මධ්‍යම පළාත් ඡන්ද අපේක්ෂකයක ක්‍රිෂ්ණ මූර්ති නාවලපිටිය නගරයේ ඡන්ද කටයුතුවල යෙදී සිටියදී පත්තු කළ රතිඤ්ඤා වැලක රතිඤ්ඤයක් බවසයක් ඇතුළට විසිවී එහි සිටි කාන්තාවෝ දෙදෙනෙක් බරපතල පිළිස්සුම් තුවාල ලදහ.
එක් කාන්තාවකගේ ගෙළ පිළිස්සී කං නොඇසෙන බවත්, අනිත් කාන්තාවගේ මුහුණ පිළිස්සී ඇස් නොපෙනෙන බවත් රෝහල් ආරංචි කියයි.
ඇතැම් තැන්වල එක දිගට රතිඤ්ඤා 500, 600 පත්තු කරන බවත්, මෙදින නගරයේ වාහන තදබදයක් පැවැති අවස්ථාවේ අපේක්ෂකයා පිළිගැනීමට පත්තු කළ රතිඤ්ඤා කරලක් බසයට විසිවී ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් මගේ මුළු ජිවිත කාලයේදී එක වතාවක්වත්,ඡන්ද රැස්වීමකට ගිහිල්ල නැ.ඔය තව කෙනෙකුට සිමා රහිතව අපහාස කිරීම් අහලා මට විනෝදයක් ලබන්න තරම් මගේ මනස අඩු මට්ටමක පවතින්නේ නැත.හැබයි මම කතිරේ ගහන්න නම් යනවා.ටික කලකට පෙර,මා දුටු දෙයක් නම්,එක මිනිසෙක් එක පක්ෂයකට හිමි පාටක හිස්වැසුමක් පැළදගෙන ඡන්ද පොළ කරා ගමන්කරමින් සිටියා.හදිසියෙන්ම මා කැමති පක්ෂ නියෝජිතයාගේ කාණ්ඩයක් දිව ඇවිත් මේ හිස්වැසුම පැළද හිටි සාමකාමී මිනිසාට ගුටි බැට දීල තොප්පිය උදුරා ගත්තා.ඒ අහිංසක මිනිසා ශාර්රික වේදනාවට වඩා ලජ්ජාවකට පත් උනා.එදා මම මගේ පක්ෂෙට ඡන්දය නොදී ස්වාදීන අපේක්ෂකයාට ඡන්දෙ දුන්නා. (අ)
මට මොකුත් නම් ඇහුනේ නැහැ මොකාක් හරි කියුවාද
පිස්සු බලු දේශපාලනය.(නදී)
පිස්සු බලු දේශපාලනය.(නදී)
බස් එකට වෙඩි තියල නැහැනේ ? විසිකරේ රතිඥා පමණි නේ ? අර තංගල්ල පැතේ ඉස්සර බස් එකකට t56 වෙඩි තියල මිනිමරපු කෙනෙක් මොකක්ද සංගමයක සභාපතිවෙලා තිබෙනේ , සුභ අනාගතයක් කර යන ගමනේදී නොයෙකුත් විදිහේ පරිත්‍යාග කරන්න වෙනවා තමයි, ඕව ගණන් ගැන එපා , ලබන්සැරෙත් අපිටම මනාපය දෙන්න (අ)
සම්පත්, ඔය කියපු දේ තමයි හරියටම වෙන්න ඕනෑ (නි)
රතිඤ්ඤා පත්තුකරගෙන භයානක දකුණු ඉන්දියාවේ චිත්‍රපටි වගේ....ඒ වුනාට උඩ පැන පැන විසිල් ගහන්නෙත් ඔයගොල්ලොම තමයි (නි)
අපේ රටේ කොපමණ නම් මුදල් කන්දරාවක් ඡන්ද සදහා වැයකරනවද? (නි)
මොන පිලේ හිටියත් පළමුව රටේ මහජනයා ගැන සිතිය යුතුයි.අපේක්ෂකයන්ගෙන් ලාබ ප්‍රයෝජන ගන්න දේශපාලන හෙන්චයියලා සද්ද වෙඩි පත්තු කරන්න පුලුවන්. නමුත් එයාලටත් වගකීමක් තියෙනවා ...මොකද එයාලා ඡන්දෙ කරන්නේ රටේ මහජනයාට සේවයක් කිරීමේ පරම චේතනාවෙන්නේ. (නි)
මිනිස්සුනේ , මේවා නුඹලට පත්තු කරන්න දෙන අයගේ සහ අපේක්ෂකයන්ගෙ ඇඟේ ඔතා පත්තු කරන්න. (නි)
මේ අය නිසා මේ රටේ මිනිස්සු කොච්චර දුක් විදිනවද? (නි)
බණ්ඩාර කියන එක සම්පුර්ණ ඇත්ත! (නි)
පද්මේ හරියටම හරි. (ස)
වරුණ, ඔයත් ඒ දවස්වල ඡන්ද රැස්වීම් වලදී පත්තු කලා නේද මේ වගේ පුස් වෙඩි! අනුන්ට කපන වල තමන්ටම කැපෙයි! බලාගෙනයි! (ස)
ඕව ඉතින් කාට කියන්නද? අලාභය තුවාල වුන අයට තමා. (ස)
මෙන්න තවත් මැතිවරණ ප්‍රතිඵලයක් (ස)
දැන් මේ මනුස්සයින්ට වුන හානියට වගකියන්නේ කවුද ?මේ පිස්සු දේශපාලනය ජනතාව ප්‍රතික්ෂේප කල යුතුයි.බැකප් වාහන රතිඤ්ඤය හරියට දකුණු ඉන්දියානු චිත්‍රපට වගේ.... (ස)
මේ වගේ අයට තවත් කතිරය ගහනවද කියලා තීරණය ගනිමු (නි)
ඕප දූප කතා කර කර යන්න ඇති වටපිටාවේ වෙන දේවල් වලට අහුන්කම් නොදී (නි)
මෙවන් මුදල් නාස්ති කිරීම් සම්පුර්ණයෙන් නැවතිය යුතුයි. රැස්වීමක් පවත්වනවා නම් එයට යම් මුදලක් එය පවතින ගමට දීමේ වැඩපිළිවෙලක් හැදුවා නම් හරි. උදාහරණයක් නම්,එක රැස්වීමකට රු. 10000 වගේ ගානක්,එම මුදල් ගමේ පොදු දියුණුව සදහා යොදාගත යුතුයි. එහෙම වුනානම් ඔය රැස්වීමුත් අඩු වෙයි (නි)