(චමිල් රූපසිංහ)
මහනුවර පල්ලෙකැළේ බන්ධනාගාරයේ සිරගතව සිටින තම පුත්‍රයාට ලබාදිම සඳහා සුක්ෂම ලෙස සිනි වල සඟවා හොරොයින් ගෙනමින් සිටි කාන්තාවක් පල්ලෙකැළේ පොලිසිය අද (02) අත් අඩංගුවට ගෙන ඇත.
මහනුවර සුදුහුම්පොළ ප්‍රෙද්ශයේ පදිංචි අවුරුදු 68 ක් පමණ වන මෙම කාන්තාව සිනි වල සුක්ෂම ලෙස හොරොයින් සඟවාගෙන ගෙනවිත් ඇති අතර බෝගම්බර බන්ධනාගාර නිලධාරින් පරික්ෂා කරනු ලබන අවස්ථාවේදි මෙය හමු වී ඇති බවත් ඉන් අනතුරුව එම කාන්තාව මහනුවර පල්ලෙකැලේ පොලිසියට භාර දුන් බවද පොලිසිය පැවැසිය.
රැදවුම් නියෝග යටතේ මෙම කාන්තාව රදවා ප්‍රශ්න කරමින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබන බව පොලිසිය සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සීනි වල සඟවා අම්මා පුතුට හෙරොයින් ගෙනියයි
asanka Friday, 02 October 2020 10:50 AM
මේ මව බොහෝවිට කර ඇත්තේ හෙරොයින් වලට ඇබ්බැහිවූ තම පුතාට හෙරොයින් ලබාදීමට තැත් කිරීමයි. ඇය මවක් ලෙස මෙහිදී අසරණ වූවා විය හැකිය. මේවායේ ඇත්ත වරදකරුවන් නම් රට තුළට මහා පරිමාණයෙන් හෙරොයින් ගෙන එන කුඩු මුදලාලිලයි...
SLSunday, 04 October 2020 01:39 AM
සහතික ඇත්ත. කුඩු වලට ඇබ්බැහි වූ තරුණයින් සමහර විට කුඩු මුදලාලිලාගේ වහල්ලු වගේ .ඔවුන්ට කුඩු නැතිව ජීවත් වෙන්න අමාරුයි, ඒ සිරුර පුරා දැනෙන වේදනාව. ඔවුන්ට වේදනාව අඩුකරගන්න පුළුවන් වන්නේ කුඩු ටිකෙන් ,ඒ නිසා ඔවුන්ගේ කුඩු වේල වෙනුවෙන් ඇබ්බැහිවූ තරුණයින් ඕනෙම දෙයක් කරනවා. හිතේ ලොකු හයියක් තියෙන කෙනෙක් සතියක් දෙකක් අමාරුවෙන් කුඩු වලින් වෙන් වුනොත් ජීවිත කාලෙම කුඩුවලින් මිදෙන්න පුළුවන්. කුඩු වලට ඇබ්බැහි වූ තරුණයින්ට රජයේ සහය අනිවාර්යයෙන් අවශ්‍යයි. පෘතිගීසියේ මෙය ක්‍රියාත්මක වෙනවා.
චින්තක Friday, 02 October 2020 12:20 PM
මේ වගේ අම්මලා තමයි දරුවන් සමාජද්‍රෝහීන් කරන්නේ. මෙවැනි අම්මලා අපේ සමාජයේ අනන්තවත් ඉන්නවා. සමහර අම්මලා කියනවා කොල්ලො වුණාම ටිකක් බොන්න ඕනෑ කියලා. එහෙම කියන අම්මලා තමාගේ කොල්ලන් බීගෙන ඇවිල්ලා වමනේ දමන විට ඒවාත් පිරිසිදු කරන්නේ ආදරේට කියලයි කියන්නේ. මෙවැනි අම්මලටත් සිරි දඬුවම් දුන්නොත් සිරකරු සුබසාදන කට්ටිය පිකටින් කරාවි..
RaveendraSaturday, 03 October 2020 04:17 AM
ඔබගේ අදහස් අප අගයන්නෙමු.... මේ අම්මගේ ක්‍රියාව අප කිසිවිට අනුමත නොකරන බවත් කිව යුතුය. අම්මෙකුට තම දරුවා පල් හොරෙක්, දුෂිතයෙක්, පාදඩයෙක් හෝ අපරාධකරුවෙකු උනත් ඇයට දරුවා මිනිකැටයකි.... ඔබේ අම්මාටත් ඔබව මිණි කැටයකි එයයි යතාර්ථය. තම දරුවන් කුමක් හෝ වේදනා විදිනකොට ඒ දරුවන් ලග ඉන්නේ විශේෂයෙන් ඒ දරුවාගේ අම්මාය... " අතේ සතේ නැතත් අම්මා පුතේ කියයි" යන කියමන මෙම අවස්ථාවට ගැලපෙනවා යන්න අපට පමණක් සිතෙන්නේද ? කෙසේ වෙතත් මේ අම්ම පිලිබදව අපට ඇත්තේ මහත්වූ කනගාටුවකි..
Raveendra Friday, 02 October 2020 02:48 PM
ඉතාම කණගාටුදායක සිදුවීමක්...
wije Friday, 02 October 2020 04:56 PM
මව් සෙනෙහසේ සීමාවක් නැහැ කියන එකට හොඳම උදාහරණයක් තමයි මේක. කොච්චර නරක වුණත් තමන්ගේ දරුවන්ගේ කැමැත්ත, ආසාව වෙනුවෙන් පෙළඹෙන අවස්ථා සමාජයේ ගොඩක්ම තියෙනවා. මේකත් එවැනිම දෙයක් තමයි.
kamal Saturday, 03 October 2020 05:12 AM
ඔය ඔක්කොම බණ පැත්තකින් තියලා මත්ද්‍රව්‍ය මිලදීගත්තේ කාගෙන්ද කියලා දැනගැනීම ඉස්සෙල්ලාම අවශ්‍යයි.
Shantha -Qatar Saturday, 03 October 2020 02:06 PM
ඔබේ අදහසට මමත් එකඟයි.
Bamunuarachchi Sunday, 04 October 2020 05:05 AM
වැඩේ වැරදි එක වෙනම කතාවක් නමුත් මේක තමයි දරු සෙනෙහස.