(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට වසා දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
බොරතෙල් නෞකාව සඳහා විදේශ විනිමය නොමැතිවීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද අමාත්‍යවරයා කීවේය.
ඔහු මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සපුගස්කන්ද යළි වැසෙයි
nandana Friday, 07 October 2022 11:12 AM
මේ විදිහට ආණ්ඩුවක් තිබිලා වැඩක් නෑ. ඔක්කොම කම්පැණි වලට දීලා 225ම ගෙදර ගියානම් හරි...
NalikaFriday, 07 October 2022 01:51 PM
මේ මල කරච්චලේ විකුණා දමන්න. මේකේ ඉන්න කඳ පණු යූනියන් කාලකන්නි හැත්තත් මේකට වග කියන්න ඕනේ. මොවුන් පාරට වැටෙන දිනය අතළඟ නිසා බෙරිහන් දෙනවා...!
චමින්ද Friday, 07 October 2022 03:48 PM
ඇයි 225 කියන්නේ හැමදාම වගේ ජනාධිපති පාර්ලිමේන්තුවේ කතා කරනවා නේද? එහෙනම් 226 කියන්න අකමැතියි. මොකද ප්‍රේමදාස ජනාධිපති වෙලා සිටිද්දී මුලින්ම ජනාධිපති මුදල් ඇමති වුණා. එහෙම වුණාම ජනාධිපති ගන්න තීරණවලට කිසිවකු විරුද්ධව එන්නේ නැහැ. මහින්ද මහත්තයා ජනාධිපති ලෙසට මුදල් ඇමැතිකම කළ කාලයේ රට අගාධයට යාම ආරම්භ වුණා කියන්න පුළුවන්... මේ නිසා මුදල් ඇමැතිකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙකුට පැවරෙන්නම ඕනෑ...
SisiraFriday, 07 October 2022 05:15 PM
සපුගස්කන්ද තෙල් පිරිපහදුව දේශීය හෝ විදේශීය ආයෝජකයකුට බාරදෙන්න. යූනියන්ස් නිසා රජයේ ආයතන පමණක් නොව JVP, අන්තරේ සහ පෙරටුගාමීන් නිසා විශ්ව විද්‍යාල පද්ධතියත් වසා දැමීමට සිදුවේවි..!
සෙනෙවිරත්න Friday, 07 October 2022 07:33 PM
ඔයාට තියෙන්නේ ජේවීපී භීතිකාව... ඒක හැදෙන්නේ රට කාපු සෙට් එකේ කටු කන අයට, ඔය සේවකයො බඳවා ගත්තෙ ජවිපෙද? තමුන්නැහැලා වගේ මැති ඇමතිලට පෝස්ටර් ගහපු අය පුරවලා, මේ විනාශය කළේ, යූනියන් වලට බැඳීම සේවක අයිතියක්. ඒක ජාත්‍යන්තරය පිළිගත් දෙයක්, ඔයාට බැහැ යුනියන් වලට ගරහන්න. බුරුතුපිටින් ඕවාට රිංගවපු අයට ගරහන්න.
sisiraFriday, 07 October 2022 08:10 PM
UNIONS යනු ජාත්‍යන්තරය පිළිගත් එකඟත්වයක්... එය දේශපාලන පක්ෂ විසින් ඔවුන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවීම සිදුවීම ගැටළුවක්. ලෝකයේ කිසිඳු රටක unions දේශපාලන පක්ෂ වෙනුවෙන් පෙනීසිටින්නේ නැත. ඔවුන් සේවකයින් සහ ආයතනය වෙනුවෙන් සහ ආයතනයේ දුෂිත ක්‍රියාවන්ට විරුද්ධව කටයුතු කරයි. පවතින unions කිසිඳු ආකාරයකට දූෂණය සහ ආයතනයේ ප්‍රවර්දනය වෙනුවෙන් පෙනීසිටින්නේ නැත. ආයතනය කොපමණ අලාබයක් සිදුවුවද ඔවුන්ට ලක්ෂ ගණනින් වැටුප් සහ දීමනා ලැබෙන නිසාත්, ඔවුන්ගේ කුප්‍රකට දේශපාලන කටයුතු නිදහසේ කරගෙන යාමට අවස්ථාව තිබෙන නිසාත් ඔවුන් සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. විශ්ව විද්‍යාල තුළ අන්තවාදීන් ලෙස හැසිරෙන්නා වූ සහ සිසුන් සහ පාලකයින් පිඩනයට ලක්කරන්නා වූ අනත්වාදී කණ්ඩායම් පසුව රජයේ ආයතන තුළ unions වලට සම්බන්ධව කටයුතු කිරීම සමස්ත ශ්‍රී ලංකාවටම බලපා තිබෙන්නා වූ ඛේදවාචකයකි. ලෝකයේ දියුණු රටවල මෙවැනි අනත්වාදී unions හෝ විස්වවිද්යාල තුළ අන්තවාදය හෝ එවැනි කණඩායම් නොමැත.
Saman Friday, 07 October 2022 12:13 PM
ඩීල් එක ඕකේ වෙනකන් ආයේ පටන් ගන්නේ නෑ.
දිමුත් Friday, 07 October 2022 12:38 PM
ලාබ නිසා වෙන්නැති...!
ganegoda Friday, 07 October 2022 12:53 PM
හුඟක් කල් පන ඇද ඇද ඉඳලා අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව අපි ඉතා කනගාටුවෙන් දැනුම් දෙමු
නිමේෂ් Friday, 07 October 2022 01:00 PM
තියන ඩොලර් ටිකත් වියදම් කරගෙන රනිල් ලෝකේ වටේ මල ගෙවල් වල ගියානේ..!
විපරමා Friday, 07 October 2022 01:05 PM
දූෂිත දේශපාලුවෝ මහා පරිමාණයේ හොරකම්, වංචා, දූෂණ කරපුවායේ ප්‍රතිඵල තමයි...
Tuan Shiraz Friday, 07 October 2022 01:34 PM
එතකොට මෙච්චර දවස් විකුණපු සල්ලි ටික ගිල්ලද?
ganegoda Friday, 07 October 2022 07:11 PM
ඒවා රාජපක්ෂලාගේ ගිණුම්වල... මොකද අවුල්ද?
Prase Friday, 07 October 2022 01:34 PM
පාඩු නම් වහලා දාන්න... ආණ්ඩුව දැන් තමයි නියම තීරණ ගන්නේ... සේවකයෝ මහන්සි වෙලා වැඩ කරලා ලාබ පෙන්නන්න බැරිනම් ගෙදර යවන්න. ජනතාවට ඔය කම්මැලි හැත්තගේ බර අදින්න බෑ.
ranjith Friday, 07 October 2022 01:48 PM
හිතාමතා රට තවතවත් බංකොළොත් භාවයේ පතුළටම රැගෙන යනවා. තෙල් පිරිපහදුවේ 5000ක් විතර සේවකයෝ මෙයාලට පඩි ගෙවන්නේ කොහොමද? බලේගන්න මොනවාහරි බේගල්ටිකක් ඇද බෑවට රට දියුණු කරන්න මේ අලි-පොහොට්ටු සෙට් එකට අවශ්‍ය නැහැ. අපේ පොහොට්ටු කණ්ඩායම් 2 මාරුවෙන් මාරුවට රට විනාශ කරා...
Prase Friday, 07 October 2022 04:40 PM
ඔය කියන 5000 ගෙදර යවන්න ඕනෑ වුණු ජනතාවට බරක්. රජය වතුවල වගාකරන්න දෙන්න ඕනෑ රටේ ජනතාවට බරක් නොවී සංවර්ධනයට එකතු වෙන්න... පාඩුනම් මොකටද අරගෙන පඩි ගෙවන්නේ..? ජනතාවගේ බදුමුදල් තවත් විනාශ කරන්න, අපේ පාන්ගෙඩියට තමයි කෙළවෙන්නේ...
Hafeel Friday, 07 October 2022 02:17 PM
තාම රනිල් ජනාධිපති වුනේ නැද්ද? රනිල් ජනාධිපති වුනු ගමන් රටේ ප්‍රශ්න සේරම විසඳනවා, ඩොලර් ගලා එනවා, ආර්ථික ශක්තිමත් වෙනවා, ජාත්‍යන්තර සහයෝග ලැබනවා එහම ටොන් ගණන් පච කිව්වා. බලනකොට තිබිච්ච ඩොලර් ටික අරගන මළ ගෙවල්වලට ගිය එක පමණයි වුනේ. මේ වැඩේ කරන්න ඇමති කෙනක් අවශ්‍යද?
සකල ගුරු Friday, 07 October 2022 06:45 PM
චන්ද ලක්ෂ හැටනවයක් ලැබිච්චි මිනිහාට සියලු ආගමික නායකයින්ගේ ආශීර්වාදයත් උපරිමයෙන් තිබිලා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සර්වබලධාරී බලයකුත් ලැබී තිබිලත් බැරි වුණා නම් සමස්ථ ලංකාවේ එකම ආසනයක්වත් නැතුව ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුර ලැබුණු කෙනෙක් මොනවා කරන්නද කියලා තේරුම් ගැනීමට මොලයක් නැද්ද හෆීල් ලොක්කෝ...?
රනේ Friday, 07 October 2022 05:26 PM
නොදකින් විතරක්....!
ashok Friday, 07 October 2022 05:32 PM
ඔය තියෙන්නේ පවුලේ සෞභාග්‍යය දැක්කාම ඔහොම එකින් එක වහගෙන ගිහින් දෙකම ඉවර වෙයි...!
ashokFriday, 07 October 2022 07:32 PM
දෙකම නෙවෙයි, රටම ඉවර වෙයි...!
leel gunawardena Friday, 07 October 2022 11:35 PM
තෙල් නැව්වලට එන්න කියනවා... ආවහාම මුහුදට වෙලා ඉන්න කියනවා... කාටද මේවා කියන්නේ...?
චන්දිම Saturday, 08 October 2022 06:58 AM
මේ සමහරු අහක තියෙන යූනියන් වලටයි, අන්තරේකටයි බැනැ බැන ඉන්නවා වෙන්නේ මොකක්ද කියලා ටිකක් මොළේ පාවිච්චි කරලා හිතන්නේ නැහැ... අනුප්‍රාප්තික තමාට ජනාධිපතිකම දුන්නාට 225 ඇමතිකම් බෙදා දෙනවා. ඇමැතිකම් ගත්තාට ඔවුන්ට මෙලෝ වැඩක් බැහැ. නිකම්ම කාලේ ගෙවෙනවා. රටේ ණයට ගත්තු තුට්ටු දෙකටත් තට්ටු වෙනවා. හොර කොම්පැණි දාගත්තු කුමාරවරු ඉතුරු ඩොලර් ටිකෙනුත් බාලතෙල් වැඩිමිලට ගෙනත් දීලා තවතවත් ඩොලර් හොරකම් කරනවා. විගණනයක් කියලා මෙලෝ දෙයක් නැහැ. රජයේ මාධ්‍ය පචවලින් සුර පුරයක් මවනවා. රට විනාසය කරායනවා...
Bamunuarachchi Sunday, 09 October 2022 11:50 AM
ඩොලර් මිලියන ගනන්දීල ඉන්දන, බොරතෙල් ගෙන්වලා රුපියල් වලට විකුණන විට ඔයදේ සිද්ද වෙනවා.