කැකිරාව පුබ්බෝගම උප නගරයේ පිහිටි වෙළදසල් දෙකක් ගිනිගෙන සම්පුර්ණයෙන් විනාශ වී ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි. ගින්නට හේතුව අනාවරණය කරගෙන නැතත් එහි හිමිකරුවන් කියා සිටින්නේ තම වෙළදසල් හි ගින්නක් ඇතිවීමට තරම් අවදානම් තත්වයක නොතිබූ බවයි, මෙය කඩාකප්පල් ක්‍රියාවක් බව ඔවුහු කියති .
නගරයේ හා අවට ගම්වල ජනතාව මෙම වෙළඳල සාධාරණ වෙළදාමක් කරන බවට නම් දරයි. මේ වෙළදසැලට අපේ කඩේ යයි කියයි . මේ වෙළඳසලට එන ජනතාව තමන්ට අවැසි බඩු තමන් විසින්ම කිරාගෙන මුදල්ගෙවා යනතරමට හිතවත්ව සිටි බව ජනතාව ද කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු. සත්‍යය කවදාහරි ජයගන්නවා (නි)
ලංකාව කොච්චර දියුණුද කියලා හිතෙන්නේ මෙහෙම කතා කියෙව්වාමයි. තමන්ම බඩු තෝරා, කිරා, බෑග් වල දමාගෙන තමාම මුදල් ගෙවා, ඉතිරි මුදල්/කාඩ්පත් , බිල්පත තමාම ලබාගෙන යන විදියට ඕස්ට්‍රේලියාවේ සුපර් මාර්කට් පහසුකම් සලස්වලා තවම වසර දෙකක්වත් නැහැ (නි)
පාරිභෝගිකයන්ම එකතු වෙලා අලුත් වැඩියා කරලා දුන්නොතින් කළගුණ සැලකුවා වෙනවා. (ම)
ඊර්සියාව බෙහෙතක් නැති ලෙඩකි ලොවේ! (බ)
ඇහැට කටු ඇණි ඇණි හිටපු කෙනාට දැන් සන්තෝෂ ඇති .(අ)
සාධාරණව වැඩ කළා නම් මේ වගේ පහත් වැඩ වලින් ඉදිරි ගමන නවත්වන්න බැරි වෙයි . (ම)