IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සිනමාවට වඩා වේදිකාවට කැමතියි

20160316-Harshana2

මේ දිනවල දකින්නට නැතත් ඉදිරි කාලයේදී ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයකින් ජනප්‍රිය යොවුන් නළු හර්ෂණ බෙත්මගේ දැකබලා ගත හැකිය. දැනට ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයක් හරහා ප්‍රේක්ෂයන් අතර ජනප්‍රිය වූ හර්ෂණ අවසන් වරට ඔබේ ආලින්දයට ගොඩ වැදුණේ 'කුටු කුටු මාමා' ටෙලි නාට්‍යය හරහාය. සිය අලුත්ම කලා තොරතුරු ගැන පැවසීමට හර්ෂණ සමග එක්විය.

මේ දවස්වල හර්ෂණ කලා කටයුතුවලින් ඈත් වෙලාද?

ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ 'කුටු කුටු මාමා'  ටෙලි නාට්‍යයෙන් පස්සෙ මම රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍යයක් තවමත් විකාශය වුණේ නැහැ. නමුත්, ඉදිරියේදී මා රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍යය හා චිත්‍රපට කිහිපයක්ම එන්න තියෙනවා.

 මොනවද ඒ නිර්මාණ?

රවින්ද්‍ර විජේරත්න මහත්මයාගේ 'උරුමක්කාරයෝ' ටෙලි නාට්‍යය එන්න තියෙනවා. මෙහි මා 'බාබා' කියන හාස්‍යයම චරිතය තමයි නිරූපණය කරන්නෙ. ඊට අමතරව 'ආලෝකෝ උදපාදි^' චිත්‍රපටය ප්‍රදර්ශන වෙන්න නියමිත වෙලා තියෙනවා. මේ නිර්මාණවලට අමතරව මේ දිනවල අර්ජුන් කමල්නාත් 'කුණාටුවේ මාරයා' කියලා චිත්‍රපටයක රූපගත කිරීම් කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ චිත්‍රපටය මට විශේෂ එකක්. මොකද, මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ මම නිසා.

 ක්ෂේත්‍රයට ආ මුල් කාලයේ පටන් ඔබ ටෙලි නාට්‍යය නළුවෙක්. නමුත්, දැන් ඔබට සිනමාවටත් එකතු වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා?

ඇත්තටම ඒ ගැන මට ගොඩක් සතුටුයි. නමුත්, මම සිනමාවටත් වඩා කැමතියි වේදිකාවට සම්බන්ධ වෙන්න. මොකද, වේදිකාව තමයි රංගන ශිල්පියෙකුට සිය හැකියාවන් උපරිමයෙන්ම පෙන්වන්න පුළුවන් තැන. මම පාසල් වේදිකාව තුළ ඕනතරම් රඟපාලා තියෙනවා. නමුත්, තවමත් මට වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා නැහැ. පසුගිය කාලෙ නම් ආරාධනා ලැබුණා. ඒත්, ඒ කාලෙදි මම ටෙලි නිර්මාණවලට දායක වෙලා හිටිය නිසා ඒ අවස්ථාව මඟ හැරුණා.

නළුවෙක් වුණ එක ගැන තෘප්තිමත්ද?

සියයට සියයක්ම තෟප්තිමත් නැහැ. නමුත්, මේ හරහා මගේ ඉලක්ක කිහිපයක් දැනට සපුරා ගන්න හැකිවෙලා තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට ලබාගන්න බැරි බොහෝ දේ නළුවෙක් වෙලා ලබාගන්න පුළුවන්. විශේෂයෙන්ම ජනප්‍රියත්වය. මේක හැමෝටම ලැබෙන දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි සමාජයේ යම් තැනක් දිනාගන්න ලැබෙන එක. රංගනය පැත්තෙන් ගත්තොත් මට තවත් යායුතු බොහෝ දුර තියෙනවා. නළුවෙක් විදිහට රංගනය ගැන තව හදාරන්න අවශ්‍යයි. දැනටත් මම ඒ පිළිබඳව හැදෑරීම් කරමින් ඉන්නවා.

කලා කටයුතු වගේම මේ දවස්වල ඔබේ පෞද්ගලික ජීවිතයත් කාර්යබහුලයි නේද?

ඔව්. මගේ විවාහය මේ අවුරුද්දේ අන්තිමට සිදු කරන්න සැලසුම් කරලා තියෙනවා. මගේ පෙම්වතිය කවුරුත් දන්න මගේම ක්ෂේත්‍රයේ වැඩ කරන වොල්ගා කල්පනී. ඉතින් මේ දවස්වල අපි දෙන්නම එකතු වෙලා අපේ විවාහ උත්සවය පිළිබඳව සැලසුම් සකස් කරමින් ඉන්නවා.

20160316-Harshana1



අදහස් (0)

සිනමාවට වඩා වේදිකාවට කැමතියි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 329 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 413 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 683 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 537 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 380 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 710 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 236 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site