සන්ධානයේ හබරාදූව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු මාකුඹුර යක්කලමුල්ල පාර අලුත්වැඩියා කරමින් සිටි සේවකයකුට බැන වැදී පහරදුන්නැයි පොලිසියට පැමිණිලි කර ඇත.
මන්ත්‍රීවරයා පැමිණි වාහනය නතර කිරීම ගැන උරණවී පහර දෙන්නට ඇතැයිද ඒ සිද්ධියෙන් පසු සියලු සේවකයන් වැඩ නවතා වර්ජනයක් ඇරඹූ බවද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කට්ටියගේ ඔලු විකාර වෙලා තියෙන්නෙ. මේ ලෝකේ නෙමෙයි ඉන්නේ. කරන්නේ මොනවද කියන්නේ මොනවද කියලා දන්නේ නෑ. (හේ)
බලය තියෙන අය පොඩි මිනිහටමයි ගහන්නේ.(හේ)
ප්‍රා සභා මන්ත්‍රීකමට පත්වන අයට පත්වූ දින සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රමයෙන් වැඩෙන්නට අන් දෙකකුත් ලබා දීමට ලෝකය මවන දෙවියන් වහන්සේට දිවැස් පහල වේවා. (නදී)
ලඟ තිබුන තාර වලින් පලා බබා නාවල යැව්වා නම් ප්‍රශ්නේ වැඩි දුර යන්නෙත් නැහැ. අනිත් පලා බබ්බු ටිකත් ඒක පාඩමකට ඉගන ගනියි. (නදී)
හොඳ වෙලාවට මේ පලා බබෙක් විතරයි. ඇමතියෙක් එහෙම උනා නම් අර පාරේ හිටපු සේවකයා මෙලහට එලොව ඇරලා (නදී)
සමහරුන්ට නම් දැන් හොඳටම පිස්සු තදවේගෙන එන්නේ (නි)
මේ අයට උපරිම දඩුවම් දිය යුතුයි.(හේ)
මේකත් නොකියම බැහැ දැන් කාලේ පලා බබ්බු යන්නේ බොහොම ගරු ගාම්භීරව ආරක්ෂක සේවකයන් සමගින්. නමුත් ගියා සතියේ ( මට ෆොටෝ එකක් නම් ගන්න බැරුව ගියා). හොරණ ප්‍රදේශයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර මහත්තය සෙරප්පු දෙකකුත් දාගෙන තනියෙන්ම පාරේ යනවා බාබර් සාප්පුවකට කොන්ඩෙ කපන්න. මම හිතන විදියට දැනට නම් ලංකාවේ කිසිම දේශපාලුවෙක් නොකරන දෙයක් තමයි ඒ. එතුමාට ආචාර කරන අතර එතුමා මොන පක්ෂෙන් තරඟ කලත් අපේ කතිරය එතුමාට.(නදී)