වෙන්නපුප්ව පාසලක වැඩබලන විදුහල්පතිවරයකු ලෙස කටයුතු කළ ගුරු සේවයේ 3-1 ශ්‍රේණියේ උප ගුරුවරයකුට නීත්‍යනුකූල නොවන ලෙස විදුහල්පති තනතුර සඳහා පත්වීම් ලිපියක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අද (02) පැමිණිලි කළේය.
අමාත්‍ය මණ්ඩල සංදේශ අංක 2011/ඊඩී/ ඊ/14 අනුව වැඩබලන විදුහල්පතිවරුන් ස්ථිර කළේ 2010.12.31 දිනට වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් විදුහල්පති තනතුරක රාජකාරි ආවරණය කර තිබෙන පිරිස් බවත්, මෙම උප ගුරුවරයා වැඩ බලන විදුහල්පතිවරයකු ලෙස පත් කර ඇත්තේ ද 2010.09.30 බවත්, 2010.12.31 වැනි දිනට මේ උපගුරුවරයා පාසලේ වැඩ ආවරණය කර ඇත්තේ මාස කිහිපයක් පමණක් බවත් එසේ තිබියදී ඔහුට විදුහල්පති පත්වීම් ලිපියක් ලබා දීම නීති විරෝධී බත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගේ අත්සනින් කළ ලිඛිත පැමිණිල්ලේ සඳහන්ය.
කැබිනට් මණ්ඩල තීරණය අනුව 2013.05.07 දිනැති ඊඩී/04/60/01/18 අංකයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ හා අතිරේක ලේකම්වරයකුගේ අත්සනින් 2010.12.31 වැනි දිනට වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් විදුහල්පති තනතුරුවල රාජකාරි ආවරණය කළ උප ගුරුවරුන්ට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2-11 ශ්‍රේණියට පත් කර පත්වීම් ලිපි දී ඇති බවත්, එම පිළිවෙතට පිටින් යමින් මේ විදුහල්පතිවරයාට ද පත්වීම් ලිපියක් ලබා දී ඇති බවත්, එය සම්පූර්ණ නීති විරෝධී පත්වීමක් බවත්, මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කොට එම ව්‍යාජ පත්වීම් ලිපිය අහෝසි කොට පත්වීම් ලබාදීම පිළිබඳ කටයුතු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අධ්‍යාපන පද්ධතිය තුළ සිදුවන මෙවැනි දූෂිත ක්‍රියාවලින් නතර කිරීමට පියවර ගන්නා ලෙසත් ලංකා ගුරු සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ඉල්ලා ඇත.
එම ලිපියේ පිටපතක් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාටද යොමු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධාපන බලධාරීන් වෙත- මෙවැනි දේවලින් සිදුවන්නේ අපේ දරුවන්ගේ අනාගතය විනාස වීම පමණි. පසුගිය කාලය තුලදී හලාවත අධ්‍යාපන බලප්‍රදෙසය තුල විදුහල්පති දුර සඳහා නුසුදුසු විදුහල් පති වරුන් විශාල ගණනක් පත්වී තිබෙනවා .මෙම විදුහල් පති තුමත් එක්කෙනෙක්.අපේ දරුවන්ට ජේසු පිහිට යි . (දී)
බල්ලන්ගේ බිරුමට කදු කඩා නොවැටුනතත් , බල්ලන් බුරුනකොට සත්‍ය හෙළිවේ ,හොරු ඇසුවේ , පව් පලදේ , දුක වැඩිවේ , වැඩ ගොඩවේ. එබැවින් බල්ලන් හට බුරන්නට ඉඩදී බලා සිටීම හොදය.කෙසේ වෙතත් බැටළු හම් පොරවාගත් වෘර්කයන්ට වඩා බල්ලන් හොඳ බව සැමටම තේරුම් යාම බල්ලන් ලැබූ ජයකි (නි)
බල්ලෝ කොපමණ බිරුවත් කඳු කඩා නොවැටේ ! (නි)
දීප්ති , අ . පෙරේරා යන අය දැනගත යුතු කරුණක් තිබේ . එනම් පිළිගත් ආදි ශිෂ්‍ය සංවිදානයක් ලෙස ඔබ සැමගේ හැසිරීම වෙන්නප්පුව ප්‍රදේශයේ ජනතාව දැන් අනුමත නොකරන බව පෙනීගොස් ඇත . බොරුවට ආයුෂ නැත. පන්ටලියන් ගුරු පියා බොරු කලේ නැත. එතුමා වටේ හොර තක්කඩින් සිටියේත් නැත. එබැවින් එතුමාට සමාන කිරීම කොහෙත්ම අනුමත කල නොහැක.(නදී)
ගරු.පැන්ටලියම් විදුහල්පති තුමාගෙන් පසුව {විසිපස් වසරකට පසුව } පත්ව ආ වත්මන් විදුහල්පතිතුමා කඩාවැටී ,අගාදයට යමින් තිබූ විදුහල අවුරුදු තුනක් පමණ ඉතාම කෙටි කලක් තුල {පරිපාලනය,අද්ධිආපනය,ක්‍රීඩා} වෙනි අංශ ඉතාම හොඳ තත්වයට ගෙන තිබේ. මෙය උහුලාගත නොහැකි පාසලෙන් නෙරපනලද ආදිසිසු සංගමය ගෙනයන බොරුවට හසුනොවී,සත්‍ය දකින මෙන් කාරුණිකව ඉල්ලාසිටිමි.(නදී)
ආදිවැසියන්, සුමිත්, රාමි, චානක, සුග, යන නම්වලින් අදහස් පළකර ඇති අය මා දන්නා පරිදි පාසැලේ තහනම්කර ඇති ආදී සිසු සංගමයේ සාමජිකයින්ගේ අදහස් වන අතර විසිවසරක් පමණ ගරා වැටී තිබු පාසැල වර්තමාන විදුහල්පතිතුමාගේ වසර තුනක පමණ කෙටි කාලය තුල ලබා ඇති ප්‍රගතිය ඔවුන්ට නෙපෛනේද? එම ප්‍රගතිය ගැන නොතකා ,මෙවැනි අදහස් පළකරන ආදී සිසුන් යයි කියා ගන්නා මෙවෙනි කුහකයින් පාසැලට සැබවින්ම ආදරය කරන්නන්ද?(නදී)
පැවිද්දෝ ගිහියන්ට ආදර්ශමත් විය යුතුය. නමුත් අවාසනාව පැවිද්දෝ නරක ලෙස තම බලය බාවිත කිරීමයි. (නි)
ගාල්ල පැත්තේ බාලිකාවක් තිබෙනවා. ඒකටත් හොද විදුහල්පතිනියක් ලබා දෙන්න (නි)
අප පාසැල විනාශය කර ගෙනයන මෙවැනි අය කතෝලික ආගමටත් නින්දාවකි (නි)
මේකට හේතුව අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන් බදවා ගැනීම, උසස් වීම් ලබා දීම වැනි කටයුතු වර්ෂ ගණන් අතපසු කිරීමයි. විදුහල්පති කටයුතු පමණක් නොව ගුරු උසස් වීම් ලබා දීමත් ඉතා අතපසු කර තිබෙනවා. අධ්‍යාපන පරිපාලන සේවා හා විදුහල්පති සේවා ව්‍යවස්ථා සකස් කිරීම වර්ෂ හතකට වඩා ප්‍රමාදව ඇත.(නදී)
අයියෝ සල්ලි (දී)
මේ අසාධාරනය වෙන්නේ අපේ පාසලට. මගේ දරුවෝ මේ පාසලේ ඉගෙනගන්නවා. අවුරුදු 7 සුදුසුකම් තියෙන විදුහල්පති කෙනෙක් නොමැත. අපිට සුදුසුකම් තියෙන විදුහල්පති කෙනෙක් ලබාදෙන්න.විද්‍යලයේ නම තිබෙන මුනිවරයාට කරන අපහාසයක් මේක (නි)
එක පැත්තක ජාතික පාසැලක දුශිත චෝදනා ලත් විදුහල්පති කෙනෙකුටත් කර්නල් පදවිය ලැබිලලු. (නි)
අපේ රටේ ඉතින් හැමදේම අතපසු නේන්නම්. ගුරු සේවය හරියට කලට වෙලාවට කලා නම් කලේ ගුරුවරු දනගස්සපු එක , විදුහල්පතිවරුන්ට ගහපු එක , අනේ කන්නන්ගර මහත්තයා බැනුම් අහ අහා ගොඩ දාපු අපේ අධ්‍යාපනය...? (නි)
අධ්‍යාපනයෙ විතරක් නෙමෙයි හැම එකේම තියෙන්නෙ හිතවත්කමට දුන්න පත්වීම්නෙ. ආයෙ මොකෝ එකක් ගැන විතරක් කතා? (නි)
දේශපාලනේ පිහිටෙන් චරිතය හොද නැති කාන්තාවන් පවා අද විදුහල්පතිනියන් වෙලා ඉන්නවා. (නි)
දේශපාලන පත්වීම් ගත් විදුහල්පතිවරුන් කියා ගන්න අය තමා පාසල් විනාශ කරන්නේ. අධ්‍යාපන සේවා කොමිසමෙන්ම පත්වීම් දීපු ඔය වගේ කෙනෙක් අද ගාල්ලේ පිරිමි විද්‍යාලයක් විනාශ මුකයට ඇද දමමින් සිටිනවා. හෙට අනිද්දා විශ්‍රාම යන්න ඉන්දෙද්දී ළමයින් දාන්න ලක්ෂ ගණන් හොයනවා.(අ)
ඔය කැබිනට් තීරණයත් දේශපාලන පත්වීම් තමා. මීට කලින් දේශපාලන පලිගැනීම් කියල පත්වීම් ගනිපු අය ඉස්කෝල කනවා. පාසල් පද්දතිය කඩා වැටෙන්න හේතුව ඔන්න ඔය කට්ටිය.(නදී)