දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ගවලට පා පැදි ,යතුරුපැදි ,ත්‍රිරෝද රථ ,ට්‍රැක්ටර් , කරත්ත වැනි වාහන ඇතුළු කරන්නවුන්ට එරෙහිව අත්අඩංගුවට ගෙන නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.
දෙසැම්බර් පළමු වැනිදා අලුයම 12.55 ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්නෙන් ඇතුළු යතුරුපැදිකරු අත්ඩංගුවට ගත් බව පොලීසිය කියයි.
වෑන් රියක හැපීමෙන් ඔහු සුළු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කොහොමද හොරෙන් ඇතුල් වෙන්නේ? ප්‍රවේශ දොරටු වලින් හොරෙන් යන්න බෑනේ. (ස)
කුමාරි, ඔයා තවම අධි වේගයේ ගිහින් නැහැ වගේ. (ස)
ප්‍රවේශ වන තැන ඕන නැහැ ඇතුල් වන්නට යතුරු පැදි අතරමගදී උනත් හොරෙන් දාන්න පුළුවන්. අධි වේග මාර්ගයේ පොලිස් නිලධාරීන් නිතර ඔවුන්ගේ රාජකාරිය කරනවා නම් මේවා අවම කරන්නට පුළුවන්. (ස)
දුප්පතාට කෝ සැප ලෝකේ....? (ස)
කුමාරි පමණක් නෙවෙයි. මතෙෂත් අධිවේගී මාර්ගයේ ගිහින් නැහැ. (ස)
දුප්පතාටමනේ පාර වදින්නේ. (ස)
සුපිරි යතුරුපැදියකටවත් බැරිද? (නි)
දන්න කෙනෙක් කියන්න කොහොමද ඕවා ඇතුළු කරන්නේ කියලා (නි)
කලිනුත් තිබුණා පිවිසුම් මාර්ගයකින් තොරව අධිවේගයට යතුරු පැදියක් කෙසේවත් ඇතුළු කළ නොහැක කියලා. ඇතුළු වී ඇත්තේ පිවිසුමකින් නම් පළමුව දඩුවම් කළ යුත්තේ එහි සේවය කළ නිලධාරින්ටය. දෙවනුව විනයක් නැති මිනිසුන්ටය. (නි)
ලක්ෂ 10 යක් වියදම් කරලා ගත් මගේ පරණ කාර් එකටත් ඔය අධිවීගී මාර්ගයට ඇතුළු කරන්න නොදුන්නා නම් කෝචිචියේ ,බස් වල එල්ලිලා රැකියාවට යන මිනිසුන්ගේ පා පැදි ,යතුරුපැදි ,ත්‍රිරෝද රථ ,ට්‍රැක්ටර් , කරත්ත වැනි වාහන ඇතුළු කරන්න ඉඩදෙයිද? (නි)
මහත්වරුනි, එන්ජින් ධාරිතාව සීසී150 ට වැඩියෙන් තිබෙනවා නම් යතුරු පැදියක් වුණත් අධිවේගී මාර්ගයක ධාවනය කළහැකියි. ඒක ලෝකයටම බලපවත්වන අධිවේගී මාර්ග නීතියක් (නි)
ඔහොම නීති දාලා කිසිම තේරුමක් නැහැ. ලෝකයේ තියෙන අධිවේගිම පාරවල් වලත් යතුරු පැදි ගමන් කරනවා.ලැම්බොගිනි, රේසින් කාර් පහුකරගෙන මමත් යතුරුපැදි පැදලා තියෙනවා (නි)
යම්කිසි දෙයක් හදා තියෙන්නේ විශේෂ අවශ්‍ය කරුණකට. මෙය නීති විරෝධී විදිහට පාවිච්චි කරනවා නම් නීතිවිරෝධියි. දුප්පතුන් කියෙන්නේ සල්ලි නොමැති කට්ටිය විතරක් නොවේ. කොච්චර සල්ලි තිබුණත් යම්කිසි දෙයක් ලබාගන්න බැරිනම් ඒකත් දුප්පත්කමක් (නි)
ප්‍රංශසයේ මන් තීරු 6 ක අදි තාක්ෂනික තාවයෙන් පාරක කිලෝමීටරයක් හදන්න වැය වෙන්නේ ඩොලර් මිලියන 4 යි. අපේ රටේ මංතීරු 4 පාරට ඩොලර් මිලියන 14 ක් වැය කරලා තියෙනවා. කාටද ආඩම්බර.(නදී)