සුපිරි තරු තරගයක අවසන් වටයට තේරුනු පුද්ගලයෙකු ගෙවල් තුනක් බිද බඩු සොරකම් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂන පවත්වයි.
සුපිරි තරු තරගයක අවසන් වටයට තේරුනු පුද්ගලයෙකු ගෙවල් තුනක් බිද බඩු සොරකම් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂන පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ සින්දු කියන්න පුළුවන් වුණාට ඉගෙනීමක් නැහැ. ඒකයි හේතුව. පාසල් යවන්න ඕනෑ සියල්ලටම පෙර. (නි)
පුදුම තරු තමයි. කවුද දන්නෙ නැහැ තෝරන්නේ? (නි)
තරු පහේ වැඩක්නේ (නි)
සින්දු වලින් බැරි නම් එහෙම හරි වෙන්න හිතුනද දන්නෙ නැහැ. (නි)
නිලියෝ රෙදි හොරකම් කරනවා,තරු ගෙවල් කඩනවා,ගායිකාවෝ ඩෙංගු බෝ කරලා දඩ කනවා.අනේ අපේ ජනප්‍රිය තරු? (නි)
අපි ඔයාට සුබ පතනවා මල්ලි. ඔයා අපේ රටට ලොකු ආඩම්බරයක්. (නි)
කොහොම හරි ඒකෙනුත් ගොඩ එන්න බැලුවද දන්නේ නැහැ (නි)
මේ වගේ අයව තියන්න වටින්නෙ නැහැනේ (නි)
ඔක්කොමටම දෙයියන්ගේ පිහිටයි (නි)
ඕවා තරු නෙමෙයි, වල්ගා තරු. නැත්නම් ධූමකේතු (නි)
සුපිරි හොරෙක්නේ. නම දන්නවා නම් හෙළි කරන්න (නි)
ලොව සිටි ඉහලම ජනප්‍රිය සුපිරි තරුවක් වූ මයිකල් ජැක්සන් දැඩි ලෙස මත් කුඩු වලට ඇබ්බැහි වූ අයෙක්ලු. ඇමෙරිකාවේ නැතුව ලංකාවේ හිටියා නම් තරුවක් වෙන්න කලින්ම කුඩුවේ තමයි. අපට තරුත් අවශ්‍යයි, සංගීතයත් අවශ්‍යයි. නමුත් තරු කරන හැම වැඩක්ම අපිත් කොපි කරන්න යන්න නරකයි. (නි)
නම දැම්මා නම් තමයි හොද. (නි)
මේ වගේ අයව වටින්නෙ කවුන්සෙල්ට (නි)
මට නම් හිනා (නි)
ගුවන් කාලය තුළ එස් එම් එස් වලින් කොපමණ මුදලක් හොයා ගන්නවාද? ඕක ලොකු බිස්නස් එකක්. මුලින්ම ගමේ අහිංසක කොල්ලා හොරකම් කරන්නේ බුද්ධිමය දේපලයි.ඒකට කවුරුත් අත්පොලොසන් දීලා පිළිගන්නා අතර සමහරු තාලයට නටයි.මෙයාලා මුරුංගා අතුදිගේ බඩගාන්න පටන් ගන්නේ එතනින්.ඊට පස්සේ සංගීත ප්‍රසංග දෙකතුනක් වේදිකා නැගලා අනුන්ගේ ගීත කීපයක් ආධිපත්‍යයට හසුකර ගනී.ප්‍රසංග කීපයකට එකවර අත්තිකාරම් ගෙන කීපයකට පොලු තියයි.නමුත් ඉතා හොද තමන්ට කියලා අනන්‍යතාවයක් ගොඩනගාගත් පිරිස් ඉන්නවා. නමුත් මෙවන් අයගේ නම් ප්‍රසිද්ධ කළයුතුයි. මහජනයාගේ ආරක්ෂාව පතා මොහු නිදහස්වී ගෙදරක ප්‍රිය සම්භාෂණයකට වැරදිලාවත් ආවොත් ගෙදරම සුද්ද කරගෙන යන්න පුලුවන් අවධානම වැඩි නිසා.දැන් කල්පනාවෙන් සිටිය යුතුයි නේද? (නි)
ඇයි බොලව් මතක නැද්ද ලඟදි සුපර්ස්ටාර් සීසන් මොකකද කෙනෙක් ගෙවල් වලට හොරෙන් එබිල මාටු වෙලාද කොහෙද හිරෙත් හිටියෙ (ස)
වල්ගා තරුවක්ම තමයි. (නි)
මිනිහ සුපිරි තමයි බලන්නකෝ වැඩ කීයකට දක්ෂද කියලා.(නදී)
අපේ ආයුෂත් අරගෙන තව කල් ජීවත් වෙන්නට ඉක්මන් සුව පතමු.(නදී)
මේ අයට කියන්න ඕනෑ සුපිරි තරු නෙමෙයි සුපිරි හොරු කියලා (නි)
අවසන් තරගෙට එස්එම්එස් යවන්න සිම් කාර්ඩ් ගන්න සුපිරි ගේමක් දීල බලන්න ඇති. (ස)
මුදල් අධික ලෙස වියදම් කර ජනප්‍රියත්වය හා ජයග්‍රහණය ලබා ගැනීමේ ක්‍රමෙව්දයන් සමාජයෙන් තුරන් කිරීමට ක්‍රියා කළ යුතුය.තමාගේ අාදායම ඉක්මවා වියදම් කිරීමට යොමු වීම නිසා අැතිවූ ණයතුරුස් පියවා ගැනීමට වෙන්න අැති මෙවැනි සොරකම් කර අැත්තේ (නි)
අපේ රටට ඕනේ තරු විතරයි නේ. මොලේට, දැනුමට වඩා ඕනේ නටන්න, ගයන්න නේ. ඔහොම යමු තව ටික කාලයකින් රට මොකද වෙන්නේ බලන්න. (ස)
වල්ගා තරුවක් වෙන්න ඇති. (ස)
සුපිරි හොරෙක් (නි)
එස් එම් එස් වලට සල්ලි හොයන්න වෙන්න අැති. (නි)
ජයන්ත, ඔයා හරි. (නි)
නම,ගම,නැත්තේ සුපිරි නිසා වෙන්නැති මයේ හිතේ......!!! ජයන්ත කියනවා වගේ වල්ගා තරුවක්ද.....? (ස)
කරුණාකර මේ වගේ අයගේ නම් ගම් පල කරන්න.ඊළඟ සුපිරි තරුව වත් මේ වගෙ වැඩවලට යොමු නොවන්න නම්.ඊට වඩා රටේ මිනිස්සුන්ට තේරුම් ගන්න "අනේ අපි රුපියල් දෙක දෙක කපාගෙන එස්එම්එස් කලේ මේ වගේ හොරෙකුට නේද?"කියලා තේරුම් ගන්නවත්. (ස)
හඬත් සුපිරි..වැඩත් සුපිරි..! (ස)
ඔය සුපිරි තරු ඔක්කොම සුපිරි හොරු තමා..ඇයි කියන්නේ තමන්ගේ සින්දු නෙමෙයිනේ..(නදී)
තමන්ගේ වැඩපල ඔක්කොම අතහැරලා අවුරුද්දක් තිස්සේ මිරිඟුවක් පස්සේ දිව්වට පස්සේ අන්තිම වෙන්නේ හිටපු තැනෙනුත් පල්ලෙහට වැටෙන එක. එහෙම උනහම හොරකම් කරලා හරි ගොඩ එන්න බලන එක තමයි විකල්පය. ලොකු අයට නම් ප්‍රශ්නයක් නැහැ. අහිංසක පාසල් ළමයිනුත් දැන් අධ්‍යාපනයත් අවුල් කරගෙනයි ඔය දේවල් කරන්නේ. දෙමවුපියෝ ඒවාට වග කියන්න ඕනි. (ස)
ඇත්තටම මේ වගේ අයගේ නම ගම දානව නම් හොඳයි. (ස)
එකෙක් හොර වැඩක් කරාම ඔහොම කියන්න හොඳ නෑ නේ. ඔය සුපිරි තරු තේරීමේ තරඟ වලින් කොච්චර හොඳ වැඩ වෙලා තියෙනවද ඈ........ (ස)
සුපිරි තරු වලට දැන් තරු පෙනෙනවා ඇති නේද? (නදී)
සුපිරි තරු කියන්නේ තමුන්ගේම සින්දු කියල දිලෙන අයටයි. මේ වගේ අනුන්ගේ සින්දු කියන අය සුපිරි තරු වෙන්නේ කොහොමද????? (ස)
ඒ ගොල්ලන්ට තමයි සුපිරි තරු කියන්නේ. නැතුව මේ අපටද? එස්. එම්. එස්. වැඩි ගණනක් යැව්වම ඕනෑම හොරෙක් සුපිරි තරුවක්.(නදී)
මෙයා කිව්වේ දෙමළ සිංදු වලින් කොපි කරපුවද? (නදී)
ඔය සුපිරි තරුවට සිපිරි ගෙදරට ගියහම තරු පෙනේවි... (ස)
ඔක්කොම එකයි බලනකොට (නි)