නේපාලයේ ලූම්බිණියේ පිහිටි මායා දේවි විහාරය ආසන්නයේ කළ කැණීමකදි මෙතෙක් සොයා ගැනුණු පැරැණිම බෞද්ධ විහාරයේ නටබුන් සොයාගැනීමට පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත්වූහ.
ලූම්බිණියේ මායාදේවි විහාරය පිහිටා ඇත්තේ සිදුහත් කුමරුන් උපත ලැබූ සල් උයනේ වන අතර කැණීම් වලදි සොයාගෙන ඇත්තේ මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ අල්ලාගෙන සිටි බව කියන ගස ආවරණය කරමින් තැනූ විහාරයයි.
මෙම විහාරය ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසට අයත් වන බවත් ලූම්බිණියේ පිහිටි මායා දේවි විහාරයට යටින් ඉදිකර තිබූ බවත් පුරාවිද්‍යාඥයෝ පවසති.
පුරාවිද්‍යාඥයන් මෙම කැණීම් ආරම්භ කරන ලද්දේ මායා විහාරයේ මධ්‍යයෙනි.
මෙම විහාරයේ පියස්සක් නොමැති බවත් දැවයෙන් කරන ලද ගොඩනැගිල්ලක් වූ බවත් පුරාවිද්‍යාඥයෝ පවසති. ඉන්පසුව ඒ මතින් ගඩොලින් විහාර තනා ඇති බවද ඔවුහු කියති.
මේ සොයා ගැනීමත් සමග බුදු රදුන්ගේ උපත පිළිබඳ මෙතෙක් තිබූ මතවාද නිරාකරණය වනු ඇතැයි ද පුරාවිද්‍යාඥයෝ පවසති.
බුදු රදුන් උපත ලැබූ ස්ථානය ලෙස නේපාලයේ ලූම්බිණිය හඳුනාගෙන තිබූ අතර සෑම වර්ෂයකම ලූම්බිණිය වැද පුදා ගැනීමට දහස් ගණනින් ජනයා එහි පැමිණෙති.
බුදු රදුන් උපත ලැබුවේ ක්‍රිස්තු පූර්ව 390ත් ක්‍රිස්තු පූර්ව 340ත් අතර කාල සීමාවේදි බවට ඇතැම් පුරාවිද්‍යාඥයන්ගේ මතය මේ සමග බිඳී යනු ඇතැයි පුරා විද්‍යාඥයෝ කියති.
මේ වනතෙක් බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි පැවතියේ ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවස දක්වා පමණි. ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දී පැවැතියේ අශෝක අධිරාජ්‍යයාගේ කාල සීමාවයි.
මෙම කැණීම් වලදි සොයාගත් ගොඩනැගිලි ශේෂයන්, අඟුරු කැබැලි හා ධාන්‍ය වර්ග විකිරණ කාබන් හා සම්බන්ධ තාක්ෂණයන් යොදාගනිමින් පරීක්ෂාවන්ට ලක්කරන බව කැණීම් වලට එක් වූ පුරාවිද්‍යාඥයෝ පවසති.
මෙම කැණීම් වලට ඩර්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබින් කොනින්හැම් ඇතළු පිරිසක් ද සහභාගි වූහ.
(බීබීසී හා සීඑන්එන් වාර්තා ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය ආගම නිර්මල බුදුද දහමයි.(නදී)
සාදු.....සාදු ....සාදු .....(නදී)
මහත්තයෝ අපි මේ අඩවියට එන්නේ ප්‍රවෘත්තියක් බලන්න මිසක් ඇඩ් කියවන්න නෙමේ , ඒක නිසා ස්පෑම් විදියට ඇඩ් දාන් නැතුව , ඒවට සීමාවක් තියාගන්නවද?(නදී)
බුදුදහම ජීව මානයි මිත්‍යා මත වාද දුරුවේවා (නදී)
දිනේෂ්, ඔයකියන නිර්මල බුදුද දහම කෝහේද තියෙන්නේ දැන් ?(නදී)
බුද්ධික ඔයා පළමුව හරියට සිංහලෙන් ලියන්න ඉගෙන ගන්න.(නදී)
බුදුරජාණන්වහන්සේ උපන්නේ ලංකාවේ කියන අයට හොඳ පිළිතුරක්. මේ ගැන තවත් විස්තර ලංකාදීපය ඉදිරියේදී අපට ලබා දෙන්න. (නදී)
කුමාර් ඔයා මොන ආගමේ වුනත් මතක තියා ගන්න බුදු දහම මැරෙන්නේ නෑ. ඔයා හොඳට බුදු දහම කියවා බලන්න. ගඩොල් හරි පෙරලි පෙරලි වඳින එකට වඩා ගොඩක් ගැඹුරු දහමක් ඒක. බුද්ධික ඔයාට බුද්ධියක් නෑ නම තිබුනට ඇඩ් දාල ගන්න සල්ලි වලින් තමා ඔයාට ෆ්‍රී නිව්ස් බලන්න ලැබෙන්නේ. (නදී)
ආගමකට ගරු කරන්න දැන් නැති කුමාර් වගේ අයට අපි මෛත්‍රී කරමු.. ඵලයක් ඇති ලොව එකම ආගම බුද්ධාගම විතරයි. හැම ආගමක්ම දෙවියන් මවපු ලෝකයක් ගැන කතා කරනකොට බුද්ධාගම හේතු ඵල ධර්මය මගින් ඒවා බොරු බව ඔප්පු කරලා තියෙන්නේ.(නදී)
ලොව අනෙකුත් සියළුම ආගම් නොපෙනෙන දෙවි කෙනෙකුගේ නියෝජිතයකු විසින් දෙසූ එවා වේ. බුදු දහම මනුෂ්‍යයෙකු සිත දියුණුකර ස්වොත්සාහයෙන් අවබෝධකර දෙසූ එකම ධර්මයයි. එය දෙවියන්ගේ නොව මිනිසුන්ගේ දහමයි. එය ඇත්තේ ඇදහීමට නොව පිළිපැදීමටයි. නියම බෞද්ධයා අදහන්නෙකු නොවේ පිළිපදිමින් දහම් මග යන්නායි.(නදී)
කුමාර් මහත්මයානනි , නිර්මල බුදු දහම පවතින්නේ එය තම ජීවිතය තුල පුහුණු කල අය තුලය . එසේ නොමැතිව එය අවකාශය තුල පවතින දෙයක් නොවේ. එයට හේතුව බුදු දහම යනු හේතුපල දහම සමග කෙලින්ම බැදී පවතින දර්ශනයක් බැවිනි. තෙරුවන් සරණ පතමි......!(නදී) .
මෝඩ කතා කියන්න එපා කුමාර්. ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වෙන ආගමක් තමය බුද්ධගම (නදී)
රැක ගැනීම පිණිස ඇත්තේ ප්‍රශ්නයකි ?(නදී)
අතට අහු වුනොත් කුමාර්ට මගෙන්නම් සමාවක් නැත. (අ)
බොහොම ස්තුතියි , ගඩොල් අදහස ඉවත් කරාට. (ස)
අසරණ කුමාර්, බුද්ධාගමෙන් ඵලය ලබන්නේ එහි තිබෙන දර්ශනය තෙරුම්ගතහැකි බුද්ධිමතුන් පමණි. උදාහරණයක් ලෙස සාපේක්ෂතාවාදය නමැති විද්‍යාත්මක න්‍යාය යොදාගෙන වැඩ ගත හැක්කේ එම න්‍යාය හොදින් අවබෝධකරගත් බුද්ධිමතුන්ට පමණකි. බුදුදහම තමතමන් විසින් අවබෝධකරගෙන තමතමන් විසින්ම ප්‍රතිපල ලබාගතයුතු දහමකි. එය අවබෝධකරගේනිමට තරම් බුද්ධියක් නොමෙති තැනැත්තාට එහි ප්‍රතිපල ලබාගත නොහැක. එය හරියට සාපේක්ෂතාවාදය නමැති විද්‍යාත්මක න්‍යාය අවබෝධ කරගත නොහැක්කාට එම න්‍යාය යොදාගෙන විද්‍යාත්මක පරීක්ෂණ සහ නිපැයුම් කල නොහැක්කාක් මෙනි. (අ)
බුදුන් වහන්සේ හිටපු තැන් හොය හොයා යනවට වඩා උන්වහන්සේ දේශනා කරපු ධර්මයෙන් ප්‍රයෝජන ගැනීම වැදගත් කියලයි මටනම් හිතෙන්නේ.
හිතවත් කුමාර්, බුදුදහම ලොවතුල සැමදා පවතින සදා සත්‍යයයි. බුදුන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කළ පරම සත්‍යය සදාකල් පවතී. හරියට සාපේක්ෂතාවාදය උගත් සියලුම දෙනා විනාශකර, එය අඩංගු සියලුම පොත් විනාශ කලත්, සාපේක්ෂතාවාදය නැමෙති සත්‍යය විනාශ නොවෙන්නාක් මෙනි.(අ)
අර කුමාර්ට බුදු සරණයි (අ)
බුදුදහමේ දර්ශනයක් සහ පුරුදු පුහුණු කරවන දෙයක් ඇත .ඒ නිසා බුදුදහම යනු දර්ශනයක් පමණක් නෙවේ .එතනින් එහාට ගිය ගිය ධර්මයක්.ඒක නිසා තාමයි භාවනා කලයුත්තේ...(අ)
බුදුන් වහන්සේ සැබවින්ම ඉපදුනු තැන පින්තූරයකින් හෝ දැකීමද මහත් සතුටකි. මෙසේ හෝ එම ස්ථානය දැකීමට මා පින් කර ඇත. (අ)
සදු....සදු..සදු....සදු... (අ)
සදු..සදු....සදු..(අ)
සාදු.....සාදු ....සාදු.!
බුදු දහම නිර්මලයි (අ)
බුදුහාමුදුරුවන්ගේ උපන් ස්ථානය සොයා ගැනීම පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙනෙ දෙයක් මිසක්, එයට දේවත්වයේ නමස්කාරයක් කරන්ඩ හිතන් ඉන්න එක මෝඩකම මක් නිසාදයත් බුදුහාමුදුරුවන් නමස්කාර කිරීමෙන්වත් පුද පුජ පැවත්වීමෙන් වත් බෞද්ධයන්ට වෙන සෙතක් නැත කුමක් නිසාද බුදුන් යනු දෙවි කෙනෙකු නොවන නිසා. එතුමාගේ දර්ශනයට අනුව එතුමා මේ විශ්වයෙන් තුරන්වී අවසන්.පුදුමය නම් නිවන යනු කුමක්ද යන්න කිසිවෙකු තුල හරි අවබෝධයක් නොමැති වීමයි. මම ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනවා මෙහි අදහස් දාන අය නිකන් කාඩ්බෝර්ඩ් වීරයන් වෙන්න හදනවා.බුදුහාමුදුරුවන් දෙසු දහම විවිධ රටවල පිළිපදින්නේ විවිධ අයුරින්. ඊට හේතුව උන්වහන්සේගේ කාලයේ එතුමාගේ දහම කිසිවෙකු ග්‍රන්ථ ආරුඩ නොකිරීමයි...මේකත් හොඳින් මතක තියාගන්න ශ්‍රී ලංකාවට අවුරුදු 2500 කට වැඩ ඉතිහාසයක් තියෙනවා... (ස)
සදු සාදු සාදූ ,,,, දේව ඇදහිලි සියල්ල දෙවියන් වහන්සේගේ මැවීම් කියල හිතන් ඉන්න මිත්‍යා මතධාරීන් එක්ක සසඳල බලන කල බුදු දහම කියන්නේ කොයි තරම් සත්‍යක්ද, බුදු දහමේ තියෙන කිසිම මතයක් කිසිවෙකුටත් බිඳ දමන්න බැරි වෙලා තියෙනවා තවමත්, මේ ලෝකේ ඉන්න සියලුම සත්වයන්ට සත්‍ය අවබෝධ වේවා, සාදු සාදු සාදු ,,, (ස)
හේතුපල දැක සැමට සත්‍ය අවබෝද වෙත්වා (ස)
කුමාර් දන්නැති දේවල් කතා නොකර (ස)
අතුල මාලදිවයින - සිංහල වල අඩුපාඩුවක් ඇති නමුත් මම අදහස් කරපු දේ මේ ආයතනයේ අයට තේරෙනවා ඇති. මේක ලිව්වේ මේ නූල සම්බන්ධයෙන් නෙමේ (ස)
දැන් මුළු ලොවම පිළිගෙන අවසානයි බුදු දහම නිවැරදියි කියා (නි)
ඉදිරි පරීක්ෂණ සාර්ථක වේවා! (නි)
සාධු... සාධු... සාධු...! (නි)
සාධු... සාධු... සාධු...! (නි)
බුදු සසුන බැබළේවා ! නිර්මල බුදු දහම සැමදා සත්‍යයයි ! (නි)
කුමාර්ට අපි අනුකම්පා කරමු (අ)
මෙතැන අදහස් දක්වා ඇති ඇතැමුන්ගේ පැහැදිලි කිරීම පරස්පරයි නේද?
මට මේ පුවත කියවනවිට මාගේ පාසල් අවදිය මතක්වෙනවා. 6 වන ශ්‍රේණිය දක්වාම මා බුදුදහම තමා ඉගෙන ගත්තේ. ඊට පස්සේ තමා ඉස්ලාම් ධර්මය ඉගෙන ගත්තේ. මගේ පන්තියේ හිටපු බෞද්ධ සහෝදරයන් මගෙන් අහලා පිළිතුරු ලියූ අවස්ථා ගොඩක් තිබෙනවා. ඉතාමත්ව ආශාවෙන් හා කැමැත්තෙන් මාගේ අවධානය යොමුකළා. එහෙම හිටපු අපි දැන් අැයි වෙනස් වෙන්න උත්සාහ කරන්නේ? (නි)
කුමාර් කට වහන් ඉන්න! (අ)
සාදු සාදු (අ)
කුමාර්, බුදුන් වහන්සේ මුලු ලෝකයටම මෛත්‍රිය පතුරුවාලූ උත්තමයෙක් (නි)
මෙය 100%ක් නිවැරදි බව විශ්වාසද? (නි)
මේ මිනිස්කමේ ඉතාම ආඩම්බර ඉතිහාසයක් පිළිඹිමු වන්නක්.බුදුදහමට අගෞරව කරනවා නොවේ, නමුත් අපේ මනුෂ්‍ය ජාතියේ එදා තිබුණු උසස් තත්ත්වය පුදුමසහගතයි (නි)
අැයි කුමාර්, නිර්මල බුදු දහම ලංකාවෙනේ තියෙන්නේ (නි)
කුමාර් කියන දේ හරි කියලයි මම නම් හිතන්නේ (නි)
අපි කලබල නොවී ඉදිමු "කුමාර්" ගැන. ඔහු කෙරෙහි මෙත්සිත් වපුරමු. (නි)
යම් පුරුෂයෙක් අසූචි වලක වැටී කිළුටු ගාත්රව සිටීනම්,ඔහු යන මාර්ගයෙහි සත් පියුමින් ලද විලක් හමුවී එයට බැස ස්නානය කොට පිරිසිදු නොවන්නේනම් පුරුෂයාගේ දෝසයක් මිස විලෙහි දෝෂයක් නොවන්නේය ? (අ)
බුදුන් උපන් තැන, දැක පහන් සංවේගය උපදවා ගත යුතු තැනක්. සාදු සාදු! බුදුන්ගේ නිශ්චිත කාල වකවානු ගැන දැන ගැනීමට හැකිවේවි මේ නිසා. බුදු දහම ලොව පැතිරේවා! (නි)
කුමාර්ට දැන ගන්නම ඕනෑද? නැත්නම් අපේ ඉවසීම බලනවාද?මේ දෙකම හොද නැහැ අයියේ (නි)
අනේ ලො කුගේ? ...සාදු කාරයක් නොදී කොහොමද ධර්මයේ හැසිරෙන්නේ...(අ)
අපි ලියන්නේ පෙර හඳුනා ගත් කෝඩ් ක්‍රමයකින්. එකට අපේ රටේ සිංහල කියනවා.. එංගලන්තේ ඉංග්‍රීසි කියනවා..ඕක තමයි ..කතාව උනත් පෙර හඳුනාගත් ශබ්ද උච්චාරණය කිරීම තමයි කරන්නේ.. ඕකට ..හරියට සිංහල ලියන්න ඉගෙනගන්න කියල රඬුවෙන්න ඕනි නෑ. (අ)
බෞද්ධාගම දර්ශනවාදයක් බව අපට වඩා තේරුම් ගෙන ඇත්තේ ඉංග්‍රීසි කාරයෝයි. ඒකනේ එහි අගට අයි එස් එම් අකුරු තුන එකතුකරලා "බුඩිසම්" කියලා කිව්වේ. ජේසුස් වහන්සේ දේශනා කලේ "ක්‍රිස්ටියැනිටි" වන අතර මහම්මත් තුමා දේශනා කල දහම "ඉස්ලාම්". ඒවායේ අගට අයි එස් එම් අකුරු තුන නොදා ඉන්නත් ඉංග්‍රීසි භාෂාව ප්‍රවේසම් උනා. (අ)
සදු සදු (අ)
සාධු... සාධු... සාධු...!ඇත්තටම මට ගොඩක් සන්තෝෂයි. (නි)
බුදු සසුන බැබළේවා! (නි)
කුමාර්, ඔයාලා වගේ අයට දෙන්න තිබෙන එකම දේ තමා අනුකම්පාව. වෙන මොනවා කරන්නද? (නි)
මෙය මෑත ඉතිහාසයේ හමුවුන ඉතාම අගනා පුරා විද්‍යාත්මක සිද්ධස්ථානයක්. බුදුන්වහන්සේ ජීවමානව වැඩසිටිබව සනාථකෙරෙන මෙම සොයාගැනීම බෞද්ධයන්හට පමණක් නොව ලෝක ඉතිහාසය හදාරන්නන්හට වුවද වටිනාදෙයක්. සිදුහත් කුමරුන් ගිහිගෙය අතහැර ගියේ බුදුදහම කියා ආගමක් ආරම්භකිරීමේ අරමුණෙන් නොවේ. උන්වහන්සේ දේශනාකළේ අලුතෙන් සොයාගත් දෙයක් හෝ දර්ශනයක් ගැනද නොවේ. ලෝකයේ එදත් අදත් පවතින සත්‍යතාවයන් පිළිබඳවයි. උන්වහන්සේ පැවසු "ධර්මය" සහ අද ලොව පුරා මිලියන 500 ක් අදහන "ආගම" අතර කාලයත් සමඟ ඇතිවුන බොහෝ වෙනස්කම් දැකිය හැකියි. පිවිතුරු ධර්මය ආගම් වාදයකින් තොරව ඕනෑම කෙනෙකුට අනුගමනයකර සැනසීමක් ලබාගත හැකි සත්‍යයක්. "සබ්බ පාපස්ස අකරනං කුසලස්ස උප සම්පදා සතිච්ච පරියෝ දපනං" සියලුම බුදුවරුන් වහන්සේලා වදාළේ එයයි. මෙවන් පිවිතුරු දහමක් අනුගමනය කිරීමෙන් සහනයක් සලස්වා ගැනීම සඳහා තමන් අදහන ආගමක් වෙනස් කිරීම අවශ්‍ය වන්නේ නැත. (අ)
සාදු ... සිදු. සා (අ)
බුදුදහම කියන්නේ බුදුරදුන් වෙනුවෙන් වැඳුම් පිදුම් කරන එකම නොවේ. බුදුපියාණන් දෙසනා කලේ ධර්මය දකින්නා බුදුපියාණන් දැක්කා හා සමාන වේ කියලා.අද වඳින්න භික්ෂුන්වහන්සේලාගෙන් කී දෙනෙක්ටද ඒ ධර්මය දකින්න වුවමනාව තියෙන්නේ?එහෙම භික්ෂුන්වහන්සේලා වැඩ ඉන්නව නම් ගිහියොත් එය අනුගමනය කරනවා නොඅනුමානයි.(අ_
කුමාර් , නිර්මල බුදු දහම ජිවමානව ( දම්මකාය ) විශ්වයේ { මනු දෙවු ,බ්‍රහ්ම්ම }කියන ලෝකවල වාසයකරන ආරියන්වහන්සේලා තුලින් දිස්වන අතර 84000 දම්කද අන්තර්ජාලයේ පවා විවිද බසින් කියවිය හැකි. මෙය ගෞතම බුද සමිදුන් වසර 45 දෙසනලද මහා කාරුනික දෙසුම් . උදා ...සියලු වරදින් මිදී , යහපතේ යෙදෙන්න ,සිත පාලනය කරගන සියලු බුදු සමිදුන් දෙසු මේ සත්‍ය වටහා ගන නිවනට පත්වන්න . (අ)
බුදුරදුන්,ජේසුස් ක්‍රිස්තුස්.නබිතුමාගේ දර්ශනය අද මෙලොව ජීවත්වන ජනතාව හරියට පිළිපදිනවාද? පිළිතුර - නැත. එසේනම් අපි ආගම් බේදයක් ඇතිකරමින් කරන අදහස් වල ගැබ් වෙලා තිබෙන්නේ අදහන ආගමට නිගරු කිරීමක් නොවේද? (නි)
නොදන්නා දෙය ගැන කතා නොකර ඉන්න කුමාර.හරි මග යන්න (නි)
වාද නොකර,ආරක්ෂාව තර කළොත් හොදයි නේද? මෙය අපේ ඉදිරි අනාගත පරම්පරාවට දැකගැනීමට ආරක්ෂා කළයුතුයි. බුදු සරණයි! (නි)
කුමාර් බුදු දහම ගැන ලියල තියෙන පොතක් හොයාගෙන කියවන්න එත කොට ඔය ඔලුවේ තියෙන බර ටිකක් සැහැල්ලුවෙයි. (අ)
අනේ ලොකුගේ .(අ)
සාධු... සාධු... සාධු...! (නි)
බුදු දහම යනු සදා නොවෙනස් වන සත්‍යයකි (නි)
සාදු සාදු සාදු !!!! (නි)
සාදු!! සාදු!! (නි)
සම්මා සම්බුදු දහම සැමදා සත්‍යයයි (නි)
කුමාර් , නොදන්නා දේ කතා නොකර ඉන්නවද ? (නි)
උතුම් බුදු දහම සදා රැකේවා! (නදී)
මේ ඇතිවුන පහන් සංවේගය නිවැරදි බුදු දහම රට තුල තහවුරු වීමට හේතු වේවා. දේශපාලනයෙන් ලොව බලා මතුවන ජාතිවාදයත් ද්වේෂයත් වෙනුවට සියලු සතුන්ද සියලු මිනිසුන් ද තමන්ගේම දරුවන් සේ පෙනීයන නිර්මල බුදුන්ගේ දහම රට තුල නැවත තහවුරු වේවා!(නදී)
බොරුවට කෑගැහුවට කිසිම සාධකයක් ඔප්පු කරගන්න බැරි බොරුකාරයන්ට මේක පිහියෙන් අනිනවා වගේ ඇති. (නි)
ඡායාරූප දැකීම සතුටුයි (නි)
කුමාර්, ඔබ දන්නේ නැති වුණාට ලංකාවේ නිර්මල බුදු දහම නොනැසී පවතිනවා. ඒ පිනින් තමා ලංකාව ලෝකයේ තිබෙන ඉතාමත්ම සුන්දරම, ජීවත්වීමට සුදුසුම සහ දියුණුම රට බවට පත්ව තිබෙන්නේ. විශේෂයෙන් බුදු දහම තේරුම් ගැනීමට තර්කානුකුලව සිතීමට හැකි ජනතාවක් වෙසෙන එකම රට ලංකාව වීම අනෙක් හේතුවයි. ලෝකයේ අනෙක් රටවලට වඩා ශ්‍රී ලාංකිකයින් වාසනාවන්තයි. (නි)
බුදු දහම යනු දර්ශනයක්. බුදුරදුන් එදා දේශනා කළ දේවල් අද විද්‍යාවෙන් සත්‍ය බව තහවුරු වෙනවා. ඔය සමහරු නොදන්නවා වුණාට සමහර ආගමික නායකයෝ අවසානයේ බුදුදහම වැළදගෙන තිබෙනවා (නි)
මෙම ස්ථානය ප්‍රවේශම් කරගත යුතුයි (නි)
සාදු! සාදු! සාදු! සාදු! සාදු! සාදු! සාදු! සාදු! සාදු! සාදු! සාදු! සාදු! සාදු! සාදු! සාදු! (නදී)
පටලවා ගන්න එපා, පුරා විද්‍යාව බුදුදහම ඇත්ත කියල කිව්වේ නෑ!(නදී)
කුමාර්, සියලු අකුසල් දුරුකොට කුසලයේ පිහිටා සිට සිතත් දමනය කොට ඔබම දැක ගනු නිමල බුදු මග.(නදී)
යුද්දෙයන් වැඩියෙන්ම අසරණ වුනේ සිංහල බෞද්ධ අපි. දැන් අපි වද වෙන ජාතියක් ඒත් අපි තමයි ආගම හා රට වෙනුවෙන් යුතු කම් ඉටු කරපු ජාතිය. දැන් ඒ රටට ආගමට කවුරු මොනා කිව්වත් අපි කව්ද කියලා අපේ බුදුහාමුදුරුවෝ අපේ ලක්මව දන්නවා ඒ අය අපි ගැන සතටු වෙයි.(නදී)
සාදු! සාදු! සාදු!!!!(නදී)
බුදු දහමේ සත්‍ය වටහාගන්න ලෝකෙටම මේ සාක්ෂිය ඇති.(නදී)
බුදු සසුන බැබළේවා! සාධු... සාධු... සාධු...! (නි)
බුදු සසුන බැබළේවා! (නි)
බෞද්ධයන් විදියට අපිට ගොඩක් අාඩම්බරයි (නි)
සාධු... සාධු... සාධු...!නමෝ බුද්ධාය....! (නි)
සාධු... සාධු... සාධු...! (නි)
බුදු දහමට අපි ආගමක් කියලා කියන්නේ නැහැ. ඒක දර්ශනයක්. බුදු දහම අදහන්නේ නැහැ. අනුගමනය කරනවා. නමුත් මේ අදහස් දක්වා තිබෙන කිසිම කෙනෙක් බුදු දහම අනුගමනය කරන අය කියලා පේන්නේ නැහැ. (නි)
කුමාර් සහ සමන් වගේ අය ගැන අපි අනුකම්පා කළ යුතුයි (නි)
ක්‍රිස්ටි ඔයාට ඊර්ෂ්‍යාද? පුරා විද්‍යාව බුදුදහම ඇත්ත කියලා කියන්නේ නැහැ. නමුත් අවශ්‍ය සාධක ලබාදෙනවා. මෙම සාධක සහ මුලාශ්‍ර ඇසුරින් බොහෝ දේවල් ඇත්ත බවට ඔප්පුකරලා තිබෙනවා. නමුත් ඔබ තේරුම් ගතයුතු සත්‍ය නම් මෙවන් දහමක් අවබෝධයෙන්ම පමණි තේරුම් ගත හැක්කේ. මම ඔබට අනුකම්පා කරමි. බුදුසරණයි. දහම් සිසිල ඔබටත් ලැබේවා (නි)
2050 වෙනකොට මුළු ලෝකයේම පිළිගන්න දහම බවට බුදු දහම පත්වෙන එකේ ශාක්ෂි තමයි ඔය පටන් ගන්නේ. (නි)
නිර්මල බුදු දහම සත්‍යයයි. එය කාටවත් වනසන්න බැහැ.සාධු... සාධු... සාධු...! (නි)
ක්‍රිස්ටි, පුරා විද්‍යාවට බුදුදහම ඇත්ත කියලා කියන්නත් බැහැ, බොරු කියන්නත් බැහැ. ඒක කියන්නේ දහම වැළඳගත් සහ ඒක ඉගෙනගත් අය. පුරා විද්‍යාවට පුළුවන් මෙහෙම දේවල් මේ වගේ කාලෙක තිබිලා තියෙනවා කියලා කියන්න. කැණීම් වලින් ලැබෙන දේවල් මුල් කරගෙන. කලබල වෙන්න එපා ඔයාලගේ ආගම ගැනත් මොනවා හරි ලැබුනොත් කියන්න කියමු. (නි)
සාධු... සාධු... සාධු...! (නි)
නිර්මල බුදුදහම ලෝකයේ කොතැනත් පවතීවා! (නි)
බුධු දහම පිළිපැදිය හැකි නම් මේ ලෝකේ ප්‍රශ්න ඇති වෙන්නේ බොහොම සුළු වශයෙන්. දේශපාලකයෝ මෙය තේරුම් ගන්න ඕනෑ. ආගම ජාතිය මනුස්සකම නොසළකා ඔවුන් කරන අපරාධ වලට දිට්ට ධම්ම වේදනීය කර්ම වලට යටත් වෙන්න ඕනෑ. සැමට බුදු සරණයි (නි)
බුද්ධික, කසුන් කියන දේමොකක්ද? බුදුදහමට විරුද්ධ විශාල බලවේග තිබෙන නිසා මෙවැනි සොයාගැනීම් හරි වැදගත්. කෞෂි, අපේ අසරණකම නැති කරන්න මේවා යොදාගන්න පුළුවන්. නමට බෞද්ධ අයට නැගිටින්න කාලේ ඇවිල්ලා. (නි)
බුදුදහමේ මිනිසුන් වර්ග තුනක් ගැන කියනවා. අඳුරෙන් එළියට යන අය, අඳුරෙන් අඳුරට යන අය, එළියෙන් අඳුරට යන අය. ෆස්රුල් ගෆුර් කියන්නේ එළියෙන් අඳුරට යන කෙනෙක් බවයි පේන්නේ. (නි)
සාධු... සාධු... සාධු!!! බුදු දහම යනු සදා නොවෙනස් වන සත්‍යයකි. සම්මා සම්බුදු දහම සැමදා සත්‍යයයි. බුදු සසුන බැබළේවා! (නි)
පිරිසිදු බුදු වදන් තාම ලියැවිලා තිබෙනවා ත්‍රිපිටක පොත් වල. මහමෙව්නා පරිවර්තන සුත්‍ර දේශනා අහනකොට බුදුන් අපිටම කතා කරනවා වගේ හිතෙන්නේ. අහලා බලන්න. (නි)
බුදු සසුන බැබලේවා! (නදී)
ක්‍රිස්ටි , පුරා විද්‍යාව කියන්ට ඕන නැහැ බුදු දහම ඇත්ත කියලා. බුදු දහම කියන්නේ ඔබ පිළිගන්න දේව වාදය වත්, මැවූම් වාදය වත් නෙමේ ලෝකයේ පවතින සත්‍ය ගැඹුරින් අවබෝද කරගත් මනුෂ්ෂ්‍යයෙකු විසින් දේශනා කල ධර්මයක්. ඒක නිසා තමා පුරාවිද්‍යාත්මක සාධක උනත් හම්බ වෙන්නේ, අනෙක් අද්භූත මැවූම් පිළිගන්න ආගම් වලට නොමැත.(නදී)
බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිරතුරු ලොව පවතින බව ලෝකයේ හය හතර තේරෙන ඕනෑම කෙනෙකුට වුවද දැන ගත හැකි කරුණක්ය යන කාරණාව පිළිබඳව හැම දෙනාටම කැඩපතක් ලෙම මෙය විනිවිද පෙනෙන කරුණකි. උන් වහන්සේගේ ධර්මය මීට පෙර පැවැති බව සනාථ කරන්නට පුරාවිද්‍යාත්මක සාක‍්ෂි අවශ්‍ය නොවුණත් ඒවා සනාථ කරනු වස් මෙවන් ඓතිහාසික නටඹුන් අබෞද්ධ හා බෞද්ධ අපට දක්නට ලැබීම නිසා නිරතුරුව බුදුදහම පිළිබඳව නිරතුරු විස්වාසයක් ගොඩ නගා ගැනීමට හේතුවක් වන දනිමි. (නි)
කුමාර් නොදන්නා දේවල් කතා නොකර ඉන්න. ඔයාලගේ වගේ බිලිපුජා දෙන්න කියල මිනිස්සු නොමග යවලා නැහැ බුදු දහමේ. (නදී)
ෆස්රුල් ගෆූර් ඔයා හරිම නිවැරදියි. මම ඔයාට ඔලුව නමා මගේ ගෞරවය පුද කරනවා. අපි ඔක්කම මිනිස්සු මම මගේ රටේ ඔක්කටම ගොඩක් කැමතියි අපේ රට ශ්‍රී ලංකාව.(නදී)
මෙවැනි දේ , මෙලෙසින් හෝ දැක ගැනීමට ලැබීම වාසනාවකි. සාදු, සාදු සාදු කුමාර් කියනදේ පොඩ්ඩක් සිහි බුද්දියෙන් බලන්න. ඔහු කියනවා ඇත්තේ , දැන් ලෝකේ ( ලංකාවේ ) වෙන සිද්දීන් ගත්තම බුද්ධ දර්මය තියෙනවාද? ඇත්තටම හොද ප්‍රශ්නයක්, කුමාර් කියන්නේ ඒක.., ''බලන්න'' පහු ගිය ටිකේ මොන තරම් දරුණු අපරාද සිද්ද කරාද..?කි දෙනෙක් කපල කොටලා මැරුවද..? බුද්ධාගම ගැන අහලවත් තිබුනානම් මෙහෙම මිනි මරයිද..? පිළිතුරු ඔබලා ලග ඇත..!! මට හිතෙන විදියට කුමාර් කියන්නේ ඒ දේ වෙන්නැති, දැන් බුද්ධ පුත්‍රයන් හැසිරෙන්නේ කොහොමද., අයි.ආර්.සි කාරයෝ වගේ හැසිරෙන සිවුරු දමා ගත් අය පහුගිය දවස්වල දැක්කේ, මතක නැද්ද ? (නදී)
සාදු! සාදු! සාදු!!! .....උතුම් බුදු දහම සදා රැකේවා! (නදී)
ගෞතම බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේ නැවත ඉපදුනා හා සමානයි . අපවිත්‍ර වූ මේ සමාජයට බුදු ගුණ ශක්තියෙන් පවිත්‍ර වේවා ,තවතවත් මෙවන් පුවත් අපට අහන්න දකින්න ලැබේවා.සාදු සාදු සාදු........ (නදී).
කුමාර්, බුදුන් වහන්සේ දේශනා කලේ තමන් වහන්සේගේ ධර්මය තේරුම් ගැනීමට බුද්ධියක් අවශ්‍ය බවය. (නදී)
ඕනෙම කෙනෙකුට අයිතියක් තියනවා තමන් කැමති ආගමක් අදහන්න. ඒක නිසා තමන් අදහන ආගම තමන්ට වටිනවා වගේම වෙන යම් කෙනෙක් අදහන ආගම ඔහුටත් වටිනවා කියා සිතන්න බැරි ඇයි. බුදු දහම ගැන නොදැන තමන්ට කැමති විදිහට එය විවේචනය කරන්න එපා. මොන අගමේද වැරදි නොකරන අය ඉන්නේ. ඒක ආගමේ වරද නෙමේ එක එක අයගේ දුර්වලතා. බුදු දහම ගැන දන්නවා නම් ඒක තේරුම් ගන්න පහසුයි. (නදී)
නිර්වාන මගෙහි පළමු පියවර භක්තිය වේ. මේ පුවත නිසා බොහෝ දෙනා තම භක්තිය සහ ප්‍රණාමය පළකර ඇත. ඒ සියලු අයට යහපතක්ම සිදු වන්නේය. මේ ශ්‍රද්ධාව දියුණු කිරීමෙන් සහ ධර්මය නිතර නිතර මෙනෙහි කිරීමෙන් ඔබගේ කුසල් වැඩේ. මෙම කුසල් ඔබ සැමගේ මේ ජීවිතය සාර්ථක කර ගැනීමට සහ මතු හවයන් වලදී මේ ලක් පොළොවේම ඉපිද ධාර්මිකව නිවන් මග ලඟා කර ගැනීමත් හැකි වනු ඇත. සම්මා සම්බුදු සරණ වේවා! (නදී)
මේකෙන් බුදු දහම ගැන කිසිවක් කියවන්නේ නැහැ සමහර අයගේ අදහස් දැක්කම හිනා යනවා. මේවා වැද වැද හිටියයි කියලා මේ රටේ තියන නරුම කම් නවතින්නේ නැහැ. බුදු හාමුදුරුවෝ කියපු දේ කරපල්ලා ආන් එතකොටයි මේ රට ඉතාමත් හොඳ දැහැමි රටක් වෙන්නේ.(නදී)
අසේල ඒ හින්දද මේ ලංකාවේ ඔය කියන අපරාද වෙන්නේ ? නිකන් වල් පල් දොඩ වන්නේ නැතුව එතුමා කියපු දේවල් කරන්න. (නදී)
සත්‍ය ආගම බුදු දහමයි.(නදී)
සත්‍ය ආගම බුදු දහමයි. (නදී)
පින්වත් බොහෝ දෙනා ශ්‍රද්දාව නිසා අදහස් දා තිබේ, දැන් කල යුත්තේ අරිය අෂ්ටාංගික මාර්ගයෙන් එකක් හෝ පිලි පදිමින් ඔබගේ මේ ජීවිතය සැපවත් කරගැනීම වේ. ලුම්බිණි ගිහින් මේ සියල්ල දැකබලා ගත්තත් නිසි මග ගමන් කලොත් පමණි නිවන ලඟා කරගත හැකි වන්නේ. ඒ නිසා දැන්ම ප්‍රමාද නොවී ධර්මය අනුව ජීවත් වන්න. මේ වදන් ඉස්ලාම්, ක්‍රිස්තුස් සහ ඕනෑම ආගමක අයට සුදුසු වන්නේය. (නදී)
සාදු.....සාදු ....සාදු ..... (නදී)
ෆස්රුල් ගෆූර්, ඇත්තටම මම අ.පො.ස. සාමාන්‍ය පෙලටත් බුදුදහම කලේ මට "C " එකක් තියෙනවා මගේ බෞද්ධ යාලුවෙක් ඉන්නවා එප් එකක් ගත්තා. කෙසේ හෝ දුර්ලභ පින්තුර ටිකක් දැකීමට ලැබීම ලංකාදීපයට ස්තුතියි.(නදී)
මෙත් මල් පිබිදේවා! (නි)
මා අහන්නෙත් බුදු රදුන් දේශනා කල සැබෑ දර්ශනය දන්නේ කීයෙන් කීදෙනාද? (නදී)
ලෝකයේ කිසිම ජාතිකයෙකු සමග ආගම පිළිබදව තර්ක විතර්ක වලට නොයා යුතුයි. සෑම ආගමකටම ගරු කළ යුතුයි. පස්රූල් ගපූර් අපිට උගන්වන්නේ ලෝක සාමය පිළිබද පාඩමයි.(නදී)
ගෆුර්, ඔයා ගැන ආඩම්බර වෙනවා.තිලිනි, කවුද කියන්නේ බුදුන් උපන්නේ ලංකාවේ කියලා? මම නම් අහලා නැහැ එහෙම (නි)
බුද්ධාගම යනු, බුදු හිමියන් ගැනත් සහ බුද්ධ දර්ශනය ගැනත් තමාටම තාර්කිකව ප්‍රශ්න කර අවබෝධ කරගත හැකි ආගමකි. එය බලයෙන් මනුෂ්‍යයාට දුන් මනං කල්පිත දෙයක් නොවේ. (එය මෙසේ සිදුවිය. මෙසේ ඔබ විසින් ඇදහිය යුතුය කියා නොපැවසේ.) (නදී)
සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා...! (නදී)
බුදු දහම සත්‍යයි. කොතරම් යටපත් කිරීමට උත්සාහ දැරූවත් සත්‍ය යටපත් කළ නොහැකි බව මෙයින් මනාව ඔප්පු වේ. සත්‍ය ඉස්මතු කළ පුරාවිද්‍යඥයන්ට හදපිරි ස්තූතිය පුදමි. සාදු සාදු සාදු!!! (නදී)
ඉතාමත් කාලෝචිත සොයාගැනීමක් (නි)
මේ වගේ දෙයක් දැකීමත් සතුටක්. සාධු... සාධු... සාධු...! (නි)
කවුරු මොනවා කිවුවත්, මම නම් කියන්නේ මියයන්න පෙර පුලුවන් නම් එකපාරක් හරි දඹදිව වැදපුදා ගන්න උත්සාහ කරන්න.ජීවිතේටම කරගන්න පුළුවන් ලොකුම පින්කමක් (නි)
ෆස්රුල්,ෂෆීක්,කළ යුත්තේ බුදු දහම නුවණින් අවබෝධ කරගෙන පිළිපැදීමයි (නි)
බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මය නිර්මලයි. එහෙත් ඒ ධර්මය දේශනා කරන අපේ කහ සිවුරු පොරවා ගත්ත කී දෙනෙක් ඒ ධර්මයට නිඟා වෙන විදියට හැසිරෙනවද? (නි)
ක්‍රිස්ටි,මේ ලෝකේ බුදුදහමේ ඇති විද්‍යාත්මක ඉගැන්වීම් අද ලෝකයේ විද්‍යාත්මක නියමයන් වශයෙන්ද භාවිතා කෙරෙනවා.බුදුරදුන් කාලය හා අවකාශය,පදාර්ථය ආදිය ගැන අද විද්‍යාවෙන් හොයාගන්න දේවල් දේශනා කළේ මීට අවුරුදු 2600 කටත් පෙරයි.හින්දු ධර්මයේත් මැවීම් හැරුණු කොටගෙන යම් විද්‍යාත්මක කරුණු අන්තර්ගත වනවා. (නි)
යාලුවනේ, බුදු හිමියන් සිටින කාලයේත් දෙව්දත්, නිගන්ඨනාත, චුන්ද වැනි ධර්මය නොදත් අය හිටියා. බුද්ධ දර්ශනය දේශනා කළේ තමන් වහන්සේගේ ධර්මය තේරුම් ගැනීමට බුද්ධියක් ඇති මිනිසුන්ට පමණි.ඒ කාලයේත් හැමෝම රහත් වුණේ නැහැ (නි)
සාදු.....සාදු ....සාදු ..... (නදී)
සාදු.....සාදු ....සාදු ...නිර්මල බුදුද දහමයි. බුදු දහම සත්‍යයි....!! (නදී)
සත්‍ය ආගම නිර්මල බුදුද දහමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා...! සාදු.....සාදු ....සාදු .....සාදු.....සාදු ....සාදු .....සාදු.....සාදු ....සාදු .....සාදු.....සාදු ....සාදු (නදී).....
සාදු..සාදු..සාදු....මෙන්න සත්‍ය.....කුමාර්ට ආගමක් ධර්මයක් නැ. එයාගේ පසු ගිය කාලේ අදහස් වලිනුත් දැනගන්න පුළුවන්.ෆස්රුල් ගෆූර්, ඔබ මුස්ලිම් ජාතිකයෙක් ඔබගේ අදහස් මම නිතරම කියවනවා ඔබ කවම දාවත් මොනම ආගමකටවත් අගෞරව කරන කෙනෙක් නෙමෙයි. ඔබ නිතරම මධ්‍යස්ථව හිතන කෙනෙක්.(නදී)
ලෝකයේ විවිධ දහම් තිබිය හැකිය. සෑම එකම දේශනා කරන්නේ එක හා සමාන කරුණු විය හැකිය. හැම එකක්ම හරි බව පෙනුනද කුමක් හෝ එක දහමක් තමා හරියටම හරිවිය යුතු වන්නේ. ලොව පලමුවන මිනිසාගේ දහම කුමක්දැයි සොයා ගැනීමට පුළුවන්වේ නම් එය අනුගමනය කිරීමට ලොව වැසියා සූදානම්විය යුතුයි. එය තමා තාර්කික විය හැකි සත්‍යතාවය වන්නේ. (නදී)
ඉතා හොද ලිපියක්. මගේ හිත තුල "පහන් සංවේග" ජනිත කරවන්නක්. මෙහි ශීර්සයට "සිදුහත් කුමරු " කියා යෙදුවනම් මේ ලිපියේ වටිනාකම වඩාත් වැඩි වෙනවා නොවේද? එතුමා "නළුවෙක් හෝ "දේශපාලුවෙක්" නොව , ලොවට අනගි දහමක් දෙසු " යතිවරයෙකි.(නදී)
ක්‍රිස්ටි උන්නැහේ, විද්‍යාවෙන් ලෝකය දෙවියන් මැවූ බව ඔප්පු කරලා තියෙනවද? ඔහෙලා ඉස්කෝලෙදි පරිනාමය කියන එක අහලවත් තියෙනවද? පොලව යට තිබී හමු වන ෆොසිල වලින් මොනවාද කියන්නේ? (නදී)
ඔන්න ඉතින් වදින්න පටන් ගත්තා..... ගලක් ගහක් පේන්න බැහැ ඒකට වදින්න මයි යන්නේ. මේවා බුදුන් වදාරලා තියනවද? (නදී)
බුදුන්වහන්සේ දේශනා කල දර්මය හොදින් පිළිපදිනවනම් හැම දෙනාටම යහපත් ජීවිතයක් ගතකරන්න පුළුවන්. (නදී)
ඇයි මේ මිනිස්සු හැම දේටම ආගම් පටලවාගෙන සිත් සවුත්තු කරගන්නේ. තම තමන්ගේ ආගම හැමෝටම වටිනවා. ඒ නිසා අනෙක් ආගම් විවෙචනය නොකර හොදින් තම ආගම අදහන්න. වෙනත් ආගමකකට මාරුවෙන්න ඔන නම් ඒකත් අවබෝධයෙන් කරන්න. ඒත් අනෙක් අයගේ ආගමට ගරහන්න එපා. උපාලි සූත්‍රය කියවල බලන්න. බුදුහාමුදුරුවෝ අනෙක් ආගමිකයන් පිළිබදව දක්වල තියෙන සහන ශීලිත්වය. බුද්ධිමත්ව තම ආගමේ තිබෙන සත්‍යවාදී බව ප්‍රකාශ කරාට අනෙක් ආගම්වල තිබෙන දුර්වලතා නොකියා සිටීම තමයි හොද. ඒකෙන් වෙන්නේ දෙගොල්ලන්ගෙම සිත් කිලිටි වෙන එක.(නදී)
මම දන් නෑ මගේ අදහස් පළ නොවන්නේ මොකද කියා. නමුත් මට හිතෙන මම දන්නා දේ බුද්ධ ධර්මය ඇත්ත මොකද මිනිස් ඉතිහාසයේ එය පැහැදිලියි. නමුත් ඔබලා කියන නොපෙනෙන දෙවියන් ගැන ඔබලා හිතනවට වඩා වැදගත් දෙයක් තියෙනවා. දෙවියන් ආත්මයනකි. එම දෙවිදුන් දැක ගත හැක්කේ ආත්මිකව පමණි. සැම මනුස්යෙකුටම ආත්මය ප්‍රාණය ශරීරය යන කොටස් තුනක් ඇත. දෙවිදුන්ගේ ආත්මය මිනිසාගේ ආත්මය සමග ක්‍රියා කරති.(නදී)
සම්මා සම්මුදු පියාණන්ට සිදුහත් කියල දාන්න වටින්නේ නැහැ නේද? (නදී)
වටිනා ලිපියක් තිස්ස සහ තුෂාරට ස්තුතියි. (නදී)
අනේ අපේ බුදු හිමියන් නැවත ඉපදෙනවානමි සාදු සාදු සාදු (නදී)
අනේ සාධු සාධු ... !!! (නදී)
ලෝකේ සත්‍යම දහම බුදු දහමයි.(නදී)
අවසානයේ මුළු ලෝකයම බුදු දහම වැලද ගන්නවා එකයි ඇත්ත කතාව ... (නදී)
කුමාර් ඉදිරිපත් කරලා තියන්නේ ප්‍රශ්නයක්. නිර්මල බුදුදහම අපේ ලංකාවේ තියනවා කිව්වත් හරි නේද නිකං අනවශ්‍ය තර්ක නොකර.(නදී)
ක්‍රිස්ටි, ඔබ හෝ ඔබේ පරම්පරාව අපේ මුතුන් මිත්තන් බුද්ධියෙන්,අවබෝධයෙන් සහ කැමැත්තෙන් වැලද ගත් ආගම අතහැර මරණ බයට හෝ නම්බුනාමවලට හෝ මුදල්වලට වෙනත් ආගමකට මාරුවුණා නේද ?. (නදී)
බුද්ධ දර්මය සත්‍යකි.(නදී)
උතුම්වූ නිර්මල බුදු දහමේ කියැවෙන සිත, කය, වචනය, සංවර කර ගැනීම ගැන, ශ්‍රී ලාංකික බෞද්ධයන්ට මෙන්ම බෞද්ධ භික්ෂුන්ටද තව බොහෝ දේ බෞද්ධ දර්ශනය තුලින් ඉගෙන ගැනීමට හා අවබෝධ කර ගැනීමට මීට වඩා බොහෝ ප්‍රඥාවන්ත විය යුතුව ඇත. (නදී)
අජාසත්ත හා දේව දත්තලා බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටියා නමුත් බුදුහාමුදුරුවෝ වත් දෙසු ධර්මයවත් වෙනස්වුනේ නැ එය නිර්මලයි සත්‍යයි (නදී)
"කුමාර්"අද නම් වැරදි දේකට කට දාල තියෙන්නේ,කොහොම උනත් ඔබට අපි අනුකම්පා කරමු,තෙරුවන් සරණින් ඔබට යහපතක්ම වේවා,බොලද සිතුවිලි වලින් දුරස් වී ,යහපත් සිතුවිලි පහල වේවා! (නදී)
ලොව කිසිදු විද්‍යාචරයෙකුට ඇගිල්ලක් දිගු කළ නොහැකි දහම බුදු දහමයි.(නදී)
සන්ද්‍යා කව්ද කිව්වේ මුළු ලෝකෙම බුද්දාගම පිළිඅරගෙන ඉවරයි කියල . ඔයා හිතන විදිහ .ලංකවේ කට්ටියට මොන හරි කිව්වම ගොඩක් තරහ යන හැටි දැක්කම පේනවා නිර්මල බුදු දහම පිළිපදින හැටි නේද කුමාර (නදී)
සාධු...! සාධු...! සාධු...! (නි)
අසරණ ගිම්හානි, මේ සසරේ අතරමං නොවේවා! (නි)
එමවිට පවසනු මුවින් ඔබේ... බුද්ධං සරණං ගච්ඡාමී... (නි)
නිර්මල බුදු දහම යනු බුදු දහම නිර්මල බවයි.එසේ නොමැතිව මේ බුදුදහම ඇදහුවා කියලා මිනිස්සු නිර්මල වෙන්නේ නැහැ.මොන ආගමේත් එහෙමයි. හාමුදුරුවෝ සිවුරක් පොරවාගත්තා කියලා හාමුදුරුවොත් නිර්මල නැහැ.එහෙත් බුදුදහම නිර්මලයි. ධර්මය විතරයි නිර්මල.ඒක නිසා නොදන්නා දේවල් ලියන්න එපා (නි)
සමහරු ලංකාවේ මුස්ලිම්ව ඉපදුනත් අපේ අයට වඩා බුදු දහම ගැන දන්නවා. දහම් පාසැල් යන අයත් ඉන්නවා (නි)
කුමාර්,ලොකුගේ, ගිම්හානි, ඔබ සියල්ලන්ටම සම්මා සම්බුදු පිහිට පතමි (නි)
බුදු සසුන බැබළේවා! (නි)
සාධු... සාධු... සාධු...! (නි)
අද ශිෂ්ට සම්මත සමාජයක් කියලා තියෙනවා නම් ශිෂ්ට සම්පන්න මිනිස්සු ඉන්නවා නම් ඒ වෙන මොනවත් නිසා නෙමෙයි, ධර්මය නිසායි. (නි)
බුදුරජාණන් වහන්සේට සහ ආගමට නිග්‍රහ කරන සමයක මෙවන් යටපත් වූ ආශ්චර්යක් ඉස්මතුවීමම, බුදු බලය මිත්‍යා දුෂ්ඨිකයන්ට දෙනෙත් විවර කරවීමට ස්වභාව ධර්මයෙන් දුන් පණිවුඩයකි (නි)
සත්‍ය සත්‍යමය, පින්තූර වලින් හෝ දැකගන්නට ලැබීම මහත් පිනකි.සාධු... සාධු... සාධු...! (නි)
සාධු... සාධු... සාධු...! (නි)
මිනිසා සත්‍යයට වඩා තම විශ්වාසය තහවුරු කිරීමට උපතින්ම නැඹුරු වේ. මේ නිසාම ඔවුන් ආගම තුල වඩාත් ජීවත් වනු ඇත (නි)
ෆස්රුල් ගපුර්,රෆීක්, ඔබලා ගැන අපිට ආඩම්බරයි.බුදුදහම ගැන තව පොත් කියවන්න,බුදුදහමට අනුව ජීවිතය හැඩගසා ගන්න.ඔබේ ආගම සමග බුද දහම සසදා බලන්න.හොද දේ විතරක් බාරගන්න. (නි)
බුද්ධ ධර්මය දන්නා අය නම් ගොඩාක් ඉන්නවා. නමුත් ඒක පිළිපදින අය ඉන්නේ බොහොම ටිකයි (නි)
නිර්මල බුදුදහම දිනේවා! සාධු...සාධු..! (නි)
කොහොම වුණත් කිසිම යුද්ධයක් නැති , කපටිකම් නැති , ප්‍රඥාවන්තයන්ට දේශනා කළ එකම දහම මෙයයි (නි)
සාධු... සාධු... සාධු...!තව එක සැරයක් මේ ලොව් පහළ වුණා නම් අපේ බුදුරදුන්? (නි)
බුදුදහම සත්‍යයක්.එය නොදන්නා කුමාර් වගේ අයට පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ.සත්‍ය ජය ගන්නවා. (නි)
ගිම්හානි, කුමාරලාගේ මුතුන් මිත්තෝ කිනම් හෝ හේතුවක් නිසා බුදු දහම අත් හැරලා වෙනත් ආගමකට ගිහින් තිබෙනවා. එකල යම් ආගමකට ගියේ නැත්නම් පෘතුගීසින් විසින් කිරිදරුවන් පවා මරා දැම්මාලු. ආගම වෙනස් කළොත් නම්බු නාම ගම්වර පවා ලබා දුන්නා. රට ,ආගම වෙනුවෙන් සටන් කර තමුන්ගේ මියගිය මුතුන් මිත්තන් අමතක කරන්න එපා. (නි)
ෆස්රුල් ගෆූර් සොයුර, ඔබට මගේ ස්තුතිය පුදකරමි. බුදු දහමේ වැදගත්ම අංගයක් වන්නේ අනුන් කෙරෙහි දක්වන කරුණාව සහ මෛත්‍රියයි. හොඳ වැඩ වලට ආගමික ලේබලයක් අවශ්‍ය නැත. ක්‍රෝධය, තණ්හාව හොඳ නැති බව කවරෙකුට වුණත් පිළිගත හැක. මෛත්‍රිය සහ ත්‍යාගවන්ත බව යහපත් බව එසේම පිළිගත හැක. බුද්ධාගම රැකගත හැකි එකම මග එය පිළිපැදීමයි. (නි)
ගිම්හානි, කුමාරලාට වඩා අපි වැදගත් විදියට සිංහල බෞද්ධ ජනතාවට ගරු කරනවා (නි)
සිදුහත් කුමරුන්ගේ උත්පත්තිය සිදුවූ ස්ථානය පිළිබදව පැවති මතබේද නිරවුල් වීම අප බෞද්ධ ජනතාවට අසන්නට ලෑබූ ප්‍රියතම තොරතුරකි. නමුත් අදටත් අප බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ ස්ථානය පිළිබදව ඇත්තේ මතබේද සහිත බවකි. මෑතකදී කරන ලද කැණීමකින් ඒ ගැන යම් තරමක සාක්ෂි කිහිපයක් ලැබී තිබුනද උන්වහන්සේගේ ධාතුන් සහ ඒ අශ්‍රිතව තිබු වටිනා මිළ කළ නොහැකි දේවල් අද වනවිටත් අැත්තේ අප සතුව නොවන බව අප කව්රුත් නොදැන සිටින බව කනගාටුවෙන් වුවද කිවයුතුය. (නි)
වීර, අපි ආගම් පිළිබද තර්ක කරන එක මෝඩ වැඩක්. හැම ආගමක් දිහාම බැලුවම යම් යම් සමානකම්, ගැළපෙන දේවල් තිබෙනවා. ඇයි අපි නොගැළපෙන දේවල් ගැනම කතා කරන්නේ. ඒ ඒ ආගම් බිහිඋන දේශයට අනුව යම් වෙනස්කම් තිබුණත් සෑම අාගමකින්ම මග පාදන්නේ සදාචාරාත්මක ජීවන රටාවකට. (නි)
මෑත කාලයේ ලංකාදීප පාඨකයන් වැඩිම පිරිසක් කියවන ලද වටිනාම පුවත මෙය විය යුතුයි. මෙය වාර්තාවක් වෙන්නත් පුළුවන් (නි)
පටලවා ගන්න එපා. පුරා විද්‍යාව බුදුදහම ඇත්ත කියලා කිව්වේ නැහැ. මේ අදහසට වඩා එහාට යන්න අවශ්‍ය නැහැ. අමනාප වෙන්නත් එපා (නි)
බුද්ධ ධර්මය තේරුම් ගන්න හොද බුද්ධියක් ඕනෑ. කාටවත් බලෙන් අදහන්න කියන ආගමක් නෙමෙයි මෙය. (නි)
ඇත්තටම ලෝකේ සාක්කි ඇති එකම ශාස්තෘවරයා අපේ බුදු හාමුදුරුවන් බුදු දහම අදහන අපි ගොඩක් පින් කරලා ඇති...(දිල්)
මම ලබන ආත්මෙදිත් බුදුදහමේම වෙලා ඉපදෙන්න කියා ප්‍රර්ථනා කරනවා... සාදු... සාදු... සාදු... (දිල්)
සත්‍යය ලෝකයට තව දුරටත් නිරාවරණය වේවා !(නදී)
මෙම ප්‍රවෘත්තිය පලකිරීම ගැන එසැනට ස්තුතියි. (නදී)
සාදු! සාදු සාදු නිර්මල බුදු දහම සත්‍යයි.(නදී)
සාධු... සාධු... සාධු...! මගේ ආගම සැමදා සත්‍යයකි.මගේ රටත්,බුදුන් උපන් දේශයත්,අන් රටවලුත් බුදුදහමේ බලයෙන් සැමදා රැකදේවා! සාධු... සාධු... සාධු...! (නි)
සත්‍ය ආගම් මේ ලොවේ අහල නැත. බුද්ධියෙන් ක්‍රියා කරනු මැන. අපගේ සත්‍ය දර්ශනයට නිගා නොකළ මැන. ස්වභාව ධර්මය ගැන නිවැරදි ලෙස කියූ එකම ධර්මය ගෞතම බුදුන්ගේ දර්ශනය පමණි. . (නදී)
පුරා විධ්‍යත්මක සාධක (නදී)
සාධූ.... සාධූ.... සාධූ ...... නිර්මල බුදු දහම සැම සත හට පිහිට වේවා! (නදී)
මාර්ක් සීඩ්නි කුරේ ඔබ මෙන් අප කිසිවිටක දෙවියන් නමස්කාර නොකරමු .ඔබට ඇත්තේ සර්ව බලදාරියි කියන එකම දෙවියෙකි. ඔබලා දෙවියන් යදිමින් පව් සමා කරවා ගනිමින් කරන දේවල් අපි විවේචනය නොකරන්නෙමු. අප ශික්ෂා පද ආරක්ෂා කර ගැනීමෙන් ස්වාභාවික ලෙස උත්පත්තිය ලැබූ මිනිස් පුත්‍රයකු දෙසු පිළිවෙත් මගින් ජීවිත සකසා ගැන්මට වෙර දරන්නෙමු. වංශ කතා වල හැටියට ඔබගේ දේව පුත්‍රයාට තිබිය යුත්තේ වර්ණ දේහ එක කට්ටලයකි. එවැනි පුද්ගලයන් ජීව විද්‍යාත්මකව කිසිම අයුරකින් ඇති විය නොහැක.(නදී)
සාදු! සාදු! (නදී)
සමාවෙලා අසාගන්න මම කියන දෙයත්. ඔයාලා ඔහොම එක එක කතා කියා ගන්නේ නැතුව අපි කවුරුත් පින් දහම් කරගෙන ජිවිතය ඉදිරියට ගෙන යමු. මතක තියා ගන්න හොද නරක මොන ආගමටත් එකයි. (නි)
කව්රුහරි කියන්න බලන්න බුදුන් ධර්මය දෙසුවේ මොන භාෂාවෙන්ද කියලා. (නි)
"බුදුන් වහන්සේ හිටපු තැන් හොය හොයා යනවට වඩා උන්වහන්සේ දේශනා කරපු ධර්මයෙන් ප්‍රයෝජන ගැනීම වැදගත් කියලයි මටනම් හිතෙන්නේ." ඔයා හරියට හරි ලොකුගේ මල්ලි. (නදී)
බුදුරජානන්වහන්සේ ධර්මය දේශනා කලේ පාලි භාෂාවෙන්. ඒ මක්නිසාද යත් දෙවියන්ට බ්‍රහ්මයන්ට පවා තේරුම් ගත හැකි වූ භාෂාව පාලි වූ නිසාවෙනි ...එහි ශබ්ධයන් සහ ඝන පිහිටීම් ඉතා දියුණු මට්ටමකින් යුතුය.(නදී)
අපි අසරනවෙලාවගේ අපිට දැනෙනවා (දී)
බ්‍රිතාන්‍යකාරයෝ සොයා ගත්නිසා මේක පිළිගන්න බැහැකියාවිද දන්නේ නෑ අපේ මක පණ්ඩිත කට්ටිය.(නදී)
මේවා කියවපුවම හිතෙන්නේ ලෝකේ සේරම ධාර්මිකයෝ ජීවත් වෙන්නේ ලංකාවේ කියලයි. හැබැයි පත්තරයක් අරන් බලන්න ඕන කට්ටියගේ කෙරුවාව නම්.(නදී)
සාධු... සාධු... සාධු...! (නි)
මන් හිතන්නේ මේ ගැන මුකුත් නොකිය ඉන්න එක හොඳයි,,,,,,,මේකට ප්‍රතිචාර දෙනවට වඩා බුදුන් වදින එක මට සතුටක්..................(අ)
ලිපිය බොහොම වටිනවා.ගොඩක් ස්තුතියි. (ස)
අනේ ෆස්රුල් ගෆුර් ඔයා බබා වෙන්න එපා.. (ස)
කිසිම ගරු සරුවක් නැතිව යොදා ඇති මාතෘකාව පිළිබඳ දුක හිතෙනවා. සිදුහත් බෝසතාණෝ ලෙස හෝ සිදුහත් කුමරු ලෙස යෙදුවේනම් වඩා වටිනවා. ගරුකටයුතු උතුමන් පිලිබඳ වාර්තා කරන විට ඒ ගරු බව ආරක්ෂා කළ යුතුයි. ඉදිරියට ඒ ගැන සැලිකිලිමත් වෙන්න. (ස)