සෙන්ට්‍රිඇක්සෝන් ප්‍රතිජීවක එන්නතේ එක් කාණ්ඩයක් පාවිච්චියට නොගන්නා ලෙස දිවයිනේ රෝහල්වලට උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශක ඩබ්ලිව්.එම්.ඩී වන්නිනායක මහතා කියයි. එම එන්නත දෙවැනි මාත්‍රාව දීමෙන් පසුව ගාලු රෝහලේ දි නව හැවිරිදි දැරියක මිය යාම නිසා එම පියවර ගෙන ඇත. වෛද්‍යවරුනට ප්‍රශ්නයක් වී ඇත්තේ පළමු මාත්‍රාවෙන් දැරියට කිසිම අතුරු ආබාධයක් නොවී දෙවැනි මාත්‍රාව දී දෙපැයකින් පසුව ඇය මිය යෑම පිළිබඳ ප්‍රශ්නයයි. මරණ පරීක්ෂණයේදී තීන්දුවක් ප්‍රකාශයට පත් නොකළ මරණ පරීක්ෂකවරයා සිරුරේ කොටස් බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට ද එන්නත ජාතික තත්ත්වපාලක රසායනාගාරයට ද යවා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙෆ්ට්‍රයැක්සෝන් (නු)
මම හිතන්නේ ඇතත් එළිවෙන එකක් නැහැ.. (නු)
පියවරක් ගැනීම ගැන සතුටුයි. (නි)
Ceftriaczone (සෙෆ්ට්‍රයැක්සෝන්)
දැං කහනම් කරලා වැඩක් නැහැ.. පව් අහිංසක දරුවාගේ ජීවිතය විනාශ උනානේ..!(නු)
හොද වැඩක්.. ඉක්මන් ප්‍රතිචාරයට ස්තුතියි..!(නු)
සෙන්ට්‍රිඇක්සෝන් ..? (නි)
අපරාදේ
අයියෝ සල්ලි
'තහනම් කළා' කියන එකෙන් වැරදි වැටහීමක් ඇතිවෙලා බව පේනවා. මෙහිදී සිදුවන්නේ භාවිතය තාවකාලිකව අත්හිටුවීම (withhold) මිස තහනම් කිරීම (ban) නොවේ. වහාම සිදුකරන පියවර එය වන අතර, ඉන් පසු දීර්ඝ ලෙස සිදුකරන සොයාබැලීම් මාලාවකින් පසු එක්කෝ එම තොගය ඉවත් කර අදාළ ආයතන වලින් අලාභය අයකර ගැනීම ( එසේ සිදු වෙන රටක නම්! ) හෝ තොගයේ වරදක් නොව වෙනත් හේතුවකින් මරණය සිදුවී ඇති බව ඔප්පු වේ නම් නැවත එය භාවිතයට ගැනීමයි සිදු වන්නේ. මෙම ඖෂධය කල් ඉකුත් වූ එකක් බව ඊයේ එක්තරා නාලිකාවක් කියූ කතාව අමු මුසාවකි.
සනත් මොඩයෙක් වෙන්න එපා. දැන්වත් තහනම් කරපු එක හොදක්. මොනවද මේ ඔයා ලියන්නේ?
උසාවියකට, පොලිසියකට , රෝහලකට යන්න සිහිනයෙන්වත් හිතන්න එපා. (නි)
මෙවැනි අවස්ථාවක ජනතාව ඉදිරියේ සත්‍ය පැහැදිලි කිරීම ඉතා අගෙන්ය. (නි)