සීනිගම දේවාලයේ පිංකැටය කඩා රුපියල් පන්ලක්ෂයක් සොරාගෙන ගියැයි දෙමාසයකට පසු දේවාලයේ සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය කියයි.
සීනිගම දේවාලයේ පිංකැටය කඩා රුපියල් පන්ලක්ෂයක් සොරාගෙන ගියැයි දෙමාසයකට පසු දේවාලයේ සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ 99.99% ක් දේවාල ව්‍යාපාරික ස්ථාන පමණයි. (නි)
මීටියගොඩ පොලිසියනම් නියමට පරික්ෂණේ කරාවි. හොඳ මාමල (අ)
වහාම පරීක්ෂණයක් තියන්න
ඔය දේවාලේ,හාස්කම් තිබුන,දැනුත් තියෙනවා නැත්තේ නැහැ ඔය පල් හොරුන්ට දඩුවම් ලැබේවි අපිට තියෙන හදිස්සිය ,දෙවියන්ට නැහැ වෙලාව අවහම දඩුවම් දේවී,මට තියෙන ප්‍රස්නේ..,සීනිගම තියෙන්නේ හික්කඩුවේ!! ඇයි ඉතින්,මිටියාගොඩ පොලිසිය මේකට මැදිහත් වෙලා තියෙන්නේ . (දී)
බය නැතුව කරන වැඩ මිනිස්සු
දේවාලේ පින් කැටේට වත් දෙවිදේවතාවුන්ගේ ආරක්ෂාවක් නැතිකොට යදින්න එන අනිත් අය ගැන මොන කතාද. (දී)
ලංකාවේ දේවාල වල පිළිම උඩ ඉන්නේ දෙවියෝ නොවෙයි, අශුද්ධ ආත්තම, එයාලට පින්දීල වැඩක් නෑ, දැනටම ඔවුන් අවසානයේ ගිනි විලට ව්නිශ්චය කරලා හමාරයි (දී)
මේක හොද උදාහරනයක් දෙවියෝ සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෑ, එයාලට ඕනේ පින්. (ස)
මේ පිළිබදව සොයා බලා වාර්ථා කිරීම පිණිස පූර්ණ බලැති දේව කොමිසමක් විශ්‍රාමික දෙවියෙකුගේ ප්‍රධානත්වෙයන් පත්කරන ලෙස දෙව්ලොවට අධිපති සක් දෙවිදුගෙන් ඉල්ලා සිටිය යුතුය. (නි)
නැතුව දෙයියන්ගේ දේවල් වලට අත තියන්න අපි යනවද ? නැහැනේ (නි)
සීනිගම දේවාලයේ ඉතිහාසය පඬුවස්දෙව් රජතුමාගේ කාලය දක්වා ගෙනියනවා.කුවේනියගේ අවතාරයෙන් රජතුමාට සිදුවූ උවදුරු වලක්වා ගැනීම සඳහා එදා සිටම මෙම දේවාලේ පුද පුජා පැවැත්වීම ආරම්භ කල වග අසා තියෙනවා.පින් කැටේ ලක්ෂ 5 ක් තිබුනා නම් මීට පෙර ලැබුණු මුදල් පත් වුනේ කා අතටද ? මීට අමතරව ලැබෙන පඬුරු, පුද පුජා....කපු මහත්තයාට ලැබෙනවා වගේම ඉඳලා හිටලා නැතිබැරිකමට ගෝලයෙක් ගත්තාට මක් වේද ? එක් අතකට. (නි)
දේවාල වලට බැතිමතුන් මුදල් දෙන්නේ පඬුරු දාන්නේ දෙවියන් ගැන හිතලා වුනත් ඒවා යොදාගත යුත්තේ දේවාලයේ දියුණුව පිණිසයි. පාලනය කරන බස්නායක නිලමේවරුන් ඒ මුදල් පාලක මණ්ඩලය සමග නිසි ලෙස පරිහරණය කලයුතුයි. හැබැයි ඉතින් දේවාලය නමින් බැංකුවේ තැන්පත් වන මුදලත් බැතිමතුන් පුජාකරන මුදලත් අතර මහා විශාල පරතරයක් තියෙනවා. කපුවන්ගේ ගෙදර ඇත්තන් පළඳින රන් ආභරණ ගැන නම් අපේ ඊර්ෂ්‍යාවක් නැහැ. මෝඩ බැතිමතුන් ගැන නම් දුකයි. (නි)
අනේ ඉතින් දෙවොල් දෙවියොත් අහක බලන් හිටියනේ මේ පාහර වැඩේ කරනකම් දඬුවමක් නොදී (අ)
අනේ මෙහෙමත් රටක්!ලංකාවේ වෙන දේවල් දැන් නම් පුදුමය. (අ)
දෙයියන්ගේ බැල්මහිමි (අ)
එ හෙනම් යාම රජ්ජුරුවෝ සේෆ් කොරන් ඇති ? යම පල්ලෝ නිදි ඇති?)අ_
ඕකට මොකටද පොලිසිය ගෙන්නුවේ දැන් පොලිසියේ ප්‍රශ්න විසදා ගන්න යන්නෙත් දේවල වලටනේ (අ)
මහා ලොකු හාස්කම් තිබෙනවා කීවට පොලිසියෙන් හොරාව අල්ලනකම් මාස දෙකක්ම දෙවියෝ කොහෙද හිටියේ??දෙවියෝ වටින්නේ සිත නැති කය පමණක් ඇති පුද්ගලයන්ටය .(අ)
දේවාලයට වඩා පොලීසියේ හාස්කම් වැඩියි වගේ (නි)
දෙවියනි ඔබ කොහිද? (අ)