IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


"සනිධප" අපි සංවත්සරයට ලැහැස්ති වෙනවා

20160328NoelSmall1කණ්ඩායම් සංගීතය හරහා සංගීත ක්ෂේත්‍රයට පිවිසි නොයෙල් රාජ් වර්තමානයේ බොහෝ පිරිසක් දන්නා හඳුනන ජනප්‍රිය ගායකයෙකු බවට වී සිටියි. වසර කිහිපයක් තිස්සේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් කිහිපයක නිත්‍ය ගායකයා ලෙස කටයුතු කළ ඔහු තමන්ගේම ගී නිර්මාණ තුළින් රසිකයන් අතරට සිය හැකියාවන් ගෙනයෑමට සමත් වූ ගායන ශිල්පියෙක්. මෑත කාලයේ ජනප්‍රිය වූ 'ළං ළං වෙලා' හා 'දුක වැඩි තරමට' ගීත ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ දැමීමට සමත් වූ අතර, පසුගියදා ඔහුගේ අලුත්ම ගීතය සිය ආදරණිය රසික, රසිකාවියන්ට  තිළිණ කරනු ලැබීය. ඒ පිළිබඳව ඔහු මෙසේ අපි සමගින් දොඩමළු වුයෙමු.

"මගේ අලුත්ම ගීතය 'කඳුළු දවා' හා එහි මියුසික් වීඩියෝව මීට සතියකට පෙර එළිදැක්වූවා. ආදරය විරාහව සම්බන්ධව ලියැවුණ ගීතයක් විදිහට තමයි මේ ගීතය නිර්මාණය වුණේ. ගීතය ලිව්වේ සුලෝචන රාජපක්ෂ, සංගීතය නිර්මාණය කළේ සඳරුවන් ජයසිංහ. මියුසික් වීඩියෝ නිර්මාණය කළේ  'හරි' ක්‍රියේෂන් ආයතනය. ගීතය එළිදක්වලා මේ ගෙවුණ කෙටි කාලය තුළ බොහෝ පිරිසක් 'කඳුළු දවා' ගීතය නරඹලා තියෙනවා. අන්තිමට මම ගීතයක් එළිදැක්වූයේ මීට මාස 08කට කලින්. ඒ 'ඔයා දුන්න දුක' කියන ගීතය. ඉතින් බොහෝ දෙනෙක් මගේ අලුත් ගීතයක් එනකම් මග බලාගෙන හිටියා. මම හිතන්නෙ මේ කෙටි කාලය තුළදී බොහෝ දෙනෙක් මේ ගීතය නරඹලා රසවිඳින්න හේතුවත් එක කියලා. මැයි මාසේ 22 වැනිදාට මම සාමාජිකත්වය දරණ 'සනිධප' කණ්ඩායමේ සංවත්සරය යෙදිලා තියෙනවා. එදාට අපි අලුත් ගීතයක් එක්ක මියුසික් වීඩියෝවක් එළිදක්වන්නත් සූදානම් වෙනවා. ඒ නිසා ඒ වැඩ කටයුත්තට තමයි මේ දිනවල ගොඩක් කැපවෙලා තියෙන්නේ. ඊට අමතරව අවුරුදු කාලේ නිසා රටපුරා ප්‍රසංග සඳහා අපේ 'සනිධප' කණ්ඩායමට ආරාධනා ලැබෙනවා. මේ දිනවල ඉතින් ඒ වැඩ නිසා කාර්යබහුල වෙලා තියෙනවා." 

බුද්ධික සේනාධීර



අදහස් (0)

"සනිධප" අපි සංවත්සරයට ලැහැස්ති වෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 12 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 266 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 576 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 424 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 328 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 222 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site