විනිසුරු තීරණයක් පිළිබඳව ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් අත්හිටුවූ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ ශ්‍රී දේවානන්ද විදුහල අතර 47 වැනි ‘සුනිල සංග‍්‍රාමය’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ තීරණය ලබාදීම පාසල් ක‍්‍රිකට් සංගමයට යොමු කර තිබේ.
අම්බලන්ගොඩ නගර සභා ක‍්‍රීඩාංගණයේදී අද (17) දෙවැනි දිනට පැවැති මෙම තරගය අවසන් වීමට පැයයි විනාඩි 20 ක පමණ කාලයක් ඉතිරිව තිබියදී දේවානන්ද විදුහල් පිල පන්දු රැකීමට නොපැමිණීම හේතුවෙන් විනිසුරුවෝ තරග අත්හිටුවීමට පියවර ගත්හ.
ධර්මාශෝක විදුහල කඩුලූ 8 ක් අතැතිව ජයග‍්‍රහණයට ලකුණු 87 ක් මෑතින් සිටියදී කඩුලූ රකින්නා උඩ පන්දුවක් රැුක ගත්තේ යැයි ඉල්ලීමක් කළ අතර අනතුරුව දේවානන්ද විදුහල් පිල විනිසුරුට විරෝධය දක්වා හතරේ සීමාව අසළ පැමිණියේය.
දේවානන්ද විදුහල පළමු ඉනිම 104 (මහේෂ් සංජීව 26, රිසිත තීක්‍ෂණ 19, රමේෂ් මෙන්ඩිස් 36/4, යොහාන් ද සිල්වා 29/2, සුදාර දේශාන්ත 16/3) සහ දෙවැනි ඉනිම 195 (දසුන් කාංචන 71, තිලක්‍ෂ දිල්හාන් 29, රිසිත තීක්‍ෂණ 29, යොහාන් ද සිල්වා 61/8, රමේෂ් මෙන්ඩිස් 83/2)
ධර්මාශෝක විදුහල පළමු ඉනිම කඩුලූ 2 ට 144 (තනුර හැළඹගේ නොදැවී 50, චතුර උමයංග 40, අදීෂ සිලංජන 34) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 68 (චතුර උමයංග නොදැවී 39, අදීෂ සිලංජන නොදැවී 21)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ගියේ ධර්මාශෝකේට තමයි. කවුරු කළත් වැඩේ ලැජ්ජයි. ක්‍රිකට් ගහන්න කලින් මනුස්සයෝ වගේ හැසිරෙන්න ඉගෙන ගන්න ඕනෑ. (නි)
මමනම් කියන්නේ මේ ප්‍රශ්න දිගින් දිගටම යනවනම් පාසල් ක්‍රිකට් තරඟ නවත්වන්න ඕනේ (දී)
ඊළඟ ප්‍රවෘත්තිය මොකක් වේවිද දන්නෙ නැහැ. (නි)
ධර්මාශෝකේ 100 වෙනි සංවත්සරේ නිසා විනිසුරුවන්ට සල්ලි දීලා හරි දිනන්න බැලුවා. ඒ පාර සංගමේටත් දෙවී. ඊයේ හවස ධර්මාශෝකේ විතරයි තැගි පුදාගෙන ඒ අය විසිරුනෙත් ඒ නිසයි. ලජ්ජයි ධර්මාශොකේ කරන වැඩ.(නදී)
කරුණාකර සාධාරණ තීන්දුවක් ලබාදෙන්න. (නි)
සිසුන්ට අසාධාරණයක් කරන්න එපා (දී)
සාධාරණයයි වැදගත් (දී)
මමත් එකඟයි (දී)
වැදගත් තීරණයක් (දී)
සාධාරණ පිළිතුරක් දෙයි කියා හිතනවා (දී)
තරඟයකදී දෙපිලටම ජය ගන්න බැහැ .ජය පැරදුම දෙකම විඳ දරා ගන්න පුළුවන් කමක් ක්‍රීඩකයින්ට තියෙන්න ඕනේ.ක්‍රීඩාවේ පරමාර්ථයත් විනයගරුක භාවයයි .විනයක් පවත්වගෙ ක්‍රීඩා කල නොහැකිනම් ක්‍රීඩාව නොකලට කමක් නැහැ.මට හිතෙන විදියට තව දුරටත් මෙම මහා ක්‍රිකට් තරඟය පවත්වන එක තේරුමක් ඇති වැඩක් නොවේ. අතීතයේ පැවතී තරඟ වලදිත් දේවානන්ද විදුහල පැත්තෙන් අනවශ්‍ය ප්‍රශ්ණ ඇතිකර තරඟ අතර මැදදී නතර කරපු අවස්ථා තිබුන.මේකනම් තත්වය මේ විදියට තරඟ පවත්වන එකේ තේරුමක නැහැ. පරමාර්ථය එටු වීමක් සිදුවෙන්නේ නැහැනේ. නොගැලපීම තමයි තියෙන එකම ගැටලුව. එක තේරුම් ගෙන කටයුතු කිරීම තමයි නුවනට හුරු. (අ)
සාධාරණ තීන්දුවක් බලා පොරොත්තු වනවා (දී)
ජයවේවා (දී)
අනේ මෙහෙමත් ක්‍රිකට්? (නි)