වයස අවුරුදු 19 න් පහළ සුපිරි ‘ඒ’ කාණ්ඩයේ බැඞ්මින්ටන් ශූරතාව දිනා ගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත්විය. අවසන් තරගයේදී ඔවුන් හමුවේ තරග වට 3 - 2 ක් ලෙස පරාජයට පත්වූයේ කොළඹ රාජකීය විදුහලයි.
අර්ධ අවසන් වටයේදී ශාන්ත පීතර විදුහල තරග වට 3 - 2 ක් ලෙස පරාජය කරමින් ආනන්ද විදුහල අවසන් වටයට සුදුසුකම් ලැබීය.
කොළඹ ඞී. එස්. සේනානායක විදුහල, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ කොළඹ නාලන්දා විදුහල පළමු වටයේ තරග වලදී ආනන්ද විදුහල හමුවේ පරාජයට පත්විය.
සනුර හපුආරච්චි ආනන්ද විදුහල් බැඞ්මින්ටන් කණ්ඩායමේ නායකත්වය දරන අතර විනෝද් පයාගලට එහි උප නායකත්වය හිමිවී තිබේ. පසිඳු අඹේගොඩ, දක්ෂික ගුණතිලක, දුල්ෂාන් අලහකෝන්, යෙහාන් මුණසිංහ සහ පුළින අමරනායක කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති.
කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස ධනුෂ්ක ප‍්‍රනාන්දු මහතා කටයුතු කරන අතර කණ්ඩායම් භාර නිලධාරියා ලෙස රංජිත් පයාගල මහතා කටයුතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනන්දීයන්ගෙ මම දකින විශේෂත්වය තමයි, ආනන්දීයන් එදා ඉදලා සුද්දන්ගේ පරගැතියන් නොවීම.එම නිසා රාජකීයන් පරාජය කිරීමට ආනන්දයට සුබ පතමි. (දී)
ආනන්දයට සුබ පතමි!!(අ)
ආනන්ද විදුහලේ බැඩ්මින්ටන් කණ්ඩායමට ජය පතමි.(නදී)
රාජකිය විද්යාලයට යන්න ලකුණු මදි වෙන්න ඇති ඔකට කියන්නෙ ඉරිසියdව කියලා.. ඔකට බෙහෙත් නෑ..(අ)
සුභ පතනවා..තවත් පාසලක් පැරැද්දුවට නෙමෙ ජයක්ග්‍රහණයට (අ)
මමත් ආදී ආනන්දියෙක් නමුත් තවත් පාසැලකට අපහස කරල අදහස් දැක්විම හෙලා දකිනවා.(අ)
ආනන්ද විද්‍යාලයට හා රාජකීය විද්‍යාලයට මගේ උණුසුම් සුබපැතුම්. ඔබගේ පාසල්වලින් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් බිහිකිරීම ප්‍රධාන අරමුණ විය යුතු යැයි සිතමි.(නදී)
විශිෂ්ටයි !..ආනන්ද කවදත් එලකිරිම තමයි . (අ)