අයි. පී. එල්. තරගාවලියේ 21 වැනි තරගය ලෙස බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල අතර අද (16 වැනිදා) පැවති තරගය ලකුණු සමවීමෙන් අවසන් විය. ඉන්පසුව පැවති සුපිරි ඕවරයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පරදවා ලකුණු 4 ක තියුණු ජයක් ලබාගැනීමට බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සමත්විය.
විනේ කුමාර් විසින් දුවද්දී දවාගැනීමකට හසුකරගනිද්දී දිල්ලි පිලේ වැඩිම ලකුණු ලාභියා වූ මහේල ජයවර්ධන ලබා සිටියේ ලකුණු 28 ක් පමණි. ඒ සඳහා ඔහුට පන්දු 31 ක් වැයවිය.
තරගයේ වීරයා ලෙස සම්මාන දිනූ විරාට් කොලි (65) සහ ඒ. බී. ඩිවිලියර්ස් (39) ලකුණු 103 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 කට 152
(විරේන්ද්‍ර ශෙවාග් 25, ඬේවිඞ් වෝනර් 15, මන්ප‍්‍රීත් ජුනේජා 17, මහේල ජයවර්ධන 28, බෙන් රෝරර් 14, කේදාර් ජාදව් නොදැවී 29, ඉර්ෆාන් පතන් නොදැවී 19, ජයදේව් උන්කඞ් 24/2)
බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 කට 152
(කි‍්‍රස් ගේල් 13, ලෝකේෂ් රාහුල් 12, විරාට් කොලි 65, ඒ. බී. ඩිවිලියර්ස් 39, රවී රාම්පාල් නොදැවී 12, උමේෂ් යාදව් 22/2)
සුපිරි ඕවරය
බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල කිසිවෙකු නොදැවී 15
(ඒ. බී. ඩිවිලියර්ස් නොදැවී 13)
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල කඩුලූ 2 ක් දැවී 11
(ඉර්ෆාන් පතන් නොදැවී 11, රවී රාම්පාල් 11/2)
(**)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුපිරි ඕවරයේදී බැංග්ලෝර් පිලට ජය
යොහාන් Wednesday, 17 April 2013 07:25 AM
මේ තරඟය චන්නි වල තිබුණා නම් දිල්ලි පිල අනිවාර්යෙන්ම දිනනවා (නි)
නිශාන්ත Wednesday, 17 April 2013 08:24 AM
කොහොමද එහෙම වෙන්නේ? (නි)
යොහාන් Wednesday, 17 April 2013 10:56 AM
අපේ කෙනා ගහන්නේ නැහැනේ.(නදී)
ෂෙරිප් Wednesday, 17 April 2013 11:11 AM
බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල කඩුලූ 2 ක් දැවී 11 (ඒ. බී. ඩිවිලියර්ස් නොදැවී 13) දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල කිසිවෙකු නොදැවී 15 (ඉර්ෆාන් පතන් නොදැවී 10, රවී රාම්පාල් 11/2) මේ ලකුණු හරි.(නදී)
අරුණ Wednesday, 17 April 2013 07:17 PM
ශේරිෆ්ට පිස්සුද ? (නි)