ගල්කිස්සේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරදී රැප් ගායකයකු අසභ්‍ය වචන ප්‍රකාශ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් සහ ලේකම් ජානක වික්‍රමසිංහ කළ පැමිණිල්ලක් අනුව කොහුවල පොලිසිය අද (6) අදාළ ගායකයාගෙන් ප්‍රශ්න කළේය.
පැයකට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි සංගීතයට අපහාසකරන්නන් හට දැඩි දඬුවම් දියයුතුයි (නි)
පාර්ලිමේන්තුවේ අය දුන්න ආදර්ශය (නි)
මෙය පොලිසියට පැමිණිලි කළයුතු තරම් දෙයක් කියලා මම නම් හිතන්නේ නැහැ. (නි)
දැන් පොලිසිය වැඩක් නැහැ. එහෙ ගියා කියලා කිසි වැඩක් වෙන්නේ නැහැ. මොකද නැත්නම් අර කුරුණෑගලදී පොලිසිය ඉස්සරහ ගැහැණු ළමයෙකුට ගහපු අය අත්අඩංගුවට ගත්තේ නැහැනේ. (නි)
දැන්කාලේ ගායකයෝ කියලා කියන්න පුලුවන් අය හරි අඩුයි (නි)
කිසිම හරයක් නැති අනුන්ගේ ගීත කුණුහරප සමඟ කියන්නේ. මට නම් පෙන්නන්න බැහැ මොවුන්ගේ විකාර (නි)
පුළුවන් අය පෞද්ගලිකව තම නිවසේදී තම මෑණියන් සමග ඔය රැප් එක කළාට කමක් නැහැ. සහයට ඉරාජ් උදව් කරගනින්. (බ)
මේ විදියට ගියොත් වැඩිකල් නොගිහින් මෙරටේ සංගීත සංදර්ශනවල උපන් ඇදුමෙන් නටන්නත් ගනීවි. සංගීත ක්ෂේත්රයට විනකරන මෙවැනි දුර්ජනයින්ගේ අදුරදර්ශි ක්‍රියාවන්ට එරෙහිව වහාම නීතිමය පියවර ගෙන දැඩි දඩුවම් ලබාදිය යුතුය. (බ)
විකට ප්‍රසංග වල ද ඇතැම් විකට චිත්‍රපට වලද දෙපිට කැපෙන වචන හරි හරියට කියවෙනවා. මේ ආකාරයෙන් ම ඒවාත් නැවැත්විය යුතුයි. (බ)
දැන් කොහෙද ගායකයෝ ඉන්නේ? ඔවුන් හදන්නේ කුණුහරප කියලා ජනප්‍රිය වෙන්න. නිළියෝ හදන්නේ ශරීරය පෙන්නලා ජනප්‍රිය වෙන්න (නි)
එයා කිවුවට අපේ අය මොකටද යන්න ඇරියේ කණේ පාරක් නොදී? මොනවා වුණත් කීර්ති පැස්කුවෙල් ඇතුළු මිනිසත්බව හඳුනන කොන්ද පණ ඇති කලාකරුවනි, ඔබට තුති! (නි)
රැප් සංගීත සංස්කෘතිය ඉංගිසියෙන් කිව්වහම අපේ මිනිසුන්ට ලොකු සතුටක්. එ්ත් ඒ කුණුහරුපම සිංහලෙන් කිව්වම එ්ක ලොකු සංස්කෘතික ප්‍රශ්නයක් වෙනවා. හැබැයි මේ රටේ ඉහළ සිටම කරන කුණුහරප වැඩ එක්ක බලනකොට මේවා සුළු දේවල් (නි)
මේ මිනිස්සු ජනප්‍රිය වෙන්න පහසු ක්‍රම හොයනවා. ලංකාවේ නීතිය අනුව ප්‍රසිද්ධ තැන් වල කුණුහරප කියන්න තහනම් නේද? (නි)
හැමෝගෙම අදහස් අගය කරමි. මේ ළගදි සිරස සුපර් ස්ටාර් කියා ගන්න කෙනෙක් ජෝතිපාල මහත්තයාගේ " ආදරේ හිතෙනවා දැක්කම " ගීතය විනාශ කරලා තියෙන හැටි දැක්කම මේ අලුත් උන් ව අප්පිරියයි. 70 දශකය අයගේ ගීත නැත්නම් අලුත් අයට ජිවිතයක් නැහැ. හැබැයි ජෝතිපාල මහත්තයා නම් ගොඩක් පින් කරගත්තා. ඇයි අලුත් ගායකයෝ ඔක්කොම ( රූකාන්ත ඇතුළුව) ජිවත් වෙන්නේ ජෝතිපාල නිසා. (බ)
මේ අයගේ සින්දු අහල මල්වගේ ඉන්න පුංචි ළමයිනුත් දැන් මේවා කියන්න පටන් අරන්ලු. ඒයට කියන්නේ පුංචි පාතාලේ කියලලු .අනේ කාට කියන්නද?. (බ)
පිරිමි රැලක් කාන්තාවකට පන්න පන්නා පහර දෙනකොට හුරේ දාන්න එච්චර පිරිසක් ඉන්නවා නම්, කුණුහරුප සින්දු වලට හුරේ දාන්න කොච්චර පිරිසක් ඇද්ද? අනේ ලෝකෙන් උතුම් රටේ ධර්මදීපයට ගිය කල!!!! (ම)
මෙව්වට කියන්න වදන් නොමැත.(ම)
කැමති අය පෞද්ගලිකව තම නිවසේදී තම මෑණියන් සමග සුහදව ඔය රැප් එක කළාට කමක් නැහැ. සහයට ඉරාජ්වත් උදව් කරගනින්ලා බෙලහීනතාවක් එහෙම තිබේ නම්. (බ)
කාගෙන් පුරුදු වෙලාද මෙව්වා? (බ)
මෙවන් පුද්ගලයින් සමාජයට පිළිලයක් වැනිය (නි)
පිටබැද්දර ජයා, ඔයා හිතනවද ඔය පරපුටු නාද අහන්න ඔය තැන්වලට යන අය ඔය අයට කණේ පාරවල් දෙයි කියලා? දෙකට කපපු පණුවෝ වගේ දඟලනවා මිසක්. මේ ළඟදි කවුද විද්වතෙක් හොඳ කතාවක් කියලා තිබුනා දැන් තියන සින්දු හරියට හදිසි අනතුරු වාට්ටුවක් වගේ කියලා. (නි)
මෙතන අදහස් දාපු අය මේ වීඩියෝ එක බලලා නැහැ වගෙයි (නි)
ඇමතිලාට පාර්ලිමේන්තුවේ කියන්න හොදනම් අපිට ස්ටේජ් වල කිව්වම මොකෝ කියලා හිතන්න ඇති.වැරැද්ද ඕඩියන්ස් එකේ ඉන්න මොඩයිනුත් ඒකම කියන එකනේ. (අ)
හොද වැඩේ සංගිතය කන්න ආපු එවුන්ට , සංගීතය මුවාවෙන් පොඩි ළමයින්ගෙ මනස විකෘර්ති කරන එවුන් කලාවෙන් ඉවත් කරලම දාන්න ඔනෙ (අ)
ගංජ නැට්ටක් ගහල කුණුහරප සින්දු කීවට වීරය නෙමෙයි කියල අපේ මෝඩයන්ට තේරෙන්නෙ නෑ (අ)
දැන් ගායකයින්ගේ මෝස්තරයක් වෙලා කුණුහරුප කියන එක. (අ)
නීතිරීති යටතේ මෙවැනි ගායකයන්ගේ සින්දු ප්‍රසිද්ධ කිරීමට අනුමත කළයුතුයි (නි)
අනික් අය කියනවා වගේ අපේ මන්ත්‍රීවරුන් කොහොමද අනික් පිරිසට කතා කරන්නේ? විනෝද වන තැනක මොනවා කියන්න බැරිද? පොඩ්ඩක් කල්පනා කරන්න (නි)
ගායකයෝ .......? එහෙම අය ඉන්නවද දැන් ලංකාවේ? (නි)
සින්දු අස්සට කුණුහරප දාලා ගායකයෝ වගේ සින්දු කියන අයටත් අත්පුඩි ගහන රටක් මේක. දුවනතුරුම ගහලා එලෙව්වා නම් ඉවරනේ. (නි)
විපරිත ලෝකේ...! (නි)
අපේ සමාජයට ගැලපෙන්නේ කුනුහරුපනේ. ඉතින් කුණුහරුප වැඩ කරන්න මිනිස්සුන්ට පුලුවන්නම්, සමාජය කුණුහරුප වැඩ අනුමත කරනවා නම්, කුණුහරුප සින්දු කිව්වම මොකද වෙන්නේ? (අ)
බටහිර රැප් සින්දු වලට කුණුහරප නැතුවම බැහැ. ඔය සංස්කෘතිය අපිට නැතුවට කමක් නැහැ. (නි)
කවදත් මෙහෙම දේවල් කරලා තමයි බහුතරය මඩි තරකර ගත්තේ (නි)
තාලෙත් අවුල්නම්, ගායනයත් අවුල් නම්, පද සෙට් එකත් අවුල් නම් වෙන කොහොම රසික හදවත් දිනාගන්නද? හිට් කරන්නට තිබෙන එකම ක්‍රමය මේක තමයි... (නි)
මේ වගේ අයට මතකහිටින දඬුවම් දෙන්න ඕනෑ (නි)
කමක් නැහැ, කමක් නැහැ, උත්තරීතර පාර්ලිමේන්තුවෙ භාවිතා කරන වචනනෙ. ඡන්දය දුන් අපිට මඩුවලිගයෙන් ගහන්න ඕනෑ (නි)
දැන් ඉන්න සංගීත කණ්ඩායම් යැයි කියන අය කිසිම ගීතයක් ගැයීමට නොදන්නා අතර 70 දශකයේ ගායක ගායිකාවන්ගේ ගීත නොයෙකුත් වල්පල් සමඟ කියමින් උඩපනින එකයි කරන්නේ. (නි)
කවුද මෙයාලට ගායකයෝ කියන්නේ. දෙකක් දාගෙන අනුන්ගේ සින්දු කියන පරපුටුවෝ. වෙලා තියෙන්නේ මෙරටේ ඕනෑ පිස්සෙකුට ඕනෑ දෙයක් කරන්න පුළුවන්. ඒවාටම උඩගෙඩි දෙන චැනලුත් තියනවා නොවැ (නි)
ඔහොම කුණුහරප කියලා තමයි දැන් අවුරුදු ගානකට කලිනුත් කෙනෙක් ගුටිකෑවේ. ඒ වගේම ජානක සහ කීර්ති කරලා තිබෙන්නේ ඉතාම වැදගත් ක්‍රියාවක්. ඔබ දෙදෙනාට ස්තුතියි කොන්ද පණ තිබෙන වැඩක් කිරීම ගැන. (නි)
මේ සමාජය කුණුහරප ගොඩක් කරන්න ගොඩක් අය දඟලනවා (නි)