බස්නාහිර හා දකුණ පළාත් සභා ඡන්ද ගැන දේශපාලන පක්‍ෂවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා අද සන්ධ්‍යාවේ සාකච්ඡාවක් පැවැත්විණ.
පොලිස්පති එන්.කේ. ඉලංකකෝන් මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයෝ ”පැෆරල් ආයතනය ඇතුළු මැතිවරණ නිරීක්‍ෂණ නියෝජිතයෝද මෙම අවස්ථාවට එක්වූහ.
සාධාරණ හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සියළු පහසුකම් සලසන බව කී කොමසාරිස් දේශපාලන පක්‍ෂවලින්ද ඉල්ලා ඇත්තේ නීති කඩ නොකරන ලෙස තම පක්‍ෂ අපේක්‍ෂකයින් ඇතුළු සාමාජිකයින්ට දැනුම් දෙන ලෙසයි. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඇතුළු විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ රැසක නියෝජිතයෝ සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ මැතිවරණයක් තියන්නේ කොහෙද දැන්මම මරා ගන්නවා (දී)
මං හිතන්නේ මේක තමයි මේ වසරේ හොඳම විහිළුව (දී)
සාධාරණ ඡන්දයකට මැතිවරණ කොමසාරිස්තුමා සියලු පහසුකම් සලසන බව කියා ඇතත් සහභාගී වූ අනෙකුත් පක්ෂ එවැන්නකට ප්‍රතිඥා දුන්නු බවක් පෙනෙන්නේ නැහැ.(නදී)
සාධාරණ හා ස්වාධීන මැතිවරණයක් පවත් වන්නේ නැහැයි කියපු මැතිවරණ කොමස්සාරිස් වරුත් මීට කලින් ඔය තනතුර දරුවාද? ප්‍රතිඥා හා යතාර්ථය අතර වෙනසක් තියෙන බව ජනතාව වටහා ගන්න කම් මෙවැනි ප්‍රකාශ මේ අයගෙන් දිගටම අහන්න ලැබේවි. (දී)
හීනයක්ද මේ (දිල්)
ඕක ඉතින් අද විතරක් කියන කතාවක් නොවෙයිනේ. කරුමේ කියන්නේ කිව්වට එහෙම නොවෙන එකනේ.(දිල්)
සාදාරණ වෙන්නේ කොහොමද ? රජයේ සේවකයෝනේ ඡන්ද ගනින්නේ . ඡන්ද රාජකාරි කරන්නෙත් ඒගොල්ල නේ .(දිල්)
ඔය දීපු උපදෙස් පිළිපැදල ඒ විදියටම කරයි. ඡන්දය ඉල්ලන්නේ උගත් බුද්ධිමත් රටට ආදරය කරන පිරිසක් නම්. (දිල්)
ලංකාවේ 1977න් පසුව රටේ අවංක දේශපාලනය හා සාදාරණ මැතිවරණ කියන දේ දවසින් දවස ක්‍රම ක්‍රමයෙන් නැති වෙලා. නීති කොපමන තිබුනත් පොරොන්දු කොපමණ දුන්නත් අද රටේ පවතින්නේ ඡන්දයක් නොවේ මනාප මංකොල්ලයක් පමණි. (නදී)
ප්‍රතිඥා සහ යතාර්ථය යන වචන වල වෙනසක් තියෙන බව ඉස්කෝලේ යන කෙනෙකු ඉගෙනගන්නවා. නමුත් ප්‍රතිඥා යථාර්ථයට පත් වන බව ප්‍රායෝගිකව අපි සමාජයෙන් ඉගෙන ගන්නවා. ඒකයි මිනිස්සු පොරොන්දු හෙවත් ප්‍රතිඥා දෙන්නේ. එහෙත් මැතිවරණයකට පෙර ප්‍රතිඥා දෙන මිනිස්සු ඒක අත්තක් බවට පත් කරවන්නේ සීමිත පිරිසකට පමණයි. (නදී)
ප්‍රතිඥා නම් දෙන්ඩ බැරියෑ කටත්. ඒත් ඒවා ක්‍රියාත්මක කිරිමටනේ බැරි ඔය කාටත්.(නදී)
තුවාන් ඔබ හරි. ප්‍රතිඥා දෙන්න ඕනේ එක යතාර්ථයක් කරගන්න බවට ඇති අධිෂ්ටානයකුත් සමගයි. ප්‍රායෝගිකව අද පාසැල් යන දරුවෙකු පවා දන්නා දෙයක් තමයි ප්‍රතිඥා යනු අවස්ථාවාදීන්ගේ වංචනික මනසේ කලට හා තැනට ඔබින ලෙස පහළවන උපක්‍රමික සිතුවිල්ලක් කියලා. අවර දිහින් අහසට නැගී හිරු පෙර දිගින් බැස යන මොහොතක මේ "ප්‍රතිඥා" යතාර්ථයක් වනු ඇත. (නදී)