කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ අවන්හල් හිමියකුට පහර දී තුවාල කළැයි පෑලියගොඩ නගරසභා මන්ත්‍රී ශාමිල් සඳරුවන්, ගුණසිරි ජයවර්ධන ,සදුන් පුෂ්පකුමාර හා ප්‍රභාත් මධුරංග යන සැකකරුවන් සිව් දෙනා මේ මස 12 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන්නැයි මහර මහෙත්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ලා ටික දවසකට ඉවසාගෙන ඔහොම ඉන්නකෝ. (නි)
අනේ සාදු! මොවුන් හිතාගෙන ඉන්නේ ලංකාව ඔවුන්ට ලියලා දීල කියලනේ. (නි)
දර්ශිකා මෙනෙවියට ස්තුතියි. ඔබතුමිය නිර්භයව වැරදි කරුවන්ට දඩුවම් පමුණුවන්න.මොවුන් මොන දේශපාලනය කලත් කමක් නැහැ.මහජන නියෝජිතයන් වග මොවුන් අමතක කිරීම හා මහජනයාට පීඩා කිරීමට කිසිසේත් අනුමත කල නොහැකියි. අද සෑම අතින්ම ජනතාවට පීඩා දෙන්නේ මහජන නියෝජිතයන් වීම කණගාටුවට කරුණක්. මේ ගැන කතා කරන්න අද කිසිම මාද්‍යයක් ඉදිරිපත් වෙන්නේ නැහැ, ලංකාදීප හැර. මොවුන්වත් දේශපාලකයෝ මුදලට බිලිගනී කියන සැකය අපට ඇතිවී තිබෙනවා.(නදී)
පොඩි දේශපාලඥයන්ගේ ත්‍රස්තවාදය මර්දනය සදහා නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කල යුතුය. නැත්තම් මේගොල්ලන් පාර්ලිමේන්තු ගිය කලෙක අර දුටුගැමුණු රජුගේ චරිතයට පන පොවනවා වගේ එළාරගේ චරිතයටත් පනදෙන්න බලයි.(නදී)
නීතියට / තුමියට ජය වේවා!(නදී)
ඔය නාගරික මන්ත්‍රීලා ,පලාත් සභා මන්ත්‍රීලා,බොහොමයක් අය පාසල් ගිය අය නොවෙයි, ඔය අය රටේ ජීවත් වෙන්න දන්නේ නැහැ. අපේ රටට දෙවියන්ගේම පිහිටයි.(නදී)
මෙයත් එක්තරා අන්දමකට විවෘත කිරිමක් තමා කරලා තියෙන්නේ.(නදී)
අනේ සංසාරේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත කරන්නත් කලින් කඩවලුත් දාලද ?(නදී)
රත්නායක මහත්තයෝ, පලා බබ්බු විතරක් නොවෙයි ඔය ඇමතිලාත් ඉන්නේ (නි)
දේශපාලනයට එන්න දැන් අවශ්‍ය සුදුසු කම් ඔක්කොම සපුරාපු කට්ටිය තමයි දැන් ඔය ඉන්නේ. පක්ෂ නායකත්වය ඒ ගොල්ලන්ට අනුමැතිය දීලයි තියෙන්නේ. ජනතාව ඡන්දෙ දීල පත් කර ගන්නවා. ඊට පස්සේ ගුටි කනවා. ජනතාව මිනී මරාගෙන නේ මේ අයව පත් කරගන්නේ. මම දැක්ක මේ ඊයේ පෙරේදා පත්තරේක අර කොහෙද මොකක්ද කොට චණ්ඩියාට රැකවරණ සලසාපු මහා දේශපාලකයෙකුට සෙත් පතලා මහා පින්කමක් කරලා තිබුනා. ඒ ඉතින් ජනතාව ඒවා අනුමත කිරීමක්. ජනතාව පත් කරගන්නනේ ඡන්දෙ දෙන්නේ. රිමාන්ඩ් එක කියන එක මේ අයට අමුතු තැනක් නොවෙයි. ගෙදර ඉන්නවා වගේ. මේවා වෙනස් වෙන්නේ නැහැ. අඟහරු ලෝකේ පදිංචි වෙන්න කැමති අයට ඉල්ලුම් කරන්න පුළුවන් දැන්.(නදී)
සහෝදර සමාගමට බයෙන් මගේ අදහස් පල නොකලාට ලංකාදීප පත්තරේට තුති.(නදී)
රෝහණ ඔයා සුදු වැන් එකක ගියා නම් ඔහොම කියන්නේ නැහැ,.1989 මම සුදු වැන් ඒකක ගියා. තවමත් ලංකාවට යන්නේ අපහු මෙහාට එන්න ලැබෙයිද කියල දෙගිඩියාවෙන්.(අ)