විසි එක්වැනි සියවසේ දැකගත හැකිවන දීප්තිමත්ම වල්ගාතරුව යැයි තාරකා විද්‍යාඥයන් පවසන අයිසන් වල්ගාතරු ව මේ දිනවල අළුයම අහසේ දක්නට ලැබෙයි.
තාරකා විද්‍යාඥයන් පවසන්නේ පසුගිය 19 දා නැගෙනහිර අහසේ ක්ෂිතජයට ආසන්නව අංශක 25 ක් පමණ ඉහළින් දිස්වීම ඇරඹි වල්ගාතරුව 23 දා අංශක 11 ක් පමණ ඉහළ අහසේ දැකිය හැකි වන බවයි.
බෙලරූස් ජාතික විටාලි නෙව්ස්කි සහ රුසියන් ජාතික ආට්යොම් නොවිෂොනොක් නමැති තාරකා විද්‍යාඥයන් දෙදෙනා විසින් 2012 සැප්තැම්බර් මස 21 වැනි දින මුල් වරට සොයා ගන්නා ලද මේ වල්ගාතරුවේ විශ්කම්භය කිලෝ මීටර පහක් පමණ වේ. සොයාගතතත් අවස්ථාවේ සී/2012 එස්අයි යනුවෙන් හඳුන්වා ඇති මෙම වල්ගාතරුව පසුව අයිසොන් නමින් නම් කරන ලදී.
අයිසන් වල්ගාතරුව සූර්යයාට වඩාත් සමීප වන්නේ නොවැම්බර් 28 වැනි දින දී ය. මෙලෙස සමීප වීම හේතුවෙන් නොවැම්බර් 23 දා ට පසු වල්ගාතරුව පෘථිවි වැසියන්ට දක්නට නොලැබෙනු ඇත. එවිට කිලෝ මීටර 1,860,000 ක් දක්වා හිරුට සමීප වන මේ වල්ගාතරුව හිරුවාටා අර්ධ කවාකාරව ගවමන් කර ඉන් පසු ආපසු හැරී ඒමට නියමිතය. එසේ පැමිණෙන්නේ නම් නැවතත් දෙසැම්බර් මුල් සති කිහිපයේ එය වඩාත් දීප්තිමත්ව පෙනෙනු ඇත.
ඇතැම් තාරකා විද්‍යාඥයන් පවසන්නේ මේ වල්ගාතරුව හිරුට වඩාත් ආසන්න වන බැවින් එය සූර්යයා මතට කඩා වැටීමට හෝ කුඩා කැබලි වලට කැඩී විනාශවී යාමට ද ඉඩ ඇති බවයි. 2013 ජනවාරි මස මුල් වරට ඡායාරූපගත කළ අයිසන් වල්ගාතරුව අප්‍රේල් හා මැයි වන විට හබල් දූරේක්ෂයෙන් ඡායාරූප ගත කර එහි වර්ණය ප්‍රමාණය හා විස්තාරය ද දූවිලි අංශවල ධ්‍රැවිකරණය ද පරීක්ෂා කරන ලදී. 2015 නොවැම්බර් මස 15 දින සිට මේ වල්ගාතරුව නිරීක්ෂණයට අභ්‍යාවකාශ යානා 10 ක් යොදවා ඇත.
අයිසන් නිරීක්ෂණය කළ විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 2,700ක් පමණ වන බවයි. අහසේ දැකිය හැකි දීප්තිමත්ම ග්‍රහ වස්තුව වන සිකුරු තරුවටත් වඩා අයිසන් දීප්තියෙන් බබලනු ඇතැයි තාරකා විද්‍යාඥයන්ගේ මතයයි.
ශ්‍රී ලංකාවට ඉහළ නැගෙනහිර අහසේ මේ වල්ගාතරුව අළුයම හතරත් පහත් අතර කාලයේ ස්ථානගතව තිබෙනු ඇතැයි ගණනය කිරීම් කැර ඇතත් ඊසාන දිග මෝසම් සුළං ක්‍රියාත්මක වීමත් නැගෙනහිර අහස අළුයම් කාලයේ මිහිදුමින් බරව තිබීම සහ චන්ද්‍රයා ද මේ දිනවල සූර්යයාට වඩාත් ලං වීමත් හේතුවෙන් අයිසන් වල්ගාතරුව ලක් වැසියන්ට නිරීක්ෂණය කිරීමට නොහැකි වී ඇත. විද්‍යාඥයන් පවසන්නේ එය සූර්යායට වඩාත් සමිප වී නැවත ගමන් කරන අවස්ථාවේදී ලක් වැසියන්ට එය දැකගත හැකි වනු ඇති බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොමයන්න් තාරු පෙනේවි (අ)
මීදුම නිසාද? නැත්නම් වැරදි පැත්තක්වත් බලලද? (නි)
දුලභ අවස්ථාවක්.තාරකා පිළිබඳව ඉගෙන ගන්න යට කදිම අවස්ථාවක්. (අ)
මේ මහා විශ්වය ගැන අපි මොනවද දන්නේ? අපේ පෘතුවිය ගැනවත් ඇත්තටම අපි මොනවද දන්නේ? කොටින්ම, අපි අපි ගැනවත් මෙලෝ දෙයක් හරියට දන්නවද, හැරිච්ච අතට ගහ මරා ගන්න ගියාට? (අ)
උපාලි හරි. ඊළග තප්පරය ගැනවත් අපි මොනවාද දන්නේ? (නි)
ඔය කියන වෙලාවට මම දවස් කීපයක්ම නිරීක්ෂණය කළත් මට නම් වල්ගා තරුව දකින්න ලැබුනේ නැහැ. දුටුකෙනෙක් ඉන්නවා නම් විස්තර පළකරන්නකෝ. (නි)
ඒක තමා සිංහලෙන් කියල තියෙන්නේ ලංකවට පෙන්නේ කියලා... (ස)
යන්තම් ඇති තමන්ගේ නම් දාගන්නේ නැති දෙන්නෙක් හිටිය එක ගැන .. ඕක ලංකාවෙන් හොයාගත්ත නම් මෙලහකට නම් දාන්න පොරකනවා.(නදී)
බෙනට් ඇත්ත ඇත්ත! වැඩට නෙමෙයි මුල් තැන නමට ! (ස)