංකල්ප ජීවමාන යථාර්ථයක් බවට පත් නොවනු ඇත. එසේ වුවහොත් සිදුවන්නේ සම්මාන සහිතව ‘පාස්’ වීමට නොව අවමාන සහිතව ‘ෆේල්’ වීමටය.
(***)
වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි
සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක
E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සාදයෙන් දුම්රිය පමාකළේ රටේ සංවර්ධනය කියාපෑමටද?
sachith Thursday, 18 February 2021 07:41 AM
හැමදාම උදේ සවස දුවන කෝච්චිවල රියදුරෝ ඇයි කෝච්චි හිතාමතා ප්‍රමාද කරන්නේ කියලා හරියට හොයලා බැලුවොත් ඔය කියන සන්තෝෂම් සාදයට වැඩිය ගොඩක් ලොකු දේවල් හෙළිවෙයි.
sharm warn Thursday, 18 February 2021 07:53 AM
අනුමානයක් නැහැ. කවුරු හරි පොහොට්ටු ඇමතියෙක්, මන්ත්‍රියෙක්ගේ ලියුමකින් ආව දුම්රිය රියදුරෙක් වෙන්න ඇති. කාලයක් දුම්රිය ගමන් කළ කෙනෙක් හැටියට. මටත් කියන්න හිතෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කළා නම් ලාබ පිට ලාබ ලබන ඉතාම කාර්යක්ෂම ආයතනයක් වේවි.
සිරා Sunday, 21 February 2021 01:03 PM
ලංකාවේ පොදු ප්‍රවාහනේ විනාශය පිටුපස සෑමවිටම බස් හිමි දේශපාලුවන් ඇත. අර සෙමි ලක්ෂරි තහනම් කරගන්න බැරි හේතු බැලුවා නම් පෙනෙයි.
ara Monday, 22 February 2021 08:04 AM
අපේ පැත්තේ ළඟදී හදපු පන්සලක් තියෙනවා උමංදාව කියලා. ඒක ඇතුලේ හමුදා සෙබලු ගොවිතැන් වැඩ කරනවා. කොහොමද මන්දා.
රාජුන් Monday, 22 February 2021 09:54 PM
සාදයකින් පසුව පැමිණි මේ රියදුරා දුම්රියක් ධාවනය කිරීමට තරම් මානසික සහ ශාරීරික ඒකාග්‍රතාවයෙන් සිටියාද යන්න බැරෑරුම් ප්‍රශ්නයක්.