IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සුනාමියෙන් මියගිය අයට නිසි ගෞරවය නෑ

සුනාමියෙන් මියගොස් කරාපිටිය රෝහලට ගෙනවිත් තිබූ හඳුනාගත නොහැකි වූ මළ සිරුරු 2000ට ආසන්න ප්‍ර‍මාණයක් මිහිදන් කළ ගාල්ල අක්මීමණ කුරුඳුවත්ත සමූහ මිනී වළ ආසන්නයේ ඉදිකර ඇති සුනාමි ස්මාරකය අසළ අද සුනාමියෙන් මියගිය සියළුදෙනා සිහිපත් කැරිණි. 

රජය සතුව ඇති කුරුඳුවත්ත ඉඩමේ මෙලෙස සිරුරු සමූහ වශයෙන් වළලනු ලැබීය. ඉන් අනතුරු ඒ ඉඩමෙන් කොටසක් පුද්ගලික ආයතනයක් විසින් මිලදී ගනු ලැබිණි. සමූහ මිනී වළ තිබූ ස්ථානය රජය සතුව ඇතත් එම ඉඩම අක්මීමණ ප්‍රාදේශීය සභාව විසින් කුණු ගෙනවිත් දැමිමට යොදා ගන්නා ලදී.

මෙයට ගැමියන්ගේ මෙන් ම රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ විරෝධතාව ද දිගින් දිගටම එල්ල විය. අධිකරණ වෛද්‍යවරුන්ගේ මතය වූයේ සමූහ මිනී වළක් ඇති ස්ථානයක් අධිකරණමය වශයෙන් පවා වැදගත් බැවින් එතැන කුණු දැමීමට සුදුසු නොවන බවයි.

කෙසේ වෙතත් පසුගිය වසරේ දී සමූහ මිනී වළ පිහිටි ස්ථානයට ඇතුළුවන තැන සුනාමි ස්මාරකයක් ඉදිකැරිණි. සිරුරු මිහිදන් කරන ලද්දේ මේ ස්ථානයට තරමක් ඈතිනි.

මෙවර සුනාමිය සැමරුම් දිනය ආසන්න වනවිට සුනාමි ස්මාරකය අවට වල් බිහි වී තිබූ අතර සුනාමි සිරුරු 2000ක් පමණ වැළලූ සමූහ මිනී වළ පිහිටි තැනට යා නොහැකි පරිදි ප්‍රාදේශීය සභාව විසින් කුණු ගොඩගසා තිබිණි.

රුහුණ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශ ප්‍ර‍ධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය හා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ යූ.සී.පී.පෙරේරා මහතා කියා සිටියේ මෙතැන මිහිදන් වී සිටින මිනිසුන්ට නිසි ගෞරවය නොදැක්වීඹ කණගාටුදායක කරුණක් බවයි.

‘‘සුනාමි සැමරුම් කරනවා. ලොකුවට කරන උත්සව තිබුණත් මෙතැනට අවධානයක් යොමු වන්නේ නැහැ. මේ ස්ථානයේ මිහිදන් කර තිබෙන්නේ හඳුනා නොගත් දේශීය හා විදේශීය ජනතාවගේ සිරුරු. එය අධිකරණමය වශයෙන් ද ඉතා වැදගත් දෙයක්. මේ විදියට කුණු ගොඩගසා එම ස්ථානයට යා නොහැකි තත්ත්වයට පත්ව තිබීම කණගාටුදායකයි. “

IMG_2485 IMG_2493 IMG_2500 IMG_2501 - Copy IMG_2517 - Copy IMG_2519

 

 



අදහස් (0)

සුනාමියෙන් මියගිය අයට නිසි ගෞරවය නෑ

සරත් Monday, 28 December 2015 04:38 AM

ඕවට නිකන් කලබල වෙන්න එපා. මේක අපේ ලංකාවනේ (නි)

:       0       0

එරංග Monday, 28 December 2015 05:09 AM

සමහර ඡායාරූප හරිම සංවේදියි (නි)

:       0       0

කරුණාරත්න Monday, 28 December 2015 05:38 AM

මේවා ගැන අපි කතාකරන වචන ටිකත් අපරාදේ (නි)

:       0       0

නවීන් Saturday, 26 December 2015 06:20 PM

අක්මීමණ ප්‍රාදේශීය සභාවේ ඉන්න අයට මේව පේන්නේ නැද්ද? (ස)

:       0       0

සහන් Sunday, 27 December 2015 01:37 PM

අක්මීමන සභාපති ගැන අපි දන්නවා එයාට විරුද්ධව නඩුත් තියෙනවා (බ)

:       0       0

රාජේශ් කන්නා Saturday, 26 December 2015 09:58 PM

ඉන්න කාලෙ නොකරන ගෞරව මළාට පසුව වැඩක් ඇතෙයි. දැන් ඔය හදල තියෙන ස්මාරකය අගය කරන්න බැරි සුව නොවන අසනීප තිබෙන අයට වෙන්න බැරිද? මේ ස්මාරකය හදන්න කීයක් ගියාද දන්නෑ නේද? කුණු ගැන නම් කියල වැඩක් නැහැ. අපේ රටේ කොහෙද හරි තැනක කුණු දාන්නෙ. (ස)

:       0       0

තිස්ස Sunday, 27 December 2015 02:13 AM

නිවන් දක්නා ජාති දක්වා කිසිදු කෙනෙකුට මෙවන් විපතක් නොවේවා...!!! (නි)

:       0       0

පෙරේරා Sunday, 27 December 2015 06:42 AM

සමහර ඡායාරූප දැක ඇස් දෙකට කඳුළු ආවා. මෙවන් විපතක් කිසි කෙනෙකුට නොවේවා, අප අතරින් වෙන්වුණු ඔබ සැමට මොක් සුව ලැබේවා. (බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Sunday, 27 December 2015 07:14 AM

අපේ මිනිස්සුන්ට හැමදේම මතක තියෙන්නේ ටික කාලයයිනේ. ඉපදෙන හැම භවයකදී මෙවන් විපත් නොම වේවා.! (ර)

:       0       0

පෙරේරා Monday, 28 December 2015 02:41 AM

නැවත ශ්‍රී ලංකාවට මෙවන් විපත් නොවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 94 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 122 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1636 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1151 0

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 518 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1288 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33235 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23888 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site