පෑලියගොඩ ආහාර ගබඩාවකින් කොකේන් කිලෝ 270ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.
ශ්‍රී ලංකාවෙන් සොයා ගත් වැඩිම කොකේන් තොගය මේ බව පොලිසිය පවසයි.
පස්වරු 6.30 වන විට කන්ටේනරයකින් කොකේන් කිලෝ 270ක් පමණ සොයා ගත් බවත්, තවත් කන්ටේනර දෙකක් පරීක්ෂා කිරීමට ඇති බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමඟ වැටලීම කළ පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. කිලෝ පනහේ සීනි මළු අතර කොකේ සගවා තිබිණි.
මෙම කන්ටේනර රේගුවෙන් නිදහස් කළාදැයි සොයන බව පොලිසිය කියයි. ලංකාවේ කොකේන් ග්‍රෑමයක වීදි මිල රුපියල් විසි දහස ඉක්මවන බව පොලිසිය කියයි.
මීට මාසයකට පමණ පෙර ද කොකේන් කිලෝ 93ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් විය.
කොලොම්බියාවේ කොකේන් කිලෝවක වීදි මිල ඩොලර් 1500කි (රුපියල් 219210) . මෙක්සිකෝවේ කොකේන් කිලෝවක් ඩොලර් 12000ක් (රුපියල් 1753680) පමණය. බ්‍රිතාන්‍යයේ කොකේන් කිලෝවක් ඩොලර් 77000කි (රුපියල් 11252780).
ඒ අනුව ලන්ඩන් මිල අනුව කොකේන් තොගයේ මිල රුපියල් කෝටි 500 ඉක්මවයි.
(ඡායාරූප ලාල් එස් කුමාර)
(වීඩියෝ ලාල් එස් කුමාර)
(ඡායාරූපය සැපයුම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට වගකියන්න ඕනෑ කවුද දන්නෙ නැහැ නේද එතකොට? (නි)
මේවා මෙච්චරම වටිනවා නම් අපි මේවා අපනයනය කරලා මහින්ද රාජපක්ෂ කාලේ ගත් ලෝක ණය ටික ගෙවලා දාමුද? (නි)
අපේ රටේ කිසිම නීතියක් නැති නිසයි මේ ජාතික අපරාධය නොනවත්වා කරන්නේ. මේකත් දැන් දේශපාලනය වගේම විහිළුවක් වෙලා. මේවා ගෙනා අයට ප්‍රසිද්ධියේ දඬුවම් නොකරන නිසානේ මේ (නි)
කුඩු ගෙන්වන මහා මොළකාරයෝ විසින් පුරුදු පුහුණු කළ පොඩ්ඩෝ විසින් මේවා ගෙන්වනවා ඇති. මොකද ලොක්කෝ හිරේ හිටියය්හ් එයාලට ගෙදර වගේ හැම සැප පහසුකමක්ම දීලනේ තියෙන්නේ. එහෙම නැතිනම් කුඩු වලට කකුල් ඇවිල්ලා කන්ටේනර් ඇතුළට රිංගනවා ඇති. (නි)
මෙහෙම ගියොත් කුඩු නිසා රට කුඩේ කුඩු වෙයිද දන්නෙ නැහැ (නි)
මේ මත්ද්‍රව්‍ය ගෙන්වීමේ මහ මොළකරු කවුද? (නි)
ටිකිරි යහපාලනේ ගත්තු ණය මහින්ද අවුරුදු 9 ටම ගත්තු ගානට වැඩ වැඩි කියල දන්නැද්ද (බ)
අනාගත පරපුර විනාශ වෙන්න නොදී ඕවා ප්‍රසිද්ධියේ විනාශ කර දමන්න. (බ)
තිලක්- ඩුබායි, ඔය කුඩු ගෙන්නන හා බෙදාහරින ජාලයේ වැඩි දෙනා පන්සලේ බණ අහන අය නෙමෙයි, පල්ලියේ යාඥා කරන අය. නම කියන්නේ නැත්තේ සහජීවනේට කෙල වෙන නිසා. (බ)
කන්ටේනරයේ හිමිකරුවා කවුද එතකොට? (නි)
කවුද මේවා ගෙන්න ඇත්තේ?(හේ)
දකුණු ඇමෙරිකාව කියන්නේ ලෝකයේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය. එහෙන් මොනවා ආනයනය කළත් අංශුවක් ගානේ පරීක්ෂා කරන්න ඕනෑ. (නි)
මම මේ අන්තර්ජාලයෙන් හරි බලන්නේ ඔය සීනි ගෙන්වන මුවාවෙන් කුඩු ගෙන්වපු මිනිසා කව්ද කියලා දැනගන්නයි. (නි)
මත් ද්‍රව්‍ය වලට සින්ගප්පුරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, බෘෘනායි රජය මරණ දඩුවම දීල අපේ වගේ තියාගෙන ඉන්නේ නැතුව මරල දානවා නම් ඇයි අපේ රටේ ආසියාවේ වෙලත් බැරි. කොටි මුදල් හොයන්න කරන තරමක් කළේ මත් ද්‍රව්‍ය වෙළදාම. ත්‍රස්තවාදය වැළැක්වීමටත් මරණ දඩුවම දී මරා දැමීම ලොකු පිටු වහලක්. (බ)
අනේ මන්දා එක එක තැන්වල එක එක ගණන් කියනවා. සමහර තැන්වල කෝටි 300 ලු. තව සමහර ඒවායේ කෝටි 400 ලු. මෙතන කෝටි 500ලු. ඇත්තම ගාන කියද කියලා දෙවියෝ තමයි දන්නේ.(හේ)
පන්සලේ බණ අහන අය හෝ පල්ලියේ යාඥා කරන අය හෝ බියක් සැකයක් නැතිව කුඩු ගේන්නේ ඉහලින්ම සහයෝගය ලැබෙන නිසානේ.කොමිස් කුට්ටිය ලැබෙන නිසානේ.කොමිස් වලට ලංකාවේ මොනවද කරන්න බැරි. (ම)
ගෙන්වපු කට්ටිය ඕක තොග මිලට විකුණුවත් ලාබය කෝටි 300 ට වැඩියි. එක කන්ටේනරයකට කෝටි 6 ක් වියදම් කර කෝටි 540 ක් ඉපයිය හැකි ව්‍යාපාරයක් කළ මේ ව්‍යාපාරිකයාව ගාලු මුවදොරට ගෙන්වා ලෝකයටම පෙන්විය යුතුයි. මේ පසුපස ලොකු බලවතුන් සහ ධනවතුන් සිටින බව ඉතාම පැහැදිලියි (නි)
මෙච්චර ලොකු කොකේන් තොගයකට සිදුකරන්නේ මොකක්ද? (නි)
අනිවාර්යෙන්ම නම කියද්දී තවමත් කට්ටියට සුළුදිය යන කෙනෙකුත් මේකට සම්බන්ධ ඇති. (නි)
මටත් ඔය උපාසක මහත්තයා ගැන දැන ගන්නකම් ඉවසුමක් නැහැ. (නි)
දැනුමේ හැටියට මේ කොකේන් කියන මතද්‍රව්‍ය ලංකාවේ ජනප්‍රිය නැහැ අනික මිල ඉතා අදික නිසා ලාංකිකයන් මේවා ගන්නේ නැහැ ගොඩක් වෙලාවට මේවා ලංකාව හරහා ප්‍රතිඅපනයනය කරනවා වෙන්නත් පුළුවන් එහෙම නම භයානක ජාත්‍යන්තර පාතල කල්ලි මේවා පසුපස ඉන්න පුළුවන්. (හේ)
කුඩු කිලෝ 178 ක් පසුගිය රජය සමයේදී අල්ලා ගත්තා. පසුව ඒ කුඩු වාෂ්පවෙලා කිලෝ 50 දක්වා අඩුවුණාලු. එහෙම වෙනවා කියලා උසස් නිලයක් දරන කෙනෙක් ඒක සාධාරණීකරනයත් කළා. මේ කුඩු ටිකත් එහෙම වේවිද කියලා අපි බලමු. (නි)
මෙහෙම ගියොත් රටට මොකද වෙන්නේ කියන එක ගැන සෑහෙන්න හිතන්න වෙනවා .මේක ඉතාම භයානක තත්ත්වයක් .රටේ නීතිය මෙයට වඩා තදින් ගෙන යන්න පියවර ගන්න වේලාව හරි නේද ?(හේ)
කොකේන් වලින් අපි ස්වයංපොෂිත වෙලා වගේ (අ)
කවුද දැන් කුඩු ගේන්න ඉන්න අය.(හේ)
සිනි කාගේද කියල දන්නා නිසා, ඉතා පහසුවෙන් ඔක්කොම විස්තර හොයා ගන්න පුළුවන්. ඇයි අල්ලන්නේ නැත්තේ. (හේ)
දැන් කවුද මේවා කරන්නේ? (හේ)
මේ අල්ලන කුඩු වලට මොනවාද වෙන්නේ? කලිනුත් කුඩු ලොරි පිටින් හම්බෙලා තිබ්බා. මේවා ප්‍රසිද්ධියේ විනාශ කළ යුතුයි. (බ)
ඇයි ලංකාව ලන්ඩන් වලට සමාන කරන්නේ? (බ)
මේ අල්ලන ඒවාට මොනවාද වෙන්නේ? දැන් තමයි හරියටම තේරුනේ අර බද්ද මේ බද්ද ගහල හරි ලංකාවේ දේවල් වල මිලත් එංගලන්ත ගානටම ගේන්නයි ලැහැස්තිය කියල? (බ)
කුඩු කෝටි ගණන් හම්බවෙනවා ඒත් ගේන කවුරුත් නෑනේ.(හේ)
කුඩු අල්ලනවා වගේම මේකේ මහා මොලකාරයෝ අල්ලලා නීතිය ඉදිරියට ගෙනවානම් හොඳයි. (හේ)
ගිය ආණ්ඩු කාලෙත් ලොකුම තොගය හොයා ගත්තා ඒවුණාට ඊට පස්සේ මොනවා උනාද අප දන්නේ නැහැ. මේකත් එහෙම වෙයිද. (අ)
ඔය සීනි ගෙනාපු කෙනා කව්ද කියලා නිර්භීතව කෙළින් කියන්න පුළුවන් කෙනෙක් අපේ පාර්ලිමේන්තුවේ නැද්ද? (නි)
බැරිද මේ මුදල් පාවිච්චි කරලා රජයේ අඩුපාඩු ටික පියවාගන්න? (නි)
කලට වෙලාවට අඩුවක් නැතුව මුදල් ටික බැංකු ගිණුමට වැටෙනවා නම් කුඩු නෙමෙයි ඕනෑම දෙයක් ගෙන්වන්න පුළුවන් යුගයකුත් ලංකාවේ තිබුනා. (නි)
නිර්නාමිකවද එවලා තියෙන්නේ? ඔය අල්ලන ඒවා ආපහු ගෙන්නපු කෙනාටම යනවාද? කිසිම වගකිවයුත්තෙක් උත්තරයක් දෙන්නේ නැහැනේ. ඕවාට වෙන්නේ මොකක්ද කියලා කිසිම දවසක විනිවිදභාවයක් නැහැනේ. මතින් තොර, මධ්‍යසාරයෙන් දුමින් තොර රටක් ගැන කතා කරනවා. මෙරට නිෂ්පාදනය කරන ගංජා ඖෂධයක් වශයෙන්වත් භාවිතා කරන්න දෙන්නේ නැහැ. විනාශ කරනවා. කේරළයෙන් ගෙන්වනවා. (නි)
එතකොට මේවා ගෙන්නපු කෙනාගේ නම මොකක්ද? (නි)
සීනි කන්ටේනරය ලංකාවට ආනයනය කළ සමාගම මීට සෘජුව සම්බන්ධ බව ඕනෑම කෙනෙකුට තේරෙනවනේ (නි)
කෝටි 300ක කොකේන් ගෙන්වපු උපාසක මහත්තයා මේ වෙනකොට කොහේහරි පන්සලක බණ අහනවා ඇති. (නි)
පොලිස්පතිතුමනි, ඔබතුමාගේ ස්වාධින බලය යොදවා මේ සීනි ගෝනි අස්සේ ඉන්න අපරාධකාරයෝ අල්ලලා පෙන්වන්න. (නි)
දේශපාලකයන්ගේ පැවැත්මට හානියක් වෙන නිසා මෙවැනි දේ තුරන් කරන්න අමාරුයි. එහෙම වුණාම අපේ දරුවන්ට, රටට යන කලදසාව මොකක්ද දෙවියනේ? (නි)