එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඇමැති විමල් වීරවංශ මහතාගේ ජාතික පෙරමුණෙන් ද, ඕමල්පේ සෝභිත හිමියන්ගේ ජාතික හෙළ උරුමයෙන් ද, දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණෙන් ද තරඟ කළ අපේක්ෂකයෝ පරාජයට පත්වී සිටිති.
විජය කුමාරතුංග මහතා විසින් අරැඹුණු ශ්‍රී ලංකා මහජන පක්ෂයේ වත්මන් නායක අසංක නවරත්න වයඹට සන්ධානයෙන් තරඟ කර ජය ගත්තේය.
එහෙත් යාපනයට තනිවම තරඟ කර ඡන්ද 209ක් ලබා හත් වැනි ස්ථානයට පත්වී පරාජය විය.
විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණෙන් මාතලේට තරඟ කළ සරත් විජේසිංහ, මහනුවරට තරඟ කළ හිටපු පළාත් කෘෂිකර්ම ඇමැති විමල් පියතිස්ස මහත්වරු ද පරාජය වූහ. වයඹින් ද එම පක්ෂයට තිබූ මන්ත්‍රී ධුරය අහිමි විය.
ජාතික හෙළ උරුමයෙන් මහනුවරට තරඟ කළ නාලක ස්වර්ණතිලක ද පරාජය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ ජාති ප්‍රශ්නයක් තිබෙනවා. ෆොන්සේකා මහත්තයා ගේ ගමනත් ඔච්චර තමයි. යු එන් පි එක කව්රු නායක උනත් ඔච්චර තමයි. ජේ වී පි එකට තමන්ගේ වැඩ පිළිවෙලක් ජනතාවට ඉදරිපත් කලයුතුයි. හැම එකටම කෑගහිමෙන්,කරදර ගෝශාකාරී පක්ෂයක් වෙලා.(නදී)
නිරන්ජ සිල්වාගේ කතාව නම් හරිම වටිනවා. (නි)
පළාතේ කෘෂිකර්ම ඇමති පැරදුනා කියන්නේ ඒ පළාතේ ගොවීන්ට ඇමතිගෙන් හොද සේවාවක් සිදුවී ඇති බවයි.කුඩා පක්ෂ ආණ්ඩුවට සම්බන්ධ වී ආණ්ඩුවටම කොකා පෙන්නුවම ඔය දේ වෙනවා (නි)
සරත් ෆොන්සේකා එදා වැටුණා නොවෙයි වැට්ටුවා. දැන් ඒ මහත්මයා හරි මාර්ගය තෝරාගෙන නැගිටිනකොටත් අස්ථාවර පක්ෂ වලට බැල මෙහෙවර කරන සමහර අය එක එක දේවල් කියනවා. මෙහෙමත් මිනිස්සු! රටේ තත්වය තේරුම් නොගෙන රට පාලනය කරන අය ඔය යසට රජ කරගෙන ඉන්නේ. සමහර විට "ජිල්මාර්ට්" බලයෙන් වෙන්න ඇති. (නි)
අනේ සාදු. ඔහොම තමයි වෙන්න ඕනෑ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ රටේ ඉන්න සේරම මිනිස්සු මෝඩයෝ කියලා. (නි)
උතුරේ කරපුවා කොච්චර රජයේ නාලිකාවල පෙන්නුවද, නමුත් දිනන්න බැරිවුනා. මෙය පටන් ගැම්ම ඉදිරියට බලන්ඩ පුළුවන්.(නදී)
මේ පක්ෂ තුනේ සහ සමසමාජ පක්ෂයේ ප්‍රතිපත්ති ඡන්දදායකයන් විසින් පිළිඅරගෙන වගේ (නි)
සිල්වා මහත්තයා හරි (නි)
ෆොන්සේකා මහත්මයට තුන්වන බලවේගයෙන් දෙවන බලවේගයට එන්න පුළුවන් .(නදී)
මහජනතාව එතෙන්දි නම් හරියටම හරි. (නි)
ඡන්ද දින්නන්න ඕනෑ නම්, උගත්කම් නොසළකා,නලු නිලියන් යොදාගන්න.හින්දි ගීත සංදර්ශන තියන්න.වේදිකා වල, ඉන්දියානු ක්‍රමයට හැඳපැළදගත් නිලියන් දාන්න.භාරත ප්‍රසිද්ධ නලු නිලියන් ලංකාවට ගෙන්නා,වේදිකාවල කතා කරවන්න. (නි)
මේ වගේ අයට ඡන්දෙ දෙන්න දැන් ඉන්න චන්ද දායකයෝ මෝඩයෝ නෙවෙයි.ජේ.වී.පී. එකත් ඔච්චර තමයි. මනාප ක්‍රමේ නිසා මෙච්චර කල් ඇදගෙන ආව, නැත්නම් මෙලහට අර බාහුගේ වාසුගේ පක්ෂ වගේ තමයි.පොන්සේකා මහතා ඉදිරියට ඇවිත් තියෙන එක සුභ ලකුණක්.(නදී)
ලංකාවේ මිනිස්සුන්ට මොළය තිබෙනවා (නි)
මොවුන්ව හේදිලාම යනවා නම් මම සතුටුයි (නි)
නිරන්ජි,සත්‍ය,උදය,මහානාම .ඔබලාගේ අදහස් දැක්වීමට මගේ ස්තුතිය. (නි)
කරපු වැඩක් නැහැ . ඝෝෂාව විතරයි! හොඳ පාඩම්. ෆොන්සේකා මහත්තයට ඉද්රියටත් ජය නියතයි. අලුත් දෙයකට අපි එක්වෙමු ! (නි)
ජාතිවාදය සිංහලයන් ප්‍රතික්ෂේප කරලා. උතුරේ දෙමළ අයත් ආදර්ශයට ගන්න. (නි)
ඡන්දදායකයොත් ඔය පවුල් වලින්ම හොයා ගත්තා නම් හරිනේ. (නි)
ජනතාවගේ දහදිය ,ලේ සුවඳ නොහදුනන නායකයින් එළියට යා යුතුයි. කොපමණ බුද්ධිමත් වුණත් වැඩක් නැහැ. අලියා සහ ගිනිසිළුව එකතු වුණොත් ලොකු පෙරලියක් කළ හැකියි. (නි)
අනේ පව් පංචායුදේ... (නි)
හැමදාම බොරුව කරන්න බැහැනේ. ඊළඟ ඡන්දෙදි පොඩ්ඩෝ නෙමෙයි ලොක්කොත් විසි වෙයි. (නි)
සමහරුන්ගේ කට විතරයි. කරපු දෙයක් නැහැ (නි)
කොහොම හරි, මහින්ද රාජපක්ෂ,සජිත් ප්‍රේමදාස,සරත් පොන්සේකා එකතු වෙලා සිංහල රට රැක ගන්න බලන්න ඕන.. කවුරුත් අවුරුදු 80 විතර මැරෙනවා. (අ)
මේ පක්ෂ තුනම ජාතික මට්ටමේ දේශපාලනයක යෙදෙන පිරිස්. සාමාන්‍යයෙන් පළාත් සබාවක බලය ලැබෙන්නේ ග්‍රාමීය මට්ටමේ ප්‍රායෝගික දේශපාලකයන්ට. ඒ සදහා ඔය පක්ෂ තුනටම අවස්ථාව නැහැ. නමුත් ඔවුන් ජාතික මට්ටමෙන් උත්තරීතර සේවයක යෙදෙනවා. ඒ වගේම අලුත් දෙයක් ජනතාව බලනවා. අලුත්ම විකල්ප ඉල්ලුම ෆොන්සේකා . රජය තවමත් ජනතාවගේ අලුත් බලාපොරොත්තු නංවන නිසා ඔවුන්ට තවමත් ජනතාවගේ ඉල්ලුමක් තියෙනවා. ෆොන්සේකා රටේ තත්වය තේරුම් ගත්තේ නැත්නම් එයත් වැටෙනවා. (නි)
අනේ අරයා හැමතැනම කතා කරන්නේ බෙදුම්වාදය, ත්‍රස්තවාදය, ඊලාම්වාදය මිසක් වෙන රටේ දුප්පත් මිනිසුන් ගැන කතාකරන්නේ නැහැනේ (නි)
හැමදාම ජාතිවාදය අවුස්සමින් අධිරාජ්‍යවාධින් පෙන්න පෙන්න ජනතාව මුලා කරමින් තමන්ගේ සුඛ විහරණය ගැන පමණක් හිතන බදගොස්තරවාදීන්ට හොඳ පාඩමක්. (ස)
මෙවර පළාත් තුනෙන්ම එක්සත් ජාතික පක්ෂයේ වැඩිම මනාප ගත්තේ අසාද් සලී මැතිතුමා. එතුමාට අපේ සුබ පැතුම්!! ඈත්තෙන්ම මහනුවරින් ඉල්ලීමට ගත තීරණය ඉතාමත් බුද්ධිමත් සහ විශිෂ්ට ජයග්‍රහණයකි අනෙක් සියලු පක්ෂ පැරදවූ ජනතාවට ස්තුතියි! මහනුවර මහනායක හිමිවරුන්ගේ කැපවීමත් සහයෝගයත් අගය කරමි. (ස)
ලංකා සම සමාජ පක්ෂයේ දෙදෙනෙකු ජය ගත්තා කුරුණෑගලින් හා මහා නුවරින්... (ස)
අසංක නවරත්න හොඳ මනුසයක්..... (ස)
මේවා හරියට පාවෙන ඡන්ද වගේ. (නි)
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ වත්මන් නායක අසංක නවරත්න මහතාට අපගේ උණුසුම් සුබ පැතුම් !!!! සදාචාරාත්මක දේශපාලනයට තවම තැනක් තියනවා කියන එක පැහැදිලි. (ස)
පැරදිච්ච මේ පක්ෂ තුනම පළාත් සභා ක්‍රමයට විරුද්ධ අය. එතකොට ඒ අයගේ මතය ජනතාව ප්‍රතික්ෂේප කරලා. (නි)
මේක නම් විජාතික බල වේගවල කුමන්ත්‍රණයක්ම තමයි !!!! (ස)