IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සුදුසුකම් පස්සා දොරෙන් පනී

වෙන්නපුප්ව පාසලක වැඩබලන විදුහල්පතිවරයකු ලෙස කටයුතු කළ ගුරු සේවයේ 3-1 ශ්‍රේණියේ උප ගුරුවරයකුට නීත්‍යනුකූල නොවන ලෙස විදුහල්පති තනතුර සඳහා පත්වීම් ලිපියක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අද (02) පැමිණිලි කළේය.

අමාත්‍ය මණ්ඩල සංදේශ අංක 2011/ඊඩී/ ඊ/14  අනුව වැඩබලන විදුහල්පතිවරුන් ස්ථිර කළේ 2010.12.31 දිනට වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් විදුහල්පති තනතුරක රාජකාරි ආවරණය කර තිබෙන පිරිස් බවත්,  මෙම උප ගුරුවරයා වැඩ බලන විදුහල්පතිවරයකු ලෙස පත් කර ඇත්තේ ද 2010.09.30 බවත්, 2010.12.31 වැනි දිනට මේ උපගුරුවරයා පාසලේ වැඩ ආවරණය කර ඇත්තේ මාස කිහිපයක් පමණක් බවත් එසේ තිබියදී ඔහුට විදුහල්පති පත්වීම් ලිපියක් ලබා දීම නීති විරෝධී බත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගේ අත්සනින් කළ ලිඛිත පැමිණිල්ලේ සඳහන්ය.

කැබිනට් මණ්ඩල තීරණය අනුව 2013.05.07 දිනැති ඊඩී/04/60/01/18 අංකයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ හා අතිරේක ලේකම්වරයකුගේ අත්සනින් 2010.12.31 වැනි දිනට වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් විදුහල්පති තනතුරුවල රාජකාරි ආවරණය කළ උප ගුරුවරුන්ට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2-11 ශ්‍රේණියට පත් කර පත්වීම් ලිපි දී ඇති බවත්, එම පිළිවෙතට පිටින් යමින් මේ විදුහල්පතිවරයාට ද පත්වීම් ලිපියක් ලබා දී ඇති බවත්, එය සම්පූර්ණ නීති විරෝධී පත්වීමක් බවත්, මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කොට එම ව්‍යාජ පත්වීම් ලිපිය අහෝසි කොට පත්වීම් ලබාදීම පිළිබඳ කටයුතු  කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අධ්‍යාපන පද්ධතිය තුළ සිදුවන මෙවැනි දූෂිත ක්‍රියාවලින් නතර කිරීමට පියවර ගන්නා ලෙසත් ලංකා ගුරු සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ඉල්ලා ඇත.

එම ලිපියේ පිටපතක් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාටද යොමු කර තිබේ.



අදහස් (0)

සුදුසුකම් පස්සා දොරෙන් පනී

ඉලේපෙරුම Tuesday, 02 July 2013 08:57 PM

‍මේකට හේතුව අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන් බදවා ගැනීම, උසස් වීම් ලබා දීම වැනි කටයුතු වර්ෂ ගණන් අතපසු කිරීමයි. විදුහල්පති කටයුතු පමණක් නොව ගුරු උසස් වීම් ලබා දීමත් ඉතා අතපසු කර තිබෙනවා. අධ්‍යාපන පරිපාලන සේවා හා විදුහල්පති සේවා ව්‍යවස්ථා සකස් කිරීම වර්ෂ හතකට වඩා ප්‍රමාදව ඇත.(නදී)

:       0       0

මුණසිංහ Tuesday, 02 July 2013 09:08 PM

ඔය කැබිනට් තීරණයත් දේශපාලන පත්වීම් තමා. මීට කලින් දේශපාලන පලිගැනීම් කියල පත්වීම් ගනිපු අය ඉස්කෝල කනවා. පාසල් පද්දතිය කඩා වැටෙන්න හේතුව ඔන්න ඔය කට්ටිය.(නදී)

:       0       0

බන්දුල Tuesday, 02 July 2013 09:14 PM

දේශපාලන පත්වීම් ගත් විදුහල්පතිවරුන් කියා ගන්න අය තමා පාසල් විනාශ කරන්නේ. අධ්‍යාපන සේවා කොමිසමෙන්ම පත්වීම් දීපු ඔය වගේ කෙනෙක් අද ගාල්ලේ පිරිමි විද්‍යාලයක් විනාශ මුකයට ඇද දමමින් සිටිනවා. හෙට අනිද්දා විශ්‍රාම යන්න ඉන්දෙද්දී ළමයින් දාන්න ලක්ෂ ගණන් හොයනවා.(අ)

:       0       0

නෙවුකි Sunday, 07 July 2013 09:54 PM

බල්ලන්ගේ බිරුමට කදු කඩා නොවැටුනතත් , බල්ලන් බුරුනකොට සත්‍ය හෙළිවේ ,හොරු ඇසුවේ , පව් පලදේ , දුක වැඩිවේ , වැඩ ගොඩවේ. එබැවින් බල්ලන් හට බුරන්නට ඉඩදී බලා සිටීම හොදය.කෙසේ වෙතත් බැටළු හම් පොරවාගත් වෘර්කයන්ට වඩා බල්ලන් හොඳ බව සැමටම තේරුම් යාම බල්ලන් ලැබූ ජයකි (නි)

:       0       0

සුමිත් Wednesday, 03 July 2013 09:00 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

රාමි Wednesday, 03 July 2013 09:01 AM

අධාපන බලධාරීන් වෙත- මෙවැනි දේවලින් සිදුවන්නේ අපේ දරුවන්ගේ අනාගතය විනාස වීම පමණි. පසුගිය කාලය තුලදී හලාවත අධ්‍යාපන බලප්‍රදෙසය තුල විදුහල්පති දුර සඳහා නුසුදුසු විදුහල් පති වරුන් විශාල ගණනක් පත්වී තිබෙනවා .මෙම විදුහල් පති තුමත් එක්කෙනෙක්.අපේ දරුවන්ට ජේසු පිහිට යි . (දී)

:       0       0

සුගා Wednesday, 03 July 2013 12:39 PM

පැවිද්දෝ ගිහියන්ට ආදර්ශමත් විය යුතුය. නමුත් අවාසනාව පැවිද්දෝ නරක ලෙස තම බලය බාවිත කිරීමයි. (නි)

:       0       0

චානක Wednesday, 03 July 2013 09:21 AM

අප පාසැල විනාශය කර ගෙනයන මෙවැනි අය කතෝලික ආගමටත් නින්දාවකි (නි)

:       0       0

සයුර Wednesday, 03 July 2013 09:24 AM

ගාල්ල පැත්තේ බාලිකාවක් තිබෙනවා. ඒකටත් හොද විදුහල්පතිනියක් ලබා දෙන්න (නි)

:       0       0

නිවිකි Saturday, 06 July 2013 09:22 PM

දීප්ති , අ . පෙරේරා යන අය දැනගත යුතු කරුණක් තිබේ . එනම් පිළිගත් ආදි ශිෂ්‍ය සංවිදානයක් ලෙස ඔබ සැමගේ හැසිරීම වෙන්නප්පුව ප්‍රදේශයේ ජනතාව දැන් අනුමත නොකරන බව පෙනීගොස් ඇත . බොරුවට ආයුෂ නැත. පන්ටලියන් ගුරු පියා බොරු කලේ නැත. එතුමා වටේ හොර තක්කඩින් සිටියේත් නැත. එබැවින් එතුමාට සමාන කිරීම කොහෙත්ම අනුමත කල නොහැක.(නදී)

:       0       0

දීප්ති Sunday, 07 July 2013 05:19 PM

බල්ලෝ කොපමණ බිරුවත් කඳු කඩා නොවැටේ ! (නි)

:       0       0

සුජිත් Tuesday, 02 July 2013 11:32 PM

දේශපාලනේ පිහිටෙන් චරිතය හොද නැති කාන්තාවන් පවා අද විදුහල්පතිනියන් වෙලා ඉන්නවා. (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 03 July 2013 01:03 AM

අධ්‍යාපනයෙ විතරක් නෙමෙයි හැම එකේම තියෙන්නෙ හිතවත්කමට දුන්න පත්වීම්නෙ. ආයෙ මොකෝ එකක් ගැන විතරක් කතා? (නි)

:       0       0

දීප්ති Friday, 05 July 2013 03:43 AM

ආදිවැසියන්, සුමිත්, රාමි, චානක, සුග, යන නම්වලින් අදහස් පළකර ඇති අය මා දන්නා පරිදි පාසැලේ තහනම්කර ඇති ආදී සිසු සංගමයේ සාමජිකයින්ගේ අදහස් වන අතර විසිවසරක් පමණ ගරා වැටී තිබු පාසැල වර්තමාන විදුහල්පතිතුමාගේ වසර තුනක පමණ කෙටි කාලය තුල ලබා ඇති ප්‍රගතිය ඔවුන්ට නෙපෛනේද?  එම ප්‍රගතිය ගැන නොතකා ,මෙවැනි අදහස් පළකරන ආදී සිසුන් යයි කියා ගන්නා මෙවෙනි කුහකයින් පාසැලට සැබවින්ම ආදරය කරන්නන්ද?(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Wednesday, 03 July 2013 05:05 AM

අපේ රටේ ඉතින් හැමදේම අතපසු නේන්නම්. ගුරු සේවය හරියට කලට වෙලාවට කලා නම් කලේ ගුරුවරු දනගස්සපු එක , විදුහල්පතිවරුන්ට ගහපු එක , අනේ කන්නන්ගර මහත්තයා බැනුම් අහ අහා ගොඩ දාපු අපේ අධ්‍යාපනය...? (නි)

:       0       0

ස්කා Wednesday, 03 July 2013 07:36 AM

එක පැත්තක ජාතික පාසැලක දුශිත චෝදනා ලත් විදුහල්පති කෙනෙකුටත් කර්නල් පදවිය ලැබිලලු. (නි)

:       0       0

අ.පෙරේරා Saturday, 06 July 2013 04:53 PM

ගරු.පැන්ටලියම් විදුහල්පති තුමාගෙන් පසුව {විසිපස් වසරකට පසුව } පත්ව ආ වත්මන් විදුහල්පතිතුමා කඩාවැටී ,අගාදයට යමින් තිබූ විදුහල අවුරුදු තුනක් පමණ ඉතාම කෙටි කලක් තුල {පරිපාලනය,අද්ධිආපනය,ක්‍රීඩා} වෙනි අංශ ඉතාම හොඳ තත්වයට ගෙන තිබේ. මෙය උහුලාගත නොහැකි පාසලෙන් නෙරපනලද ආදිසිසු සංගමය ගෙනයන බොරුවට හසුනොවී,සත්‍ය දකින මෙන් කාරුණිකව ඉල්ලාසිටිමි.(නදී)

:       0       0

ආදී වැසියන් Wednesday, 03 July 2013 07:50 AM

මේ අසාධාරනය වෙන්නේ අපේ පාසලට. මගේ දරුවෝ මේ පාසලේ ඉගෙනගන්නවා. අවුරුදු 7 සුදුසුකම් තියෙන විදුහල්පති කෙනෙක් නොමැත. අපිට සුදුසුකම් තියෙන විදුහල්පති කෙනෙක් ලබාදෙන්න.විද්‍යලයේ නම තිබෙන මුනිවරයාට කරන අපහාසයක් මේක (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 498 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 235 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3232 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1153 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 598 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1993 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24906 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 735 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site