IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සිධාර්තන් ඇතුළු පිරිසක් අවසන් සටන් බිමේ දිවුරති

උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා ඉදිරියේ දිවුරුම් නොදුන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අට දෙනෙක් සදුදා (14) මුලතිවුහි වෙල්ලමුල්ලිවයික්කාල්හි අවසන් සටන පැවති වට්ටුවාල් පාළම අසලදී  හා යාපනයේ එස් ජේ වී චෙල්වනායගම් පිළිරුව අසල  දී  දිවුරුම් දීටම නියමිතය.

ඊ පී ආර් එල් එෆ් මන්ත්‍රීවරුන් වන ස්ර්වේෂ්වරන්,ත්‍යාගරාජා ,රවිකරන්, වෛද්‍ය ශිව මෝහන් හා ජෙග නාදන් ප්ලොට් නායක  ධර්මලිංගම් සිධාර්ථන් හා ජෙ.ටි ලිංගනාදන්  වෙල්ලිමුල්ලවයිකාල්හිදී සාමවිනිසුරුවරු ඉදිරියේ දිවුරුම් දෙනුයේ අවසන් සටනේදී මිය ගිය දෙමළ ජනයාට ගෞරව කිරීමක් වශයෙන් යැයි එහි  ප්‍රකාශකයෙක් කියයි.

ටෙලෝ නායක හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී සිවාජිලිංගම් චෙල්වනායගම් පිළිරුව ඉදියේ සාම විනිසුරුවරයකු ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.



අදහස් (0)

සිධාර්තන් ඇතුළු පිරිසක් අවසන් සටන් බිමේ දිවුරති

ඇසළ Sunday, 13 October 2013 06:24 PM

ඒ කියන්නේ ප්‍රභාකරන්ගේ සොහොන ඉදිරියේ දිවුරුම් දුන්න කියන එකයි. යථාර්තය අපි ඊළමක් වෙනුවන් දිවුරුම් දුන්න කියන එකයි. ඊලග යුද්දෙදි මුන් සේරම ඉවරයි කියන එකයි අපිට කියන්න තියෙන්නේ. ගහන්න ගහන්න වදින එකත් මෝඩයා, වදින්න වදින්න ගහන එකත් මෝඩයා. (නදී)

:       0       0

ලාරා කෑගල්ල Sunday, 13 October 2013 06:24 PM

සුද්දෝ අපේ රට කොල්ල කෑවාට කමක් නැහැ ඇයි දෙමලු ගෙනත් දැම්මේ ? (නදී)

:       0       0

ගජමෑන් Sunday, 13 October 2013 06:25 PM

දිවුරුම් දීමේදී මොවුන් "ශ්‍රී ලංකා ජන රජයට පක්ෂපාතී බවටත්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවටත්, රට තුල වෙනම රාජ්යයක් වෙනුවෙන් දේශනා නොකරන බවටත්..................". ආදී වශයෙන් දිවුරුම් දෙනවාද? ඒ ගැන සොයා බලනවාද? (නදී)

:       0       0

ආරියසේන Monday, 14 October 2013 04:07 AM

සුනිල් ,ඉතිහාසය ටිකක් දුරට කියවන්න. එවිට ඔබට වැටහේවි. (නි)

:       0       0

ලුම්බිණි Monday, 14 October 2013 04:45 AM

ව්‍යවස්ථාවට අනුව නම් දිවුරුම් දෙන්නේ කොතන කළත් මොකද්ද තියෙන ප්‍රශ්නය? කරන දෙය නීතියට අනුවද කරන්නේ කියන එක නේද අප බැලිය යුත්තේ? (නි)

:       0       0

මාගරී Monday, 14 October 2013 12:27 PM

ඔය උතුරේ ඉඩම් වෙන අයට ගන්න බැරි නීති (තේසවලමේ) , නීති පොතට ඇතුළත් කළ සුද්දෝ කියලා තිබෙනවා එම නීතිය අදාල වෙන්නේ ඉන්දියාවේ කොරමදල් වෙරල තීරයෙන් පැමිණි මලබාර් ජාතිකයන්ට බව.ඒ කියන්නේ ඔය කියන නීතිය අදාල වෙන කට්ටිය ඔක්කොම ඉන්දියාවෙන් තමා ඇවිල්ලා තියෙන්නේ. (නි)

:       0       0

එළාර Sunday, 13 October 2013 07:05 PM

ලාරා දෙමල මිනිස්සු කව්රුත් මෙහෙට ගෙනත් දෙම්මේ නෑ. සිංහල අපිම ලියපු ඉතිහාස පොතේ මුල ඉඳලම දෙමලුත් ඉන්නවා. ඇත්ත ඒක තමයි. ඔයාගේ වගේ ඉතිහාස දැනුමක් තිබුන අය ගත්ත තීරණ නිසා තමයි මේ විනාසය . (නදී)

:       0       0

අනිල් පෙරේරා Sunday, 13 October 2013 07:12 PM

මේ අයට පිස්සු,අනේ මන්දා අර අහින්සක දමිල ජනතාවගේ ඡන්දත් සමග විහිලු කරනවා,,,,,? (නදී)

:       0       0

සිරිදාස Sunday, 13 October 2013 07:14 PM

ලාරා ඉතිහාසය ඉගෙන ගන්න. ඒ අය දුටු ගැමුණු කාලේ ඉදලා මේ රටේ ඉන්නවා.(නදී)

:       0       0

ද සිල්වා Monday, 14 October 2013 06:07 AM

දෙමල මිනිසුන්ට ලංකාවේ හැම පළාතකම ඉඩම් මිලදී ගන්න පුළුවන් නමුත් සිංහලයන්ට සහ මුස්ලිම් මිනිසුන්ට යාපනයේ ඉඩම් මිලදී ගන්න බැහැ, දෙමල මිනිසුන්ට තිබෙන විශේෂ වරප්‍රසාද ගැන නොබැඳි ජාතික සමුළු වේ දී ප්‍රකාශ කරන්න , කරුණාකර සමුළුවට ඉස්සරවෙලා අර තන්ගලේ දී සුද්ද මරපු මිනිමරුවට සහ රතුපස්වල මිනීමැරුමට සහ මාධ්‍යවේදීන්ට පහර දීමට අණ දුන් අයට නීති මගින් සුදුසු දඩුවමක් දීල අපි මානව හිමිකම් රකින බව ලෝකයට ඔප්පු කර පෙන්වන්න (නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 14 October 2013 06:09 AM

අද ඉන්න හුඟ දෙනෙකුට ඉතිහාස දැනුම මද බව මෙහි අදහස් වලින් පැහැදිලිය. මේ රටේ හිටියේ ගෝත්‍රික කොටස් හතරක් පහක් පමණයි. යක්ෂ, නාග , දේව , සහ විජයගෙන් මුහුවූ සිහ කියන අය. මේ ගැන හරියට දැනගන්න ඕනෑ කෙනෙක් ඉන්නවා නම් යු ටියුබ් එකට ගිහින් කොටුගොඩ දම්මාවාස නායක හාමුදුරුවන්ගේ බණක් තිබෙනවා, අන්න ඒක අහන්න. නායක හාමුදුරුවෝ බොහොම පැහැදිලිව අපේ ඉතිහාස කතාවේ සාරාංශයක් පිළිවෙලට ගොනු කරලා දේශනා කරනවා (නි)

:       0       0

වසන්ති Sunday, 13 October 2013 07:40 PM

විග්නේශ්වරම් මහත්තයානම් ඇත්තටම හොදයි. මේ අට දෙනා නම් කොහේ යන අයද මන්දා.(නදී)

:       0       0

දුටුගැමුණු Sunday, 13 October 2013 07:46 PM

එළාර, ලංකාවේ හිටියේ ගෝත්‍රිකයෝ ඔවුන් දෙමලු නෙමෙයි ?.පසුව ඔවුන් වත් සම්බුදු බණ වලින් පිරිසිදු කළා මිහිදු මහා රහතන් වහන්සේ.(නදී)

:       0       0

ආරියසේන Sunday, 13 October 2013 07:49 PM

අපේ රටේ ඉතිහාසය දිහා බැලුවහම අපේ රටට එරෙහි වෙන බලවේග සහ කුමන්ත්‍රණ ජය ගැනීමට හැම අවස්ථාවකම රට එක්සත් කිරීමට නරපතියන් බිහිවෙලා, ඒවා පරාජය කරලා ,රට එක්සේසත් කරලා තියෙනවා.එක ඉදිරයටත් එසේමයි.(නදී)

:       0       0

ආරියසේන Monday, 14 October 2013 07:19 AM

රටේ තිබෙන ප්‍රශ්න පිටට රැගෙන යන්නේ අර ලන්දේසි ,පෘතුග්‍රීසි,ඉංග්‍රීසිකාරයන්ගේ නම් අරගෙන ඉන්න අය තමයි. සුද්දාගෙන් නිදහස ලබා ගත්තාට සුද්ද ඉතිරි කරලා ගිය කොටසක් මේ රටේ ඉන්නවා. ඒ අයගෙන් මේ රට නිදහස් කර ගැනීම පහසු නැත. (නි)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 14 October 2013 07:46 AM

සියලු දෙනාගේ අදහස් කියැවූ නිසා ලියන්නට සිතුවෙමි. පළමුව මෙහි ලියන අය දැනුමක් ඇතුව ලිවිය යුතුයි. අපි හොද ඉතිහාසයක් ඇති ජාතියක්. අවසනාවකට ඒ පිළිබදව සිංහල බොහෝ දෙනෙකුට දැනුමක් නැත. ඉන්දියාවේ හින්දි නළු නිළියෝ ගැන ඇසුවා නම් කියයි. පළමුව විජයව නැගෙනහිර ඉන්දියාවෙන් පිටුවහල් කළ විට ලංකාවට ආ බවත් ඔහු දෙමල නොවන බවත් දැන ගන්න. එහෙත් ඒ වන විටත් ලංකාව හොදින් දියුණුව පැවති බවත් කුරක්කන් හිටවා පිටි කර රොටි සාදා ආහාරයට ගන්න තරම් දියුණුව පැවති බවත් දැනගන්න. ඒ ගැන බලන්ගොඩ හල්දුම්මුල්ල ප්‍රදේශ වලින් ලැබුණු පුරා විද්‍යාත්මක සාධක වලින් ඔප්පු වී ඇත. (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 13 October 2013 08:16 PM

මම එදත් අදත් කියන්නේ මේ යුද්දේ අපි ඉවර කලේ බාගෙට. සන්නද්ධ අංශය ගැන සැලකිලිමත් උනා වගේම එම සන්නද්ධ අංශයේ මතය වපුරපු උන් වෙනුවෙන් කඹුරපු මේ දේසපාලන අංශයත් ඒ එක්කම නිහඩ කලානම් අද මේ රටේ දෙමල සිංහල ඔක්කොටම මේ විෂ බීජ නැතුව සැනසිල්ලේ ඉන්න තිබුනා.. ඒ දවස් වල ඕන තරම් බිල් තිබුන එකේ කාගේ හරි බිලකට ඔය අයියලා ටික කඩල දැම්ම නම් වැඩේ ඉවරයි. අදටත් ඉතින් ඕනෑම නම් බැරිකමකුත් නැහැ.(නදී)

:       0       0

අජිත් Monday, 14 October 2013 08:27 AM

රට දෙකඩ කරන්න උත්සාහ ගන්නෙත් නැහැ. ඒකීය රටක් ලෙස මේ රට පිළිගන්නවා කියලා දිවුරුම් දෙන්න ඕනෑ නේද? ඉතින් ඔය මන්ත්‍රීවරු එම දිවුරුම කරලා නැද්ද? එහෙම කරලා නැත්නම් මේ ගොල්ලන් නීත්‍යානුකුල මන්ත්‍රීලා කියලා පිළිගන්න බැහැනේ. (නි)

:       0       0

සිරිදාස Monday, 14 October 2013 08:28 AM

සෙනරත්, මගේ අදහසයි යාපනේ ඉඩම් අතරයි සම්බන්ධය මොකක්ද? අපේ රටේ ඉතිහාසය ගැන කියවෙන ප්‍රධානම ග්‍රන්ථය වන මහාවංශයේ මහානාම හාමුදුරුවෝ ලියලා තියෙන්නේ.දන්නෙ නැත්තම් පාසල් ශිෂ්‍යයෙක්ගෙන් අහලා දැන ගන්න (නි)

:       0       0

සදුනි Sunday, 13 October 2013 08:52 PM

ඕනේ තැනක දිවුරපුදෙන්...මේ මෝඩ මිනිස්සු දන්නේ නැතුව ඇති දිවුරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බව.(දිල්)

:       0       0

චානා Sunday, 13 October 2013 08:54 PM

ගජමන්ගේ අදහසත් හරි, එක නීතියක් තිබිය උතුය, මෙම අවස්ථාවලට ජාතික කොඩිය එසවීම සහ ජාතික ගීය කීමද අනිවාර්ය විය උතුම්ය,(දිල්)

:       0       0

රෝහිත Sunday, 13 October 2013 09:16 PM

දැන් කොටි හෙවනැලි එක්ක නැටුවට වැඩක් නැහැ කියලා මේ ගොන් රැළට තේරෙන්නේ නැහැ.(නදී)

:       0       0

නිරෝෂන් Sunday, 13 October 2013 09:28 PM

ඇත්තෙන්ම ලාර ටිකක් හරි , සුද්දෝ ගෙනත් දාපු දෙමල අය නිසා තමයි සිංහල සමාජය තුල දෙමල යනු පහත් මිනිස් කණ්ඩායමක් කියා සිතුවිල්ලක් හට ගත්තේ , නමුත් ඔය උතුරේ දෙමල ජනයා යනු අතීතයේ සිටම උගත් කමින් , මාන්නයෙන් පිරිණු දෙමල ජන කොටසකි ( දකුණු ඉන්දියානු දෙමල අයට වඩා) . හැමෝම දන්නා විදියට මේ යුද්දෙට පෙර අප රටේ අධයාපනය අතින් උසස් තැනක සිටියේ ඒ මිනිස්සු , ඒකත් මේ රටේ යුද්දයක් ඇති කරන්න එක ජාතිවාදී කණ්ඩායමකට හේතුවක්ව තිබුනා.(නදී)

:       0       0

රන්ජනී Sunday, 13 October 2013 09:32 PM

ඔය කව්රුත් හිතෙන හිතෙන තැන්වලට ගිහින් දිවුරුම් දෙන්නේ?.. ජනාධිපති ඇතුළු රණවිරුවන්ට පින්සිද්ධ වෙන්න මිසක් දෙමල මිනිස්සුන්ගේ හපන්කමට නෙවේ, ඕන දිහාවක ගිහින් දිව්රගන්න යතුර දුන්නනේ. මොනවා කරත් ජනාධිපති නොසැලෙන බලකනුවක්...,(නදී)

:       0       0

චින්තක පෙරේරා Monday, 14 October 2013 02:08 PM

සිරිදාස තමන්ගේ ඉතිහාසය ගැන නොදැනුවත් කම නිසා ජාති ද්‍රෝහියෙක් වෙන්න එපා. මිලියන 18 ඉන්න සිංහල ජාතියට රටක් තියෙනවා. මිලියන 55කට වැඩි දෙමළ ජාතියට රටක් නැහැ. මොන රටෙත් ඔවුන් ජීවත් වෙන්නේ තවත් ජාතියකට යටත්වයි. ඔයාලවගේ සිංහලයෝ ඉන්න නිසා මේ රටේ කොටසක් දෙමළ රටක් කරගන්නයි ඔවුන් උත්සහ කරන්නේ.......! (ස)

:       0       0

රෝහණ Monday, 14 October 2013 09:25 AM

අපේ රටට දෙවියන්ගේම පිහිටයි (නි)

:       0       0

චින්තක Sunday, 13 October 2013 09:45 PM

සිරිදාස, එළාර (මේ දෙන්නම සිංහල උනත්, නොවුනත්) දෙමල මිනිස්සු මේ රටේ ඉන්නේ දුටු ගැමුණු කලේ ඉඳල කියන එක වැරදි මතයක්. දුටු ගැමුණු කාලෙටත් කලින් සොලීන් මේ රට ආක්‍රමණය කළා. අපේ රජවරුන්ගේ මනුස්සකම නිසා ආක්‍රමණිකයින් සමූල ඝාතනය කාලෙ නැ. මේ දෙමල ජාතිකයින් සිංහල ජාතියට මහත් විනාසයක් කරපු කාලිංග මාඝ ගෙන් පැවතෙන අය කිහිප දෙනෙනෙක් ඇති. ඒ අයට තමිල්නාඩුවෙන් ලන්දේසි පාලන කාලේදී සංක්‍රමණය වුන බොහෝ දෙනෙක් එකතු වෙලා තියෙනවා.කොහොම උනත් මේ දෙමල ජාතිකයින් ආක්‍රමණිකයෝ. ඔවුන් කොයිතරම් අදත් ජාතිවාදීද කියල ඔප්පුවෙනවා ඔවුන්ගේ පක්ෂයේ නමවත් සිංහල භාෂාවෙන් නම් කරලා නැති එකෙන්. ඔයාල වගේ සිංහලයෝ ඉන්නකන් අපේ රටේ සිංහලයා පිට දේශක්කරයින්ට යටත් වෙලා ඉන්න වෙනවා. ලංකාවට එදා ඉඳල තිබුන ලොකුම ප්‍රශ්නය අපේ සිංහලයන්ගේම ද්‍රෝහී කමයි. ඔයාල ඔච්චර දෙමල ජාතිවාදීන්ට උදව් කරනවා නම් යාපනයෙන් පර්චස් 20 ගන්නකො පුලුවන්නම්............!!!!(දිල්)

:       0       0

ආරියසේන Sunday, 13 October 2013 09:48 PM

තවමත් කොටි සෙවනැලි එහා මෙහා යනවා වගේ පෙන්නේ .ප්‍රභාකරන් ඉන්න කාලේ දිවිරුම් දෙන්න ගියා නම් ආපසු එන එක බොරු.මොකද ඒ කාලේ ඒ පැත්තේ ගිය අය කව්රුත් ආපසු ආවේ නැහැ . (දිල්)

:       0       0

සුනිල් ගම්පොල Sunday, 13 October 2013 09:52 PM

හැම එකාම සෙල්ලමි දාන්නෙ සිංහල බංඩලාගේ අප්පුහාමිගේ බිසෝගෙ නිර්භිත කොල්ලො ජිවිත පරිත්‍යාගයේන් දිනූ රටෙ බව මතක තියා ගනිල්ලා(දිල්)

:       0       0

බර්නාඩ් Monday, 14 October 2013 09:49 AM

ලාරා දන්නාදේට ප්‍රතිචාර දමන්න, නොදන්නා දේ කියන්න එපා. සිරිමාවෝ මැතිනිය ඉන්දියාව සමඟ ගිවිසුම් ඇතිකර ගත්ත වසරකට 5000 ක් දෙමළ ජනතාව ඉන්දියාවට පිටුවහල් කරන්න. 1977 දී ජ ර වතු කරේ දෙමල ජනතාවට පොරොන්දු උන චෙල්වනගම් සිරිමාවෝ ගිවිසුම අහෝසි කර වසරකට 5000 ට පුරවැසිබාවය දෙන බවට තොන්ඩමන් සමඟ ගිවිසුම් ඇති කරගෙන එය ක්‍රියාත්මක කලා. (ස)

:       0       0

ජයා Monday, 14 October 2013 09:55 AM

අනවශ්‍ය දේට වැඩි වටිනාකමක් දෙන්නම හොඳ නෑ. කොටිය මැරුණු තැන මොවුන්ට ලොකු උනාට අපිට ඒක සටන් බිමේ තව තැනක් විතරයි. (ස)

:       0       0

මංගල Sunday, 13 October 2013 10:08 PM

මේ ඔක්කොම අපේම මෝඩකම්. යුද්දෙ දිනපු ගමන් පලාත් සභා අහෝසි කරන්න බැරිවුනා. මොන දේශප්‍රේමි කතා කිව්වත්, දැන් වැඩක් නැහැ.(නදී)

:       0       0

සත්‍යපාල Monday, 14 October 2013 10:02 AM

වෙල්ලමුල්ලිවෛක්කාල් හරහා යන්නට හදන ගමන එයින්ම නවතින බව සමහරු නොදන්නවා විය හැක. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 14 October 2013 10:03 AM

ඒ අයට මොනවා හිතිලාද ඒ ගමන? (නි)

:       0       0

සෙනරත් Sunday, 13 October 2013 11:06 PM

සිරිදාස, චින්තක ලියා ඇති දෙය නිවැරදි නොවේද? තවද යාපනයේ ඉඩම් මිල දී ගැනීම සිංහල අයට තහනම් බව ඔබ දන්නවද? (නදී)

:       0       0

පැංචි Sunday, 13 October 2013 11:13 PM

මේ අයටත් ගෙවන්නේ අපේ බදු නය මුදල්ද?(නදී)

:       0       0

ඇන්ටන් Monday, 14 October 2013 12:23 AM

මංගල කිව්වා වගේ ලංකාව වැනි පුංචි රටකට පළාත් සබා ඕනෑම නැහැ .නිකම් බොරු වියදම් පමණි ,(නදී)

:       0       0

චමිල - පානදුර Monday, 14 October 2013 12:31 AM

කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැතිලු..... (නි)

:       0       0

රසාදරී Monday, 14 October 2013 12:42 AM

අවශ්‍ය තැනක ඔහේ දිවුරා ගත්තදෙන්. ගමන යන්න වෙන්නේ ජනාධිපතිතුමා සමගනේ. (නි)

:       0       0

ආරියසේන Monday, 14 October 2013 01:35 AM

එදා සුද්දාගේ කා‍ලේ මට නැවත මතක් වුණා (නි)

:       0       0

බංඩා Monday, 14 October 2013 01:45 AM

ලාරා කෑගල්ල , පොඩ්ඩක් ඔලුව අතගාලා බලන්න අං එනවද කියල ?(නදී)

:       0       0

එදිරිසිංහ Monday, 14 October 2013 01:53 AM

ඔය මතු වෙන්නේ ටික ටික පුල්ලි (නදී)

:       0       0

රාජුන් Sunday, 13 October 2013 05:51 PM

මේවට ඉඩ දෙන්නේ ඇයි? (නදී)

:       0       0

වයන් Monday, 14 October 2013 02:30 AM

අපේ රටේම අය තමයි ඉස්සර කාලේ ජාතිය පාවලා දුන්නේ (නි)

:       0       0

කපිල කුමාර Monday, 14 October 2013 02:57 AM

බන්දුල පෙරේරා මහ්තයට මමත් එකගයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2681 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2345 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2924 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5848 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1968 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6654 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18599 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site