IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


“සීනි වැඩි මිලට අළෙවි කළාට කරන්න දෙයක් නෑ’’

(යොහාන් භාසුර)

සීනි කිලෝකවක් රුපියල් 210කට අළෙවි කර කිලෝවකින් රුපියල් 100ක් ලබා ලැබීම අපරාධයක් බවත් වෙළදුන් සහ තොග පිළිබඳ සියලු තොතුරු දැන සිටිය ද කළයුතු දෙයක් නොමැති බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

සීනි කිලෝවක සිල්ලර මිල පසුගිය සතියේ රුපියල් 160 ක්ව පැවැති අතර ඒ අනුව සතියක් තුළ සීනි කිලෝවක මිල රුපියල් 50 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මේ ආකාරයට මිල වැඩි කිරීම ඉතාමත් අසාධාරණ බව කී අමාත්‍ය අලගියවන්න මහතා වෙළෙඳුන් නීතිය ස්ථාපිත වීමට පෙර ලාභ ලැබීමේ අරමුණින් මේ සඳහා පෙළඹී ඇති බවත් සඳහන් කළේය.

වැඩි මිලට අත්‍යවශ්‍ය ආහාර අලෙවිකරණ පුද්ගලයන්ට එරෙහිව දඩ මුදල් වැඩි කිරීමේ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබුණ ද පාර්ලිමේන්තුවේ පළමුවර කියවීමට යොමු කර ඉන් පසුව එය නීතියක් බවට පත්වීම ප්‍රමාද වී ඇති බවත් ඒ හේතුවෙන් තමන්ට ද කරන්න දෙයක් නොමැති බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (23)

“සීනි වැඩි මිලට අළෙවි කළාට කරන්න දෙයක් නෑ’’

මැක්ස් Wednesday, 25 August 2021 05:08 PM

වෙළෙන්දෝ කවදත් වෙළෙන්දෝ. ඔවුන්ට ඕනෑ ලාබය. බල්ලෝ මරල හරි සල්ලි... ඒත් ඇමැතිවරයකුගේ වගකීම එ්ක එහෙමයි කියලා පිළි අරගෙන නිකං ඉන්න එකද?

:       1       63

Raveendra Wednesday, 25 August 2021 05:18 PM

ගොන් කතා කියන්න එපා... පට්ටියේ 225ම සුඛවිහරණයට අදාළ හැම දෙයක්ම ඉතාමත්ම කෙටි කාලයකින් සම්මත කරගෙන ක්‍රියාත්මක කරන්නත් 225ම උනන්දු වෙනවා. එහෙම කරලත් තියෙනවා නේද..? රටේ මහජනතාවගේ පහසුව වෙනුවෙන් කළයුතු සම්මත කිරිම් වල, නීතිගත කිරීම් වලදී කල්යනවා. මේ වගේ 225ක්.. අලගියවන්න නම "බඩගියවන්න" ලෙස වෙනස් කරගත්තොත් හොඳ නැද්ද?..

:       0       55

jgThursday, 26 August 2021 09:39 AM

මෙලෝ වැඩකට නැති අය පාර්ලිමේන්තු යැව්වම ඔහොම තමයි.

:       0       1

චන්දිම ෆොන්සේකා Wednesday, 25 August 2021 05:35 PM

ඔබ තුමන්ළාව පොල් පිත්තකින්ද කපාගෙන හදලා තියෙන්නේ?

:       1       37

Small man Wednesday, 25 August 2021 05:41 PM

කරන්න දෙයක් නැත්නම් මොකටද ඕගොල්ලෝ ඉන්නේ.

:       0       33

dhamneth Wednesday, 25 August 2021 05:58 PM

අපි හිතුවේ යහපාලන රජය දුර්වලයි කියලා... නමුත් ඒ කාලයේ ඔහොම මිල වැඩි කිරීම්, අයුතු ලාබ ලබාගැනීම් සිදුවුණේ නැහැ.

:       3       58

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 25 August 2021 06:02 PM

මොනතරම් වගකීම් විරහිත ප්‍රකාශයක් ද මේ? පාරිභෝගික ආරක්ෂණ ක්‍රමයක් හා ඇමතියෙක් මොන බම්බුවකටද පත්කරගෙන තියෙන්නේ... මේ අයව ගෙදරම තිබ්බා නම්, ඉවරයිනේ. රටේ සල්ලි ටික හරි ඉතුරු වෙනවා. වෙළෙන්ඳන්ට වරද පැටෙව්වාට වැරදි නොහොත් අයුතු ලාභ ලැබීමේ දී ඔවුන්ට දඬුවම් නොදෙන්නේ ඇයි? වරද ඔවුන්ගේ නොවන බවයි ඉන් පෙනී යන්නේ. මේලෝ හසරක් නොදන්නා දේශපාලකයන් හිතුමතේ වෙළෙන්දන්ට බදු දමනවා. ඔවුන් පාඩු ලබමින් බඩු භාණ්ඩ විකුණන්නේ නැහැ. එසේ කරන්නත් බැහැ. වරද වෙළෙන්ඳන්ගේ නම්, හැකිනම් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. එසේ නොකරන්නේ වරද රජයේ නිසා... සත්‍යය එය බවයි පෙනීයන්නේ...

:       1       47

දිසා....ගම්පහ. Wednesday, 25 August 2021 06:06 PM

වෙළඳුන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට හැකි නම් විෂය භාර ඇමැතිවරුන් සහ රජයක් කුමකටද ? නීති සම්පාදනය කරන විට අශ්වයා පැනගිය පසුව අර මොකක්දෝ වැසීමක් වැනිය.

:       0       28

Gamini Wednesday, 25 August 2021 07:17 PM

කෝ බන්දුල? අර කියවන එක්කෙනා...

:       0       31

Sriland Wednesday, 25 August 2021 07:37 PM

ඕක මොන අපරාධයක්ද? වාහන ගෙනැල්ලා 400% ටැක්ස් ගහන්නේ අහිංසක ජනතාවට...

:       0       20

neil Wednesday, 25 August 2021 07:50 PM

අනේ මන්දා ඉතින්...

:       0       7

ranjan Wednesday, 25 August 2021 07:58 PM

පාරිභෝගිකයෝ අමාරුවේ වැටෙන්න ඇරලා ව්‍යාපාරිකයෝ පොහොසත් කරන ආණ්ඩුවක්.

:       0       26

Ruwan Wednesday, 25 August 2021 08:26 PM

තුනෙන් දෙක තියෙන්නේ එල්ලගෙන ඉන්න විතරයිද?

:       0       28

L.G.P.Jathunarachchi. Wednesday, 25 August 2021 09:21 PM

ගරු ඇමති තුමා ලංකාවේ නියෝජිතයින්ගේ සුරතලුන් බවට පත් වී ඇත.

:       0       13

Roshan Wednesday, 25 August 2021 10:01 PM

ඕක කරන්නේ පිටකොටුවේ 4 වෙනි සහ 5වෙනි හරස් වීදියේ තොග වෙළෙන්දෝ.

:       2       13

Ruwan RThursday, 26 August 2021 10:13 AM

ඊළඟ අදායමෙන් කොටසක් යන්නෙත් මෙයාලට තමයි. මාසේ පඩිය නෙවෙයි මේ තාක් ගත්තු සියලු පඩි එකතු කරලා දන් දුන්නත් මෙයාලට දැනෙන්නේ නැහැ

:       0       4

නිමල් Thursday, 26 August 2021 04:28 AM

කරන්න දේවල් රජයකට නම් ඕන තරම් තිබෙනවා. නමුත් මේ ආණ්ඩුවට ( රජයට නොව) තමයි බැරි.

:       0       1

සෙනෙවිරත්න Thursday, 26 August 2021 05:57 AM

අර වීරවංශ කිව්වෙ ඒ දවස් වල, මුදල් අවප්‍රමාණ වෙනව නම් රජයක් අවශ්‍ය නැහැ, වගේ කතා , දැං මොකද කියන්නෙ?

:       0       1

swene Thursday, 26 August 2021 06:14 AM

2/3 තියෙන්නේ ඒ ගොල්ලන්ට ඕන ඒවා ඕන කඩිනමිකින් සම්මත කරන්න මිසක් ජනතාවගේ සුභ සිද්ධිය ට අදාළ ඒවා කඩිනමින් කරන්න නොවේ. ක්‍රියාත්මක කිරීමත් ඒ විධියට තමයි. ඒත් 2/3 දුන්නෙත් අපම තමයි

:       0       1

Sunil Thursday, 26 August 2021 07:12 AM

ගෑස්, කිරිපිටි දැන් සීනි. වෙළෙඳ ඇමතිලා දෙන්නම පඹයෝද.?

:       0       1

Eagles Thursday, 26 August 2021 09:27 AM

2/3කේ ආණ්ඩුවට ජනතාවට කිසිම දෙයක් සාධාරණ විදියට අඩු කරන්න බැරි ආණ්ඩුවක්නේ.

:       0       1

Saththaya Thursday, 26 August 2021 09:43 AM

ඒ එක්කම කිරි පිටිත් නැහැ පාන් පිටිත් නැහැ . ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ .

:       0       2

chandana Thursday, 26 August 2021 10:44 PM

2/3 තිබිලත් ඕක කරගන්න බැරි ඔබ ඇමතිකමකට සුදුසු නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි
2024 නොවැම්බර් මස 08 100 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’


දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී
2024 නොවැම්බර් මස 08 128 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත


පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1980 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 527 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 654 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 972 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 69 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 446 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1397 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site