IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සුපිරි මගේ අනතුරින් දැරිය මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කළ වෑන් රියක් 23.1 කිලෝමීටර කණුව අසළදී අනතුරකට පත්වීමෙන් වයස අවුරුදු එක හමාරක දැරියක මියගොස්, පස් දෙනකු නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි ද වෑන් රියේ නව දෙනකු ගමන් කරන්නට ඇතැයි සැක කරන බව ද පොලිසිය කියයි.

3



අදහස් (0)

සුපිරි මගේ අනතුරින් දැරිය මරුට

අබය Wednesday, 25 September 2013 08:39 AM

මම ආවෙ මේ වාහනයට වාහන 5ක් පසුපසින්' මම තමයි 1969 හදිසි ඇමතුමට කතා කරලා ඇම්බියුලන්ස් ගෙන්නුවේ. විනාඩි 10ක් යන්න කලින් ඒවා ඇක්සිඩන්ට් එක වුණ ස්ථානයට පැමිණිලා තුවලකරුවන් අරගෙන ගියා. නමුත් අර පොඩි දරුවා ඒ වෙනකොටත් මැරිලා වගේ.සිය පවුලත් එක්ක යනකොට රියදුරා(පියා)කල්පනාකාරි වෙන්න ඕනෑ.තනිකරම රියදුරාගෙ වැරැද්ද. (නි)

:       0       0

ගජබා Wednesday, 25 September 2013 08:52 AM

මෙය මාර්ගයේ දෝෂක් නෙමෙයි. වතුර තියෙන විට වේගය නිසා ටයරය වටා බැඳෙන ජාල පටලය ඉවත් වීමට කාලයක් ලැබෙන්නේ නැහැ. එම නිසා එය හරියට ජලය මත ලිස්සා යන වාහනය වගේ ගමන් කරනවා. එම නිසා පාලනක් නැතුව යනවා... (ස)

:       0       0

කුසුම් Wednesday, 25 September 2013 02:45 PM

ඇත්තෙන්ම දෝෂය තිබෙන්නේ අධිවේගී මාර්ගයේ නෙමේ. නියම දෝෂය තිබෙන්නේ වාහනයේ හා පදවන රියදුරාගේ. ලංකාවේ වාහන හිමිකරුවන් වාහනයේ ටයර් ගැන කිසිඳු සැලකිල්ලක් නැහැ. කලක් පාවිච්චි කල නවීන වාහන වල උනත් තියෙන්නේ ගෙවී ගිය ටයර්. ඒ නිසා විශේෂයෙන් පොද වැහි පවතින අවස්ථාවක හා හදිසි තිරිංග තද කිරීමකදී වාහනය ලිස්සා යන ප්‍රවනතාවය වැඩියි. මෙහිදී රියදුරාට වාහනය පාලනය කර ගැනීමට නොහැකිවීම අරුමයක් නොවේ. දුම් පරික්ෂාව මෙන්ම වාහනයේ ටයර් ද පරීක්ෂාවට ලක්කිරීමට කිසියම් කඩිනම් වැඩපිළිවෙලක් යොදනවා නම් එය මාර්ග අනතුරු අවම කර ගැනීමට මහත් පිටුවහලක් වනු ඇත. අධිවේගී මාර්ගයට පමණක් නොව අලුතින් ඉදිකර ඇති අනෙක් මාර්ග වල සිදුවන අනතුරු වලටත් මෙය අදාලයි. (ස)

:       0       0

ගයංමෂ් Wednesday, 25 September 2013 10:17 PM

මීටෙර් එකේ 0 ට තියල පාවිච්චි කරපු වාහන තමයි ගොඩක් ලංකාවේ තියෙන්නේ.(නදී)

:       0       0

මහේෂ් Tuesday, 24 September 2013 08:42 PM

අදිවේගී මග හරිම භයානකයි. පාර තෙත සහිත වෙලාවන් හිදී කුමක් හෝ හේතුවක් නිසා පාර අදික ලෙස ලිස්සනවා. ඒ පිලිබදව සියලු දෙනා දැනුවත් කළ යුතුයි. ගෙවී ගිය ටයර් සහිත වාහන දාවනයට ඉඩ දිය යුතු නැහැ.(නදී)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 25 September 2013 10:48 PM

සමහරු අධිවේගී මාර්ගය අවසාන ගමන යන මාර්ගය කරගෙන. බීමත්කමත්, පළපුරුද්ද අඩුකමත්, වාහනයේ අඩුපාඩුකම්, රියදුරාගේ නොසැළකිළිමත්කම... කුමක් හෝ වේවා මෙම රියදුරන් සමග ගමන් ගන්න අයටද අවසාන ගමන ගෙනදේ (නි)

:       0       0

නිමා Tuesday, 24 September 2013 09:04 PM

සාමාන්‍ය පාරක හරියට යන්න දන්නේ නැති මිනුස්සු පිස්සෝ වගේ අදි වේගෙන් යන්න ගිහින් නිකන් මිනිස්සු මරනවා. මොන පාරේ ගියත් වාහනේ තත්වේ හොඳ නැත්නම් අනතුරු තමියි.(නදී)

:       0       0

භාතිය Tuesday, 24 September 2013 09:14 PM

මෙම මාර්ගයට අධිවේගී නම වෙනුවට වෙනත් නමක් භාවිතා කිරීමෙන් මගීන්ගේ අධි වේගයෙන් යන මානසිකත්වය වෙනස් වෙනවා.අධි යන වචනය සිංහල භාෂාවේ භාවිත කරන්නේ ප්‍රමාණය ඉක්මවූ යන අදහස දෙන්න නේ. (නි)

:       0       0

රවී Wednesday, 25 September 2013 03:25 PM

මම දවසක් 14 ශ්‍රී කාර් එකක් දැක්කා හයිවේ එකේ..... (ස)

:       0       0

හිල්මි Wednesday, 25 September 2013 09:48 AM

භාතිය ඔබ හරි හයි වේ යන වචනය සිංහලයට පරිවර්තනය කිරීමේ දෝෂයක් තියෙනවා. අබය ඔබටත් මට වගේම හරි දුක ඇති අර චූටි බබා ගැන. වාහනයක් ලැබුණා වේගෙන් යන්න පුළුවන් පාරක්/ අවස්ථාවක් ලැබුණා කියලා මෙහෙම යනවද පව් අර චූටි කෙලී. (ස)

:       0       0

උදය Wednesday, 25 September 2013 09:50 AM

.බල්ලොත් ඉන්නවනෙ හයිවේ එකේ. අනතුරු වෙන එක අහන්නත් දෙයක්ද? (අ)

:       0       0

පද්මිණි Wednesday, 25 September 2013 10:11 AM

අර ෆොටෝ එකේ ඉන්න බල්ලා දන්නවා සිද්ධ වුනු දේ.පාර අනාරක්ෂිත බව ඔප්පු වෙනවා. (ස)

:       0       0

දයා අලහකෝන් Wednesday, 25 September 2013 10:14 AM

මේ බල්ලා නිසාම අනතුර සිදු වුනාද කියන්නත් බැහැ. (ස)

:       0       0

සෙයිලනිකස් Wednesday, 25 September 2013 04:26 PM

පිටිගල මිලානෝ, ඔබ කියන දේ වරදියි. පොඩ්ඩක් ලංකාවේ පාරක ඇවිද බලන්න. තියෙන තරමක් තියෙන්නේ ගොඩක් අලුත් වාහන. පෙර්මිට් වලට ගේන්නෙත් අලුත්ම වාහන. මෙයින් බාහිරව අලුත්ම වාහනත් ධාවන දුර 0 කියලා බදු වලින් බේරෙන්න පාවිච්චි කල ඒවා කියලා ගෙනෙනවා. අනිත් එක දැන් ලංකාවට ගෙන්න අවසර දෙන්නේ ඉතා අඩු වසර ගණනක් පිටරට පාවිච්චි කල වාහන පමනයි. (ස)

:       0       0

මොහාන් Wednesday, 25 September 2013 10:26 AM

අනුරුද්ධ රත්නායක, ෆොටෝ එකක් බැලුවත් පෙනෙන්නේ ඔයාගේ ජාතියේ කට්ටිය නේද? (ස)

:       0       0

මොහාන් Wednesday, 25 September 2013 10:28 AM

මේ වගේ ලදරන් මාර්ගයට ඇතුල් කරන්න දෙන්න හොඳ ද ? (ස)

:       0       0

මිහිර Wednesday, 25 September 2013 10:33 AM

අධිවේගී මගේ පුදුම විදියට අනතුරු වෙන්නේ. ඇයි මේ මිනිස්සු මේ තරම් වේගෙන් යන්නේ. අපි කව්රුත් හිමිහිට යමු. එතකොට ඔය වේගේ ඛේදවාචචක වෙන්නේ නැහැ (නි)

:       0       0

ශ්‍රීලාල් Monday, 30 September 2013 02:10 AM

අධිවේගී මාර්ගයට විරුද්ධ අය ගොඩක් ඉන්නවා. ලංකාවේ අනිත් මාර්ග වල දවසකට කී දෙනෙක් මැරෙනවද??? මේ මාර්ගය ආරම්භ කළ දවසේ පටන් කී දෙනෙක් මැරිලා තියෙනවද? අනිත් මාර්ගවල කීදෙනෙක් මැරිලා තියෙනවද? සංඛ්‍යාලේඛන අරගෙන බලන්න. (නි)

:       0       0

මංජුල අබු ඩාබි සිට Wednesday, 25 September 2013 10:36 AM

පද්මිණි, බල්ලෙක්ද අයාලේ යන බැල්ලියෙක්ද නම් දන්නේ නැහැ ඔය ෆොටෝ එකේ ඉන්නේ. හැබැයි ඔය අධිවේගී මාර්ගයේ ගත්තු ෆොටෝ එකක් නෙමෙයි. මම හිතන්නේ ඔය හුවමාරු මධ්‍යස්ථානය අසල ගත්තු එකක්. මොකද මමත් ඔය අධිවේගේ ගිහින් තියෙනවා. බල්ලෝ නම් දැකලා නැහැ. (ස)

:       0       0

මොහාන් Wednesday, 25 September 2013 10:54 AM

අනේ මිහිර ,,, මොලේ නැතුව වගේ කියවන්න එපා. හිමින් යන්න නම් අධිවේගී මාර්ග මොකටද ? (ස)

:       0       0

ද සිල්වා Wednesday, 25 September 2013 05:51 PM

මේ වාහනය අවුරුදු 20 විතර පැරණියි. අවුරුදු 20 වඩා පැරණි බස් , ලොරි වැනි බර වාහන මෙම මාර්ගයේ යාහැකි වේගය 80ට සීමා කරන්න. එතකොට අනතුරු අඩු වේවි (නි)

:       0       0

ශාන්ති Wednesday, 25 September 2013 01:39 AM

මිය ගිය දරුවාට නිවන් සුව පතමි (නි)

:       0       0

තරංග Thursday, 26 September 2013 01:40 PM

කරුණාකර අධිවේගී මගට දොස් කියන්න එපා. කොළඹ ගාල්ල එක් කළ අපේ කාලයේ සේද මාවත තමයි මේ. පරෙස්සමෙන් ගියොත් කිසිම අනතුරක් නැහැ. මම මේ පාරේ දැනට 25 වතාවකට වැඩිය ගිගින් තියෙනවා. ඒ හැම වතාවකම 100ට තමයි ධාවනය කළේ (නි)

:       0       0

අනුරුද්ද රත්නායක Wednesday, 25 September 2013 04:08 AM

පළවෙනි පින්තූරයේ බල්ලෙක් ඉන්නවා නේද?(නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 25 September 2013 04:52 AM

අපේ රටේ ප්‍රයෝජනයට හෝ සෝබනේට හෝ ලොකුකම පෙන්නන්න වැඩියම ඇත්තේ පිටරට වල 'පට්ට ගහපු' වාහනයි. මේවා අධිවේගී මාර්ගයක යන විට අවුරුදු පතා තත්ත්ව පරීක්ෂණයකට යටත්ව ගත් සහතිකයක් පෙන්වීම අනිවාර්ය කරන්න. (නි)

:       0       0

චාන් Wednesday, 25 September 2013 06:35 AM

පිටිගල, අපේ රටේ සහතික 100%ක් පිළිගත හැකිද? (නි)

:       0       0

සේරම් Tuesday, 24 September 2013 06:32 PM

අධිවේගී මාර්ගය සිමා කර ඇති වේගයට වඩා වේගයෙන් රිය පැදවීමත් බීමත්කමත් රථයේ කාර්මික තත්වයත් රියදුරුගේ පළපුරුදුකම මත තමා රිය අනතුරු සිදු වන්නේ (නි)

:       0       0

ජේ.එම්. ශිෆන් Tuesday, 01 October 2013 10:48 AM

ලංකාවේ හයි වේ තියෙන එක කොච්චර හොඳඳ. පරිස්සමෙන් යා යුතුයි. ඒ බබාට අල්ලාහ් දෙවියන්ගේ නාමයන් පිර්ත් තැන. (ස)

:       0       0

පද්මිණී Wednesday, 25 September 2013 01:25 PM

මංජුල, ඔය ඉන්නෙ බැල්ලික් නම් නෙවේ. මොකද එහෙම නම් දඩාවතේ යන වල් බල්ලෝ දහ පහළොස් දෙනෙක්වත් වටේට ඉන්නවා. (ස)

:       0       0

ලක්‍ෂ්මන් Wednesday, 25 September 2013 01:25 PM

එක දිනක් වාහන ගමන නවතා, සර්ව රාත්‍රික පිරිතක් කියා, ඔය අධිවේගී මඟේ දොස් ඇරිය යුතුය. (ස)

:       0       0

චමත් Wednesday, 25 September 2013 08:10 PM

මාගේ අදහස නම් දියුණු රටවල මෙන් ස්ථීර වේග කැමරා සහ වැසි සහිත අයහපත් කාලගුණ අවස්ථා වලදී වේගය සීමා කරන වේග සීමා පුවරු මෙම අධිවේග මාර්ගයේ සවි කළ හැක. වේගය ඉක්මවා යන වාහනවල පින්තුරය, ධාවනයවූ වේගය, වෙලාව හා ස්ථානය එහි සටහන් වේ. යම් වාහනයක පින්තුරයක් මෙම කැමරා වල සටහන් වුවහොත් මෝටර්රථ කොමසාරිස් කාර්යාලයට හෝ පොලිසියට එම ඡායාරූපය හා දඩ කොළය වාහනය හිමිකරුට ලියාපදිංචි තැපෑලෙන් යැවිය හැකිය. ඒ අවස්ථාවේ වාහනය පැදවූයේ වෙනත් රියදුරෙක් නම්, වාහන හිමිකරුට එම රියදුරාගේ නම සහ රියදුරු බලපත් අංකය දඩ කොලයට ඇතුලත් කළ හැකිය. මෙම කැමරා පද්ධතියක් සවි කිරීමට යන වියදම විශාලය.නමුත් මේ නිසා වන යහපත බොහෝය.රියදුරන් දඩ මුදල් ගෙවීමට සිදු වන නිසා වේග සිමාව ඉක්මවා යාමට බිය වේ.නිකරුනේ නැතිවෙන ජීවිත හානි හා මාර්ග අනතුරු අවම වේ. (නි)

:       0       0

නිමල් Wednesday, 25 September 2013 08:20 AM

රියැදුරා කියන තැනැත්තා මෙන්ම එම වාහනයේ ගමන් කරන අයත් දැනගත යුතුයි තමා පදවන,ගමන් කරන වාහනයේ වේගය පාලනය කරගන්න.නැට්ට කැපූ හෝ බීපු සතුන් මෙන් රිය පදවන අමනයන් නිසා තමා මෙවැනි අනතුරු සිදුවන්නේ.මරණයට පත් පොඩි දරුවන් ගැනයි කණගාටු..මැරෙන්න හෝ සදහටම විදවන්න අතක් පයක් කැඩෙන්න තිබුනේ රියදුරාගේ.මම මෙහෙම අදහස් දක්වන්නේ සේවය කළ බස් රියදුරෙක් වශයෙන්. ලංකාවේ සේවය කරද්දී මෙවැනි අනතුරු සිදු කළ අමන රියදුරන්ට උපරිමයෙන් දඬුවම් දීමට උත්සාහ කළ කෙනෙකු වශයෙන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 606 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 695 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2170 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1584 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1520 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1782 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24823 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23350 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 382 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site