‘බ්‍රිගේඩියර් සෙනග අතරට ආවා. ඔය ගොල්ලන්ට සුබ ආරංචියක් තියෙනවා සති තුනකට පැක්ටරිය වහනවා. දැන් යන්න. විනාඩි දහයක් දෙනවා කිව්වා. සෙනගට ඉවත් වෙන්න පැය භාගයක් දෙන්න කියා මම කියද්දී බැහැ විනාඩි දහයයි කියමින් සෙනග ගොඩ මැද්දට ගියා. ඉස්සරහ හිටි අය හට්එක ගලවන්න හදද්දී අඩෝ මොකද කියන්නේ කියා බ්‍රිගේඩියර් එක්කෙනෙකුගේ කොලරයෙන් අල්ලාගෙන ‘පයර්‘කියා කිව්වා.‘ යැයි වැලිවේරිය නැදුන්ගමුවේ කිංස්ලි පෙරේරා (58) මහතා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා ඉදිරියේ පැවසීය.
කිස්ලි පෙරේරා මහතා මෙසේ ද කීවේය.
‘බ්‍රිගේඩියර් ‘පයර්‘ කිව්වාම පිටි පස්සේ හිටි හමුදා නිලධාරියා අත උස්සා සංඥාවක් දුන්නා.ඒත් එක්කම සෙබලූ ලයිට්වලටත් වයර්වලටත් වෙඩි තියන්න ගත්තා. පොලුවලින් ගහන්න ගත්තා. දිගට හරහට වෙඩි තිබ්බා. මේ නිසා හට් එක ගලවා ඉවර කරන්න බැරිවුණා. බෆල්වලින් ඇවිත් ඒවා පොඩිකරගෙන ගියා. අපි ඉස්සරහට දුවද්දී මටත් වෙඩි වැදුනා. වෙඩි තියන්න එපා කියා මම කෑගැහුවා. මේ වෙලගාවේ අදුර වැටිලා තිබුණා. වේලාව කියන්න මතක නැහැ. පසුව මා රෝහලට ගෙන ගියා. කවුද ගෙන ගියේ දන්නේ නැහැ. දින හයක් රෝහලේ හිටියා. වෙඩි තිබ්බේ හමුදාවෙන්මයි. ඒ අය අදුනන්නනම් බැහැ.‘
වැලිවේරියේ ලක්ෂ්මන් සිල්වා, රොඩ්නි ප්‍රනාන්දු යන දෙදෙනා ද අධිකරනය හමුවේ සාක්කි දුන්හ. වැලිවේවරිය දේවස්ථානයේ පියතුමන්, සහාය පියතුමන් හා කන්‍යා සොයුරිය ඉදිරියේදී සාක්කියට කැදවීමට කටයුතු කරන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා පැවසීය.
ඕනෑම කෙනෙකුට තමා ඉදිරියට පැමිණ සාක්කි දිය හැකි යැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ.ජයතිලක මහතා පැවසීය.
කොළඹ අපරාධ කොට්ඨාශය රස පරීක්ෂකවාර්තාවන් ලබා ගැනීම හා ජින්ටෙක් ආයතනයේ වාර්තා ලබා ගැනීමට අදාල සංදේශ දෙකක්ද ඉදිරිපත් කරනු ලැබීය. කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අදිකාරි නුවන් වෙදිසිංහ සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා සමග නීතිඥ උපුල් දේශප්‍රිය මහතා ඇතුල් නීතීඥ කණ්ඩායමක් පෙනී සිටියහ.
වැඩිදුර විභාගය ලබන මස 6 වැනදා පස්වරැ 1.30 දක්වා කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම හමුදාව යුද්දෙදි ඉදිරියට ගියා. හැංගුනේ නෑ. ඒ රට වේ. වෙනුවෙන් ඉදිරියට ගිහින් මැරුනා. දැන් ඉතුරු ඒදා හැංගුන හොරු . අපිටත් පිස්සු. (දී)
හමුදාව පුහුණු කරලා තියෙන්නේ ඒ විදියට .. පොලිසිය කරන්න ඕනේ දේවල් හමුදාවට භාර දුන්නේ මොකටද? හමුදාවට තියෙන්නේ ජීව උණ්ඩ.. පොලිසියට කඳුළු ගස් , බටොන්, ර්බුර් බුලට් .. (දී)
දැන් ඔය බ්‍රිගේඩියර් ගලේ පැහැරු පුසා වගේලු (දී)
කුමාරිහාමි , ඒ බ්‍රිගේඩියර් අම්මටවත් සලකන්නැති පුතෙක් (ස)
මේ බ්‍රිගේඩියර් වතුර බොන කෙනෙක්ද
පියල් ඔයා 2013.08.30.05.59.30..,කියපු අදහස ගොඩක් හොදයි මමත් ඒ ටිකම තමයි කියන්නේ !!!! හැබැයි ,දැන් දවසින් දවස සාක්කි වෙනස් වෙන ගතියක් දැනෙනවා !!බන්දුල කියන දේවල් ඇත්තද කියලත් හිතෙනවා (අනේ මන්දා)හිතාගන්න බැහැ ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියල!!! දෙන දෙයක් කාල .., වෙන දෙයක් බලා ඉන්න තමයි තියෙන්නේ !!!! (දී)
138 බස් එකේදී පිරිමි ළමයෙක් ඇහේ හැපුන කියලත් මනුස්සයෙක් කෑගැහුව "යකෝ අපි රට බෙරගතිපු මිනිස්සු තොපි දැනගනියව්" කියල. එතන හිටපු තරුණ ගෑනු ළමයෙක් ඇහුව ඉතින් මහත්තයෝ අපිට දැන් මොකක්ද ඔබ තුමා කරන්න කියන්නේ කියල ? කව්රුත් සද්ද නැතිව හිටිය නිසා මම දන්නේ නැහැ ඒ කෙනා ඇත්තටම හමුදාවේද නැතිනම් බොරුවට කෑගැහුවද කියන්න. මට එදා තමයි මුලින්ම තේරුනේ කටුස්සන්ගේ කරේ රත්තරන් බදින්න එපා කියන්නේ ඇයි කියල.(දී)
138 බස් එකේදී පිරිමි ළමයෙක් ඇහේ හැපුන කියලත් මනුස්සයෙක් කෑගැහුව "යකෝ අපි රට බෙරගතිපු මිනිස්සු තොපි දැනගනියව්" කියල. එතන හිටපු තරුණ ගෑනු ළමයෙක් ඇහුව ඉතින් මහත්තයෝ අපිට දැන් මොකක්ද ඔබ තුමා කරන්න කියන්නේ කියල ? කව්රුත් සද්ද නැතිව හිටිය නිසා මම දන්නේ නැහැ ඒ කෙනා ඇත්තටම හමුදාවේද නැතිනම් බොරුවට කෑගැහුවද කියන්න. මට එදා තමයි මුලින්ම තේරුනේ කටුස්සන්ගේ කරේ රත්තරන් බදින්න එපා කියන්නේ ඇයි කියල.(දී)
බෝධි පූජා තිබ්බා,තමන්ගේ ලේ දන් දුන්න රටේ ජනතාවට .......... කෙනකුගේ එක මෝඩ තීරණයකින් රටේ ජනතාවත් හමුදාවත් හා එකට බැදී තිබු විශ්වාසයත්,මමත්වයත් ධුරින් බුත විය . දෙවියනේ මේ ශාප ලත් දේශය නැවත ගොඩ ගනු මැන. (දී)
ප්‍රශ්නය ඇත්තේ වෙඩි තියන අයගේ නොව වෙඩි වැදුන අයගේය, එනම් අපි අපිට වෙඩි වැදුනා කියා නොසිතා ඔවුන්ට වෙඩි වැදුනා කියා සිතීමය, එහෙත් දේශපාලන බෙදීම් නිසා අපි එසේ නොසිතා තැලෙමින් පෙලෙමින් දුක්විදිමින් හෙටද බඩගින්නේම ඡන්දපොලට ගොස් ඔවුන්ටම කතිරය ගසනුලබේ.(දී)
දැන් ඔය මිනිත්තු 10 දුන්නැයි කියමුකෝ , ඉතින් ඕගොල්ලෝ ඒ මිනිත්තු 10 න් පස්සේ විසිර යන්නද හිටියේ? (ස)
අපේ රටෙ බහුතර ජනතාව දේශප්‍රෙමී කඩතුරාවෙන් ඇස් වෙලා එයින්ම සිතීමේ හැකියාව අඩපන කල පිරිසකි, එම නිසා දේසපාලකයන් කියන ඕනෑම දෙයක් පිලිගෙන තම දරුවා මැරූ පුද්ගලයාටද ඡන්දය දීමට නොපැකිලේ.මානව හිමිකම් ගැන කථාකරන්නන් ද්‍රෝහීන් ලෙස සලකයි. එය අද ඇති ඛෙදවාඡකයයි. දේසපාලකයන් සුලු පිරිසක් සුර සැප විඳින ගමන් මහජනයා පෙලනු ලබයි. මිනිසුන් ගැඹුරින් සිතන්නට පුරුදු වෙනතුරු මෙම තත්වය පවතිනු ඇත. නැතහොත් අපි වහලුන්සේ හෙටද ඔවුන්ගෙ විධානයට අවනත නොවුනහොත් වෙඩි කෑමට සූදානමින් සිටිය යුතුය. (දී)
මාසයක් මතක තියෙයි (දී)
ඔය කියන බ්‍රිගේඩියර් යුද්දෙට බයේ ඇමරිකාවට ගිය කෙනෙක්ද ? අපේ අනිත් අය වගේ.(නදී)
" පයර් " කියපු මෑන්ට දැන් සුවර් එකටම උසස් වීමක් දීලා ඇති. අපිත් මුන්ට ඡන්දෙ දුන්න නේ.(නදී)
බ්‍රිගේඩියර්ට අන දුන්න ලොකු උදවිය ගැන කවුරුත් කතා කරන්නේ නෑ.(නදී)
අපිට බුලට් නැහැ. ඒ වුණාට අපිටත් තුරුම්පු තියෙනවා. (නි)
මැරුණු අයට සුදුසු වන්දියක් දුන්නද නැවත මිය ගිය ඔවුනට පණ එන්නේ නැත. එනිසා මෙය විජාතික බලවේග වලට රට අස්ථාවර කරන්නට මාතෘකාවක් කර නොගන්න. ශ්‍රී ලංකා යුධ හමුදාව ලෝකය ඉදිරියේ අපකීර්තියට පත් නොකරන්න. මෙයින් දේශපාලකයන්ට වඩා දෝෂාරෝපණ හමුදාවට ඒ නම් ජිවිත පුජා කර ලේ ධාරාවල් හලා අපගේ මාතෘ භූමිය බේරා ගත් ඔවුනට වරදක් කර ඇත්නම් එයින් නිවැරදි වන්නට මිනිසුනේ සමාව දෙනු මැන. අපි කවුරුත් දිනකදී මිය යනු ඇත. වෙලාව පැමිණි විට අපි කාටවත් මරණය නතර කළ නොහැක. එනිසා දැන් සන්සුන් වෙනු මැන. එසේම හැකි ඉක්මනින් ඒ අසරණ ජනතාවට බීමට සුදුසු ජලය ලබා දෙන්න. (නි)
පුංචි සිදුරකින් තනි ඇසක් තබා බලන්න පුරුදු කෙනෙකුට මනුස්ස ජීවිතයක් පෙනෙන්නේ ඉලක්කයක් විදිහටලු. (නදී)
කුමාරිහාමි පුද්ගලිකව හම්බ උනානම් උත්තර දෙන්න තිබුනා. මිනී කාක්කෝ අවදි වෙලා පාලු ගෙදර වලන් බිදිනවා. මේ සිදුවීම මුළු රටම රුපවාහිනියේ නැරඹුවා. උද්ගොෂකින්ගේ හැසිරීම අපි දැක්කා. මේ සාක්කි වල තියෙන රටාව අනුව මෙතන වෙන සිදුවීම පැහැදිලියි. සැලසුම් සහගතව රිමෝට් කොන්ට්‍රෝල් රුකඩ සාක්කි ටිකක් මේ රුපියල් 100 ට 200 ට නඩු වලට මරා ගන්න ලොයර්සලා ටිකක් නොමිලේ ඉදිරිපත් වෙලා මෙහෙවන්නේ රතු පස්වල මිනිස්සුන්ගේ වතුර ප්‍රස්නේ විසදන්න නෙමෙයි කියල මිනී කාක්කෝ ඇරෙන්න මුළු රටම දන්නවා. හමුදාව දඩුකදේ ගහනවානම් ඊට කලින් මෙහෙම් සිදුවීමක් නිර්මාණය කරන්න දායක වෙච්ච මේ සාක්කි දෙන අයව දඩු කදේ ගැසිය යුතුයි ප්‍රථමයෙන්.(නදී)
හමුදාවට අණ දුන්නේ කවුද? (නි)
ඔයා හරි දමයන්ති (නි)
දමයන්ති, වැරදි ඕඩර් වලට වැඩ කළොත් වරදින්නෙ තමන්ටමයි (නි)
හැම දේකටම හමුදාව පලිද? ඉස්සර යුද්ධ කාලේ දේවියන්ට වගේ සැලකුවේ. ඒත් දැන් බනින්නෙම හමුදාවට. මතක තියාගන්න අපි වැඩ කරන්නේ හිතුමතේට නෙමෙයි. ඉහලින් දෙන ඔඩර් වලට. මමත් නාවික හමුදාවේ. ඒ ඕඩර් වලට වැඩ කලේ නැති වුනොත් අපිට මොකද වෙන්නේ. (ස)
හමුදාව යුද්ධ කරපු එකත් හරි. රට බේරා ගත්ත එකත් හරි. ඒ වෙනුවෙන් උත්සව පවත්වපු එකත් හරි. ඒ යුද්ධෙම කරවන්න මහන්සි වුන කෙනාව හිරේ දාලා තරු පටි ගලවලා අනිත් අය නිදහස බුක්ති විඳපු එක හරිද? දන්නේ නැති නිසයි අහන්නේ.( කරුණා කර මේක පලකරන්න) (ස)
මූහුන බැලුවාම පේනවා කොහොම කෙනෙක්ද කියලා (නි)
මේ වෙලාවෙ කිසිම දේශපාලනඥයෙක් තමන්ට අවාසිවන ලෙස අහිංසක මිනිසුන් මැරීමට නියෝග දෙතැයි සිතීමට නොහැක (නි)
අපි කොයි තරම් කිවුවද මේක මහා පොලොව නුහුලන අපරාදයක් කියලා? දැන් විඳවන්න වෙලා නේද? (නි)
මෙයා වැරදි නැහැ (නි)
ඔය බ්‍රිගේඩියර්ට අණ දුන්නේ කව්ද කියලා හොයලා බලන්නේ නැත්තේ ඇයි.අන්න එතන තමයි නියම තත්වය රටේ ජනතාවට දැන ගැනීමට ලැබෙන්නේ . (නි)
සමන්, මෙහෙම දේවල් සිද්ධ නොවෙච්ච ආණ්ඩුවක් හෝ ප්‍රධාන දේශපාලන පක්ෂයක් කියන්න බලන්න අපිට ඡන්දේ දෙන්න.(නදී)
මම 100% එකගයි ඔයා කියලා තියෙන දේට. එක් හමුදා නිලදාරීන් කීප දෙනෙක් කළ වරදට මුළු හමුදාවටම බනින්න එපා. (නි)
නසාර් ඔයාගේ අදහස පැහැදිලි මදී .හැබැයි වැලිවේරියට ෆයර් කියපු එක .බේරුවල ,අකුරණ .තිහාරිය .නැගෙනහිරට ෆයර් නොවේවි කියල කියන්න බැහැ නේද ? (දී)
බ්‍රිගේඩියට අණ දුන්නේ කව්ද?
හමුදාව අපහසුතාවයට පත් කල මෙවන් නිලධාරීන් ඉවත් කල යුතුමයි (දී)
මේවා කොහොම උනත් අන්ත්මේ ජිවිත 3ක් නැති උනා (දී)
චෝදනා කල යුත්තේ හමුදාවේ ඉන්න ඉහල එහෙයියන්ට. එයාලා රටට නෙමෙයි සේවය කරන්නේ.(නදී)
ලංකා, වැලිවේරියේ අයට කොන්දක් තියේනම් ගිහින් ආධාර අරගෙන ෆොටෝත් අරන් ඒවිද? මැරුන ළමයින්ටත් නින්දාවක්.(නදී)
මේ බ්‍රෙගේඩියර්, හමුදාවේ කීර්ති නම එහෙම පිටින්ම නැතිකළා. එයාට අන්තට්ටුවක් දිය යුතයි.(නදී)
බන්දුල කතා කරන්න එපා වචනයක්වත් (දී)
මේ ලංකාවේ රණවිරුවෝද? (නි)
අර අහිංසක දරුවන්ට වැදුන වෙඩි තමන්ගේ ළමයෙකුට වැදිලා මැරුණා නම් දැනේවි වේදනාව. (නි)
ඕනෑම කෙනෙකුට ඇවිත් සාක්ෂි දෙන්න කියන්නේ ඇයි? මේ වෙද්දී විත්තිකාරයෝ ලංකාවේ නැද්ද? (නි)
මේවාට ඕටී වගේ දේවල් ගෙවීම කොහොමද දන්නෙ නැහැ (නි)
පේනවා නේද සැර? (නි)
හමුදාවේ ඉන්න කීපදෙනෙකු නිසා අපේ මුළු වීරෝධාර හමුදාවේම නම කැත වෙනවා. අසාධාරණ ලෙස වෙඩි තැබීමට අණ දුන් එම නිලධාරියාට විරුද්ධව හමුදාමය ක්‍රියාවලියෙන් හා සිවිල් අධිකරණයෙන් දඬුවම් දිය යුතුයි. හමුදාවේ කීර්ති නාමය රැකගැනීමට හා අගතියට පත් පුද්ගලයන්ට සාධාරණයක් ඉටුකිරීමට එය සුදුසු පියවරකි. (නි)
මෙතන වුනු සිදුවීම අපිත් රුපවාහිනී නාලිකා වල දැක්කා. (නි)
ලංකාවත් සිරියාවක් වෙයිද මන්දා (නි)
හමුදාවේත් මෙහෙම නායකයෝ ඉන්නවා. ඒ නිලදාරින්ට කිසිම අවස්ථාවක් දෙන්න එපා (නි)
වැරදි කරන හමුදාවේ අයට විරුද්ධව වචනයක් කතා කරන්න බැහැ, රණ විරුවන්ට අපහාස කරනවා කියලා දඟලනවා. අපි එක දෙයක් මතක තියා ගන්න ඕනෑ. රණ විරුවන් සියල්ල යුධ ජයග්‍රහණය ලබාදුන්නත්, යුද්ධයට ගිය සියල්ල රණවිරුවන් නෙමේ කියලා. (නි)
අන්තිමට තරු ග්‍රහලෝක ටික බේරී වැඩකට නැති උල්කාපාත ටික අලුවෙලා යාවිද? (නි)
මේවා දැක්කාම කියන්න නම් ඕනෑ තරම් දේවල් තියෙනවා. නමුත් සද්ද නැතුවම ඉන්නම්. (නි)
නසාර්, මම එදත් ඕක කිවුවා. ලේ දුන්න සිංහලයට ඔහොම කළා නම් නුඹලාට දෙයියන්ගේ පිහිට තමයි පුතා (නි)
කෝ දැන් ඔය " පයර් " කියපු ලොකු මහත්තයා? (නි)
ඔය කියන බ්‍රිගේඩියර්වරයා දැන් කොහේද? (නි)
නසාර්, ටිකක් වෙලා යාවි ලංකාවේ අපිට ෆයර් කරන්න (නි)
මට අවශ්‍ය දේ කියන්න බැහැ.එදා මේ වගේ අයටත් අපි සෙත් පතපු නිසා (නි)
මගේ සහෝදර බුද්ධිමත් ඡන්දදායකයිනේ, ඔය දේශප්‍රේමී අං තට්ටුව ගලවා පසක තබා මේ චන්දෙදි "ෆයර්" !!! (නි)
කලින් සාක්ෂි වලදී කිවුවේ විනාඩි දහයක් ඉල්ලුවා, විනාඩි දහයක් දෙන්න බැහැ කිවුවා කියලා නේද? දැන් කියනවා විනාඩි දහයක් දෙන්නම් කිවුවා ඒත් පැය භාගයක් දෙන්න බැහැ කියලා ගැහුවලු. අනේ මන්දා (නි)
ලංකාවවේම ඉන්න අයට ෆයර් කියන්න වැඩි ඈතක් නැහැ .(අ)
ඕකට තමා කියන්නේ පියල් මහත්තයෝ ආසියාවේ ආශ්චර්යය කියලා. (නි)
කෝ ඔය දැන් ඔය ෆයර් කිව්ව ලොක්කා. (නදී) .
වරදක් කළ විට එහි විපාකය දැනුනු මිනිස්සුන්ටයි එය වරදක් කියලා දැනෙන්නේ. ජීවිත කාලයේම කළ හොඳ වුණත් එක් වරදකින් මැකී යන්න පුළුවන්. අපේ හමුදාවත් දැන් දැන් කරන දේවල් නිසා යුද්ධය දිනූ එකේ ගෞරවය නැතිකර ගන්නවා (නි)
" දැන් එයා මොන කඳවුරේද ඉන්නේ? මොකද්ද එයාගේ රෙජිමේන්තුව? " මොකද කුමාරිහාමිට ඒ ගැන දැනගන්න තිබෙන වුවමනාව? (නි)
මේ අපේ මුළු රණවිරු හමුදාවම ද? නැත. එක්කෙනෙක් මෙහෙම වැඩක් කළහම මුළු හමුදාවටම බනින එක හොඳ නැහැ. (නි)
වෙඩි තියලා මැරුවේ අහිංසක ජනතාව. මේ අයට උපරිම දඩුවම් ලබාදෙන්න (නි)
ඔය බ්‍රිගේඩියර් යුද්දෙට ගිය කෙනෙක්ද? නැත්නම් යුද්ධ කාලේ යුද්ධය නැති පළාතක හිටිය කෙනෙක්ද? කොටි කීයක් මරලා තියෙනවද? ඇයි එයාට වීර පදක්කමක් දුන්නේ නැත්තේ? දැන් එයා මොන කඳවුරේද ඉන්නේ? මොකද්ද එයාගේ රෙජිමේන්තුව? (නි)
එතකොට තුන්වෙනි පාර්ශවය කෝ? (නි)
ඕක තමා හැම තිස්සෙම දේශපාලකයෝ කියන්නේ අපේ ජනතාව බුද්ධිමත් කියලා.ඔය වගේ දේ වලට වැටෙන්න එපා ජනතාවනි. (නි)
පියල්, ඔබ හරි. මනසින් නොවැඩුණු පුද්ගලයන් නිල ඇඳුම නිසා හිස උදුම්මාගෙන හැසිරීම බොහෝවිට අපි දකින දෙයක්. මෙතනත් ඒක සිදුවී තිබෙන බව පේනවා. නමුත් එවැනි අහංකාර මිනිසෙකුගේ නොපනත්කමට පොදුවේ හමුදාවට දොස්කීම වැරදියි. යුදහමුදාව වැනි දැඩි විනයක් සහිත ආයතනයක සාමාජිකයෙක් මෙහෙම හැසිරෙනකොට කැපී පේනවා. ඒක නිසැකවම පොදුවේ හමුදාව අපකීර්තියට පත්කිරීමක්. ඕනෑම රජයේ සේවකයෙකුට වුනත් විනය රෙගුලාසි යටතේ චෝදනා පත්‍රයක් දෙනකොට අන්තිමට ඇතුලත්කරනවා 'රජයේ සේවය අපකීර්තියට පත්කිරීම' යන චෝදනාව. දැන් යුද හමුදාවෙනුත් පරීක්ෂණයක් කෙරෙනවනේ. මේ පුද්ගලයාටත් එවැන්නක් යුදහමුදාවෙන් සිදුවෙයිද කියා අපි බලා ඉඳිමු. (නි)
අප්ප්‍රමානව ආදරයක් කරුණාවක් හිමිකරගෙන තිබුණු අප්පේ හමුදාව අර නුගත් ඉන්දියන් ෂැම්පු කාපු හමුදවට අන්තයි දැන් (අ)
පියල්, අද අපේ රටට වෙලා තියෙන්නේ ජයග්‍රහණයේ පියවරු ඕනෑතරම් හිටියත් පරාජය ඕපපාතික වීමයි (නි)
කෝ මේ බන්දුල? අද නැද්ද? (නි)
අනේ මගේ රට විනාශ කරලා ඉවරයි දෙයියනේ. (නි)
එක අයෙක් දෙන්නෙක් කල්පනා නොකර කරපු වරද මුළු හමුදාවේම වරදක් ලෙස දකින්න එපා ! අද හමුදාව රටට කොතරම් සේවයක් කරනවද ? අපිට බයනැතිව ආඩම්බරයෙන් පිටරෙටියෙකුට මේ මගේ රට යැය් පෙන්වන්නට , ගෙන්වන්නට පුළුවන් වෙලා තිබෙන්නේ යුද හමුදාව සහ අනෙක් හමුදා නිසා . එයාල අදටත් කරන සේවය සමාන කරන්නට කිසිම රාජ්‍ය සේවක ආයතනයක් හෝ පුද්ගලික ආයතනයක් නැති බව තේරුම් ගන්න ! මේ වගේ අඩුපාඩු සිදුවීම් ලෝකේ බොහෝ හමුදාවලින් සිදු වෙනවා . ඒවා ප්‍රසිද්ද කරන්න අය එම රටවල නැත්තේ තම තම රටවල් වලට මිනිස්සු ආදරය කරන නිසා ! රතුපස්වල බලවත් වරදක් සිදුවේ තිබෙනවා ! එය හමුදාවේම වරදක් නොවේ ! යම් යම් නිලධාරීන් සහ මෝඩ බලවතුන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් නිසා ! අවාසනාව වන්නේ මොන පරීක්ෂණ කලත් එම වගකිවයුත්තන්ට නොවෙයි අන්තිමට දඩුවම් ලැබෙන්නේ ! සිදුවීමට මැද හිරවෙච්ච එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට ! කොහොම උනත් හමුදාවට දොස් කියන්න එපා ! අපි කළගුණය සලකන මිනිස්සු වෙමු ! (අ)
ඔය කියන විදියට පරමැද්දේ හට් ගහගෙන හිටියද? (අ)
මට මතක් වෙන්නේ විජයකුමාරතුංග කියන අර සොල්දාදුවෝ ගීතය.......ලේ සුවදම ඉව කරමින් තරු ලකුණක් පලදින්නද සැරසෙන්නේ ..(අ)
අපි බලමු ලංකාවේ අය මේවාට චන්දෙදි ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද කියල. චන්දෙදි ආණ්ඩුව දිනුවොත් වෙඩි තැබීම ජනතාව අනුමත කියල හිතන්න පුළුවන්. එහෙමනම් තව තවත් වෙඩි තිබ්බට කාරියක් නෑ.(අ)
වැලිවේරියේ ඉන්න මිනිස්සුන්ට කොන්දක් තියෙනව. වෙන පෙත්තකනම් බයටම අපි මොනවත් දැක්කේ නැහැ කියයි (අ)
මේ අපේ හමුදාවද? (නි)