IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සඳතැන්නෙත් ලෝකාන්තයක්

නුවරඑළිය නගරය සමීපයෙන් තවත් ලෝකාන්තයක් වැනි තැනක් හඳුන්වාදීමට  නුවරඑළිය මහ නගර සභාව සැරැසෙයි.

හොර්ටන් තැන්න වනෝද්‍යානය මෙතෙක් හඳුනාගෙන ඇති ලෝකාන්තය  නකල්ස් කඳු වැටියේ  පිටවල පතනේ ද ලෝකාන්තය වැනි තැනක් ඇත.

හෝර්ටන් තැන්නේ පරිසර ලක්ෂණ  වලට සමාන පරිසරය නුවර එළිය,සඳතැන්න,සීතා එළිය, ප්‍රදේශයේ පිහිටා ඇතැයි කියති.

නුවරඑළිය නගරයේ සිට  කිලෝමීටර් 12 ක් පමණ දුරකින්  පිහිටි මෙම ස්ථානයට නුවර එළියේ  සිට පැය පැය භාගයකට වඩා අඩු කාලයකින්  ළඟා විය හැකියි.

නුවර එළිය ,සීතා එළිය බීජ අර්ථාපල්  ගොවි පළ ඔස්සේ  වැටී ඇති මාර්ගයේ  යෑමේදී මෙම නව සුන්දර පරිසර පද්ධතිය පිහිටා ඇත. එහි ළඟා වීම සඳහා  මාර්ගය ද සකසා අවසන් කොට තිබේ.

අඩි 7500ට ඉහළ බිමක සිට අංශක 360ක ප්‍රමාණයකට  සියලුම වටපිටාව දර්ශනය  වන මෙම ස්ථානයේ සංචාරක මධ්‍යස්ථානයක්ද ඉඳි කැරෙයි.

මේ සුන්දර පරිසර පද්ධතිය සමීපයට ගිය විට වැලිමඩ සානුව ඇතුළු බදුල්ල බණ්ඩාරවෙල ප්‍රදේශ සම්පුර්ණයෙන්ම  මනස්කාන්ත අයුරින් පෙනේ.

පිතුරුතලාගල,හග්ගල,කිකිළියාමාන කඳු පන්ති ඉතාම පැහැදිළිව පෙනෙන මෙහි ගෝනුන් ,මුවන්  මෙන්ම කඳුකර  කුරුලු වර්ග රැසක් දැකිය හැකිය.

නුවරඑළිය නගරාධිපති මහින්ද කුමාර දොඩම්පේගම මහතා සඳතැන්න නව හෝටන් තැන්න බවට පත් කිරීමට වෙහෙසෙයි.

 

 

 



අදහස් (0)

සඳතැන්නෙත් ලෝකාන්තයක්

නෆ්හාන් Wednesday, 05 February 2014 03:54 PM

පින්තූරයෙ ඉන්නෙ ගෝනුන්ද? මුවන්ද? කඳුකර කුරුලු වර්ගද? (දී)

:       0       0

චාන්දනී Wednesday, 05 February 2014 04:01 PM

අපේ ශ්‍රී ලංකාව හරිම සුන්දර රටක් (දී)

:       0       0

මොහමඩ් Wednesday, 05 February 2014 04:23 PM

ෂා නියමයි..(දී)

:       0       0

සුජේව පද්මකුමාර Wednesday, 05 February 2014 04:47 PM

නුවරඑළිය නම් දැන් මුඩුක්කුඑලිය වේගෙන එනවා. ඉදිකිරීම් කිසිම ප්‍රමිතියකට නැහැ. වැව රව්මේ එක වැසිකිළියක්වත් නැහැ. අලුත් තැනවත් හරියට හදනවානම් හොඳයි. (දී)

:       0       0

සනත් ඉන්දික ඉතාලිය Wednesday, 05 February 2014 05:25 PM

සොබා සවුන්දර්යය හොමොටම දැකගන්න සලස්වන එක හොද වැඩක් එත් අපේ අමන මිනිස්සු එකත් වනසල දමන එකගන ගැන කනගාටු වෙන්න තම අවසානේ වෙන්නේ .මොකද ඔය වගේ අලුතින් හඳුන්වල දුන්න ගොඩක් ස්ථාන අද අපේ මිනිස්සු වනසල තියෙන්නේ මේ ස්ථානයට එසේ නොවේවා කියල පාර්ථනා කරනවා පින්තුර ටික දැක්කම ආසාවේ බැහැ (අ)

:       0       0

ලෙස්ලි එම් විජේසිංහ Wednesday, 05 February 2014 05:28 PM

හෙටම එතනට යන්න ගහින් අරක්කු බිලා එතනම බෝතලය පොළේ ගහලා ම කැම කාලා පලාස්ට්ක් කොළ බෝතල එතනම දලා එන්න (අ)

:       0       0

ආස්ඩ් Wednesday, 05 February 2014 05:29 PM

එහෙනම් ගෝන්නු ටිකත් ඉවරයි මේක හරි කාලකන්නි වැඩක් (අ)

:       0       0

ගයන් Wednesday, 05 February 2014 05:47 PM

මනම් ඔය හොර්ටන් තැන්න කියන නමට කිසිසේත්ම කැමති නැහැ ශ්‍රී ලාංකිකයෙක් විදියට. එකට හේතුව පර සුද්දෙක්ගේ නමක් දන්නේ අය අපේ තැන් වලට? මහා එලිය කියන නම ඉතාම කදිම නමක් අපේ ලෝකන්තෙට. හොර්ටොන් කියන පර සුද්ද ලෝකාන්තයේ හිටපු අලින් ඔක්කොම මාරුව කියල අහල තියනවා. (අ)

:       0       0

අප්පුහාමි Wednesday, 05 February 2014 06:10 PM

ඉවරයි මේ තැනත්...... අනිච්චාවත සංකාරා!!!!!!!!! (අ)

:       0       0

සම්පත් කහවත්ත Wednesday, 05 February 2014 07:32 PM

නුවරඑළිය නගරාධිපති මහින්ද කුමාර දොඩම්පේගම මහතා දක්වන උත්සාහය අනෙකුත් නගරාධිපති මහත්වරුන් ද ආදර්ශයට ගනිවී කියලා විශ්වාස කරනවා (දිල්)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 05 February 2014 08:13 PM

කැලේ කපල ගොඩනැඟිලි හදන්නේ නැතුව මොන කරත් කමක් නැහැ පරිසරය විනාස නොකර ඒවාට තියෙන විදිහටම තියෙන්න දෙන්න . (දිල්)

:       0       0

කවෙන්ග Wednesday, 05 February 2014 08:33 PM

බලන්න එන අයගෙන් පරිසරය ආරක්ෂා කරන්න උපරිම පියවර ගන්න. පැල ගලවාගෙන යාම, කසල බැහැර කිරීම සහ ස්වභාව ධර්මයට හානි කිරීමට උපරිම දඩුවම් ලබා දෙන්න. නැත්නම් මේවා මේ විදිහට තියෙන්නේ බොහොම ටික දවසකි.(දී)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 06 February 2014 11:02 AM

අනේ අර උඩ බලන් ඉන්න අර පස් දෙනාට නම්,, ස්වභාව ධර්මයේ අගය තේරුම් ගිහින් වගේ?(නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 06 February 2014 03:16 PM

අපි නම් මෙහෙ කීප විටක්ම ගියා...නමුත් දන්නා කීප දෙනෙක්ට විතරයි කිව්වේ පරිසරයේ ආරක්ෂාව ගැන හිතලා. කවුරු ගියත් කමක් නැහැ පරිසරයට ආදරයක් නැති ආත්මාර්ථකාමී අය නම් පලාතට වද්දා ගන්න එපා. (නදී)

:       0       0

චමී Thursday, 06 February 2014 03:29 PM

04 වෙනි එක දැක්කම මම හිතුවෙ පාර්ලිමේන්තු කටයුතු ඉවර වෙලා කට්ටිය එනව කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3348 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ඇහැලියගොඩ අනුරට
2024 සැප්තැම්බර් මස 22 2 0


සමන්තුරෙ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 19 0


කල්මුනෙ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 38 0


පැල්මඩුල්ල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 106 0


කෝපායි සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 63 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14666 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 63 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 231 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site